2016-12-24-ent-47

එච්.ආර්. ජෝතිපාල යනු අදටත් වලංගු ශ‍්‍රවනයෙන් නොමැකුනු ජනප‍්‍රිය හඬකි. තිස් වසරකට පෙර මිය ගියත් රූපකාය නොදුටු නවක අංකුර ගායක පරපුර පවා ඔහුගේ ගීත පුනරුච්චාරණය කරන මෙවන් අවධියක ඔහුගේ ගීත රැුගත් කෘතියක් හා ගීත තැටියක් පසුගියදා එළිදැක්වුණි. ”රිදී තිරය ජෝතිමත් කළ එච්.ආර් ජෝතිපාල” නම් එම කෘතියට ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංග වෙනුවෙන් පසුබිම් ගායනය කළ ගීත 50 ඇතුළත්ව තිබේ. එම කෘතිය සමග එම ගීත ඇසිය හැකි සංඛ්‍යාන වීඩියෝ තැටියක්ද (DVD/AUDIO) නොමිලේ ලැබෙයි.

වාණිජ සිංදු පොත් ආකෘතියෙන් බැහැරව ග‍්‍රන්ථ ප‍්‍රමිතියට අනුව ”රිදී තිරය ජෝතිමත් කළ එච්.ආර්. ජෝතිපාල” කෘතිය ප‍්‍රවීණ සිනමා ලේඛක රූපසේන සිල්වා විසින් සම්පාදනය කර ඇත. එහි ජෝතිපාලට හා ඔහුගේ ගීතවලට ආදරය කරන රසික රසිකාවියන් පිරිසකගේ ඡුායාරූප සහිත විස්තර පළ කොට තිබීම විශේෂත්වයකි. ප‍්‍රකාශනය ඩබ්ලිව්. ජයසේන ද අල්විස් ගෙනි. කවර නිර්මාණය පේ‍්‍රම් දිසානායක කර ඇති අතර වත්මන පවතින තාක්‍ෂණයෙන් දිගු කල් ශ‍්‍රවණය කළ හැකි පරිදි ගීත තැටිය ජයන්නද නිෂ්පාදනයකි. වැඩි විස්තර 011 2347468 දුරකතන අංකයෙන් ලබාගත හැකිය.