(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ රජයට හිතවාදී පිරිස් සහ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් අතර ඉකුත් 9 වෙනිදා ඇති වූ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා රජය සතු ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයට රුපියල් බිලියන1 ඉක්මවන පාඩුවක් සිදුවිය හැකි බව නිව්යෝර්ක් හි ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් සමාගම පවසයි.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් සාමකාමී විරෝධතාවයක නිරත වූ විරෝධතාකරුවන්ට ඉකුත් 9 වෙනිදා පහර දීමත් සමග දෙපාර්ශවය අතර ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය වැඩ වර්ජන, කෝලාහල, සිවිල් කැලඹීම් සහ ත්‍රස්තවාදය හේතුවෙන් සිදු වන දේපළ හානිවලින් ආරක්ෂා වීම සඳහා රක්ෂණාවරණයක් සපයනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමකාමී මැක්කන්ගේ කථාව.... හැම ලිපියටම ලියනවා නම් 83 කලු ජූලිය ප්රභාකරන්ගේ පිටින් යවලා අපට අත සෝදාගන්න පුළුවන් වෙයි නේද?
මේ සඳහා මුළුමණින්ම වගකිව යුත්තේ රාජපක්ෂ හොර නඩය සහ ඔවුන්ගේ චෞර වළල්ලයි. ඒ නිසා ට්‍රිලියන ගණනක් වූ හොරාකෑ මහජන මුදල් නැවත කෙසේ හෝ අත්පත් කරගෙන, එයින් මේවා ගෙවන ලෙස බලකරමු...