කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් හයක දී රෝගීන් හතර දෙනකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ශල්‍යකර්මලදී භාවිත කරන ඩයි වර්ගයක් ආසත්මික වීම ඊට හේතුව විය හැකියැයි සැක කරන බව ද ඔහු කීවේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මී සී සෝමතුංග, අධ්‍යක්ෂ කමල් ජයසිංහ සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහන ද සිල්වා එහි සාමාජිකයෝ වෙති.
මෙම ඩයි වර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට ද සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැරදි වලට විසඳුම් දෙන්න ඇයි මෙතරම් කල්ගන්නේ? (නි)
මේ ඔපරේෂන් වලදී භාවිතාකරන ..රේඩියෝක්ෂන් ඩයි ඉන්ජෙක්ෂන් එකක් ..?මේවා ලංකාවට ඉන්දියාවෙන් ගෙන්වන ප්‍රමිතියෙන් බාලම බාල බෙහෙත්.?.ලංකාවේ ඇමැතිලට කවදාවත් බැහැ කොමිස් නැතිව ..මේ වැඩ නිවැරදි කරන්න ...? මේ දේශ පාලුවොන්ගෙන් රට බේරාගෙන ....කවදා අපි සැනසුම් සුසුමක් හෙලන්නද ...? පණට ආදරේනම් අපිට කලයුතු එකම දේ ඇති හැකි අය දරු පැටවුනුත් අරන් පිට රටකට පදිංචියට යාම පමණි ...? අපේ රට ගැන හරිම දුකයි ..? මේ දේශ පාලකයින්ට බැරිද ..? ඔය වැය කරන කෝටි ගානක මුදල් ..වලට බ්‍රිතානයෙන් ..ජර්මනියෙන් වැනි රටවල නිෂ්පාදිත ..වගකීමක් ඇති ප්‍රමිතියෙන් යුතු උසස් විශ්වාසයක් ඇති හොද බෙහෙත් ගන්න? (බ)
මේ කියන්නේ ඩී. අයි. ඊ. ඩයි වෙන්න ඇති (බ)
චීනෙන් හරි ඉන්දියාවෙන් හරි ලාබෙට ගෙනාව ජරාවක් වෙන්නැති. (බ)
මේවා කොරන එවුන්ටයි ඒවාට අනුබල දුන් එවුන්ටයි. ඒ සල්ලිවලින් කාපු එවුන්ටයි උන්ගේ හත් මුතු පරම්පරාවේම එවුන්ට මේ කරුමය පලිසන් දෙත්වා. (බ)
අයියෝ සුළු දෙයක්! මම කියන්නම්, හතර දෙනාටම නිව්මෝනියාව වෙන්න ඇති. අපේ ඉස්පිරිතාල වල මොන වරදක් වුණත් එයාලගේ මරණයට හේතුව නිව්මෝනියාව, නැත්නම් හුස්ම හිරවීම (නි)
මේකත් ගිය ආණ්ඩුවෙන් ගෙනාපු ඩයි වර්ගයක් ද ? (බ)
ඇමතිට කුට්ටිය ලෙඩ්ඩුන්ට පෙට්ටිය...(බ)