ජාතික ගීය දෙමළ බසින් ගැයීමට විරෝධය පළ කරන බව පිවිතුරු හෙල උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිළ මහතා පැවසීය.
එසේ ගායනා කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉඩදී ඇතැයිද එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි වගන්තියට විරුද්ධ යැයිද කියති.
එම වගන්තිය මෙසේය.
‘‘ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ‘ශ්‍රී ලංකා මාතා‘ ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්වෙන්නේය‘‘
1978 අගෝස්තු 31 වැනිදා එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවූ දිනයේ සිට 2010 දක්වා ජාතික ගීය උතුරු නැගෙනහිර දෙමළ භාෂාවෙන් ගායනා කෙරිණි.
ජාතික ගීය
දෙමළ භාෂාවෙන් ගායනා කරන ජාතික ගීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් ජාතික ගීය කියනකොට එකේ තියෙන හැම වචනයක්ම හැම අකුරක්ම හදවතට දැනෙනවා. ඉස්කෝලේ යන කාලේ හැමදාම සීරුවෙන් හිටගෙන ජාතික ගීය කට ඇරලා කිව්වා. දැන්නම් එහෙම කරන්න ලැබෙන්නේ කලාතුරකින්. කාලෙකට පස්සේ ඊයේ මැච් එක පටන් ගන්න කලින් ජාතික ගීය යනකොට නිරායාසයෙන්ම මමත් පුටුවෙන් නැගිට්ටලා සීරුවෙන් හිට ගත්තා. ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි පිටියේ හිටපු ගොඩක් අය ජාතික ගීය කියනකොට මටත් දැනුනේ හදවත පිරිලා යන සතුටක්, රට ගැන ආඩම්බරයක්. (ර)
භාෂාව වෙනස් වුනොත් ජාතික ගී දෙකක් වෙනවද , දෙමල අය කොහොමද සිංහලෙන් ගයන්නේ, උන්ට දැනෙයිද අරුත. සිංහල ශබ්දම එන්න දෙමලෙන් ගයන්න බැරිනම් මෙහෙම හොඳයි. මෙතෙක් කල් දෙමළ අය ජාතික ගීය ගැයුවේ නැද්ද , වැඩකට නැති බොරු දේවල් පසුපස එල්ලී එල්ලී යන්නේ වැඩකට නැති අය (නදී)
මම සිංහල උනත් මීට පසු ජාතික ගීය දෙමලෙන් කියනවා. (නදී)
වජිර 2015-03-19 12:17:43 ඉන්දීය "ජන ගන මන" රවින්ද්‍රනාත් තාගෝර් තුමාගේ බංගලි රචනාවක්. ඉතින් අපට මොකෝ (නදී)
මේක බොහොම හොඳ ආදර්ශයක්. ලෝකේ කොහෙවත් භාෂා දෙකකින් ජාතික ගීය ගායනා කරලා නැහැ. (ර)
එ්ක එහෙමනම් ඇයි මේ තරම් මේකට බය. ටිකක් ඈතට හිතන නිසා නේද (නදී)
අරුණ ඔබ හරියට හරි (නදී)
ඉන්දියාවේ එය ගයන්නේ බංගලි භාෂාවෙන් නේද? ඉන්දියාවේ භාෂා දෙකකින් ගයනා කරන්නේ නැහැ නේද? (ර)
ව්‍යස්ථාවට වඩා ජාතික සමගිය වටිනවා.(හේ)
විව්‍යස්තාවට වඩා ජාතික සමගිය වටිනවා (අ)
බල්ලා විසින් නැට්ට වනනු වෙනුවට නැට්ට විසින් බල්ලා නටවනවා යැයි කියන්නේ ඔය වගේ දේවල් වලට තමයි (නදී)
මොකක්ද බොල මේ හරුපේ - "1978 අගෝස්තු 31 වැනිදා එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවූ දිනයේ සිට 2010 දක්වා ජාතික ගීය උතුරු නැගෙනහිර දෙමළ භාෂාවෙන් ගායනා කෙරිණි."(හේ)
දෙමල භාෂාවෙන් ගායනා කළාට කමක් නැහැ කියල කියන අය ගොඩක් පටු විදියට හිතන්නේ. මේකේ භයානක කම එහි ප්‍රති විපාක විදින්න වෙන්නේ අවුරුදු ගානක් ගිහිල්ලා. අපි තිස් අවුරුද්දක් යුද ගිනි මැද ජීවත් උනේ අතීතයේ කරගත්ත පොඩි අඩු පාඩු නිසා. මේවා යෝජනා කරපු සම්මත කරපු අය නෙමෙයි මේවට මුහුණ දෙන්න වෙන්නේ අපේ අනාගත දරුවන්ට. (නදී)
අනේ අපේ ජාතික ගීය එක එකාට උවමනා විදිහට ගායනා කරන්න එන්න එපා උදය ගම්මන්පිල මහත්තයෝ අපි ඔබ සමගයි (බ)
දේශපාලකයන්ට ඕන බලය විතරයි. ජාතියක් නැහැ (නදී)
ඉන්දියාවේ ජාතීන් කීයක් ඉන්නවද? භාෂා කීයක් තියනවද? ඒ උනාට ජාතික ගීය ගයන්නේ හින්දියෙන් විතරයි (නදී)
භාෂාව යනු ජාතියක ලක්ෂණයක් මිස බෙදීමට හේතුවක් නොව.(හේ)
අපේ මෝඩයෝ ජාතික ගීයක් අල්ලාගෙන ඉන්නවා.ජාතික සමගියයි වටින්නේ. ජාතික ගීයට වඩා විසදන්න ප්‍රශ්ණ තියෙනවා.(හේ)
රොෂාන්ත ඔබ හරි.ජාතින් අතර අසමගිය වපුරන්නේ දේශාපාලකයෝ.ඒ අය ජාතියක් සමගියෙන් ඉන්නවට කැමති නැහැ.(හේ)
රටේ නායකයා නිවට වුණා කියල අපිවත් මෙතරම් නිවට කරන්න නම් දෙන්න බෑ (බ)
ගම්මන්පිල මහත්තයට දැන් මොකුත් මතක නැහැ වාගේ , උඩු යටිකුරු වෙලා , ඉස්සර ජාතික සමගිය කතා කරපු මෙයා , දැන් ජාතික සමගිය නැති කරන්න හදන්නේ (දිල්)
එතකොට මෙච්චර කලක් උතුරු නැගෙනහිර ජාතික ගිය ගායනා කලේ දෙමලෙන් බව මේ දන්නේ නැද්ද ? (නදී)
අනේ ඔව්. කනකොට කබරගොයත් තලගොයා වගේ වෙනවානේ, සමහරුන්ට (නි)
පුදුම යහපාලනයක්..ලෝකයේ කිසිම ස්වරාජ්යක් ( අන්‍යය ජාතීන් විසින් යටත් නොකළාවූ) භාෂා දෙකකින් ජාතික ගීය ගයන්නේ නැත (දිල්)
අැයි ජාතික සමගිය ඇතිවෙන්නේ දෙමලෙන් ගායනය කරපුවහමද? එහෙමද ඉන්දියාවේත් තියෙන්නේ. ගම්මන්පිල අපි ඔයත් එක්ක. (නදී)
දැන් සිංහල මිනිස්සු දෙමළ කෝවිලකට ගිහාම තමුන්ගේ නමට පුජාවක් දෙන්න , එකේ කපුවා මොන භාෂාවෙන්ද ප්‍රර්ථනා කරන්නේ ?ඉතින් ඇයි මේවා තේරෙන්නේ නැත්තේ (දිල්)
මිනිස්සු බඩගින්නට යුද්ද කරනවා. අනේ පව් ඒ ගැන හොයල බලමු මොන භාෂාව උනත් කමක් නැහැ අර්ථය ඉතා වැදගත් (නදී)
ජාතීන් අතර සමගිය ඕනි කිය කිය ඉල්ලන ඉල්ලන හැම දේම දීල හරියන්නෑ. මේ කරල තියෙන දෙයින් සමගිය නෙවෙයි අසමගිය, බෙදීම වැඩි වෙනවා. මේක තනිකරම ව්‍යවස්තාව උල්ලංගනය කිරීමක්. ව්‍යවස්තාවේ පැහැදිලිව සදහන් වෙනවා ලංකාවේ ජාතික ගීය වෙන්න ඕනි මොකක්ද කියලා. ඒක වෙනස් කරන්න නම් ව්‍යවස්තා සංශෝධනයක් ගේන්න ඕනි. (නදී)
ජාතික ගීයේ තියෙන හරය සහ තේරුමට හානියක් නොවෙනවානම් දෙමළ භාෂාවෙන් ගැයීමේ කිසිම වරදක් නැහැ. ඔවුනුත් ලංකාවට ආදරය කරන ලංකාවේ පුරවැසියෝ. ඒ ගොල්ලෝ උදය ගම්මම්පිලට වඩා ලංකාවට අවංකවම ආදරය කරන පිරිසක් විය හැකි. මොකද ඒ ගොල්ලෝ ජාතික ගිය ගායනා කරන එක ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ ගොල්ලෝ හොඳටම දන්නා භාෂාව දෙමළ නිසා තේරුම දැනගෙන බොහොම හැඟීම් බරව ගායනා කරාවි. නැත්නම් තේරුම් දන්නේ නැතුව අපේ සමහර අය ' හින්දි ' සින්දු කියනවා වගේ තියේවි. (බ)
ශ්‍රි ලංකාවේ මෙම දේශපාලන නායකයන් ළදරුවන්ටත් වඩා පහළ තත්ත්වයකට වැටි ඇතැයි කෙනෙකුට සිතන්නට පුළුවන. අවශ්‍ය වන්නේ තමන්ගේ දේශපාලන පැවැත්මද? නැතිනම් ශ්‍රී ලංකික ජනතාව සාමයෙන් සමගියෙන් ඉදිරියට යන රටක් ගොඩනගා ගැනීමද? (අ)
අනේ අපි වගේ පව්කාර ජාතියක්, සිංහල සුළු පිරිසකගේ අනුවණකම නිසා දැන් මුළු ජාතියටම විදවන්න වෙලා. අපි මේ වරද ඉක්මනින්ම නිවැරදි කරමු සිංහලුනේ ...(ම)
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරාට වැරැද්දක් නෑ.(හේ)
දෙමලෙන් කිව්වම මොකද්ද තියෙන වරද? (හේ)
අරුණ.ඔබ කියන දේ තේරුම් ගන්න තරම් රටේ බත් කන අහරක්ට බැහැ. ඔය කියන දේශප්‍රේමීන් යන්නෙම කෝවිල් ගානේ.ඒ වුනාට නියම සිංහල බෞද්ධ (බ)
ඕනෙම රටක ජාතික ගිය එම රටේ ප්‍රධාන භාෂාවෙන් ගයන්නේ (අ)
සිංහල අපගේ රටේ අභිමානය මුළුමනින්ම විනාශ කරනවා සිංහලයෙනි මොලගේඩිවලට මොකද වෙලා තියන්නේ ?මොනවද මේ වෙන්නේ ? (අ)
ප්‍රභාකරන්වත් දාන්නලා ජාතික විරයන්ගේ ලැයිස්තුවට (අ)
රට පවනොදී ,මේ ගොල්ලෝ වහාම ඉල්ලා අස්විය යුතුය. (අ)
නිතරගයෙන් මහින්දව කැදවාගෙන එමු .(අ)
දෙමළ මිනිසුන්ගේ රත්තරන්/ඉඩකඩම් ගසා කෑවාට කමක් නැහැ.ඒ මිනිස්සු දෙමල භාෂාවෙන් ජාතික ගීය කිවිමද වරද? (බ)
නැවත ජාතින් අතර වෛරය පතුරවල ඔය එන්න හදන්නේ මොකටද කියල තේරුම් ගන්න බලන්න.(බ)
කැවුම් කන සිංහලයෝ දෙමල ජාතිය ගැන තියෙන කැක්කුම තරමටම දෙමළ මිනිස්සුන්ට කැවුම් කන සිංහලයෝ ගැන රුදාවක් නැති එක ගැන හරිම දුකය්. (අ)
ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමට බාධාවක් නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විධායක සභාවේදී ප්‍රකාශ කළ බව නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත ඊයේ අනාවරණය කළා. ජාතීක ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට බාධාවක් නැති බවත්, ඒ අනූව ඉදිරියේදී සියලු ආයතන වෙත චක්‍රලේඛයක් මගින් එය දැනුම්දෙන බව එහිදී ජනාධිපතිවරයා පවසා තිබේ. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සදහා යෝජනාවක් ඉදිරිපත් වූයේ යහපාලනය යටතේ නොව.2010 වර්ෂයේදී පවා මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වුවත් ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබුණේ නෑ. (බ) අප ජනාධිපතිවරයාගේ මේ තීරණය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගෙන් විමසීමක් කලා. එහිදී ඔහු සදහන් කලේ ,ජාතික ගීය කුමක්ද යන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවේ ඉතා පැහැදිලිව දැක්වෙන අතර එය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය බවයි. එසේ නොකර දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ජනාධිපතිවරයා අනුබල දීම ව්‍යවස්තා විරෝධි බවද ගම්මන්පිල පැවසුවා.ඒ අනුව ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව යමින් දෝෂාභියෝගයක් ගෙන ඒමට අවශ්‍ය පසුබිම ඔහු විසින් සකස් කරගෙන ඇති බවද ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියා. මෙයින් පෙනී යන්නේ වෙන කිසිවක් නොව ජනාධිපතිවරයාට හරි හමන් උපදෙස් ලබා දීමට උපදෙශකවරයෙකු නැතිකම බවද ඔහු අවධාරණය කලා.රටේ රාජ්‍ය භාෂාවන් දෙකක් පැවතියත් ජාතික ගීය ඒ භාෂා දෙකෙන් ගායනා කිරීම සිදු නොකල යුතු බවත් සිංගප්පූරුව ,ඉන්දියාව වැනි රටවල් වල කොතරම් භාෂා පැවතියද ඔවුන් ඒ රටේ ජාතික භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන බවයි ගම්මන්පිල වැඩිදුරටත් පැවසුවේ.
ඕක මොකද්ද? මොංගල් සමරවීර මහත්තය ඩයස්පෝරාවේ තහනම ඉවත් කරන්න අන්න පාර්ලිමේතුවේ කතා කරනවා! (බ)
@ හෆීල්, ලෝකයේ කිසිම යුද්ධයක් බඩගින්න නිසා ඇතිවී නොමැත. සෑම යුද්ධයකම ආරම්භය කාන්තාවක් හෝ භූමිය වේ. එසේ නොවුන කිසිම යුද්ධයක් මේතාක් බිහිවී නොමැත.(බ)
රටේ ව්‍යවස්ථාවට පටහැනි නම් ඒක තේරුම් නොගෙන එය නිවැරදි තීරණයක් කියල අදහස් දැක්වීමත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමා.. (අ)
ලංකාවේ ජාතිවාදය වපුරන්නේ දේශපාලකයෝ. (නදී)
සිංහල ජාතියේ අවසානය ඉතාම ළග බව මේ තීරණයෙන් ඔප්පු වෙනවා. 70% සිංහලයන් ජිවත් වෙන ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රට බව සිරිසේනට අමතක වෙලා වගේ.නැවත වතාවක් රට බේරා ගන්න අවස්ථාවක් ඉදිරියේදී උදාවේවි. (බ)
මේ අය දන්නැතුවට වීර කැප්පෙටිපොළගේ තාත්ත දෙමළ (බ)
ජනාධිපතිතුමා කියල තියෙන්නේ දෙමළ භාෂාව විතරක් කතා කරන ප්‍රදේශ වල ඉන්න අය ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කලාට කමක් නැහැ කියලනේ. ඉතින් සිංහල කතා කරන්න බැරි අය එය විකෘති කරලා ගායනා කරනවට වඩා ඔවුනට හුරු පුරුදු භාෂාවෙන් ගායනා කළාම එහි වරද මොකක්ද ? (බ)
රටේ සාමය ඇති කරන්න කියලා සිංහල බෞද්ධ කම පාවා දීලා හරියන්නේ නැහැ නේද (දිල්)
කැනඩාවේ ජාතික ගීය එහි බහුතර භාෂාව වන ඉංග්‍රීසියෙන්ද 7% සුළුතරයක් කතා කරන ප්‍රංශ භාෂාවෙන්ද වෙන වෙනම ඇත. ස්විට්සර්ලන්තයේ ජාතික ගීය භාෂා හතරකින් එලෙසම ඇත. දකුණු අප්‍රිකාවේ ජාතික ගීයට භාෂා 11ක ඛන්ඩ අඩංගු වෙයි. ඉන්දියාවේ සම්පූර්ණ ජාතික ගීයම ලියා ඇත්තේ එහි බහුතර භාෂාව වන හින්දියෙන් නොව සුළුතර භාෂාවක් වන බංගලි භාෂාවෙනි. සිංගප්පුරුවේ ජාතික ගීය ඇත්තේ මැලේ භාෂාවෙනි. සිංගප්පුරුවේ මැලේ ජනගහනය 5% කටත් අඩුය. නවසීලන්තයේ ජාතික ගීය භාෂා දෙකකින් (ඉංග්‍රීසි සහ මඕරි) ඇත. මෙම රටවල් තිරසාර සාමයෙන් පවතින්නේ එම ජනතාවගේ ආකල්ප වල දියුණු බව නිසාය. උදය ගම්මන්පිල වගේ අය කරන්නේ සිංහලය බොරුවට බය කරලා මේ රට තවත් යුද්දයකට ඇදල ඊට පස්සේ තමන් ගොඩ යන්න. දැනුම බුද්ධිය ඇති ලාංකිකයන් මේවට අහු නොවෙන්න. (බ)
යහපාලනේට ඡන්දෙ දුන්නේ වෙනසකට නේද? ඕක තමයි වෙනස. (බ)
මේ නිවට නායකයන්ට මොළයක් නැත.රටක ජාතික ගීය ගයන්නේ එම රටේ ප්‍රධාන භාෂාවෙන් බව දැන ගත යුතුය.තව ටික කාලයක් යනකොට රට දෙකට කඩා දෙයි වෙනම රටක් හැටියට.එතකොට මන් එහෙම කළාද? කියලත් කියයි.(බ)
අපේ ලංකාවේ ඉන්න අය කියනවා ඉන්දියාවේ ජාති කීයක් හිටියත් ජාතික ගීය ගයන්නේ හින්දියෙන් කියලා. ළිඳේ ඉන්නා මැඩියනේ, ඉන්දියාවේ ජාතික ගීය ලියලා තියෙන්නේ බෙන්ගාලි භාෂාවෙන්, ගයන්නෙත් ඉතින් බෙන්ගාලි වලින් තමයි (නි)
ඉතින් ඉන්දියාවෙවත් දෙමලෙන් ජාතික ගීය ගයන්න අවසර දීල නැහැනේ. එතකොට ඉන්දියාවේ දෙමල අයට සමගියෙන් ඉන්න ඒක බාධාවක් නොවෙයි. ලංකාවේ දී එක සමගියට බාධාවක්. පුදුම කතාවක්නේ මේක. කිසිම රටක ජාතික ගීය විවිධ භාෂාවලින් ගායනාකරන්නේ නැහැ. (ර)
මේ ගායනා කරන්නේ ශ්‍රී ලංකික ඒකීය රාජ්‍යයේ ජාතික ගිය මිසක් ඊලාම් රජයක ජාතික ගීයක් නොවේ. දමිල ජාතිකයින් ජාතික ගීය ගැයීම සහයෝගිත්වයේ සංකේතයක්. ඉන්දියාවේ එය ගයන්නේ බංගලි භාෂාවෙන් නේද? (ර)
ජාතික ගීයකින් කරන්නේ තමන් උපන් රටට ආදරය කරන්න මිනිසුන් පොළඹවන එක. එක එහෙමනම් ඈයි මේ තරම් මේකට බය. ඒ මිනිස්සුන්ට තේරෙන බාසාවකින් එක කියන්න ඇරලා මෙරටට ආදරය කරන්න ඒගොල්ලන්ට ඉඩදෙන්න. (ර)
අපිත් දෙමළෙන්ම කියමු (අ)
ව්‍යස්ථාවට වඩා අපිට ජාතික සමගිය වටිනවා (නි)
මේක බොහොම හොඳ ආදර්ශයක් .ලෝකේ කොහෙවත් භාෂා දෙකකින් ජාතික ගීය ගායනා කරලා නැහැ .අද අපේ රටේ පළමු වරට මේ දේ කළා .අපි මෙතනින් තවත් ඉදිරියට යන්න ඕනේ .(අ)
දෙමළෙන් ගායනා කළත් කියන්නේ ශ්‍රී ලංකා මාතා කියලා තමයි.(හේ)
බමුණු, ඔයාගේ ප්‍රශ්නය මොකක්ද? ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ ලංකාවේ සමහරක් මෙලෝ හසරක් දන්නේ නැහැ. (නි)
1978 සිට 2010 වනතුරු ප්‍රභාකරන්ද දෙමළින් ගායනා කළේ ඡන්දෙට කලින් ගහපු අත්සන්ද ඕවා (අ)
රටක කොතරම් ජාතින් හිටියත් ජාතික ගීය ගයන්නේ එම රටේ ප්‍රධාන භාෂාවෙනි. (ර)
ලංකාවේ දෙමළ ජනතාවට දෙමළෙන් විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ලැබීමට සළසාතිබීම ආදී හේතු නිසා දෙමළ භාෂාව ශ්‍රී ලංකාවෙන් කිසිදාක වෙන්කළ නොහැකි ලෙස බැඳී පවතී. ඒ නිසා දෙමළ ජනතාවට ජාතික ගීය ඔවුන්ට තේරෙන බසකින් ගායනාකිරීමට සැළසීමේ වරදක් නැහැ. (නි)
සිංහල අයත් දැන් හරි හරියට දෙමළ ඉගෙනගන්න නිසා හැමෝම දෙමළෙන් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාවේ හැමෝටම බංගලා භාෂාවෙන් ජාතික ගීය කියන්න පුලුවන් නම් අපිට ඇයි දෙමළෙන් කියන්න බැරි?? (නි)
මේක බොහොම හොඳ ආදර්ශයක්. ලෝකේ කොහෙවත් භාෂා දෙකකින් ජාතික ගීය ගායනා කරලා නැහැ. අද අපේ රටේ පළමු වරට මේ දේ කළා. අපි මෙතනින් තවත් ඉදිරියට යන්න ඕනේ. (නදී)
චම්පික, ඉන්දීය ජාතික ගීය රචනා කර තිබෙන්නේ හින්දි භාෂාවෙන් නොව බංගලි භාෂාවෙන්. (ර)
මේක බොහොම හොඳ ආදර්ශයක්. ලෝකේ කොහෙවත් භාෂා දෙකකින් ජාතික ගීය ගායනා කරලා නැහැ. අද අපේ රටේ පළමු වරට මේ දේ කළා. අපි මෙතනින් තවත් ඉදිරියට යන්න ඕනේ. (ර)
මේවාට දැන් අපි කථාකළාට වැඩක් වෙන්නෙ නැහැ. අපි මේවා ගැන කතාකළාම සිංහල අපි ජාතිවාදියෝ, මහින්දවාදියෝ කියන්න විතරයි මේකේ අය දන්නේ. තමන්ගේ ජාතියට එක් කෙනෙකුට එක්කෙනෙක් නැති රටේ මේවා ගැන කතාකරලා වැඩක් නැහැ. (නි)
පිටරටකදී ලංකාවේ ජාතික ගීය කියනකොට මොන භාෂාවෙන්ද ගයනා කරන්නේ? අනේ මන්ද රටකට යන කලක්.අපේ මිනිසුන්ට ඕනෑ වුණෙත් මේ වගේ වෙනසක්නේ.දැන් ඕකට පාඨලී, රතන හිමි එහෙම මොකද කියන්නේ. (නි)
ඉන්දීය "ජන ගන මන" රවින්ද්‍රනාත් ඨාකුර් තුමාගේ බංගලි රචනාවක්. මෙහි සමීප හින්දි අනුවාදය වන්නේ "සබ සුඛ් චෛන් කී බර්ඛා බර්සේ" යනුවෙන් කපිතාන් අබිද් අලි සහ මුම්තාස් හුසේන් විසින් 1943 රචනා කර ඇති ගීතයයි. (ර)