වසර එකොළහක් තිස්සේ ඉතාලියේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කරන නසීර් රෆීක් අහමඩ් (50) ඉන්දියා ජාතිකයකුට රෝමයේ උමං දුම්රියකදී ජාතිවාදී අසභ්‍ය වචනයෙන් බැන වැදුණු ඉතාලි ජාතික තරුණයෙක් (19) පහරදුන්නේය. උමං මාර්ගයේ සාමන්‍ය ඇඳුමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධරයෙක් ඒ තරුණයා වහාම අත්අඩංගුවට ගත්තේය. ඉන්දියා ජාතිකයා බරපතල තුවාල සහිතව රෝහල් ගතකර ඇත. මෙම ජාතිවාදී සිද්ධිය සමබන්ධව රෝම නගරාධිපති ජන්නි අලෙමන්නෝ විසින් රෝම ඉන්දියා ජාතිකයන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. මෙම සිද්ධිය මුල්කරගෙන ඉතාලියේ ජාතිවාදී හිංසනයට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වීමට ඉන්දියා ජාතිකයෝ සැරැසෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මෝඩ ජාතිවාදීන්ට මේවා හොද පාඩම්
මේක හිස ඔසවන්න දෙයක් නැහ ඉතාලියේ වෙනම පක්ෂ තියනවා රටින් පිට ජාති එලවන්න කියන ඉතාලියේ උතුරට වෙනම පාලනයක් දෙන්න කියන කණ්ඩායම් ඉන්නවා මේක මේ අද ඇති උන දෙයක් නොවේ නාපොලි නුවර පැත්තේ පිට ජාතින් ඉන්නේ ඉතාලිනුවන්ට යට වෙලා වගේ
හැමතැනම ප්‍රශ්න ප්‍රශ්න මේකත් ලොකු ප්‍රශ්නයක්. සමහරවිට අපේ අයගෙන් පුරුදුවෙලාද දන්නේ නැහැ.