ජාතික කී‍්‍රඩා නව ප‍්‍රතිපත්තිමාලාව කි‍්‍රයාත්මක වන්නේ නම් දේශපාලනඥයන්ට ජාතික කී‍්‍රඩා සංගම්හි තනතුරු දැරීම තහනම් වන බැවින් එය තමන් ආසියානු වොලිබෝල් සම්මේලනයේ හා ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ දැනට දරන තනතුරුවලට බලපෑමක් විය හැකි බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. වසර 2005 අපේ‍්‍රල් 1 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩව වොලිබෝල් සම්මේලනයේ සහභාපති ධූරය උසුලන ඩිලාන් පෙරේරා මහතා මේ වනවිට ආසියානු වොලිබෝල් සම්මේලනයේ පරිපාලන කමිටුවේ සාමාජිකයකු ලෙසත් ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ නීති කොමිසමේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැති ඩිලාන් පෙරේරා මහතා මෙසේද පැවසීය. දේශපාලනඥයන්ට ජාතික කී‍්‍රඩා සංගම් තනතුරු දරන්න තහනම් වනවා නම් ඒ ගැන මටත් හිතන්න වෙනවා. එහෙම උනොත් වොලිබෝල් සම්මේලනයෙන් මට ඉවත් වෙන්න වේවි එහෙම උනොත් මා දැනට දරන ජාත්‍යන්තර වොලිබෝල් පදවි වලිනුත් අයින් වෙන්න වෙනවා. එහෙම මා අයින් වුණා කියලා ඒ පදවි නැවත ශ්‍රී ලංකාවට හිිමි වෙයිද කියන එක සැක සහිතයි. එම පදවි වෙනත් රටවල නියෝජිතයන්ට පිරිනමන්නත් ඉඩ තිබේවි. මර්වින් ජේ. කුරේ මහතා වොලිබෝල් සම්මෙලනයෙන් ඉවත් වුණත් ඔහු දැරූ ආසියානු සම්මේලනයේ තනතුරු ශ්‍රී ලංකාවට හිමි වුණේ නෑ. මට තනතුර පසුව ප‍්‍රදානය වුණේ මාලදිවයිනේ නිලධාරියකුටයි. නමුත් දේශපාලනඥයකු හැටියට මා කියන්නේ ජාතික ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක වන අවස්ථාවකදී ඊට ගරු කිරීමට මා සුදානම් බවයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd