ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු විරෝධයක් නැතැයි හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
මහින්ද රාජපක්ෂ රජය පරාජය වීමට ප්‍රධානම හේතුව ජාතිවාදී, වාර්ගවාදී ක්‍රියාවන් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව කියා ගන්නා ඇතැමුන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් කීමට එරෙහි බව කියනුයේ ඔවුන්ගේ පෞද්ගලික අදහස බවත්, බොදුබල සේනාව වැනි සංවිධාන වල තැන ඔවුනට හිමි බවත් හිටපු ඇමැතිවරයා පැවසීය.
වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි දෙමළ සහ සිංහල භාෂා රාජ්‍ය භාෂා වන බැවින් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ වරදක් නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩරාජා , ඔබට පොඩි වැරදීමක්. තමිල් නාඩුවේ ජනගහනය කෝටි 65 නොව කෝටි හය හමාරයි. මේ පරණ සංඛ්‍යා ලේඛන වලට අනුව, අලුත්ම තත්වය කෝටි 7 ක් පමනලු. (නදී)
මොකක්ද මේකේ තිබෙන වරද? (නි)
එහෙමද? එහෙනම් එහෙටම ගිහින් ඡන්දෙත් ඉල්ලන්න (ස)
දැන් අපි මොකද කරන්නේ? සෝම හාමුදුරුවෝ නැති වීම දරාගන්න බැහැ. මට මතකයි චන්ද්‍රිකා නෝනා සෝම හාමුදුරුවන්ගේ සිංහල වීර විදහන තහනම් කළා. (නදී)
එතකොට තමිල්නාඩුවේ ගයන්නේ මොන බසවෙන්ද? උන්ට නැති කැක්කුමක් අපිට තියෙන්නේ (ස)
මා දන්නා තරමින් ලෝකයේ වැඩිම විවිද ජාතින් ජීවත් වෙන රට තමයි ඕස්ට්‍රේලියාව. මෙහි පුරවැසිබාවය ලබා ගැනීමේදී අයදුම්කරු විසින් තමාට ඕස්ට්‍රේලියානු ජාතික ගීය ඉංග්‍රීසියෙන් ගායනා කළ හැකි බව අනිවාර්යයෙන්ම රජයට පෙන්විය යුතු වේ තමන්ගේ මව් භාෂාව කුමක් උවත් (නදී)
ඔය කැමතියි කියන අය ගිහින් උතුරෙන්ම ඡන්ද ඉල්ලගන්න. සිංහල බෞද්ධයව අමතක කරලා රට කරන්න පුලුවන්ද. (නදී)
ශ්‍යාමා බ හරි, ඇත්ත කතාව කවුරුත් ඉන්නකන් ඔක්කොම දේවල් කරයි (නදී)
එතකොට සිංහ කොඩිය '' ඒකට'' මොකද වෙන්නේ..? වැටහෙන්නේ නැති නිසා ඇහුවේ.(හේ)
මොකද්ද මේ වෙන්නේ? මහින්ද මහත්තයා ගියා විතරයි, මොනවද මේ සිද්ධවෙන්නේ? මෙහෙම දෙයක් ලෝකේ වෙන කොහේහරි වෙලා තියෙනවා නම් මට දැනගන්න පොඩ්ඩක් කියලා දෙනවද...?? (නි)
මෙතන හැමෝම ඉන්දියාව ගැන කතා කරනවා ඒ සේරම දැනගන්න ඉන්දියාවේ තියෙන්නේ එක ජාතික භාෂාවක් විතරයි. (නදී)
සෙලිනා, සිංහ කොඩිය ගැන ඔබ පාසලේදීවත් ඉගෙනගෙන නැද්ද? (නි)
ඇයි දෙයියනේ එහෙම නැතුව පුලුවන්ද? (නි)
අනේ මන්දා මේවාට මොනවා කියන්නද කියලා? (නි)
ඉන්දියාවේ දෙමළ ජනග්‍රහණය ලක්ෂ 607 යි. එ්ත් ජාතික ගිය එක භාෂාවකින්. ලංකාවේ දෙමළ ජනගහනය ලක්ෂ 30යි. දෙමළෙනුත් ජාතික ගීයක් ඇයි? මේක මෛත්‍රී -මහින්ද -රනිල් ගැටුමක් නොවෙයි මේ රටේ අනාගතය ගැන ප්‍රස්නයක්. රටක ජාතික ගී දෙකක් කියන්නේ නුදුරේදීම රටවල් දෙකක්. මෙහෙම ගියොත් අරාබි භාෂාවෙනුත් ජාතික ගිය ගයන්න ඉඩ දේවි (නදී)
දැන්ද ඒවා තේරෙන්නේ? (නි)
ශ්‍රීලනිප මතය ලෙස මෙහි දක්වා ඇත්තේ පාක්ෂික මහජන මතය නොව, අවස්ථාවාදී මන්ත්‍රී මතය බව කවුරුත් තේරුම් ගත යුතුය. (නදී)
එතකොට ඡන්ද රැස්වීම් වලදී සිංහලෙන් කියනදේවල් දෙමළෙනුත් පරිවර්තනය කරන්න වෙයි නේද? (නි)
මෙම තීරණ දෙමළ දේශපාලනඥයින් සතුටු කිරීමට ගන්නා ඒවා මිස දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට ගන්නා විසඳුම් නොවේ. බහුතරයක් වූ සිංහලයාට දෙමළ ඉගැන්වීමට මහන්සි නොගෙන සුළුතර දමිළ සහෝදරයින්ට සිංහල ඉගැන්වූවානම් හොඳයි නේද? දෙමළ ජනතාවගේ ඡන්ද ගන්නා අදහසින් මෙවැනි යෝජනා ගෙනාවත් ඉන් දෙමළ ජනතාවට වන සෙත කුමක්ද? (නදී)
මේකේ ඇති වරදක් නැහැ. නමුත් ජාතිවාදී අදහස් දරන ඇතැම් දමිල ඇත්තන් දැන්වත් තමන් කොහොමද ඒකීය රටක් තුල අනෙක් ජාතින් සමග සමගියෙන් සිටිය යුත්තේ කියලා හිතල බැලුවොත් හොදා.(නදී)
සුභවාදී වෙනසක්. නමුත් ජනතාවගෙන් බොහොමයක් දෙනා දේශපාලකයන්ට වඩා දැනුමක් නැති ජාතිවාදී සහ මොලෙන් නොව අාවේගයෙන් ක්‍රියා කරන බව පේනවා. සමහරවිට විරුද්ද දේශපාලන මත දරන උදවියගේ කුහක කම වෙන්න පුළුවන්. (නදී)
බුදුහාමුදුරුවනේ අපිට පිහිට වන්න (නදී)
එහෙමද එහෙනම් කතිරේ ඉල්ලන් වරෙල්ලකෝ අායෙත් (නදී)
අපේ රටේ ජාතිවාදය තුරන් කිරීම අපේ යුතුකමයි (නදී)
සමහර සිංහලයෝ තවමත් ඉන්නේ 18 වෙනි ශත වර්ෂයේ. ලෝකය ගැන කිසිම අවබෝදයකින් නෙවෙයි කියලයි මට හිතෙන්නේ කිසිම දෙයක හොදක් දකින්න කැමති නැහැ. අලුත් විදියකට හිතන්න දකින්න පුරුදුවෙමු නැතිනම් අපේ දරුවොත් නිවැරදිව හිතන එකක් නැහැ (නදී)
මගෙත් අකමැත්තක් නැහැ (නි)
මේවාට බෙහෙත් අපේ ළඟ තිබෙනවා. එන්නකෝ ඡන්දෙ ඉල්ලාගෙන. එතකොට දෙන්නම් (නි)
මෙතන තිබෙන වැරැද්ද තමයි ආණ්ඩු පාර්ශවයෙන් හරි පැහැදිලිකිරීමක් නැහැ. මිනිසුන්ට වැටහී තිබෙන්නේ දෙමළ කතාකරන මිනිසුන්ට වෙනම ජාතික ගීයක් දෙන්න යනවා කියන එකයි. ඒ කියන්නේ එක රටේ ජාතික ගී 2ක් කියන එකයි. මේක පැරණි ගීයේම දෙමළ පරිවර්තනය කියන එක ඒ අයට තේරුම්කරලා දෙන්න. එකම තේරුම නම් තියෙන්නේ තේරෙන භාෂාවකින් ගායනා කිරීම වරදක් නැහැ (නි)
ඉන්දියාවේ කොච්චර ජාති වර්ග ඉන්නවද? ඔවුන් ඉල්ලනවද ඒ ඒ භාෂා වලින් කියන්න කියලා? (නි)
බෙන්තොට ඔබ හරි, දැක්කනේ අපේ දේශප්‍රේමීන් එකතුවෙලා දෙමල්ලුන්ගේ රත්තරන් ටික, නිදන් ටික ඉඩම් ටික මංකොල්ල කාපු හැටි. ඒවා හොදයිද ? (නදී)
මෙවැනි තීරණ වල බරපතලකම වැටහෙන්නේ තව වසර ගණනකට එහාදීය.. (නි)
උදය, සංජය,මොකද මේ තරහා ගිහිල්ලා? (නි)
තේරෙන්නේ නැති නිසයි අහන්නේ. තමිල්නාඩුවේ ලංකාවට වඩා දෙමළ අය ඉඳලත් ඇයි ඉන්දියන් ජාතික ගීය හින්දියෙන් කියන්නේ ...? ඔන්න ඔහේ එක්කෝ ඕක සිංහලෙන් ඕනෑ නැහැ, දෙමළෙන්ම කියමු. (නි)
ජාතික ගීය ජනමත විචාරණයක් නොමැතිව වෙනස් කරන්න බැහැ. ජාතික ගීය මිසක් දෙජාතික ගීය නෙමෙයි මේක. දෙවනුව මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් එක්සත් ජාතික පක්ෂයේවත් බුදලයක් නොවේ (නදී)
නරකද ජාතික කොඩිය ගැනත් මේ විදියටම සිතාබැලුවා නම්? (නි)
එතකොට සිංහ කොඩිය? ඒකට මොකද වෙන්නේ?
මොකක්ද තිබෙන වැරැද්ද? මොන භාෂාවෙන් කිව්වත් කියන්නේ එකමනේ! අනේ අපේ ජාතික කැක්කුම! ලොරියක් පෙරලුනොත් ඒකේ තිබෙන සිමෙන්ති ටික හොරකම් කරනවා. (නි)
මේකේ වරද මොකක්ද? මං දන්නා හැටියට නවසීලන්තයේ ජාතික ගීය පටන්ගන්නා හරිය ගායනා වෙන්නේ එහෙ සුලු ජාතිකයින්ගේ භාෂාව වන මාඕරි බසින්. අපි එක රටක් හැටියට නොහිතන තාක්කල් මේ ප්‍රශ්නය ඇදි ඇදී යාවි. (නි)
මම දමිළ භාෂාවෙන් ඉගෙනගත්තත් මගේ පන්තියේ සිටි සමහර ද්‍රවිඩ යාළුවන් සිංහල වචනයක්වත් දන්නේ නැහැ. මේ වගේ අයට ජාතික ගීය හුදෙක් ගීතයක් පමණි.ජාතික ගීය දෙමළ බසින් ගැයීමට අවසර දීමෙන් ඔහුන්ටද ජාතික අභිමානය දැනේවි (නි)
මෙදාසැරේ ඡන්දෙදි අපි බලාගන්නම්කෝ! (නි)
ලංකාව වගේ 64 ගුණයක් විශාල ඉන්දියාවේ තමිල්නාඩුවේ විතරක් ලක්ෂ 20 කට වැඩිය දෙමළ කථාකරන මිනිස්සු ඉන්නවා.නමුත් ජාතික ගීය දෙමළෙන් ගයන්නේ නැහැ. (නි)
ජාතික ගීය දෙමලෙන් කියාවි. තව ටික දවසකින් උම්බෑත් කියාවි. අසාධාරණ කම් උනෙත් දකුණේ සිංහල ජනතාවටයි. එන්න එපා දකුණට ඡන්දය ඉල්ලන්න. උතුරෙන්ම ඉල්ලා ගන්න. ජාතික කොඩියට කොටියවත් එල්ලයි. (නදී)
මම නම් හිතන්නේ මේක රටතුළ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීමකට මුල්වේවි කියායි (නි)
මෙය දෙමළෙන් ගැයීමෙන් ඔවුන්ටද තම රට ගැන හැඟීමක් ඇතිවනවා ඇත (නි)
සිංහලය රජබස කරවූ, බුදුදහම රාජ්‍ය ආගම කරවූ දිවංගත ගරු බනඩාරනායක අගමැති තුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිය කලක්. එදා එතුමාට හතුරු කම් කල අය අද එම පක්ෂයේ බලය අල්ලාගෙන එතුමාගේ ප්‍රති පත්ති වලටත් පහර දෙති. මහා ලොකුවට මානව හිමිකම් ගැන කතාකරන මහා බලවතුන්ට ඇත්තේද ඔවුන්ගේ පාලන බසින් ගැයෙන ජාතික ගිය පමණි. වෙනකක් තබා දෙමල නිජබිම වන තමිල් නාඩුව පිහිටි ඉන්දියාවේද ඇත්තේ හින්දි බසින් ගැයෙන ජාතික ගිය පමණි. මේ රටේ ඇති බලයට පැමිණිය හැකි දේශපාලන පක්ෂ දෙකේ බල පෙරේත කම නිසා සිංහලයා දිනෙන් දිනම සිය නිජබිමේ අසරණ වී අභාග්‍යය කරා ලංවෙති. (නදී)
සොහොයුරනි, මෙම ජාතික ගීය අවුරුද් 5 කට 10 කට පෙර දෙමළෙන් ගයනාකළ එකක්. පසුගිය මෑත අතීතයකදී මේක කීම නැවැත්තුවා. දැන් නැවත එය අනුමත කරනවා. ඔච්චර බයවෙන්න දෙයක් නැහැ. අනික එය දෙමළෙන් කියද්දී ඒගොල්ලන්ටත් රට ගැන හැඟීමක් එයි කියන එකයි මම හිතන්නේ. (නි)
මේක හොඳ ප්‍රගතිසිලි වැඩක් මේ වගේ දෙයක් කිරීමට තරම් කොන්දක් තිබුන අපේ ජනපති තුමාට ජය වේවා ! (නදී)
සෙලීනා, ජාතික කොඩියේ මුස්ලිම් සහ දෙමළ ජාතීන් වෙනුවෙන් කොටස් වෙන්කර තිබෙන බව ඔයා දන්නේ නැද්ද? (නි)
පානදුරේ චමිලටත් ජාතික ගීය එකම භාෂාවකින් ගායනා කල යුතු බව කියන සැමටත් අනේක වාරයක් පින්. (නදී)
ශ්‍රීලනිපය ට ඕනෑ ඕනෑ දේ කරන්න පුලුවන්ද? මේකට රටේ බහුතරයකගේ කැමැත්ත අවශ්‍යයි නේද? (නි)
අපි බලමුකෝ ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා (නි)
දේශමාමක පක්ෂයක් තැනීමට සුදුසුම හෝරාව එළඹ තිබේ. සියලුම දේශපාලකයින්ගේ, දේශපාලන තීන්දු තීරණ නිසා නැවතත් මේ රට පීඩනයකට ගොදුරුවෙමින් තිබෙන බව පැහැදිලිය. (නි)
දැන්නම් ගොඩක් අය කට වහගනීවි (නි)
මට හරි දුකයි, ලංකාවේ මිනිසුන්ගේ සාමාන්‍ය දැනීම ගැන, ඔන්න කට්ටිය දැනගන්න ඉන්දියාවේ බහුතරය හින්දි වුවාට ජාතික ගීය ගයන්නේ බෙන්ගාලි බසින්. හින්දි වලින් නොවේ. (නදී)
බලාගෙන ඉන්න කැවුම් කිරිබත් කාපු කට්ටිය ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)
උපරිම විරෝධය සිංහල බෞද්ධයෙකු ලෙසට (නදී)
එතොකට අපි ඉතාලි ජාතික ගීය සිංහල භාෂාවෙන් ගයන්න ඉල්ලමුද ? මම මේකට ට සම්පුර්ණයෙන් විරුද්ධයි (නදී)
ශ්රී ලංකා නිදහස් පක්ෂය යනු කිසිවෙකුගේවත් බූදලයක් නොවේ. (නි)
මතුපිට අතගානවාට වඩා,එය තේරුම් ගැනීම උචිතය. අද දෙමළ ජාතිකයා ජාතික ගීයෙන් වින්දනය ලබන්නේ තනුවෙන් පමනි,අර්ථය නොදනී. ඒත් ඔහු ශ්‍රී ලාංකිකයෙකි. (නි)
නිවැරදි තීරණයක්. (නි)
මුලින්ම ඉන්දියාවට කියන්න එයාලගෙ ජාතික ගීය භාෂා ගණනාවකින් ගයන්න කියලා. මේ පුංචි රටට දෙකක් උවමනා නැහැ (නි)
උතුරු නැගෙනහිර අය ගැනත් ඉතින් සළකා බලන්න ඕනෑනේ. හෙට මුස්ලිම් අය ඉල්ලයිද දන්නෙ නැහැ අරාබි භාෂාවෙන් ගයන්න. (නි)
බොහොම අදහස් තියෙන්නේ ඉන්දියාව එක්ක ගලපලා. එ්ත් මිතුරනි අපේ රටේ හැමදාම වැඩි ඉල්ලුම පිටරටින් එන දේවල් වලට නේද? රජ කාලේ බිසෝවරු ඉන්දියාවෙන් ගේනවා දැන් උනත් ගොටු කොලයක් හරි ලොකුවට හැදුනොත් ඒක රට ගොටුකොල. අපිට සුන්දර භාෂාවක් තියෙනවා සිංහල කියලා. ඔය ගොල්ලන්ගේ කී දෙනෙකුගේ දරුවෝ සිංහලෙන් කතාකරනවද? පිටරටින් ආව ඉංගිරිසියට මුල තැන දෙනවා නේද? දැන් මේ ජාතික ගිය දෙමලෙන් ගයන එකට කෑගහනවා මොකද අපි හැමදාම හිතුවා දෙමල කියන ජාතිය අපිට වඩා පහත් කියල හේතුව අන්න එ්කයි. මේක ඉංග්‍රීසියෙන් කිව්වා නම් ඔය ගොල්ලෝ මෙහෙම ලියන්නේ නැහැ නේද කියල ඔයාලගෙන්ම අවංකවම අහල බලන්න. (නදී)
අපේ රට වර්ග කි.මී. 65610 ක පුංචි රටක්. මේකට ජාතික ගීය භාෂා දෙකකින් ගයන්න කලින් ඉන්දියාවට කියන්නකෝ ඒක කරන්න කියලා. (නි)
මේ නිසා අනාගතයේදි අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් නේද? (නි)
මමත් හිතන්නේ මේකේ වරදක් නැහැ (නි)
ලෝකයේ මොන රටේද ජාතික ගීයක් භාෂා සියල්ලෙන්ම ගයන්නේ? (නි)
මම නම් මේ මෙහි වරදක් දකින්නේ නැහැ. මොකද අවුරුදු 30ක් තුවක්කු , බෝම්බ වලින් සටන් කරපු අය අද රටේ ජාතික ගිය තමන්ගේ මව් භාෂාවෙන් ගායනා කරන්න ඉල්ලනවා. කොච්චර හොඳද ? අගය කළ යුතුයි. (නදී)
කැනඩාවේ ජාතික ගීය භාෂා දෙකකින් ගයන්නේ එකමුතුකමක් නිසාය කිවුවොත් මහා මුලාවක්. එරටේ ප්‍රංශ කතා කරන ක්විබෙක් ප්‍රාන්තය වෙනම පැවැත්මක් ගැන හිතන කට්ටියක්. මෙවැනි බොහෝ රටවල් අතීතයේ සිට පැවති ඒකීය රාජ්‍ය නොව පසුකාලීනව ආක්‍රමණිකයන් විසින් කෘතිමව එකතු කෙරුණු කුඩා කුඩා පාලන ඒකක වලින් සැදුනු ඒවාය. ඒ බව අමතක කර අපේ රටේ ඉතිහාසය නොතකා හැර මෙවැනි තීරණ වලට එළඹීම හිතකර නැත. (නි)
මම නම් මේකේ වරදක් දකින්නේ නැහැ. (නි)
ලසිත, ඔබ හරියටම හරි. සුද්දන් පසුකාලීනව සැදූ කෘතීම රාජ්‍යයක් වන ඉන්දියාවේ හින්දි කතාකරන ජනගහණය 30%කි. වෙනත් භාෂා ගණනාවකි. එහෙත් එහි වුවත් ජාතික ගීය ගයන්නේ හින්දි බසින් පමණකි. තමන් උපන් රටේ සැබෑ අනන්‍යතාව පිළිගැනීමට සාමාන්‍ය සුළු ජාතිකයන් නොව බටහිර ගැති ඔවුන්ගේ නායකයන් මැළි වීම අප රටේ ලේ ගංගා ගලා යාමට හේතු විය. දැන්වත් මෙය නිවැරදි වියයුතුය. (නි)
ප්‍රේමදාසගේ සර්වාගමික විකාරය නිසා අදටත් නිල උත්සවවලදී කොපමණ කාලයක් අපතේ යැවෙනවාද? භාෂා දෙකකින් ජාතික ගීය ගැයීමත් කාලයත් රටත් කන වැඩකි. එක භාෂාවකින් ගැයෙන ජාතික ගීයට හැමෝම අනන්‍ය වීම තුළ එකමුතුවක් සංකේතවත් වෙයි. භාෂා දෙකකින් ගැයිමේදී භේදයක් සංකේතවත් වෙයි. අපි පාලියෙන් ගාථා කියනවා. මව්බස නොවන තවත් විශේෂිත භාෂාවලින් ආගම කීම වෙනත් ආගමිකයන් අතරත් තියෙනවා. ඉතින් ජාතික ගීයට අනන්‍ය වීමට වෙනත් භාෂා කතා කරන අයට බැරි ඇයි? (නදී)
සිංහ කොඩියත් වෙනස්කළොත් නරකද? (නි)
එතොකට අපි වෙන රටක ජාතිකත්වය ගද්දී දිවුරුම් දුන්නේ ව්‍යවස්ථාවට ගරු කරලයි. ඕනෑම රටක ජාතික ගීය කිව යුත්තේ එම රටේ බහුතරය අනුවයි. අප රටේ බහුතරය දෙමල හෝ ඉංග්‍රීසි හෝ මුස්ලිම් උනා නම් අපිට ජාතික ගීය සිංහලෙන් ගායනා කරන්න ඉඩ දෙනවාද ? (නදී)
ඔය උතුරු නැගෙනහිර ඉන්න ජනතාවගෙන් 75% කට සිංහල බැහැ. පාසල් යන දරුවන්ටත් සිංහල වචනයක් බැහැ. නරකද දෙමළ දරුවන්ට සිංහල විෂයක් වශයෙන් උගන්වන්න පටන්ගැනීම. (නි)
මහින්ද මහත්තයා හොඳ නායකයෙක්. හැඟීමක් නැති අය නිසා තමයි එතුමාත් විනාශවුණේ. එතුමාව නැවත බලයට ගෙනෙන්න ඕනෑ නම්, මේ තුරුම්පු නැතුව හොඳ තුරුම්පුවක් ගහන්න වෙයි (නි)
අනේ අසෝකා, නැති ලෙඩ නම් දාන්න එපා. තවම කවුරුවත් කියලා නැත්තේ සුද්දගේ ශාෂාවෙන් ජාතික ගීය ගයන්න ඕනෑ කියලා විතරයි. සිංහල බහුතරය අන්‍ය ජාතිකයන් පහත්කර නොසළකනවා විතරක් නොවෙයි රටට වැඩදායී පුද්ගලයන්ව භේද නැතුව ආදරයෙන් වැළඳ ගන්නවා. (නි) .
පිටබැද්දර ජයා, ඔයා තවම දන්නේනැති දෙයක් තිබෙනවා (නි)
ජාතික ගී දෙකක් නෙමෙයි, එකම ගීයක දෙමළ පරිවර්තනයක්නේ. මේක ඉස්සරත් තිබුනා. හරියට කරළියට ආවෙ නැහැ. එහෙම නැතුව අපිට ඕනෑ එක විතරක්ම කරන්න ගියාමනේ ප්‍රශ්න එන්නේ. (නි)
ජාතික ගීය මෙහෙම ජනමත විචාරණයක් නොමැතිව වෙනස් කරන්නේ අැයි? දැන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිකන්ම නිකම් කොළ කෑල්ලක් විතරද? යහපාලනය කියන්නේ කුමනාකාරයේ පාලනයක්ද? (නි)
හිල්මි,එය හින්දි නොව බෙන්ගාලි බව පෙන්වාදීම ගැන ස්තුතියි. මෙහිදී වැදගත් වෙන්නේ ඉන්දියාව අපට වඩා වාර්ගික විවිධත්වය ඇති රටක් වීමත් තනි රටක් ලෙස ඉතා කෙටි ඉතිහාසයක් ඇති රටක් වුණත් ජාතික ගීය එකම භාෂාවකින් තබා ගැනීමත්ය. හින්දි භාවිතා කරන්නෝ එරට බහුතරය නොව 30% පමණි. (එහෙත් තනි භාෂාවක් කතාකරන සංඛ්‍යාත්මකව විශාලතම ජනකොටස ඔවුන්ය.) අප රටේ සිංහල කතාකරන ප්‍රතිශතය 50%ට ඉතා වැඩි බව අපි හැම දනිමු. මේ බහු භාෂා විප්‍රකාර ගැන සැළකියයුත්තේ ඒ කරුණද සැළකිල්ලට ගනිමිනි. (නි)
මැරුණවිට සියල්ල හැරයන බව සැබෑමුත් ජිවත්වනතෙක් අපට අනන්‍යතාවක් ගමක් රටක් ජාතියක් අවශ්‍ය වෙයි. මතු පරපුර වෙනුවෙන් ඒවා රැකදීම අපේ වගකීමක්ද වෙයි. (නි)
අනේ අපේ රට. දැන් ඉන්දියාවෙත් ජාතික ගීය කියනවද විවිද භාෂා වලින්. මේ වගේ දෙවල් දැනෙද්දි සිරාවටම ඇස් වලින් කදුලු වැටෙනවා. (නදී)
මෙන්න ගිවිසුම්, හොර ගිවිසුම් ගහල රට දෙනවා තමුන්ගේ තනතුර බේරගන්න. ජ වී පෙ දැන් මොකද කියන්නේ? අනික යාපනේ ඉඩම් ටික දෙන්න යනවා, එතකොට එහෙ හිටපු සිංහල මිනිස්සුන්ට මොකද වෙන්නේ? ඒ ගැන කවුරුවත් කතා කරන්නේවත් නැහැ. (නදී)
ජාතික ගීය සිංහලෙන් ගයන්න කැමති අයට සිංහලෙන් ගයන්න පුළුවන්. දෙමළ භාෂාව දන්න සහ දෙමළෙන් ගයන්න කැමති අයට දෙමළෙනුත් ගයන්න පුළුවන් කියලා අවසරයක් දීමෙන් සිංහල ගීතය තහනම් වීමක් සිදු වෙලත් නෑ, දෙමළෙන් ගැයීම අනිවාර්ය කෙරිලත් නෑනෙ. ඉතිං, අපේ දෙමළ සහෝදරයෝ ජාතික ගීය දෙමළෙන් ගයන එකට විරුද්ධ වෙන්න තරම් මොනොවද නැති වුණේ? (නදී)
සිංහලයට බුද්දිය පහල වෙන්නේ ටික ටික. (නදී)
ලංකාවේ මහ ජාතිය විසින් සුළු ජාතීන්ගේ මානව හිමිකම් යටපත් කරන්න කටයුතු කරන බවට හැඟීමක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලට ඇතිවෙලා තියෙනවා. මේ වගේ පටු ජාතිවාදී ප්‍රකාශ සහ ත්‍රියා කාරකම් නිසයි එහෙම වෙලා තියෙන්නේ. ඒත් මේ රටේ මහ ජාතිය වන සිංහලයන් සුළු ජාතීන්ගේ ජාතික, ආගමික, භාෂාමය නිදහසට ගරු කරන ශිෂ්ඨ සම්පන්න ජාතියක් බවට පණිවුඩයක් ජාත්‍යන්තරයට ගෙන යාමේ හැකියාවක් ජනපතිගේ මේ තීන්දුව තුළ තියෙනවා. ඒ නිසා ඒ තීන්දුව අපට නම් ගරු කටයුතු එකක්. (නදී)
යාපනේ සිටි සිංහල ජනයාටත් ඒ අයගේ මුල් ඉඩම් දෙන්න. එතකොට කාටවත් අසාධාරණයක් වෙන්නෙ නැහැ.(නදී)
ඉන්දියාවේ ජාතික ගීතය උදාහරණයට ගන්න අයගෙන් මම අහන්න කැමතියි එයාලා දන්නවද කියලා ඒක ලියලා තිබෙන භාෂාව? ඉන්දියාවේ බහුතරය හින්දි කතාකළාට ජාතික ගීය බෙන්ගාලි වලින් ලියලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඔය ක්‍රිකට් බලන අය ඉන්නවා නම් ළඟදි දකියි නවසීලන්ත ජාතික ගීය. ඉංග්‍රීසි රටක් වුණාට එයාලා එහෙ ආදිවාසීන්ගේ භාෂාවෙන් මුලින් කියලා පස්සේ ඉංග්‍රීසි වලින් කියනවා (නි)
ඉන්දියාවෙත් ජාතික ගීය කියනවද විවිද භාෂා වලින් නැහැනේ ඇයි අපි විතරක්. (නදී)
පොදු දෙමළ ජනතාව අප සමග අපේ ගම්වලත් ජිවත් වෙනවා .ඒ කිසිවකුට ජාතිවාදී හැඟීම් නැහැ, අපි කවදත් මිතුරෝ. මේ අවස්ථාවාදී දේශපාලුවෝ තමයි ඔක්කොම ප්‍රශ්න වලට මුල. (නදී)
වන්නි අාරච්චිගේ මතයේ කිසියම් නිවැරදි බවක් පේනවා (නදී) .
ඉදිරියේදී ජාතික උත්සව වලට කිරිබත් කැවුම් කොකිස් අවශ්‍ය නැහැ. තෝසේ වඩේ ඉටලි තිබුනහම ඇති. සිංහ කොඩියත් එක්ක කොටි කොඩියත් උස්සපුහම වැඩේ ඉවරයි. (නදී)
දේශපාලකයෝ, බල තණ්හාව නිසා බොරු ජාති ආලයක් පෙන්නගෙන ,අනිකුත් ජාතින් පහත කොට කතා කරමින්,ජාතිවාදී බීජ වැපුරුවේ නැත්නම් අද මේ වගේ තේරුමක් නැති ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ .(නදී)
සුළු ජාතීන්ගේ ඉල්ලීම් ඉටුකරන ගමන් අපිටත් මොනවහරි දෙන්න. උදාහරනයක්, අපිට යාපනෙන් ඉඩම් ගන්න අයිතිය නැත්තේ ඇයි. (නදී)
පොඩි ප්‍රශ්නයක්. පිටරටකදී කියන්නේ සිංහලෙන්ද දෙමළෙන්ද ? වර්ල්ඩ් කප් එකේදී එහෙම. එක අතකට මොකටද ජාතික ගීයක්. ඕක අයින් කරමු. කොඩියත් අයින් කරමු. තියෙන හින්දනේ මේ ඔක්කොම. (නදී)
"ඉස්සර එළාර රජ්ජුරුවන්ගේ රථගාල, එළාර රජ්ජුරුවෝ අශ්ව කරත්තයට වහු පැටියෙක් යට කරලා මරපු තමන්ගේ පුතාව ඒ කරත්තයටම යට කරලා මරවන්න නියම කරපු කතාව හැමෝම වගේ දන්නවනේ. අන්න ඒ කරත්තෙත් ගාල් කරලා තියෙන්නේ ඔතන. ඒ වගේම දුටුගැමුණු කුමාරයා අනුරාධපුරය ආක්‍රමණය කරන්න එන බව දැනගත්තු එළාර රජ්ජුරුවෝ තමන්ගේ ඔය රථගාලේ පොළොව යට කෝටි ප්‍රකෝටි ගාණක රත්තරන් මුතු මැණික් නිදන් කරලා තියනවය කියලත් ඉස්සර ඉඳලම කතා පැතිරිලා තිබුණා. කොහොම හරි ඔය චෛත්‍ය හදන්න කලින් ඔතන වටේට කොටු කරගෙන අක්කර ගාණක් විශාලෙට මහා ලොකු වළක් කපපු හැටිත් මෙහේ මිනිස්සු හැමෝම වගේ හොඳට දන්නවා. ඒ වගේම අර කාරණේත් දන්න හින්ද ඒ වළ කැපුවේ මොකටද කියන එකත් මෙහේ හුඟ දෙනකුට රහසක් නෙවෙයි. කොහොම හරි ඒ පොළොව යට වළලලා තිබුණය කියන රත්තරන්, රිදී, මුතු, මැණික් ටොන් ගාණට මොනවද වුණේ කියන්න දෙයියොම තමයි දන්නේ. ඉතින් ඒ වගේ දේකදී දෙවිවරු වුණත් කෝප නොවී ඉඳීද? සඳහිරු සෑය මුල් කොට ගත් දේව කෝපයේ කතාව හඹා ගිය අපට අනුරාධපුර පූජා නගරයේ පදිංචි වියපත් ගැමියෙක් කීය. (නදී)
ඉන්දියාවේ ජාතික ගීය දෙමලෙන් ගායනා කරන්නේ නැත්නම් එ්ක ඉන්දියාව කරන වරදක්. එ්ක ලොකු වැඩක් නෙමේ. එය එම ජාතියේ අනිත් ජාතීන්ට කරන අඩු සැලකීමක්. එහෙම නැතිව එය උසස් දෙයක් නොවේ. (නදී)
මෙතන කදුළු හෙලන, මැරෙන්න යන ජාතිය ගැන මාර කැක්කුමක් තියෙන සිංහල අය කී දෙනෙකුට ජාතික ගීය සම්පුර්නෙන් ගායනා කල හැකිද? එහි තේරුම පැහැදිලි කල හැකිද? (නදී)
දෙමළ ජනතාවට සිංහලෙන් ජාතික ගීය ගායනා කරන්න දිව නැමෙන්නේ නැද්ද? මේවා නොගැළපෙන වැඩ කියලයි මට නම් හිතෙන්නේ (නි)
අපේ ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීමට ඇති උවමනාවේ පිටුපස ඇති අරුත දැන් දැනෙන අය නොසිටීම පුදුමයකට කරුණක් නොවේ. එයට හේතුව එසේ සිටියා නම් අද මෙවන් උග්‍ර ප්‍රශ්නවලට අප පත් නොවනු ඇත. අපේ රටේ බහුතරයට දෙමල භාෂාව පාසැල් වල ඉගෙනගන්න වෙලා ඇත. එසේම දෙමල අයද සිංහල භාෂාව ඉගෙනගන්නවා නම් ජාතික ගීය තේරුම් ගැනීමට ඇති අපහසුතාවය කුමක්ද ? (නදී)
බුදු අම්මේ රට කනවෝ (නදී)
කතා කරන්නේ නැතුව නෙවි කතා කෙරුවට වැඩක් නැහැ අපේ ජනතාවගේ එකමුතු කමක් නැතුව. මෙතන ලියල තියෙන දේවල්ම බලන්න කි දෙනෙක් එ්කට කැමතිද ? ඉතින් අපේ චන්දෙන් උඩට ගියාම එයාලට ඕන ඕන දේවල් කරන්නේ. (නදී)
ජාතික ගීය ඉංග්‍රීසියෙන් හොඳයි. දෙමළෙන් නේ ප්‍රශ්ණය තියෙන්නේ (නදී)
මේ මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද අනේ ? බොරුවට උඩ දා ගෙන දඟලනවා. ජාතික ගීය ගැයුවා කියල ඇති වරද මොකක්ද ? දෙමල ඉස්කෝල වල සිංහලෙන් ජාතික ගීය ගයන්න බැහැනේ. දේශපාලකයොත් ගොන් මැට්ටෝ (නදී)
රට දෙකට කඩන තැනට වැඩ යොදන්න එපා .උදාහරණයකට ගන්න ලගම තියන රට. දැන් ඉන්දියාවෙත් ජාතික ගීය කියනවද විවිද භාෂා වලින්, මීට වඩා ගොඩක් දේවල් මිනිසුන්ට කරන්න තියනවා ඒවා කරන්න. සිංහල කියන ජාතිය මේ මුළු ලෝකෙයන්ම විනාස කර දමන්න එපා දේශපාලුවනේ. අපිට යන්න වෙන රටක් නැත. (නදී)
ජතිවාදෙන් තුරන් උන හැම රටක්ම ඉතාම දියුණු වී ඇති බව සිතමි (නදී)
2010 වෙනකම් ජාතික ගීයේ දෙමල පරිවර්තනය බාවිතා කලා.. (නදී)
තිලක් ඩුබායි මේ සියවසේ සොයාගත් ලොකුම සහ වටිනාතම සොයාගැනීම සිදුකරලා.දැන් ඉතින් කියන්නකෝ මෙයාට ඒ රත්තරන් වලට මොකද වුණේ කියලා. (නි)
එකම රටක් තුල ජාතික ගීය විවිධ භාෂා වලින් ගායනා කරන බව මම මෙතෙක් කාලෙකට අහල නැහැ, මම වැරදි නම් කවුරු හරි මාව නිවැරදි කරන්න. අපේ රට තුල වෙනත් ඕනෙම ජාතියකට ජීවත් වෙන්න බාදාවක් නැහැ, එ්ත් මේ එක එක භාෂා වලින් ජාතික ගීය කියන්න ලෑස්ති වෙන්න ඕනේ නැහැ. ඔය සර්ව ආගමේ, ජාති ගැන කතා කරන කව්රුවත් සිංහලයට ..බෞද්ධයාට අසාදාරනයක් උනාම කතා කරන්නේ නැහැ.(නදී)
කරුණාකර අපේ ජාතික ගීය කියවා කොමෙන්ට් කරන්න (බ)
දෙමල 65 කෝටියක් ඉන්න ඉන්දියාවේ තමිල්නාඩුවේත් කියන්නේ එකම ජාතික ගීයයි. එයත් හින්දි භාෂාවෙන්, මොකක්ද මේ සෙප්පඩ විජ්ජාව. (නදී)
මම නම් කොහෙත්ම එකඟ නැහැ දෙමළ බසින් ජාතික ගීය ගයන එකට නම් ඉන්දියාවේ භාෂා 27ක් තිබිලත් හින්දියෙන් විතරනේ ජාතික ගීය තියෙන්නේ මේක නම් මහා කුනුහරුපයක් (බ)
මේ ජාතික ගීයටම මෙච්චර ජාතිවාදී වෙනවා නම් මොන තරම් කළු හිතක් තියෙනවද මේ මිනිස්සුන්ට. මලදාක වලේ ඉන්නකොට තේරේවි ජීවත් වෙනකම් විතරයි ඔක්කොම සෙල්ලම් ඔක්කොම වර්ග කියල.(නදී)
ප්‍රභාකරන් සිටිය කාලේ ඔවුන්ට පුරුදු කළේ ඊළාම් ජාතික ගීයයි. ඒ වෙනුවට අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීමේ ඇති වරද කුමක්ද? ඔවුනුත් අපත් සිටින්නේ එකම රටක බව ඒත්තු ගැන්වීමට මෙය කදිම අවස්ථාවක්. මොකද ඔවුන්ට හිතන්න පුරුදු කරලා තිබුණේ ඔවුන්ගේ රට වෙනම රටක් කියලා.(දිල්)
ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් මහත්තයත් මුල් ගීය නමෝ නමෝ මාතා වෙනුවට ශ්‍රී ලංකා මාතා කියල වෙනස් කර ගැයීමෙන් සිත් වේදනාවට පත් උනා කියල තමයි මම අහල තියෙන්නේ. එ්ක නිසා පරිස්සමෙන් ඔය වගේ වැදගත් දේවල් වෙනස් කරන්න යාමෙන් වස් වදින්න පුළුවන්. (නදී)
ඇයි මේ මිනිස්සු අපේ රටේ දේවල් ඉන්දියාවට හෝ අනෙක් රටවලට ගලපන්න හදන්නේ. අපි කරන්නේ අපේ රටට ගැලපෙන දේ මිසක් ඉන්දියාවට සාපේක්ෂව නොවේ. එම නිසා දෙමල බසින් ගායනා කලත් මොන බසකින් ගායනා කලත් ඒ අපේ ජාතික ගිය මිසක් වෙන දෙයක් නොවන බව හැමෝම තේරුම් ගන්න ඕනි. තමන්ට අාවේනික බසකින් තම රටේ ජාතික ගිය ගායනා කරනවිට එහි අර්ථය හොද හැටි තේරෙනවා ඒවගේම තමන්ට තම රට ගැන හැගීමක් ඇතිවෙනවා. ඉතින් මේකේ ඇති වරදක් කුමක්ද? අපි හැමෝම ජාති බේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් ලෙසින් සිතිය යුතුයි. (නදී)
සියලුම දෙමල හා මුස්ලිම් සිසුන්ට සිංහල භාෂාව අනිවාර්ය කල යතුය. ඒ වගේම සියලුම සිංහල සිසුන්ට දෙමල භාෂාව අනිවාර්ය කල යුතුය. මෙය අපොස සා පෙළ විභාගයටද අනිවාර්යයෙන්ම අන්තර්ගත කල යුතුය. බොහෝ ප්‍රශ්න ඉබේම විසදේවි. අපි හැමෝම ලංකාවේ ජීවත් වෙන ඈෑත අතීතයේ ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වී පැවත එන ජන කොටස් දෙවර්ගයක් පමණි. බ්‍රිතාන්‍යන් විසින් ඇටවූ හා පැටලු උගුල් නිසා හැමෝම දුක් විඳිනවා (නදී)