ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන්ගේ හිඟ වැටුප් වසර දෙකක සිට ගෙවා නොමැති නිසා ගුරුවරුන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහා කියයි.

අධ්‍යාපන අමාත්‍යංශයට කිහිප විටක් ලිඛිතව දැනුම් දුන්නත් තවමත් හිඟ වැටුප් ගෙවීමට පියවර ගෙන නැතැයි ද ඒ මහතා පවසයි.

එම හිඟ මුදල් හැකි ඉක්මණින් ගෙවා නිම කරන ලෙස ගුරු සංගමය අමාත්‍යංශයෙන් ඉල්ලයි.