(රංජන් කස්තුරි)
ජාතික වීර දිනයට සමගාමීව නෙළුම් පොකුරණ රඟහලේ දී මේ වන විට පැවැත්වෙන ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වීමට ගිය ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල මහතාට ආරක්ෂක නිලධාරීන්ගෙන් බාධා එල්ල වී තිබේ.
ලූෂන් බුලත්සිංහල මහතාට එම සම්මාන උළෙලේදී කාලාශූරී සම්මානය පිරිනැමීමට නියමිතව තිබූ නමුත් ඔහු ආරක්ෂක අංශයේ බාධා හේතුවෙන් සම්මාන උත්සවය ප්‍රතික්ෂේප කර නැවත හැරී ගොස් තිබේ.
ලූෂන් බුලත්සිංහල මහතා සිය මෝටර් රථය නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේ පිහිටි වාහන අංගනයට ඇතුළු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් පැමිණ ඊට ඉඩදිය නොහැකි බව සඳහන් කරමින් නෙළුම් පොකුණ පරිශ්‍රයේ ස්ථාන කිහිපයකටම යවමින් බාධා කර තිබේ.
අවසානයේ ආරක්ෂක නිලධාරීත් බුලත්සිංහල මහතාට සඳහන් කර ඇත්තේ මෝටර් රථය නෙළුම් පොකුණ පරිශ්‍රයෙන් පිටත මාර්ගයේ ස්ථානයක නතර කරන උත්සවයට සහභාගී වන ලෙසයි.
ලූෂන් බුලත්සිංහල මහතා එය ප්‍රතික්ෂේප කර උත්සවයට සහභාගී නොවී ආපසු හැරී ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ මොක්පුර.
අටවත් සමත් නැති දේශපාලුවන්ට සැලියුට් ගහල උසස්වීම් ගන්න දගලන ආරක්ෂකයෝ , මෙවැනි මිනිසුන්ගේ වටිනාකම දන්නේ නැහැ. ලුෂන් මහතා කරපු වැඩේ ඉතාම හොදඊ
කොහොමද වෙනස
දෙන දෙයක් කාලා ඉන්න කියලයි එයාලා කියන්නේ. ඔබ අපට වටිනවා සර්.
එළියේ නවතන්න ඔච්චර අමාරුවුනේ මොකද?
බොහෝවිට ඔය ආරක්ෂකයෝ ලුෂන් බුලත්සිංහල මහතාව හඳුනන්නේ වත් නැතුව ඇති. අනේ රටකට ගිය කල.
සික්කෝ ඇදගන්නවා
ඉතාමත් කණගාටුදායක ක්‍රියාවක් ,ආරක්සක අන්ස මීට වඩා සැලකිල්ලෙන් මනුසිය මට්ටමින් ක්‍රියාකිරීමට තිබුණා
ආරක්ෂක නිලධාරීන් කරේ ඉහලින් ආ නියෝගයක් .....
රඟහල ඇතුලේ ඉඩ මදි වෙන්න හේතුවක් නැහැනේ . මේක ගැන සම්පුර්ණ පරීක්ෂණයක් කල යුතුයි .
ආරක්ෂක නිලධාරීන් කරේ ඉහලින් ආ නියෝගයක් .....
බිය නොව ඒ අපගේ යහපාලනයයි. ඇතුළු වීමට අවස්ථාව එන තෙක් ගිමන් හරිමු.
කවුද මේ ආරක්ෂක නිලධාරීන්? දේශපාලකයෙක් ආව නම් මෙහෙම නොවෙයි නේද සැලකිල්ල.
ඔලුව ඉදිමුණු සමහර අය නීති වලට යටත්ව ඒවාට අවනත වීමට මැළි වෙති. ඔබලාට මතක ඇති මාර්ග නීතියක් කඩ කළ ඔස්ට්‍රේලියා අගමැතිවරයකුට දඩ පත්‍රයක් දුන් විට ඔහු එයට එරෙහිව කිසිදු වචනයක් නොකියා පිළිගෙන පොලිස් නිලධාරියට ස්තුති කරමින් ගිය ආකාරය.
විශ්ව විද්‍යාල දරුවන්ට මහපොළ ශිෂ්‍යත්වය ඇතිකළ ඇතුලත්මුදලි ශ්‍රීමතාණන්ගේ නම නේවාසිකාගාරයට තබනවාට විරුද්ධ වූ කන්නදීපු අත සපාකන්නවුන් සිටින රටට ඕක මොකක්ද
ගිය එක හොඳ වැඩක් . වාහන නවත්තන්න පහසුකම් දෙන්න ඕනේ.
කවුරු හරි දේශ පාලුවෙක් ඇවිත් නිසා ආරක්ෂාව තරකරන්න වෙන්න ඇති. කසාදෙට අත්සන් කරන සාක්කි කාරයන්ට ඉඩ දීල මනාලයා පන්නගත්තා වගේ :)
ඔබ ශ්‍රේෂ්ටයි. හොඳ තීරණයක්. මම හිතන විදියට කොට කෑල්ලකුයි කොළ කෑල්ලකුයි ඇරෙන්ඩ වෙන ගන්ඩ දෙයකුත් නැතුව ඇති. මෙවැනි ජාතික උත්සව සංවිධානය කරන්න දීලා තියෙන්නේ ගමේ මරණාධාර සමිතියේ උත්සවයක්වත් සංවිධානය කරලා පළපුරුද්දක් නැති වන්දි බට්ටයෙකුට වෙන්ඩ ඇති.
ලූෂන් බුලත්සිංහල වැනි අය ඔය වගේ දානපති උත්සව වලට නොයායුතු බවට ප්‍රතිපත්තිමය තිරණයක සිටිය යුතුය. මෙය ජනතාවාදී කලාකරුවන්ට හොද පාඩමකි
ලූශන් යනු දෙමල බෙදුම්වාදීන්ගෙන් වාසි ලබාගන්නා ජාති ද්‍රෝහී කලා මුදලාලියෙකි. සමන් රත්නප්‍රිය, වැලි අමුන, වියන්ගොඩ, ජයසූරිය, අඹර දමිල වැනි ජාතික සාම මන්ඩලය අැතුලු කිහිපයකින් පඩි ලබන කුලී කාරයෙකි. වෙනත් ඕනෑම රටක කලාකරුවෝ තමන්ගේ රට ජාතිය සුරකින රනවිරුවන්ට වෛර නොකරති. මොවුන් සල්ලි වලට ඕනෙම තුප්පහි වැඩක් කරනු ඇත. නෙලුම්පොකුන ආරක්ෂාවට එදා සිටි ජනාධිපති ආරක්ෂක අංශයට ස්තූති කරමු.
හෝ ගාන පොකුණ නියම කලා කරුවා
මේ සමහරක් සික්කෝ හිතන් ඉන්නේ උන්ට වඩා ලොක්කෝ නෑ කියලා. මේක මට වුණානම් මම බැහැලා ගහනවා
වාහනයක් ඈතුලෙ පාක් කරන්න තහනම් නම්, ඒ නීතියට ගරු කරන්න දන්නෙ නැති කලාකාරයන්ට උපහාර දෙන්න ඕනෙ නෑ. කලාකාරයා වුනත්, සම්මානයක් ලබන්න තිබුනා වුනත්, තමන් දෑන ගන්න ඕනෙ නීතිය සහ කාර් පාර්ක් පර්මිට් එකක් එන්න ඉස්සරවෙලා සංවිධායකයන්ගෙන් ඉල්ලා ගන්න. හෑබෑයි ලංකාවෙ නීතිය එක එක්කෙනාට වෑනෙන නිසා මෙතන වුනදේ ගැනනම් මම දන්නෙ නෑ
සමහරක් ආරක්ෂක නිලධාරීන් සිතා සිටින්නේ ඔව්න්ගේ ආයතන වලට එන සියලුම දෙනා මොනවා හෝ හොරකම් කරගෙන යාමට පැමිණි හොරුන් ලෙසයි . ඒකට හේතුව කිසිම උගත්කමක් , ආචාරශීලී බවක් , සමාජයේ හැසිරෙන ආකාරයක් නොදන්නා, ඇඟපත මිස මොලයක් නැති බොහෝ දෙනා මේ රස්සාවේ යෙදෙන එකයි . අවාසනාවකට කලාතුරකින් හමුවන ආචාරශීලී නිලධාරීනුත් මෙවැනි මැට්ටන් නිසා ඒ ගොඩටම වැටෙනවා .
ලුෂන්ලගේ ඔලුව වැඩියි කොහොමත්. කලාකරුවෝ කියල වෙනම නීති ඕනෙද? වාහනය නවත්තල බැරිද පයින් යන්න?
රජා කියන පුද්ගලයා අවිචාරවත් අන්ධයෙකි. එසේත් නැත් නම් මේ රටේ ජනතාවගේ කරුමෙට උපන් තවත් අන්ධ ජාතිවාදියෙකි. මෙලෝ හසරක් නොදැන දොඩවන්නෙකි!.