(ඡායාරූප - ශාන්ත රත්නායක)
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සහ තවත් ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු සහ කොළඹ වෛද්‍ය විද්‍යාල සිසුහු අද (5) ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණහ.
අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පැවසුවේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාජය මගින් අහෝසි නොකළොත් ඉදිරියේදී වෛද්‍ය වර්ජනය දිගින් දිගටම පවත්වන්න කටයුතු කරන බවයි. ඉදිරියේදී සියළු වෘත්තිය සමිති එකතුවෙන් වැඩ වර්ජන කිරීමට කටයුතු කරනබවද ඔහු පැවසීය.
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු හා වෛද්‍ය සිසුහු මෙම උද්ඝෝෂණයට සහභාගී වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිපුර කෑගහන්නේ දිස්ත්‍රික් කෝටා අය වගේ. හුඟාක් දොස්තරලා කැමති නැහැ වැඩිදෙනෙක් බිහිවෙනවට... රජයේ සේවය සිට පුද්ගලිකව පුහුණු කරන්න පුළුවන් එකම පිරිස මෙයාලා.
පවතින ඕනෙම කෝටා ක්‍රමයකින් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමේ කිසිම වරදක් නැහැ. නමුත් විශ්ව විද්‍යාල වලට ඇතුල්වීමේ සුදුසුකම් ලබා තිබියදීත් ඇතුල්වීමට නොහැකිවූ සියලුම සිසුන්ටත්, වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමේ සම්පූර්ණ අයිතිය ඇත. රජයේ විශ්වවිද්‍යාල වල ඒ සඳහා ඉඩකඩ නැතිනම්, ඔවුන් එය පුද්ගලික අංශයෙන් ලබා ගැනීමේ කිසිම වරදක් නැති අතර, එම ක්‍රියා මාර්ගයට රටේ කිසි කෙනෙකුට විරුද්ධ වීමේ අයිතියක්ද නැත.
අරවින්ද යාළුවා සයිටම් ආයතනය ජනසතු කරානම් හරි නේ...එතකොට ඔය ලොකු ලොකු සල්ලිකාරයන්ගේ, දේශපාලනඥයන්ගේ, ලොකු ලොකු දොස්තරලගේ ළමයි නෙමේ ඇත්තටම වෛද්‍ය පීඨයට යන්න ළකුණක් දෙකක් මදි වෙච්ච සැබෑ දක්ෂයන්ට අවස්ථාවක් හම්බ වෙනවා.. එහෙම අය හොයාගන්න පුළුවන් සයිටම් ආයතනයෙන් නෙමේ පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයෙන්, පශු වෛද්‍ය පීඨයෙන් වගේ...ඇයි ඒකට අකමැතිද? මේකට අකමැති වෙලා පුද්ගලික වෛද්‍ය පීඨම ඕනා කියන්නේ වෙන හේතුවක් නිසා නොවෙයි, දක්ෂයා කෙසේ වෙතත් කොහොමහරි මොකක්හරි කරලා තමන්ගේ දරුවා දොස්තර කෙනෙක්ම කරන්න ඕනය කියන එක නිසා...තමන්ගේ දරුවා දොස්තර කෙනෙක් කරන එක මේ රටේ ඉන්නා අම්මලා, තාත්තලා බහුතරයකගේ හීනයක්...ඔයා ගෙනාපු ඔය තර්කය විදිහට ඒ හැමෝගෙම හීන සපුරන්න පුද්ගලික වෛද්‍ය පීඨ කීයක් ගේන්න ඕනද? ඒ අම්මලා, තාත්තලාගේ ඒ හීනෙන් ප්‍රයෝජන අරගෙන මොන මගඩියක් හරි කරලා කෝටිපතියෝ වෙන්න බලාගෙන මේ රටේ වගේම ඒරොප්පෙත් මුදලාලිලා දතකට මැදගෙන ඉන්නේ... ඉතිං අරවින්ද ඔය විදිහට බුරුතු ගනන් පුද්ගලික වෛද්‍ය පීඨ බිහිවුනාම අපේ රාජ්‍ය වෛද්‍ය පීඨ වලට මොන වගේ ඉරණමක් අත් වේයි කියලද හිතන්නේ? ඔය අද තියනවා වගේම තියේවි කියලා හිතනවාද?...
අන්න එදාට දක්ෂයාට තැන නැති වෙලා පොහොසතාගේ දරුවාට විතරක් දොස්තර වෙන්න පුළුවන් වේවි...එදාට ඇත්තටම මිනිස්සු මේ කියන දොස්තර බමුණු කුලය කියන එක ඇති වේවි..!!! ඔයා ගෙනාපු තර්කයේ වරදක් නෑ අරවින්ද...ඒත් අපේ රටේ ප්‍රායෝගික තත්වය එක්ක බැලුවොත්.....