(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳව නිකුත් කළ වාර්තාව ඉක්මනින් සභාගත කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
එම වාර්තාව ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වු බැවින් එය සභාගත කරනවා දැයි දැන ගන්න කැමති බව කී වික්‍රමසිංහ මහතා ඊට අදාළ සංඛ්‍යා ලේඛන ලබාදෙන ලෙස ද පැවසීය .
එම මූලික වාර්තාව සංශෝධනය කරන ලෙසට මහ බැංකුවෙන් ලියා යැවූ ලිපි ද ලබා දිය හැකි නම් හොඳ බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා එම වාර්තාව ලබා දුනහොත් එය පදනම් කරගෙන ඊළඟ සාකච්ඡා කළ හැකි බවත් සර්වපාක්ෂික සම්මන්ත්‍රණය පවත්වන්නේ නම් එහි දී ද අදහස් දක්වන්නට හැකි බවත් සඳහන් කළේය.මේ සතියේම එම වාර්තාව ලබා දිය හැකි නම් හොඳ බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව සභාගත කරන්න‘