(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලාංකික ජාතියක් ලෙස රටටම එක නීති පද්ධතියක් සකස් නොකිරීම ඇතිවී ඇති බොහෝ ප්‍රශ්නවලට හේතුව යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
සියලූ ශ්‍රී ලාංකිකයන්ට අයත් ආගමික හා සංස්කෘතික අනන්‍යතාවන් රැකෙන පරිදි රටටම එක නීති පද්ධතියක් සකස් කළ යුතු යැයි ද ලිහිල් නීති බලපැවැත්වීමේ ප්‍රතිපල අද භුක්ති විදිමින් සිටින්නේ යැයි ද හෙතෙම සදහන් කළේය.
මුස්ලිම් හින්දි බෞද්ධ ක්‍රිස්තියානි වශයෙන් විවිධ අමාත්‍යංශ හැදීමේ ප්‍රතිපල ලෙස වත්මන් අර්බුද ඇති වූයේ යැයි කී ජයසේකර මහතා එකමඅමාත්යංශ්යක් යටතේ මේ සියල්ල තිබිය යුතු යැයි ද එසේ නොවුව හොත් අන්තවාදය වැළැක්වීමට නොහැකි වන්නේ යැයි ද කිය.
මුස්ලිම් ජනතාවගේ ඇතිවී ඇති අර්බුදයට හේතු වී ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ මුස්ලිම් දේවස්ථාන ඉදිකිරීමේ දී අවශ්‍ය නීථිමය කි‍්‍රයාමාර්ග නොගෙන අවශ්‍ය ඕනැම වේලාවක ඕනැම තැනක දේවස්ථාන ඉදිකිරීමට අවස්ථාව ලබා දීම යැයි කී ජයසේකර මහතා, ආගමික වශයෙන් ඔවුන් අතින් හෝ ඉටුවී නැතැයි ද කීය.
ආගමික වශයෙන් කතෝලික ආගමේ ද අන්තවාදින් සිටින්නේ යැයි පැවසූ මන්ත්‍රීවරයා එසේ වුවද ඔවුන් කිසිදු අවස්ථාවක දී මරාගෙන මැරෙන තත්ත්වයට පත්ව නැතැයි ද කීය. බොද්ධ ආගමේ ද හින්දු ආගමේ ද විවධ අදහස් දරන අය සිටින බවත් එසේ වුවද ඔවුන් කිසිවිටෙක අන්තවාදයට ගොස් නැතැයි ද කියා සිටියේය.
සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ අදහස මේ අය මුස්ලිම් අය නොවන බවත් ඒ ඉස්ලාම් ආගම අදහන පිරිසක් නොවන බවත් ඔවුන් රස්තියාදුකාරයින් බවත් යැයි පැවසූ ජයසේකර මහතා එසේ වුවද මුස්ලිම් දේශපාලඥයින් පසුගිය සමයේ මොවුන්ට උපකාර කර ඇතැයි ද පැවසීය.
ඉදිරියේ එන රාමසාන් කාලය තුළත් ආරක්ෂඛ අංශවලට ගෙවල් සෝදිසි කරන්නට සිදුව තිබීම කණගාටුවට කරුණක් බවත් බෝම්බ කරුවන්ගෙන් ජනතාව රැකගැනීමේ මෙහෙයුම් සාමාන්‍ය මුස්ලිම් ජනතාව කෙරෙහි එල්ල කළ පීඩනයක් ලෙස නොසිතන ලෙස ඉල්ලා සිටින බව ද කියා සිටියේය.
සමහර සිංහල අන්තවාදින් පිරිස් පවතින තත්ත්වය ජාතිවාදයක් බවට ගෙන යන්න හදන්නේ යැයි ජයසේකර මහතා චෝදනා කළේය.
පාස්කු ඉරිදායින් පසු ලේ සෙලවීමක් හෝ කිසිදු සිද්ධියක් සිදුවන්නට ඉඩ නොදී ආරක්ෂක වැඩ පිලිවෙලක් කි‍්‍රයාත්මක කිරීම පිළිබදව ආරක්ෂක අංශවලට ජනතාවගේ ස්තුතිය හිමි විය යුතුයැයි ද ජයසේකර මහතා පැවසීය.
මේ වනවිට මුස්ලිම් ජනතාව කඩාවැටීමකට ලක්ව සිටින බව කී මන්ත්‍රීවරයා මේ රට අප සියලූ දෙනාගේ රට යැයි සිතන ඔබ සියලූ දෙනා සමඟ අප සිටින බව අමතක නොකරන්නැයි සාමය අගයන මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (07) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම මාධ්‍ය හමුව ඇමතූ ශ්‍රී ලංකකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ පරික්ෂා කිරීම්වලට යද්දී මාධ්‍ය හෝ පිටස්තරයින් ගෙන යන්නට එපා යැයි ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බවය.
එසේ පිටස්තරයින් ගෙන යන්නට ඉඩ දීම නිසා පරික්ෂාවට ලක්වන සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය. අවි ආයුධ භාර දෙන්නැයි ඉල්ලීමක් කර ඇති අතර ආයුධ ඇති තැන්වල දී ඒවා මොනවාදැයි ඔවුන්ගෙන්ම පැහැදිලි කර ගැනීමක් කරගන්නැයි උපදෙස් දී ඇති බව ද පැවසීය.

( රොමේෂ් ධනුෂ්ක සිල්වා- ඡායාරූප)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ " මෙයාගේ " අදහස් වලින් ස්ථිර වන්නේ මෙතෙක් කල් නීති කීපයක්ම ජාතියක් හැටියට තිබුණු බව නොවේද ?
දැන්ද මතක් උනේ.....
බයිලා නොකියා යන්න
මුස්ලිම් නිතිය නීතිගත කරනවාට ඔබතුමාත් අකමැති නැතිව ඇතිනේද. එක්කෙනෙක් කියලා නැහැනේ.5ක් 6ක් වුනත් ...
අවුරුදු කියක් ඇමතිකම් කලාද? පාර්ලිමේන්තුව කියන්නේ ගව මඩුවක්ද? නොකෙරෙන බේතට කෝඳුරු හත් පට්ටයකුත් ටිකක් ඕනෙලු නේද?
ඔව් ඔව් ඔයාලටත් එම නීතියම අදාළ වෙන්න ඕනි
රටේ සියල්ලෝම වග කියන්න ඕනේ.....
අපිද රට පාලනය කලේ .. නීති දැන් වත් හදන්න
පරක්කු වුණා වැඩියි සහෝදරයා, ඒත් කමක් නෑ අදවත් වැඩ කරන්න හරියට
දන්නේ නැති නිසා අහන්නේ ඔයා ආණ්ඩුවේද දයාසිරි?
ඔබතුමාගේ කතාව සාධාරණය , සැමටම එක නීතියක් තිබිය යුතු අතර සියලු පුරවැසියන් නිතිය ඉදිරියේ සමාන විය යුතුය , ඔබතුමා වැනි උගත් නිතිය පිළිබඳව දැනුමක් තිබෙන පුද්ගලයෝ ජනතාව කතිරේ ගහල පාර්ලිමේන්තු ඇරියේ මෙවැනි දේවල් හොයල බලලා අවශ්‍ය පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගනීවි කියල , අපි ඔබට ජනතා මුදලින් වැටුප් ගෙවනවා , තීරුබදු සහන වාහන ඇතුළු නොයෙකුත් පහසුකම් දෙනවා ,දැන්වත් කරුණාකරලා මේ වැඩ කරන්න .....
අපි ඉන්නෙත් රෝම ලන්දේසි නීතිය යටතේ නේ . ඉරිදා නිවාඩු පල්ලි යන නිසානේ නැතිව පන්සල් යන්න නෙවේ නේ. මේකට කවුරුවත් විරුද්ධ උනේ නැහැ නේ .ඔලුවිල් සරසවියට ගියානම් ඔය නීති ටික බලාගන්න තිබුණා....
ඔව්. සාමාන්‍ය නීතිය, උඩරට නීතිය, තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය
දැන්ද මතක් වුනේ.....
රට විනාශ කල අය පාර්ලිමේන්තුවෙන් පිනට කන බත් එකටත් අවනම්බුවක්
උඩරට නිතිය , තේසවලාමේ නිතිය සහ මුස්ලිම් නිතිය වැනි සියලු නීති අහෝසිකළ යුතුය , නැත්නම් මේක මහා අවුලක් , සියලුම දෙනාට එකම නීතියක් තිබිය යුතුය , යුරෝපයේ දියුණු රටවල ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ නිතිය , බුධාගම් කාරයන්ට කියල වෙනම නීතියක් එහෙ නැත , තත්වය එසේ තිබියදී අපි එක එක ආගමට සහ ජනකොටස් වලට වෙන වෙනම නීති ක්‍රියාත්මක කල යුතු නැත , ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවට අනුව පුරවැසියන් සියලු දෙනාටම එකසමාන අයිතිවාසිකම් තිබෙන්න ඕනේ , එක එක කොටස් වලට එක එක නීති තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්තව යම්කිසි විදිහකින් උල්ලංගනය කිරීමක් ලෙස මම දකිමි