දින සියය තුළ කළ දෙයක් නැතැයි කියා සමහරුන් කීවත් එම ගතවූ කාලය තුළ රටට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් තිබූ අභියෝගය ජයගෙන රටට විශිෂ් ජයග්‍රහණය ලබා දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී අද (23) පැවැති සමුළුවක් අමතමින් ඔහු එසේ කීවේය.
‘මිනිහා පණ මදි‘, ‘නායකත්ව ලක්ෂණ නැහැ‘, ‘තනතුරට හරියන්නේ නැහැ‘ ආදී වශයෙන් සමහරු තමන්ට චෝදනා කරන්නේ මෙතෙක් කල් සිටි පාලකයින් සේ විධායකයේ බලතල අනිසි ලෙස භාවිත නොකරන නිසා යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනතාව තමාට බලය දුන්නේ බලතල ඉවත් කිරීමට බැවින් එම බලතල අනිසි ලෙස භාවිත කිරීමට තමන්ට අවශ්‍යතාවයක් නැතැයි ද ජනාධිපතිවරයා කීවේය.
රටට එරෙහි ජාත්‍යන්තර සතුරන් නැති කළා සේම රටේ අභ්‍යන්තර ගැටළු ද විසඳා රට සංවර්ධනය කරන බව ජනාධිපතිවරයා මෙහෙදී වැඩිදුරටත් කියා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තරය දිනා ගැනීම යනු මහරැජිනගේ මේස් නැති අත ඇල්ලීම හෝ .යුරෝපය හෝ ඇමෙරිකාව ඉන්දියාව කියන අයුරින් ඔවුන් ළග දන ගැසීම නෙමෙයි..ඔබ විධායක බලතල පාවිච්චි නොකළ කියනවා..නමුත් දිව්රුම් දීමත් සමග ඔබ පාර්ලිමේන්තු බහුතරය නැති අයෙක් අගමැති කරලා එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටවෙව්වේ නිර්ලජ්ජිතව අමු අමුවේ සදාචාරයට පිටින් ඒ විධායක බලය පාවිච්චි කරලා නෙමෙයිද..තමන් ද්‍රෝහිවුණු තමන් පිටු පාපු තමන් රාජ්‍ය බලය අහිමිකරවල අසරණ කරවල ප්‍රතිවාදීන්ගේ අවමන් පිඩා විදවන්න සැලැස්සුව පක්ෂය ලක්ෂ 58ක ජනමතයට පිටුපාල ඉතාමත් පහත අන්දමින් අමු අමුවේ මංකොල්ල කෑවේ ඔය විධායක බලයේ අනුහසින් නෙමෙයිද? ඔබ කරන්නේ රගපෑමක්.. ඒ රගපෑමට අවශ්‍ය සම්මානය ජනතාවගෙන් ඉතාමත් ඉක්මනින් ලැබේවි (බ)