ශ්රී ලංකාවේ ජාතික කොඩිය නිසි ප්‍රමීතින් නොසලකා නිෂ්පාදන කරන ආයතනයනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කරයි. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා ස්වදේශ අමාත්‍යංශයේ දී පැවැත්විණි. පාරිභෝගික කටයුතු අධිකාරියේ හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ඊට එක්වූහ. ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින් සම්මත කැරුණු එස් එල් එස් 693 : 1985 දරණ පිරිවිතරයන්ට පටහැනිව විවිධ ආයතන මගින් ජාතික කොඩිය නිෂ්පාදනය කෙරෙන බවත්, ඒවා විවිධ අවස්ථාවන්හි භාවිත කෙරෙන බවටත් පැමිණිලි ලැබී තිබේ. එවැනි කොඩි නිෂ්පාදනයට හෝ භාවිත කිරීමට එරෙහිව ගත යුතු ක්‍රියා මාර්ග මෙහිදී සාකච්ඡා විය. පාරිභෝගික කටයුතු අධිකාරී පණත යටතේ රෙගුලාසි පැනවීමටත්, ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කිරීමටත් මෙම සාකච්ඡාවේ දී තීරණයකට එළැඹිණි. ඒ අනුව ජාතික කොඩි නිෂ්පාදකයිනට එම රෙගුලාසි පිළිපැදීමට මාස 06 ක සහන කාලයක් දීමටත්, ඉන් අනතුරුව ද විකෘති කොඩි නිෂ්පාදනය කෙරෙන ආයතන වෙතොත් පාරිභෝගික අධි්කාරියෙන් නීතිමය පියවර ගැනීමටත් තීරණය විය.
ජාතික කොඩිය ප්‍රදර්ශනයේ දී දී අනුගමනය කළ යුතු රෙගුලාසි සංග්‍රහය නීති සංග්‍රහයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාවට ස්වදේශ අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා අත්සන් තබා ඇත . 1986 වසරේ දී සම්පාදනය කරන ලද රීති සංග්‍රහයට අනුව ජාතික කොඩිය ප්‍රදර්ශනයේ දී අනුගමනය කළ යුතු ක්‍රම දක්වා තිබේ. මෙය රීති මාලාවක් පමණක් වන අතර, කැබිනට් අනුමැතියෙන් අනතුරුව ජාතික කොඩිය ප්‍රදර්ශනයේ දී එම නීති නොතකා හරින්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රතිපාදන ස්ථාපිත කෙරෙනු ඇති බව ස්වදේශ අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු රැස මාලාවද සම්පුර්ණයෙන් විකෘති කර ඇත. අද බුදු රැස් මාලාව විදුලි තාකෂණිකයාගේ හැකියාව පෙන්වන්නක් බවට පත්ව ඇත. කොළ පාටද ඇත. ප්‍රදර්ශනය වන තොරණ් වල පවා තත්වය එයයි.ගරුතර සංඝරත්නයටද මේ බව පෙනෙන්නේ නැත. (නි)
දන්නේ නැති නිසා අහන්නේ. එතකොට අර මැයි 1 වෙනිදා අමුතු කොඩියක් අරගෙන යාපනයේ පෙළපාලි ගිය අයට නඩු නැද්ද? (නි)
බොදු බල සේනාවට මොනවද වුනේ තටු කැපිලද? මේකයි වැඩිය දගලන කාටත් වෙන්නේ. සෑම ආගමකටම හා ජාතියට කව්රුත් ගරු කරන්න ඕනේ (බ)
ඇයි ජාතික කොඩිය විතරක් නොවෙයි ජාතික ගීයටත් නීතිගෙන්න ඕන. එක එක ආණ්ඩුවට ඕන විදිහට එක වෙනස් කරන්න දෙන්න බෑ.(හේ)
සිංහල මිනිස්සු විවාහ මංගල්‍ය වලදී දමපු සිංහයා සහ බෝපත් විතරක් ඉන්න කොඩියක් තිබුණා. ඒකත් නීතිවිරෝධී කළාද? (නි)
අපේ කොඩියට සහ ගීතයට ජාතික කියන කොටස ගැලපෙනවද කියා සිතා බැලිය යුතුයි. ශ්‍රී ලාංකීය අනන්‍යතාව සංකේතවත් කරන ප්‍රබල මාධය ලෙසින් හැඳින්විය හැකි අපේ කොඩිය සහ ගීතය අප රටේ කුමන ජන කොටසකටත් පොදු ලෙසින් සහ එය විකෘති නොකර භාවිතා කිරීමේ නීති සැකසිය යුතුය. එහෙයින් මෙය ශ්‍රී ලාංකීය ධජය සහ ශ්‍රී ලාංකීය ගීතය ලෙසින් නම් කළ යුතුය. ධජය වෙනස් නොකරන්නා සේම ගියද සියලුම ජාතින් ගායන කළ යුතු ලෙසින් නැවතත් නීති සකස් විය යුතුය.(හේ)
මැයි 1 වන දින අමුතු කොඩියක් අරගෙන යාපනයේ පෙළපාලි ගිය අය ගැන රණසිංහ මහතා අහන ප්‍රශ්නයත් හරි. ඒ වගේම නන්දිකඩාල් කලපුවේ මහා කොටියන් සැමරූ අය ගැනත් පියවරක් ගන්නේ නැද්ද? (නි)
දැන් මේක තමයි ලොකුම ප්‍රශ්නය (නි)
අපි නම් අපේ කොඩිය ගැන හොඳට දන්නවා (නි)
කොඩිය රකින්න කලින් රට බෙදුම්වාදීන්ගෙන් ආරක්ෂා කිරීමට දැඩි නීති ගෙන ආ යුතුයි (නි)
ජාතික ධජය එසවීමේදීත් නියම ක්‍රමවේදයක් තිබිය යුතුයි. සිංහයාගේ පා හතර පොළොව දෙසට තිබෙන පරිදි එය එසවීම කළයුතු වෙනවා. ජාතික ධජය විකෘති කරනවාට විරුද්ධව නීති ගෙනඑනවා මෙන්ම බෞද්ධ ධජය විකෘති කරනවාට විරුද්ධවත් තද නීති ගෙන ආ යුතුය.බෞද්ධ ධජය මැද නොයෙක් විදියේ දේවල් දැන් පේනවා. ඒක හොඳ නැහැ. ඒවගේම එය ආගමික කටයුතු වලට මිස දේශපාලන රැස්වීම් වලට හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම තහනම් කළොත්, එය බෞද්ධ ධජයට කරන ගෞරවයක් වෙනවා නියතයි. (නි)
එතකොට තනි සිංහ කොඩියක් වනන්න අයිතියක් නැද්ද? (නි)