IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජාතික මේස පන්දු තරගාවලියේදී රොහාන් - ඉෂාරා ශූරතා මේසයම සුද්ද කරති

ශ‍්‍රී ලංකා මේස පන්දු සංගමය මෙහෙය වු 65 වැනි ජාතික මේස පන්දු තරගාවලියේදී ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගී සමත්වුහ. ගුවන් හමුදාව නියෝජනය කරන රොහාන් සහ ඉෂාරා අවසන් වරට 2010 වසරේදී පැවැති තරගාවලියේ විවෘත පිරිමි හා කාන්තා ශූරතා දිනාගත් ක‍්‍රීඩකයා සහ කී‍්‍රඩිකාව වෙති. විවෘත පිරිමි කේවළ ඉසව්වේදී නිර්මල ජයසිංහ පරදවා තරග වට 4-0 ක ජයක් ලබාගත් රොහාන් සිය ක‍්‍රීඩා දිවියේ තුන්වැනි ශූරතාව දිනා ගත්තේය. රොහාන් 2007 වසරේද පිරිමි කේවළ ශූරතාව දිනා ගෙන තිබේ. පිරිමි යුගල ඉසව්ව මිලින්ද ලක්‍ෂිත සමග ක‍්‍රීඩා කර ජයගත් රොහාන් මිශ‍්‍ර යුගල ඉසව්ව ඉෂාරා මධුරංගි සමග ක‍්‍රීඩාකර ජය ගත්තාය. ඉෂාරා මෙවර කාන්තා ශූරතාව දිනා ගත්තේ පිට පිට සිවුවැනි වරටය. ඇය 2004 වසරේද ශූරතාව දිනාගෙන තිබේ. ඉෂාරා කාන්තා යුගල ඉසව්ව මවුලි පීරිස් සමග ජය ගත්තාය. මෙම තරගාවලියට සමගාමීව ආබාධිතවුවන්ගේ පැරා මේස පන්දු තරගාවලියේ (කණ්ඩායම්) ශූරතාව ගජබා රෙජිමේන්තුව විසින් දිනා ගන්නා ලදී. පේරාදෙණිය ජගත් රාජපක්‍ෂ අන්තර්ජාතික ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 150 දෙනෙක් සහභාගිවුහ. මෙම තරගාවලිය පසුගිය වසරේ (2011) පැවැත්වීමට තිබු තරගාවලිය වේ. අවසන් තරග ප‍්‍රතිඵල: ● පිරිමි කේවළ ඉසව්ව රොහාන් සිරිසේන (ගුවන් හමුදාව) විසින් බී. එන්. බී. ජයසිංහ (මාස් ඉන්ටිමේට්ස්) පරාජය කරන ලදී. (11/9, 11/7, 11/6, 11/5) ● කාන්තා කේවළ ඉසව්ව ඉෂාරා මධුරංගි (ගුවන් හමුදාව) විසින් එරන්දි වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (16/14, 11/5, 11/6, 11/7) ● පිරිමි යුගල ඉසව්ව රොහාන් සිරිසේන විසින් මිලින්ද ලක්‍ෂිත (ගුවන් හමුදාව) විසින් ගයාන් චම්පික සහ බුද්ධික වලගම්පොළ (ගුවන් හමුදාව) පරාජය කරන ලදී. (11/3, 11/8, 11/7) ● කාන්තා යුගල ඉසව්ව මවුලි පීරිස් සහ ඉෂාරා මධුරංගී (ගුවන් හමුදාව) විසින් රුහන්සි විජේකෝන් සහ ශ්‍රීමාලි විමලරත්න (ගුවන් හමුදාව) පරාජය කරන ලදී. (11/9, 11/6, 11/6) ● මිශ‍්‍ර යුගල ඉසව්ව රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගී (ගුවන් හමුදාව) විසින් මවුලි පීරිස් (ගුවන් හමුදාව) සහ නිර්මල ජයසිංහ (මාස් ඉන්ටිමේට්ස්) පරාජය කරන ලදී. (11/2, 11/6, 5/11, 15/13) ● පිරිමි කේවළ සහනදායී ඉසව්ව නුවන්ත නිරෝෂණ (අම්බලන්ගොඩ ධර්මාශෝක) විසින් ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ* පරාජය කරන ලදී. (13/11, 11/3) ● කාන්තා කේවළ සහනදායී ඉසව්ව බුද්ධීපනී රාජගුරු (කුරුණෑගල මලියදේව බාලිකා) විසින් රෝෂිණී දහනායක (කුරුණෑගල ශුද්ධ පවුලේ බාලිකා) පරාජය කරන ලදී. (11/7, 13/11) ● මාස්ටර් ඉසව්ව ඉන්දික ප‍්‍රසාද් (ගුවන් හමුදාව) විසින් චමින්ද රොද්‍රිගෝ (ටී.එච්.ඇකඩමිය) පරාජය කරන ලදී. (11/5, 11/7, 11/2) ● ප‍්‍රවීණයන්ගේ ඉසව්ව ලලිත් ප‍්‍රියන්ත (බටර්ෆ්ලයි මේ.ස.) විසින් එම්.එම්.ලෆීර් (ප‍්‍රවීණයන්ගේ මේ.ස.) පරාජය කරන ලදී. (11/6, 11/6, 11/3)



අදහස් (0)

ජාතික මේස පන්දු තරගාවලියේදී රොහාන් - ඉෂාරා ශූරතා මේසයම සුද්ද කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site