සිවිල් වැසියන් 253කට මරු කැඳවමින් පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බප්‍රහාරය හමුවේ දැඩි ලෙස කම්පාවට පත්වූ පිරිස් අතර නිරන්තරයෙන් ශ්‍රී ලංකාව පිළිබද විවේචන කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ද සිටී.
යුද අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දිගින් දිගටම චෝදනා කළද බෝම්බ ප්‍රහාරයෙන් පසුව සමස්ත ශ්‍රී ලංකා වාසීන් එම ඛේදවාචකයට මුහුණ දුන් ධෛර්යවන්ත විලාසයත් අපරාධකරුවන් කෙරේ දැක්වූ උපේක්ෂා සහගත ප්‍රතිචාරය ගැනත් අන්තර්ජාතික සංවිධාන මවිතයට පත්ව සිටී. ඒ සම්බන්ධයෙන් කුඩා වීඩියෝවක් නිර්මාණය කළ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ශ්‍රී ලාංකිකයන්ගේ හෘදයංගම බවත් ඉවසිලිවන්ත බවත් මොනවට පැසසුම් කරයි.
පහත සම්බන්ධතාව ඔස්සේ මෙම වීඩියෝව නැරඹිය හැකිය.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ට්විටර් ගිණුම ඔස්සේ ලෝ පුරා විකාශය වන මෙම වීඩියෝ අන්තර්ගත වදන් වල සිංහල අරුත මෙසේ වෙයි.
‘‘ජාත්‍යන්තරයේ සියලු දෑත් ශ්‍රී ලංකාවට දිගු වෙද්දී ‘‘
‘‘එය උණුසුම් ලෙස පිළිගනිමින් සිටින මෙහොතකදී‘‘
‘‘ආදරය , ආගන්තුක සත්කාරය කරුණාව සමග ත්‍යාගශීලීවන්තව සිටියදී‘‘
‘‘ඒ සියල්ල නිසා‘‘
‘‘ශ්‍රී ලංකාව වඩාත් ශක්තිමත්ව සිටියදී‘‘
‘‘2019 අප්‍රේල් 21 වැනිදා‘‘
‘‘එය වෙනස් කිරීමට ඔව්හු උත්හාස කළහ‘‘
‘‘ඒ මනුෂ්‍ය ජීවිත 253 ක් මෙලොවින් තුරන් කරමිනි‘‘
‘‘රැහිරැ ගංගාවක්‘‘
‘‘ශ්‍රී ලංකාව තුළ පිටාර යවමිනි‘‘
‘‘මේ රට සහ එහි සිටින්නාවූ ජනතාව විනාශ කරන්නටද‘‘
‘‘ඔව්හු කටයුතු කළහ‘‘
‘‘නමුත් ඔවුන්ගේ ඒ වෛරයට වඩා‘‘
‘‘ශ්‍රී ලංකාව ශක්තිමත් වූවාය‘‘
‘‘ඔවුන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව බිය ගැන්වීමටය‘‘
‘‘නමුත්‘‘
‘‘ශ්‍රී ලාංකිකයින්ට හිතුවාටත් වඩා ආදරය ලැබුණු අතර‘‘
‘‘ශ්‍රී ලංකා මාතෘ භූමියේ නැගීසිටීම වෙනුවෙන්‘‘
‘‘තවමත් එය ලැබෙමින් පවතී‘‘
‘‘වෛරයට එරෙහිව නැගී සිටීම වෙනුවෙන්‘‘
‘‘අපි එකට සිටිමින්‘‘
‘‘ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කරන්නෙමු‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන්න බැරි අත ඉම්බා...
බටර් පාර තමයි...!!!
ඇත්ත නේන්නම්... බලනකොට බෝම්බ පරිපත සකස්කළා යයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ලඟත් මානව හිමිකම් සංවිධානයක සාමාජික පතක් තියනවා කියලා පුවතක් දැක්කා. අනේද කියන්නේ... එහෙම මිනිසුත් නීතියේ රැහැනට අසුවනතුරු රැකපු සියලුම ලක්වැසියන් ලොව උතුම්ම වැසියන් නොවේද?
බොරදියේ මාළු බාන අයට මේවා දරාගන්න බැරිවෙලා විරුද්ධව අදහස් ලියනවා.
දැන් ඔහොම කිව්වට තව අවුරුදු දෙක තුනකින් මෙහෙයුම්වලට මූලිකත්වය දුන් හමුදා ප්‍රධානීන් යුද අධිකරණයට දක්කන්න කතාකරාවිද දන්නේ නැහැ. අපට ඔබලාගේ ප්‍රශංසා අවශ්‍ය නැත. අපි අපට තිබෙන ත්‍රස්ත තර්ජන අපට පුළුවන් විදිහකට මර්දනය කර ගන්නම්, ඔබලා කරුණාකර ඔබලාගේ වැඩක් බලාගන්න.