සුර්ය බල ශක්තියෙන් විදුලිය ගන්නා බව හඟවා විදුලි මීටරයට පිටින් සම්බන්ධ කළ වයරයකින් නිවසට වංචාවෙන් විදුලිය ලබා ගත් බවට වරද පිලිගත් දෙහිවල ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් කපිල බංඩාර ඉලංගසිංහ මහතා විදුලි බල මණ්ඩලයට රුපියල් 657932 වන්දියක් හා රුපියල් 35000 රජයේ ගාස්තුද ගෙවන ලෙස නියෝග කළේය.
දෙහිවල ඇලන් මාවතේ පදිංචි ෆාතිමා රුෂ්ණා සුල්ෆිකාර්ට මෙසේ දඩ හා දඩුවම් නියම කෙරිණි.
විදුලි මීටර් දෙකට සවිකර ඇති ස්වයංක්‍රීය බලගන්වන මගින් ප්‍රධාන සැපයුමෙන් විදුලිය විසන්ධි කර ව්‍යාජ සැපයුම් හරහා වසරකට ආසන්න කාලයක් ඇය වංචාවෙන් විදුලිය ලබා ගෙන ඇතැයි සැකකාරිය ඉදිරිපත් කරමින් විදුලි බල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කර්යාලයේ විශේෂ විමර්ශන අංශය අධිකරණයට පැවසීය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාත්‍යන්තර පාසල් ගුරුවරිය හොරෙන් එළිය අරං
ලුම්බිණි Wednesday, 10 December 2014 11:09 PM
මෙම තැනැත්තිය පාසලෙන් ඉවත් කළයුතුයි. (නි)
ලියොන් ගුණවර්ධන Thursday, 11 December 2014 12:22 AM
මෙම ක්‍රියාව ජාත්‍යන්තර පාසල් වලට මෙන්ම මුළු ගුරු පරපුරටම නින්දාවකි (නි)
සුමේද Wednesday, 10 December 2014 02:15 PM
මේ ජාත්‍යන්තර පාසල් ගුරුවරුන්ගේ පඩිය දන්නවා නම් මෙහෙම ලොකු දඩයක් ගහන එකක් නැහැ. මට ඇත්තටම දුකයි (නදී)
කලීළ් බණ්ඩාරනායක Wednesday, 10 December 2014 02:26 PM
ලැජ්ජයි ගුරුකමටත්. මොනවද මේ කැත වැඩ (නදී).
මොහොමඩ් කාන් Wednesday, 10 December 2014 02:45 PM
තමන්ගේ රැකියාව ගැනවත් හිතුවද මේ වගේ ගුරුවරු ළගට ළමයා බාර දෙන්නේ කොහොමඳ?(හේ)
ලලිත් Thursday, 11 December 2014 02:03 AM
ඔහොම කිවුවට ඔය විදිහට වයර් සවිකරලාම දෙන මහත්වරුත් ඉන්නවා කියලා අපිට ආරංචියි (නි)
හසන් Thursday, 11 December 2014 09:49 AM
එයාට දඬුවම ලැබුණා දැන් සාප නොකරමු (බ)
චාන්දනී කළුපෙරුම Wednesday, 10 December 2014 04:17 PM
ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුත් ඔය වගේ නම් , ඒවායේ ඉගෙනුම ලබන සිසුන් සිසුවියන් ගෙන කුමන කතාද.(හේ)
රෂ්මික Thursday, 11 December 2014 03:06 AM
අනේ මන්දා! රැකියාව කරගෙන පාඩුවේ හිටියා නම් ඉවරනේ (නි)
සිරිසේන Thursday, 11 December 2014 05:14 AM
ආර්ථික බිදවැටීම සහ බඩු මිල ඉහල යැමේ ප්‍රතිපල ..ගුරුවරු පවා වැරදි වැඩ කරනවා .(හේ)