විශ්වාසය,සමගිය හා සැමගේ සහභාගීත්වය සහිත ජාතියක් ගොඩ නැගීමේ මුලික අවශ්‍යතා කෙරෙහි සැලකිළිමත් වීමේ අරමුණෙන් ප්‍රතිසන්ධානය පිළිබඳ විශේෂ ජනපති කාර්ය සාධක බළකායක් විසින් ස්ථාපිත කැර තිබේ.
මෙම බළකායේ චාලි ජයවර්ධන මහතා එහි සභාපතිවරයාය. ජාවෙඩි යුසුෆ්,කන්දයියා නීල කන්දන්,මහාචාර්ය මේමානික්යලිංගම්, රියෙන්සි අර්සකුලරත්න ,ප්‍රියන්ති ප්‍රනාන්දු, සෙසු සාමාජිකයෝ වෙති.
විසදිය යුතු ගැටළු හදුනාගනිමින් විවිධ ප්‍රජාවන් අතර ප්‍රතිසන්ධාන ඇති කිරීමත්,ගැටුම් හේතුකොටගෙන පුරවැසියන්ට විදින්නට සිදු පීඩාවන් සමනය කිරීමටත් මෙම කාර්ය සාධක බළකායේ කාර්යයක් වන බව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ බහුතරය සිංහල බෞද්ධයන්. ඒ අය ජාතිවාදීන් නොවේ. එහෙම වුනා නම් වැල්ලවත්ත වැනි ද්‍රවිඩ ප්‍රදේශ තිහාරිය,මී ඇල්ල වැනි මුස්ලිම් ප්‍රදේශ මේ විධියට සාමකාමිව පවතින්නෙ නැහැ. මෙය තේරුම් කරගෙන බහුතර සිංහල බෞද්ධයන්ට සිදුවන පීඩාවන් සමනය කලොත් ගැටුම් ගැටළු ඇතිවෙන එකක් නැහැ. (නදී)
කව්රු මොනවා කීවත් මෙතන ප්‍රයෝගික වෙන්නේ බණ්ඩාර-කැකිරාව ගේ අදහස පමණයි.(නදී)
මේ පත් කරපු අයගේ ප්‍රොෆයිල් එක පොඩ්ඩක් බැලුවා නම් මොකාට එන්නද හදන්නේ කියල තේරෙනවා (නදී)
මුලින්ම සිංහලයාට සාධාරණත්වය ඉෂ්ට කරන්න. එතකොට නිකම්ම ජාතික සමගිය ඇතිවේවි. (නදී)
තවත් එක ගොන් පාර්ට් එකක් විතරයි(නදී)
නිශාන්ත සහ විමුක්ති මහත්මයින්ගේ අදහසට සම්පුර්ණයෙන්ම එකගයි. (නදී)
කෙනෙකුට පිහිනන්න් පුරුදු වෙන්න නම් අනිවාර්යයෙන් ජලයට් බහින්න සිදුවෙනවා. ඒ වගේම ජාතික සමගිය ඇතිවෙන්න අපි සැම අතර අවබෝධයක් තමා අවශ්‍ය වන්නේ. බලකායන් පිහිටුවීමෙන් නොව විශ්වාසය හා අවබෝධය තුලින් එය වර්ධනය කල යුතුයි. කෙසේ වෙතත් ඒ සඳහා ගන්නා සියලුම යහපත් ප්‍රයත්නයන් වලට අපගේ ස්තුතිය. (නදී)
බණ්ඩාර, ඔබ මිනිසත් කමේ පතුල දකින්නෙක්. (ර)
බලවතා දුබලයාට පීඩා කරනවා කියා මතයක් තිබෙනවා ලොව පුරා.(නදී)
අපි සිංහල කොල්ලෝ..අපි නම් ජාතික සමගියෙන් ඉන්නේ,,මුස්ලිම්,දෙමළ, සිංහල කියලා අපි අතර බේදයක් නෑ. අපි හොද යාලුවෝ.අපේ සමගිය බිදින්නේ විවිධ ජාතිවාදී සංවිධාන ,,එවැනි අන්තවාදී සංවිධාන වල ක්‍රියාකාරිත්වය පරික්ෂා කිරීම සහ ඒවාට නායකත්වය දෙන පුද්ගලයන් ගැන අවධානය යොමු කරන්න..(හේ)
මෙතැන සමහර උදවිය සිංහල ජාතිය ආරක්ෂා කරන්න කතා කරනවා.සිංහල ජාතිය විනාශකළේ අපිද? (නි)
නිශාන්ත සහ විමුක්ති මහත්මයින්ගේ අදහසට සම්පුර්ණයෙන්ම එකගයි. (නදී)
"පිරිසිදු චේතනා...ගෙනදෙයි වාසනා" කියලා කියනමක් තිබෙනවා. අපි සිතන, පතන සියල්ල යහපත් නම් ආගම් වශයෙන් හෝ ජාති වශයෙන් හෝ සුළු මහා ජාතීන් ලෙස වෙනස්නොවී මේ රටේ ජීවත්වෙන්න පුළුවන්. දේශපාලකයන්ගේ අවශ්‍යතාවයන් මත හසුරුවන කිසිම කල්ලියකට හසුනොවී ලාංකිකයන් හැටියට ජීවත්වෙන්න පුරුදුවිය යුතුයි (නි)
ජාතික ව්‍යාපාර වලට අත දෙන්නේ ඔය තරුණ ළමයි (නදී)
රට ගැන හිතන්න. සිහලුන්ට නැතිකළ තැන ලබාදෙන්න. උතුරේ සිංහල ජනතාවට පදිංචිය ලබාදෙන්න. (නි)
කෝටි දෙකක ජනතාව අතර විවිධ අදහස් විවිධ මතදරන්නන් ඉන්න පුළුවන්. කොහේහරි පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නයක් ඇතිවුවිට රටේ නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමයි. නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ස්වාධීනව ක්‍රියාත්මක වීමේ පරිසරයක් ඇතිකිරීමයි. (නි)
ජාතික සමගියට විශේෂ බළකායක් ස්ථාපිත කිරීම අනවශ්‍යයි, නිකන් අපි අසමගියෙන් ඉන්නවා වගේනේ කතාව, කෝටි දෙකක ජනතාව අතරේ විවිධ අදහස් විවිද මත දරන්නන් ඉන්න පුළුවන්, කොහේ හරි පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක, අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නයක් ඇති වුනහම රටේ නිතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීම. නිතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ස්වාදීනව ක්‍රියාත්මක වීමේ පරිසරයක් ඇතිකිරීම. (ර)
සියළු ජාතීන් එකට එක්වී මේ රට සංවර්ධනයට දායකවෙමු (නි)
සිංහල බෞද්ධයන් බහුතරය කිසිම බේදයක් නැතුව සමගියෙන් ඉන්නවා. නමුත් යුද්ධයට පෙර උතුරේ සිටි සිංහල පවුල් තවම නැවත පදිංචි නොකරන්නේ මොකද? සීමා කඩයිම් ඇතිකරලා තියෙන්නේ ඇයි සිංහලයන්ට ? (නි)
සිංහලයින්ට උතුරේ, නැගෙනහිර සහ වතුකරයේ ඉඩම් ගන්න දෙන්නේ නැත්තේ මොකද? මේවාට විසඳුම් දෙන්න. (නි)
නිශාන්ත,විමුක්ති මහත්වරුන්ගේ අදහස මුළුමනින්ම අනුමත කරමි.එදා පුංචි පවුල රත්තරන් යැයි කියමින් සිංහලයා විනාශ කළා. සිංහල බොදු අයිතිය විනාශ කළා. අද එක පවුලක් සිංහල ප්‍රදේශයකට ආවොත් අවුරුදු 10 කින් එතන අසිංහල ජනපදයක්. සිංහලයා අඩුවෙලා.මෙහෙම කියන්නේ සාධක ඇතුව. මුලින්ම සිංහලයාට අහිමි වූ දේවල් නැවත දෙන්න.උතුරේ සහ නැගෙනහිර ජනගහණ අනුපාතය අනුව සිංහලයාට පදිංචිවීමට සළස්වන්න. (නි)
සුලුතරය ගැන විතරක් සිතා රටක් ගොඩගන්න බැහැ. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න යම් පියවරක් ගතයුතුයි. හැමදේකම සීමාවක් තියෙන්න ඕනෑනේ. (නි)
රටට හොඳක් වෙනවා නම් අපි සතුටුයි (නි)
තවත්, පර උන සුදු නෙළුමක් නොවේවා.! (ර)
ජාතික සමගිය නැතිකළේ දේශපාලකයෝමයි. (නි)