(දයාසීලි ලියනගේ)
ජාතික සත්වයා ලෙස හඳුන්වන දඬුලේනා වගා හානි කරන සත්වයෙක් වීම හා ඌ අපේ රටට ආවේණික සත්වයෙක් නොවීම නිසා ජාතික සත්වයා යන හැඳින්වීමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
දඬුලේනා පොල් හා කොකෝවා බරපතළ ලෙස හානි කරන සත්වයෙක් වී ඇත.
දඬුලේනා ජාතික සත්වයා ලෙසට නම් කලේ කවුද යන්න ගැටලුවක් වී තිබෙන බවද ඇමතිවරයා කීය. විනාශකාරී සත්වයෙක් වන දඬුලේනා ජාතික සත්වයා ලෙස නම් කිරීමෙන් ඌට ආරක්ෂාවක් සැලසී ඇති අතර එමගින් වගා හානිය බරපතළ ලෙස සිදු වන බව ද ඇමතිවරයා කීය.
ඒ අනුව අපේ රටට ආවේනික වූ වඳ වී යන සත්වයෙක් ජාතික සත්වයා ලෙස නම් කිරීමට දැනට කටයුතු සැලසුම් කරමින් සිටින බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුටා තමා හොඳම
මයිනා නරකද?
එහේට මෙහේට පනින සතෙක් වන ඇටකිච්චා තමයි සුදුසුම
The next National Animal is WImal Weerawansa.
වද වෙන සතෙක් නම් බයියා තමයි හොද
බූරුවා සහ ගෙම්බා ගන්න බැරිද?
මී මින්නා හොඳ උදාහරණයක්
කපුටා
දේශපාලකයා කියන සත්වයාව නම්කරමු. ලංකාවටම ආවේණිකයි, කරන තරමක් කරන්නේ සුද්ද කිරීම්, මහ බැංකුවේ සිට ලේ බැංකුව දක්වාම...
කලවැද්දා
ලොකු ප්‍රශ්නයක්.. කරුණාකර කමිටුවක් පත්කරන්න.
මී හරකා නැතිනම් බූරුවා තමයි උචිත...!
දියවන්නාවේ හොරු 225 සහ ඒ අයගේ හොර හැතිකරේ බර ඔක්කොම අදින්න වෙලා තියෙන්නේ මහජනතාවට නිසා... ජනතාව නියෝජනය කරන්න නම් හොඳම ජාතික සත්වයා පුත්තලම් බූරුවා කියලයි මට හිතෙන්නේ...!
හොඳම සතුන් තමයි කඳුකර කොටියා සහ මෑවර ඉබ්බා...!
දඩුලේනා අයින්කරන්න ඕන .මිනිසාට කරදරයක් නොමැති අහිංසක දේශීය සතෙන් සුදුසුයී
මීමින්නා
උරුලෑව තමයි හොඳ
දැන් මේ අමරවීර ඇමැතිතුමාට සේරම වැඩ කටයුතු තියෙද්දී මේ දේ තමයි ඉක්මණින් ක්‍රියාත්මක කරන්න ඕනෑ වෙලා තියෙන්නේ. රටේ අනෙකුත් ප්‍රශ්න ඔක්කොම විසඳිලා. දැන් විසඳන්න තියෙන්නේ මේ ප්‍රශ්නේ විතරයි...!
මෙය විහිළුවට කාරණයක් නොවෙයි. රටක ජාතික පක්ෂියෙක් ලෙස නම්කර ඇත්තේ දඬුලේනා රතු දත්ත පොතට පවා ඇතුළත් වූ සතෙක් නිසා බව හැඟේ. දඬුලේනා ඒකදේශික සත්වයෙකි. වගාවන්ට හානිකිරීම පමණක් දෙස බලා රටක පැවැති ජාතික සටහනක් වෙනස් කිරීම ගැන සොයාබලන්න. පාසල් දරුවන්ගේ සාමාන්‍ය දැනිම් පොතට පවා මෙම ජාතික පක්ෂියා ඇතුළත් වී ඇත. දඬුලේනා බහුල වශයෙන් තෙත් කලාපයට හුරු ප්‍රදේශවල ජීවත්වන සතෙකි. පොල් වගාවට බරපතල ලෙසම හානි කරන සත්ව කොට්ඨාශය වන්නේ රිලව් හා වඳුරන්ය. ඉන් කළු වඳුරාත් රතු දත්ත පොතේ ඇති ආරක්ෂිත සත්වයෙකි. අළු වඳුරා සහ රිලවා එයට අයත් නැත. මෙම සතුන්ගෙන් ආර්ථික බෝගවන පොල් වගාව ඇතුළු භෝගවලට සිදුවන හානියට වඩා අවම හානියක් දඬු ලේනාගෙන් තිබෙන බව පැවසේ. අතීතයේ මේ රටේ මෙවන් සෑම සත්වයෙක්ම සිටි අතර වගාවන්ද සාර්ථකව පැවැතුණි. සතුන්ගේ ආහාර දාමය කඩා වැටීමෙන් එක්එක් සත්ව ඝනත්වය වැඩි වී ඇත. බුද්ධිමත්ව මෙයට විසඳුම් සොයන්න. සතා මාරුකිරීම හිසරදයට කොට්ටය මාරු කළාවගේ වෙයි...!
Panthera pardus කොටියා... (ශ්‍රී ලංකාවේ දිවියා)
සමහරක් අය කපුටා, මයිනා නම් කර තියෙනවා අවශ්‍ය වෙලා තියෙන්නේ ජාතික සත්වයා මිස පක්ෂියා නොවෙයි දැනට ජාතික පක්ෂියෙක් ඉන්නවා හැබැයි සර් ගෙන් ඇහුවොත් සතුන්ගේ නම් දැන ගැනීමට හැකිවේවි
නිධානයක් උඩ ඉඳගෙන ලෝකයෙන්ම හිඟමනේ යන නිසා දැන් ලෝකයාම අපි ගැන දන්නවා ඒ නිසා උරුලෑවා නම් කලොත් නරකද?
මෙම පුවතේ ඇමතිවරයෙක් ගැන කියනවා.ඒත් ඇමතිගේ නමක් නෑ?
ඇත්තටම අර හැට නමලක්ෂය ගැන හිතනකොටනම් "මිහරකා" තමා ජාතික සත්වයා ලෙසට තීන්දු කල යුත්තේ.
මම හිතන්නේ ගෙම්බ තමයි හොඳ. මොකද මුලු ලෝකෙම ඉස්සරහ රටම ගඳ ගස්සව ගස්සව සල්ලි කුට්ටිය බලාගෙන එහෙට මෙහෙට පනින ගෙම්බො නේ රටේ ලකුණ වෙලා තියෙන්නේ.
කටුස්සා(chamileon.)හිස් ද බෙස්ට් ඇනිමල් ද කන්ටිරි විත්අවුුට් නැෂනල් පොලිසී
පාර්ලිමන්ට්.එක ඇතුලෙන් සත්තුන්ගේ නම් ඇහැනෙවා නේද?
රටේ පාලකයන්ට ගැළපෙන විදයට තමයි ජාතික සත්වයා තෝරලා තියෙන්නේ.ඊළඟ ජාතික මැතිවරණය තෙක් දඩුලේනාම තබා ගනිමු. ඊට පස්සේ හානි නොකරන සත්වයෙක් තෝරා ගනිමු.
අනුර කුමාර නරකද?
මමත් ජාතික සතෙක් හරිද ඇහුනා නේද?
නිතර කෑමට ගන්නා සතෙක්. එසේ නම් කුකුලා.
සිංහයෝ නැති ලංකාවේ කොඩියට සිංහයෙක් දැම්මේ කවුද කියල හෙවවොත් සමහරවිට හම්බ වෙයි කවුද දඬුලේනවා ජාතික සත්වයා කරේ කියාල. අනික වොලිබෝල් කොහොමද ජාතික ක්‍රීඩාව බවට පත්වෙන්නේ? වොලිබෝල් ලංකාවේ බිහිවුණු ක්‍රීඩාවක්ද? ජාතික ක්‍රීඩාව තෝරන්නේ කොහොමද?
පාර්ලිමේන්තුවේ කටුස්සෝ...!
සිංහයා හොඳයි.