(ආරියරත්න රණබාහු)
ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් රටේ විවිධ ප්‍රදේශවල මෙම දිනවල සිදුවන ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද(23) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එවැනි ජාතිවාදී ආගම්වාදී කිසිදු ක්‍රියාවක් රජය කිසිසේත් අනුමත නොකරන බව කී ඇමැතිවරයා ඒ පිළිබඳව ජනපති අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විශේෂ අවධානය යොමු කළ හෙයින් අද පැවැති කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගත් බව පැවසීය.
අමාත්‍යවරයා කියා සිටියේ රටේ නීතිය කිසිදු භේදයකින් තොරව සැමටම එකසේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බවයි.
ඇමැතිවරයා මෙසේද කීය.
‘‘අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විවිධ සංවිධාන හෝ පුද්ගලයන් විසින් මේ දිනවල රටේ තැනින් තැන සිදුකරන විවිධ ක්‍රියාවන් පිළිබඳව අවධානය යොමු කළා. ජාතිවාදී ආගම්වාදී විවිධ මුවාවෙන් නිතර නිතර රටේ කොහේ හෝ ප්‍රදේශයක යම් සිදුවීමක් ඇති කරන බව අපට දක්නට ලැබී තිබෙනවා.
ඒ පිළිබඳව ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ විශේෂ අවධානය යොමු කළා. මේ සිදුවීම් කිසි ලෙසකින්වත් රජය අනුමත කරන්නේ නෑ. රටේ නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක කළ යුතුයි. කිසිදු භේදයකින් තොරව රටේ නීතිය කාටත් එක සමානයි. ඒකට දේශපාලන ලොකු පොඩි භේද ආගම් ජාති කුලමල හෝ වෙනත් කිසිම භේදයක් බලපාන්නේ නැහැ. ඒ අනුව ක්‍රියාත්මක වන ලෙස නීතිය හා සාමය පිළිබඳ ඇමැති පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා‘‘.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සංවේදී කාරණයක්. ප්‍රවේශමෙන්!
නීතිය ආරක්ෂා කිරීම පිලිබඳ අයිතිය මීට පෙර පොලීසියට තිබිලා නෑ වගේ පෙනෙන්නේ. පොලීසියට විතරක් මේක කරන්න බෑ. අධ්‍යාපනය මේ සඳහා සූදානම් කල යුතුයි. පාසල් අධ්‍යාපනය තුලින් මේ තත්වය ඇති කල යුතුයි. විශ්වවිද්‍යාල ඇතුලු සියලු අධ්‍යාපන ආයතන වල බල ධාරීන් මීට වඩා වගකීමෙන් වැඩ කලයුතුයි. තමන් ට තනතුර ගන්න දේශපාලකයන් පිටිපස්සෙන් යන එක විතරයි කරන්නේ. රට විනාශ වෙනව ඔවුන් දන්නේ නෑ.
රටේ නිතිය හැමෝටම එක හා සමානව කිවුවට සමහරුන්ට විශේෂ බලතල තියනවා නේද; බාලවයස්කාර දැරිවියන් විවාහ කර ගන්න, රක්ෂිත කපල ජනපද බිහිකරන්න, පුරාන බෞද්ධ වෙහෙර විහාර ඩෝසර් කරලා ඉඩම් අල්ලගන්න, පුරාන බෞද්ධ නටබුන් වල තමන්ගේ ලේබල් ගහගන්න වගේ දේවල්?
නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන්න අද තිබ්බ රැස්වීමේදී රජය තීරණය කරලා තියෙනවා කියන්නේ මෙච්චර කල් එහෙම නොවුන බව ඇමතිය සහ ගවපලන ආණ්ඩුව පිලි අරන් කියන එකද?
ජාති හා ආගම් වාදයේ අර්ථ දැක්වීම කුමක්ද? අපි සිංහල බෞද්ධ සහ මේ රට සිංහල බෞද්ධයන්ගේ රටක්. මේ රටේ මුර ජාතිය සිංහල. මම හිතන්නේ මේ රටේ වෙන ආගම් ජාති සඳහා රටේ භෞතිකමය ඉඩක් ඉල්ලනවානම් තමයි පොලිසිය ක්‍රියාත්මක විය යුත්තේ. පොලිස් රාලහාමි වරුනි යන්න විල්පත්තුව පැත්තේ සිදුවන වනගහන ඉඩම් සංහාරය කරපු එවුන්ව අල්ලන්න.
ෆේස්බුක් එකේ තියෙනවා ගැලවුම්කරුවෝ කියලා පේජ් එකක්. මේ පේජ් එකෙන් දිගින් දිගටම ෆේක් අකවුන්ට්වලට මුවා වූ පිරිසක් හෝ පුද්ගලයකු, යම් සැලසුමක් මත, බුදු දහමට පිළිකුල් සහගත ලෙස අපහාස කිරීමට හදපු පේජ් එකක්. මේක කරන ෆේක් ප්‍රොෆයිල් එකකට මුව වෙලා ඉන්න එකාව නීතිය ඉදිරියට ගෙනල්ලා වැඩ පටන් ගන්න.
නීතිය ක්‍රියාත්මක වෙනවනම් නැගෙනහිර බෝඋද්ධ උරුමයන් විනාශ කරන එක ඉස්සර වෙලා නවත්වන්න.බොදුබල සේනාව ඉබේ උද්ගෝෂණ කරන්නේ නැහැ.ඔවුන් පෙන්වාදෙන විනාශයන්ට නීතිමය කටයුතු කරන්න බොදුබල සේනාව පස්සේ ඊට පසුව යන්න
කරුණාකරලා බොදු බල සේනාවට බනින අය නැගනහිර පුරා වස්තු සහ පන්සල් ආරක්ෂා කරන එකට වැඩ පිළිවෙලක් යෙදුවොත් තමයි හොඳ. බෞද්ධයන්ට එක නීතියකුත් වෙනත් පිරිසකට තව නීතියකුත් හදන මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේ ප්‍රශ්නයට වග කිව යුතුයි. මේ රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වුනානම් අපිට නැගෙනහිර බෞද්ධ පුරාවස්තු ගැන ප්‍රශ්නයකුත් නැහැ වගේම බොදු බල සේනාවක් අවශ්‍යත් නැහැ.
පොලිසියට ඔය වැඩේ හරියට කරන්න දෙසපලුවෝ ඉඩ දෙයිද ?
එකියන්නේ අපිට යන්න වෙන රටක් හොයාගන්න වෙනවා. සිංහලයන්ට ඉන්න රටක් නැති වෙනවා.
උතුරෙන් හමුදාව ඉවත්කරන්න කියන අයට විරුද්දව පියවර ගන්න.
අනේ මෙයාලගේ ලොකු පොඩි භේදය. මේ හැම නිතියක්ම පොඩි අපිට විතරයි
මේ ආණ්ඩුවට සලකන්න ඡන්දෙ එනකං අපි මග බලාගෙන ඉන්නෙ
අනේ මන්දා සිහල බෞද්ධ අපේ උරුමය විනාස කරන අයට ඔය මොන පොලිසියක් වත් නැහැ
මෙයාට දැන්ද මතක් උනේ ජාතිවදේ අාගම්වාදේ ....බුදු පිළිම කඩද්දි ..පන්සල් කඩද්දි කිසි කතාවක් නැත...එක මුස්ලිම් පල්ලියකට ගලක් වැදුනත් ඇති ....පොලිසියට බලය දෙන්න ....ඉස්සර ඉදපු සේ වගේ දේසපලුවෝ මේ වගේ වැඩ කරපු නිසා තමයි අවුරුදු ගණනක් දුක් වින්දේ....මෙයාල කරන්නෙත් ඒ ටිකම තමයි ....කාටත් එක විදියට නීතිය නැත්නම් අාපහු යුද්දෙට මුණ දීපල්ලා....
මේ වගේ පනත් ගෙන ඒම ජාතිවාදයට හා ආගම්වාදයට පාර කැපීමක්.ආන්ඩුව වග කිව යුතුයි බෞද්ධයා නැගිට සිටියොත්.
මේ නොකිය කියන්නේ බෞද්දයන්ගේ නැගිටීම නවත්තන එකනේ. මේ රජය පත් කරන්න අපිත් ඡන්දෙ දුන්න. එත් දැන් ඒගොල්ලෝ ඒගොල්ලන්ව පත් කරන්න ඡන්දෙ දුන්නු සුළු ජාතින් ගැන විතරයි දුක් වෙන්නේ. බොදු බල සේනාව හෝ වෙනත් සිංහල සංවිධානයක් පිටුපස ගොටභය ඉන්නවනම් කොන්දේසි විරහිතව ඊළඟ වතාවේ එතුමාව ජනාදිපති කරන්න අපි වැඩ කරනවා. අපිටත් නායකයෙක් අවශ්‍යයි.
ජාතිවාදීන්ට තදින් කටයුතු කල යුතුයි. රජය ජාතිවාදින්ටත් නීතියට අගෞරව කරන පුද්ගලයින්ටත් මීට වඩා තදින් සිටිය යුතුයි.
කලින් ආණ්ඩුව මිනිස්සුන්ට ඇති වෙන්නම අවුරුදු 7ක් ගියා... ඒත් මේ ආණ්ඩුව එපාවෙන්න ගියේ දවස් 30යි...