ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය මෙහෙයවන ජාතික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලිය සහ ශ්‍රී ලංකා අතර මැදි තරගාවලිය මේ මස 23 සහ 24 දෙදින කැලණිය විශ්ව විද්‍යාලයීය කායවර්ධන ශාලාවේදී පැවැත්වේ. තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම අනිද්දා (21) අවසන්වන බව සංවිධායක කමිටුව පවසයි. ජාතික කනිෂ්ඨ තරගාවලිය 17 න් පහළ සහ 20 න් පහළ (බාලක/බාලිකා) ලෙස වයස් කාණ්ඩ දෙකකින් සමන්විතය. වයස 17 න් පහළ බාලක තරගාවලියට කිලෝග‍්‍රෑම් 45, 50, 56, 62, 69, 77, 84, 95 සහ කිලෝග‍්‍රෑම් 95 ට වැඩි බර පංති ද, බාලිකා තරගාවලියට කිලෝග‍්‍රෑම් 44, 48, 53, 58, 63, 69 සහ කිලෝග‍්‍රෑම් 69 ට වැඩි බර පංති ද ඇතුළත්වේ. වයස 20 න් පහළ තරගාවලිය (බාලක) කිලෝග‍්‍රෑම් 56, 62, 69, 77, 85, 94, 105 සහ කිලෝග‍්‍රෑම් 105 ට වැඩි බර පංතිවලින් පැවැත්වෙන අතර බාලිකා තරගාවලිය කිලෝග‍්‍රෑම් 48, 53, 58, 63, 69, 75 සහ කිලෝග‍්‍රෑම් 75 ට වැඩි බර පංතිවලින් පැවැත්වේ. අතර මැදි පිරිමි තරගාවලියේ බාලක තරග කිලෝග‍්‍රෑම් 56, 62, 69, 77, 85, 94, 105 සහ කිලෝග‍්‍රෑම් 105 ට වැඩි බර පංතිවලින් ද, බාලිකා තරග කිලෝග‍්‍රෑම් 48, 53, 58, 63, 69, 75 සහ කිලෝග‍්‍රෑම් 75 ට වැඩි බර පංතිවලින් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අයැදුම්පත් ඩබ්ලිව්. ජී. නිහාල් කුමාර, තරගාවලි ලේකම්, ශාරීරික අධ්‍යාපන අංශය, කැලණිය විශ්ව විද්‍යාලය, කැලණිය යන ලිපිනයට යොමු කළ යුතුය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd