(චමිල් රුපසිංහ)
අතිතයේ දී රටට යම් විපතක් වන විට මහා සංඝරත්නය එකමුතුව එය වළක්වා ගැනිමට පෙරමුණ ගත්තාක් මෙන් වර්තමානයේද රටේ ඡාතික සම්පත් වලට යම් විපතක් වන විට මහා සංඝරත්නය එකමුතුව පෙරමුණ ගත යුතු යයි ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පාර්ලිමේන්තු මන්ත්රී ඡි. එල්. පීරිස් මහතා හමුවේ පැවැසුහ.
සිරිවිමල හිමියන් බැහැදැකීමට ගිය පීරිස් මහතා රටේ ඡාතික සම්පත් විදෙස් රටවලට විකිණීමට වත්මන් රඡය සැරසෙන බැවින් රටට අහිතකර ප්රතිපල ඇතිවන්නට පෙර මෙම ක්රියාව නවත්වා ගත යුතු යැයි පෙන්වා දුන්නේය.
“මහා සංඝරත්නය හැටියට වත්මන් රඡය මෙවන් ක්රියාවක් කරනවනම් අපි ඊට එකඟවෙන්නෙ නැ. රඡයට යුතුකමක් තියෙනව රටේ ඡාතික සම්පත් රැකගන්න. රටේ සම්පත් විකූණා ඉවර උනාම මේ ගොල්ලන්ගෙ ගෙදර දේවල් තමා අන්තිමට විකිණීමට වෙන්නෙ.“යැයි නාහිමියෝ කීහ.
“රඡය හදන්නෙ ප්රශ්න ගොඩාක් හදාගෙන ඒ මැද්දෙන් ගමනක් යන්න.මෙහෙම ගියොත් ලොකු අමාරුවක රට වැටෙනවා. විපක්ෂයත් මේවට වග කියන්න ඕන විපක්ෂය පාර්ලිමේන්තුවෙදි හඬක් නගන්න ඕන“යැයි නාහිමියෝ පැවැසුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලො ඔක්කොම එකයි...!!
සමහරක් කියන ඒවා හිතට එකඟව කියනවා. තව සම-හරක් ද්වේශ සහගතව ඇතැම් දේ කියනවා. තවත් සම-හරක් පාට කන්නාඩිය ගලවන්නෙම නැතිව කියනවා. නිදාගන්නෙත් පාට කන්නාඩි දමාගෙන නිසා හීන පෙනෙන්නෙත් ඒ පාටින්මයි. හැබැයි ඉතින් එක පාද යාත්රාවක් ආරම්භ කළේ මෙතනින් බව මුළු රටම දන්නවා.
අවසර හාමුදුරුවනේ. එතකොට සමහර පන්සල්වල ලොකු කුලයේ අය විතරයි මහණ කරන්නේ, ඒත් බුදු දහමේ එහෙම දේශනා කරලා නෑනේ. අන්න ඒ වගේ දේකට එකමුතු වෙලා තීරණයක් අරන් පෙන්වන්න.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අසනු කියල පරණ කියමනක් තියෙනවා එනිසා අපේ හාමුදුරුවනේ ඔය මහාචාර්යතුමා කියන දේ ගැන පරික්ෂ කරලා තීරණයක් ගන්න
අපේ රටට සිද්ද වෙලා තියෙන්නේ මහා පුදුම කරුමයක්. ස්භාවික සම්පතක් තිබුනොත් ඒක හරියට කළමනාකරණය කරලා රටේ දියුණුවට යොදා ගන්න බැහැ වෙන කොහෙහරි ඉන්න එකෙක් එක්ක ගනුදෙනුවක් කරලා අපිට හද්ද පාඩු වෙන විදියට විකුණන ඒක තමයි අන්තිමට වෙන්නේ. හම්බන්තොට වරායටයි ත්රිකුණාමල වරායටයි තෙල් ටැංකි ටිකටයි වෙන්න යන්නේ ඔය කරුමේ තමයි. අපේ රටේ උගත්තු නැද්ද මේ සම්පත් පාලනය ගැන සැලසුම් හදන්න? මට මතකයි කාලෙකට ඉස්සෙල්ල අර එප්පාවල පොස්පේට් නිදියත් විකුණා ගන්න අපේ ඔය දේසපාලන උත්තමයෝ ටික දඟලපු දැඟලිල්ල.