කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේදී සැත්කම්වලදී රෝගීන් 6 දෙනෙකුගෙන් 4 දෙනෙකු මියයාමට හේතුව භාවිතා කළ ඩයි වර්ගය අසාත්මිකවීම බව ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ ත‍්‍රිපුද්ගල පරීක්‍ෂණ කණ්ඩායම නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
මෙය තාවකාලික වාර්තාවක් වන බවත් මේ පිළිබඳ තව දුරටත් අධ්‍යයනය කර පූර්ණ වාර්තාවක් ලබාදීමට නියමිත බවත් එම කණ්ඩායම පවසයි.
අදාළ ඩයි වර්ගය තව දුරටත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා පරීක්‍ෂා කිරීමට මෙන්ම සිදධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ තව දුරටත් ක‍්‍රියාත්මක කිරීමට ද මෙම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කළ කමිටුවට අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලක්‍ෂ්මී සෝමතුංග මහත්මිය, අධ්‍යක්‍ෂ (රසායනාගාර සේවා) කමල් ජයසිංහ සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) රෝහණ ද සිල්වා යන මහත්වරු සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය එක්කෙනෙක් අපේ මාමා කෙනෙක්,ගොඩක් දුප්පත්, ළමයි 4 දෙනෙක් ඉන්නවා. (ර)
දැන් කව්ද මේ ජීවත වලට වගකියන්නේ? දොස්තරලද? නැත්නම් ඇමැතිද? නැතිනම් අපිද? (නි)
ඩයි වර්ගය අසාත්මිකවීම නිසා ලංකාවේ පමණක් නොව මරණ වෙන රටවලත් වෙනවා. මම දන්නා පුද්ගලයෙක් මැරුණා ළඟදි වෙනත් රටක. (නි)
පව් තාරා... ඔබේ මියගිය මාමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි..! (නි)
දේශපාලකයන්ට කුට්ටිය ලෙඩුන්ට පෙට්ටිය... (නි)
දැන් ඉතින් කියයි අරක විෂවුණා මේක විෂවුණා කියලා (නි)