ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය මෙහෙයවන ජාතික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලිය සහ ශ්‍රී ලංකා අතර මැදි තරගාවලිය මේ මස 23 සහ 24 දෙදින කැලණිය විශ්ව විද්‍යාලයීය කායවර්ධන ශාලාවේදී පැවැත්වේ. තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම අනිද්දා (21) අවසන්වන බව සංවිධායක කමිටුව පවසයි. ජාතික කනිෂ්ඨ තරගාවලිය 17 න් පහළ සහ 20 න් පහළ (බාලක/බාලිකා) ලෙස වයස් කාණ්ඩ දෙකකින් සමන්විතය. වයස 17 න් පහළ බාලක තරගාවලියට කිලෝග‍්‍රෑම් 45, 50, 56, 62, 69, 77, 84, 95 සහ කිලෝග‍්‍රෑම් 95 ට වැඩි බර පංති ද, බාලිකා තරගාවලියට කිලෝග‍්‍රෑම් 44, 48, 53, 58, 63, 69 සහ කිලෝග‍්‍රෑම් 69 ට වැඩි බර පංති ද ඇතුළත්වේ. වයස 20 න් පහළ තරගාවලිය (බාලක) කිලෝග‍්‍රෑම් 56, 62, 69, 77, 85, 94, 105 සහ කිලෝග‍්‍රෑම් 105 ට වැඩි බර පංතිවලින් පැවැත්වෙන අතර බාලිකා තරගාවලිය කිලෝග‍්‍රෑම් 48, 53, 58, 63, 69, 75 සහ කිලෝග‍්‍රෑම් 75 ට වැඩි බර පංතිවලින් පැවැත්වේ. අතර මැදි පිරිමි තරගාවලියේ බාලක තරග කිලෝග‍්‍රෑම් 56, 62, 69, 77, 85, 94, 105 සහ කිලෝග‍්‍රෑම් 105 ට වැඩි බර පංතිවලින් ද, බාලිකා තරග කිලෝග‍්‍රෑම් 48, 53, 58, 63, 69, 75 සහ කිලෝග‍්‍රෑම් 75 ට වැඩි බර පංතිවලින් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අයැදුම්පත් ඩබ්ලිව්. ජී. නිහාල් කුමාර, තරගාවලි ලේකම්, ශාරීරික අධ්‍යාපන අංශය, කැලණිය විශ්ව විද්‍යාලය, කැලණිය යන ලිපිනයට යොමු කළ යුතුය.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජාතික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම අනිද්දා අවසන්