IMG-LOGO

ජාතියේ පියාට උපහාර දක්වයි

(අංජුල මහික වීරරත්න)

ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 73 වන ගුණ සමරු උත්සවය කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි.

කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුවට ගුණ සමරු කමිටුවේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු ආරාධිතයෝ පුෂ්පෝපහාර දැක්වූහ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක,එජාප මහ ලේකම් තලතා අතුකෝරළ,හිටපු අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු,හිටපු ආණ්ඩුකාර කරුණාසේන කොඩිතුවක්කු මහත්වරුද සහභාගී වූහ.

ගුණ සමරු උත්සවයේ පැවැදි අනුශාසනාව කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්ම කීත්‍යාරාමාධිපති ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම නාහිමියෝ කළහ.

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ආරාධිත දෙසුම පැවැත්වූහ.

ඩී.එස්.සේනානායක ගුණ සමරු කමිටුව මෙම උත්සවය සංවිධාන කළේය.

(ඡායාරූප:-සුමුදු හේවා පතිරණ)

 



අදහස් (6)

ජාතියේ පියාට උපහාර දක්වයි

රනේ Sunday, 23 March 2025 10:37 PM

හිටපු අග්‍රාමාත්‍ය D S සේනානායක මහතාගේ පිළිරුවට මඳ සිනාවක් ද පහලවී තිබුනේය.

:       3       3

wimal Monday, 24 March 2025 06:35 AM

පියණනි, අපේ ලඟ පියවරු අපේ ජාතියම ණය කරුවන් බවට පත්කළා. අපේ ලඟ පියවරු සුජාත දැයි අපට ප්‍රශ්නයක්!

:       3       6

Rakitha W Monday, 24 March 2025 07:55 AM

ජාතියේ පියා නිදහස එපා, අපිව දාල යන්න එපා, අනේ අපි එකතුවෙලා මේක පාලනය කරගෙන ඉමු කියල ඔහුගේ සුදු හාම්පුතුන්ට ලියපු ලිපි "බිටිෂ් ආර්කයිව්ස්" වල තියෙනවා. පර්යේෂණ කරන කෙනෙකුට හොඳ මාතෘකාවක් වෙයි.

:       3       10

SunaaMonday, 24 March 2025 10:53 AM

හොඳ කියමනක්...!

:       2       2

ගුණරත්නMonday, 24 March 2025 11:22 AM

අන්න මොලේ ඇති මනුස්සයෙක්, ඩී ඇස් සේනානායක කියන්නේ රටේ මිනිස්සුන් ගැන හොඳට තේරුම් ගත් මනුස්සයෙක් කියන්න තවත් සාක්‍ෂි ඕනද? මේ රටේ මිනිස්සු පාලනය කරන්න මේ රටේ මිනිස්සු අතරින් එන නායකයෝ කියන උන්ට බැහැ, සුද්දන් දිගටම හිටියා නම් නීතියට වැඩ කෙරෙනවා, දැන් තමන් පණවපු නීතිය මාසයක් ඇතුලත නවන තරම් පාලකයෝ ඉන්නේ.

:       8       3

ප්‍රියන්ත Monday, 24 March 2025 11:11 AM

ඔහුගේ ක්‍රියා ගැන නොවුණත්, ඔහුට ‘ජාතියේ පියා’ ලෙස ඇමැතීම ගැන මට විවේචනයක් තියෙනවා...!

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 194 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 348 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 687 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site