හිටපු ඉඩම් ඇමැති එම් කේ ඩී එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයට හිමිවිය යුතු බව එම ව්‍යාපාරයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
ස්විට්සර්ලන්තයේ ජගත් ආර්ථික සමුළුවට සහභාගී වී සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණි පසුව මේ පිළිබඳව අගමැතිවරයා සමඟ සාකච්ඡා කරන බවද ඔහු කිවේය.
එක්සත් ජාතික පක්ෂ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පසුගිය අගෝස්තු මහ ඡන්දයට පෙර ඇති කරගත් ගිවිසුම අනුව තම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ධූර දෙක ගුණවර්ධන මහතාටත් ජයම්පති වික්‍රමරත්න මහතාටත් දුන් බව කී සේනාරත්න මහතා ඒ අනුව ගුණවර්ධන මහතාගේ අභාවය නිසා ඇතිවු පුරප්පාඩුවට තම පක්ෂයෙන් මන්ත්‍රීවරයකු පත් කර ගත යුතුව ඇති බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඇමති වුනොත් විනාශයි . කට විතරයිනේ ....(බ)
ගරු මාලක සිල්වා මැතිඳුන් මේ තනතුරට හොඳ නැද්ද? (නි)
මෙයාටත් පක්ෂයක් තියනවයි කියල අද තමයි දන්නේ. (ර)
තාත්තා කළ දේ පුතා නොකළොත් එයා අර කාගෙද පුතා කියනවනේ (නි)
කටුස්සාගේ කරේ රත්තරන් බැන්ඳහම ඔහොම වෙන එක අහන්න දෙයක් නැහැ. මේවට බනින්න ඕනෑ ඡන්දේ දීපු අයට. (නි)
ඕකේ මතක් කර කර කියන්න දෙයක් නැහැ. හැම ඇමැතිකමක්ම දීලා තියෙන්නේ වටිනාකියන අයට. (නි)
නියමෙට තියෙයි. (නි)
මේ අය මේවා තනතුරු ඉල්ලන්නේ අපිට තියෙන ආදරේට නෙමෙයි.(හේ)
මෙයා කවුද එහෙම කියන්න. (නි)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)
මේ කවුද අප්පේ ඇත්තට? (නි)
මෙයාලා තමයි අපේ සමහරුන්ට වීරයෝ (නි)
මෙහෙම නම් දුර ගමනක් යන්නෙ නැහැ (නි)
කොහොමද පවුල් දේශපාලනය? රටට හෙණ ගැසුවත් කම් නැත මොවුන් වැජඹිලා! (නි)
සන්තුෂ්, හිටපු ජනපති විසින් කිසිම ජාතික ලැයිස්තුවක නොසිටි තමන්ගේ අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එවද්දී ඔය කොහෙද හිටියේ? (නි)
ජනහිත, මෙයා බොරු නෙමෙයි කිව්වේ. (නි)
මේකා මොන පඟර නැට්ටෙක්ද???(රේ)
නියමයි! හොඳයි බලමුකෝ... (නි)
මේ වගේ අයට ඡන්දෙ දුන්නෙ කවුද? මෙයා නේද හිටපු ජනපතිටත් අභියෝග කළේ? (නි)
මෙයා හරි වැඩකාරයා. පටන්ගත්ත ගමන් කිව්වේ මහින්දටත් යන්න වැඩ සිද්ධකළේ එයා කියලනේ. (නි)
මේ මහ ලොකු පක්ෂ නායකයාගේ තරම ඇහෙනකොට හොඳ හොඳ දේවල් කියන්න කටට එනවා මගේ (නි)
අගමැති තුමා මේ සම්බන්ධයෙන් තීරණයක් ගනී.(හේ)
අගමැති තුමනි.වටිනා කෙනෙකුට දෙන්න.මතක තියාගන්න (හේ)
සාධාරණ ඉල්ලීමක්.(හේ)
මෙයාට මෙච්චර දෙයක් ඉල්ලන්න තාම අයිතියක් නෑ.(හේ)
තව වෙනත් සුදුස්සන් නැද්ද ඔය පුරප්පාඩු දෙකට.(හේ)
අහෝ! රටක ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන ආකාරය, අහෝ! රටක ජනතා කැමැත්ත දේශපාලනඥයින් විසින් අමු අමුවේ වෙන්දේසි කරන ආකාරය කෙතරම් පිළිකුල් සහගතද?(හේ)
මොකක්ද මේ කරන්න යන්නේ.(හේ)
අනේ අපොයි මෙයා ගිය උඩ... (ර)
පිස්සු නැත්නම් හොදයි.(හේ)
සන්තුෂ්, ඔබ හරියටම හරි. (හේ)
මරණයේ රස්නය යන්නටත් පෙර, තානාන්තර වලට කුලල් කා ගනී. කෙතරම් පිළිකුල් සහගතද..(හේ)
කට පරිස්සම් කරගෙන හිටියොත් නම් තව දුර යන්න පුලුවන් (නි)
පොඩි දරුවන් තාත්තාගෙන් සීනි බෝල ඉල්ලවව වගේ.... (ර)
තරමට ඉදිමෙන්න. (ර)