ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා වූ කමිටුවක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එම පාසල්වල ප්‍රමිතිය ආරක්ෂා කිරීමෙ අරමුණින් මෙම කමිටුව පත් කැරෙයි.
එතනෝල් ව්‍යාපාරිකයන් වැනි අයට මින් ඉදිරියට ජාත්‍යන්තර පාසල් ආරම්භ කිරීමට ඉඩ නොදෙන බව කී ඇමැති එම පාසල්වල ප්‍රමිතිය හා ප්‍රමාණවත් පහසුකම් තිබේද යන්න පරීක්ෂා කරමින් වාර්ෂිකව බලපත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට කළොත් පිං සිද්ද වෙන දෙයක් (අ)
හොඳ වැඩක් අයුතු ලෙස මුදල් ලබා ගැනීමත් පාලනය කළ යුතුයි. සමහර පාසල්වල පන්ති කාමරයකට තීන්ත ගෑමට රුපියල් 1500 ක් අය කරනවා- මරදාන සෙමි ගොවෙර්න්මෙන්ට් පාසලක්. අැමෙතිතුමනි කරුණාකර සොයා බලන්න. (බ)
අනේ ඇමතිතුමනි පුලුවන්නුම් ලොකු දෙයක්. මා දන්නා ජාත්‍යන්තර පාසලක් තියනවා වත්තල, ගුරුවරියක් ලෙස මා කාලයක් එහි සේවය කළා. ළමුන්ට බොන්න වතුර ටිකක් නැහැ. හරියට පන්ති කාමරයක් නැහැ. ගරා වැටුණු පරණ ගෙදරක් වැනි තැනක අඩු අදායම් ලාභී පවුල්වල දරුවන් ගොඩක් බඳවාගෙන ගාල් කරගෙන ඉන්නවා. නිසි සුදුසුකමක් ඇති ගුරුවරු නැහැ. මොකද ගන්න ගුරුවරුන්ට පඩි දෙන්න නැහැ. පඩිය ගන්න විදුහල්පතිගේ අනියම් බිරිද උන ලේකම් නෝනා පස්සෙන් යන්න ඕනේ, එහම ගිහින් උනත් දෙන්න මාස පහ , හයක් පරක්කු වෙලා. අනේ ඇමතිතුමනි බොරු නෙමේ ඕනේ තැනකින් හොයල බලන්න. අර්ථසාධක කපනවා කියලා අවරුදු ගානක් බොරුව තමා කළේ. සතයක් දාලා නැහැ. මම පාසලෙන් ඉවත් උනේ මාස 8 ක පඩි නැතුව. වත්තල ඇවරිවත්ත පාරේ තියන පාසලක් ශාඛා තියනවා කොටහේන, මිනුවන්ගොඩ, රාගම,. ඉක්මනිම ඒ හොරාව අල්ලන්න. මහා ලොකුවට ධනාත්මක චින්තනය ගැන කියන්න එනවා මාධ්‍ය ආයවලටත්. පල් හොරෙක් ගිය ආණ්ඩුවේ අයගේ ශක්තියෙන් බේරිලා හිටියා. අනේ දැන්වත් ඔය වගේ තැන් වටලන්න. සාක්ෂි දෙන්න සිය ගණනක් ඒවි අසධාරණයට ලක් වුන ගුරුවරු. (බ)
ජයවේවා! බොහොම හොඳ තීරණයක් (නි)
අධ්‍යාපනය වෙනුවෙන් කල යුතු බොහෝ දේ තව තියනවා නේද ඇමති තුමා. ජාතික අධ්‍යාපන ආයතනය ඉන් එකක්. අධ්‍යක්ෂක තාම පරණ ආණ්ඩුවට කඩේ යනවා. ඔයාලටත් ජනතා ඡන්දෙක දී කල්පනාවෙන්. පහ වසර දරුවන් බාගෙට මරනවා. වැටුප් විෂමතා. උසස්පෙළ සමතුන්ගේ ගැටළු. විශ්ව විද්‍යාල නේවාසික පහසුකම් ඇතුළු බොහෝ දේ. (අ).