හිටපු ආරක්ෂක ලේකම් අල්ලස් හෝ දුෂණ කොමිසම වෙත කැඳවීමට ගත් තීරණයට විරුද්ධව ‘හොරු වෙනුවෙන් හොරු’ ව්‍යාපාරය ගෙනගිය උද්ඝෝෂණවලදී එය මෙහෙයවූවන් ජාතික කොඩිය විකෘති කරමින් ජාතිවාදය වැපිරීමට කටයුතු කිරීම ඉතා බරපතල දෙයකියි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසීය.
විකෘති කළ ජාතික කොඩි ප‍්‍රදර්ශනය කළ එම විරෝධතාකරුවන්ට හා ඒවා මෙහෙයවූ පුද්ගලයන්ට එරෙහිව හැකි ඉක්මනින් නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි රජය හා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමා පොලිස්පති හා නීතිපති ඉල්ලා සිටින බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.
ඡායාරූපය තිළිණි ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! ප්‍රශ්න නැතුවට ප්‍රශ්න... (නි)
මොන තරම් මොලේ තියෙන අයගෙන් පිරුණු ආණ්ඩුවක් වුණත් මේක නම් මෝඩ වැඩක්. ඔබ තුමාලා සිංහයෙක් ඉන්න ධජයක් ජාතික කොඩිය කියල වරදවා වැටහ ගත්තට මොනවා කරන්නද? ජාතික කොඩියක් වෙන්න නම් එකේ යම් යම් ප්‍රමිතීන් තියෙනවනේ. මේ රෙදි කැබැල්ලේ එම ප්‍රමිතීන් නැහැ. ඉතින් කොහොමද එක ජාතික කොඩිය කියන්නේ. ජාතික කොඩියේ සිටින සිංහයාගේරුවට සමාන රුවක් අනුකරණය කිරීම වැරදියි කියල දෙයක් නීති පොතේ සඳහන් වෙලා නැහැ කියලයි මම හිතන්නේ. (අ)
තවම වහල්බාවයෙන් මිදිලා නැහැ වගේ.වැරැද්ද කළත් හොඳ කියවනවා (නි)
මෙයාලගේ බොරු ජාති ආලෙත් පාවිච්චි වෙන්නේ දේශප්‍රේමින් දඩයමට ම මිස අන් කිසිවකට නොවෙයි. (අ)
හරිම පුදුම අදහස් දැක්වීමක්. සමහරුන් තමන්ගේ සම්මත ජාතික කොඩිය ගැනවත් දන්නේ නැහැ. පාසල් යන කුඩා දරුවෙකුගෙන් ඇහුවොත් කියාවි ඇයි පාට දෙකකින් තීරුදෙකක් පිළිබිඹු කරන්නේ කියලා. (නි)
ජාතික කොඩිය වෙනස් කරන්න කාටවත් බලයක් නෑ. ජාතික ගීය වෙනස් කරන්න බලයකුත් නෑ.පළමුව ජාතික ගීය වෙනස් කිරීමේ වැරදි ක්‍රියාවට දඩුවම් ලබාදිය යුතුයි. (දිල්)
දැන් කොහොමත් ශ්‍රී ලංකා නෙමෙයි මේක ඉලන්කෙයි. අපිත් ජාතික ගිය දෙමලෙන් කියමු. කොටි කොඩිය ජාතික කොඩිය කරමු. පිනා ඇමතිකම් ගත්තට කියන්න දේවලුත් තියනවා. (අ)
ඇසල වාඩිවෙලා ඉන්නෙ මොළේ උඩ (බ)
ජාතික ගීය විකුර්ති කළා නේද (අ)
මොවුන්ට නොවෙයි දඬුවම් කරන්න ඕනෑ.පත්කරන්න ඡන්දය දුන් අපේ මිනිසුන්ටයි. (නි)
ජාතික ගීයට බයිලා ඩාන්ස් දානකොට ජාතිය මතක් උනේ නැහැ නේද.? අනේ අපොයි මෙහෙමත් ජාතියට ආදරේ කරන රට බෙදන්න වලිකන වීරයෝ. (බ)
නදීක,ස්ටැන්ඩ්ලි, 1815 වනතුරු අපේ රටේ භාවිතා උනේ ඔය කොඩියම තමයි. ඉංග්‍රීසින් ඒක එංගලන්තයට අරගෙන ගියාට පසු අපේ රටේ පළමු නිදහස් උත්සවයේදී ඉස්සුවෙත් ඔයකොඩියම තමයි, සිංහල කියන්නේ සිව් හෙළය එකට එකතුවෙලා හැදුනු ස්වභාවයෙන්ම මිශ්‍ර ජාතියක් . මේ ජාතිය හැම වෙලේම අන් සුළු ජාතින් ඒකට එකතු කර ගන්න කැමතියි. ඒත් 16 වන සියවසේ මෙහි පැමිණි දෙමළ ජාතින් (දෙමළ කථා කරන හින්දු ආගම අදහනන් සහ දෙමළ කතාකරන මුස්ලිම් ආගම අදහන්නන් ) ඔවුන් මේ මහා ජාතියට එකතු නොවී වෙනමම අනන්‍යතාවයක් ඇති කිරීමේ එක පියවරක් තමා ජාතික කොඩියට එරෙහි වීම. ඔවුන්ගේ කේවල් කිරීම නිසා සහ බණ්ඩාරනායක දෙපල සිටි කමිටුවක් විසින් සිංහයාට ඉදිරියෙන් පාට තීරු 2ක් එකතු කලත් ප්‍රශ්නය එතනින් ඉවර උනේ නැහැ. තීරු දෙකේ පළල ගැනත්, සිංහයාගේ කඩුව ඒ තීරු දෙකට එරෙහිව ඉන්නවා කියලත් ඊට පස්සේ ප්‍රශ්න ඇති උනා. මේ සියල්ලටම හේතුව ජාතික අභිවෘද්ධිය පසෙකලා සුළු ජාතික ඡන්ද තම පක්ෂයට ගැනීම හිතාගෙන උවමනාවට වඩා සුළු ජාතීන්ට සැලකීමයි. එබැවින් පටු පරමාර්ථ පසෙක තබා නැවත අපේ පැරණි ජාතික ධජය පෙරට ගෙන ආ යුතුය, (ස)
මෙයාගේ තියෙන සැර! (නි)
ටොමී පෙරේරා නඩු විකුනලා හම්බ කරන එක හරිද? (බ)
ජාතික කොඩිය කියන්නේ අපේ අනන්‍යතාවය... (නි)
අනේ බුද්ධිමත් මහත්වරුනේ නොදන්න නිසා අහන්නේ මට කියන්න ජාතික ගීය කෙලෙසලා තියෙන්නේ මොන ආකාරයකින්ද කියලා. මම දන්න තරමින් දෙමළ බසිනුත් ගායනා කරන බව දැනගත්තා.මම දන්න විදියට ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා කරන රටවල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අපේ අය ඕන දේකට රතු එළිය අනේ මන්දා (බ)
මාර වීර චරිතනේ! (නි)
ඇඟිල්ලේ තරමට ඉදිමිය යුතුයි (නි)
මෙහෙම කරලා නම් අපි විරුද්ධයි (නි)
එතකොට ඉමල්කා සහ ටෝකියෝ අබේ කියන්නේ ජාතික කොඩිය විකෘති කළ එක සාධාරනයි කියලද? ඔයාලා කොයිතරම් අපේ රටට ආදරෙයිද? (නි)
ආ ඇසළ, මොනවද මේ කියන කතා? (නි)
කළා නම් වැරදියි තමයි (නි)
බහුතරයකගේ කතාව බෝධිසත්ව වූවත් ක්‍රියාව දේවදත්ත බව පැහැදිලියි. (නි)
ජාතික කොඩියට අපහාසකිරීමක් සිදුවෙනවා නම් අපි එකට එකහෙළා විරුද්ධයි. නමුත් මෙය ජාතික කොඩියද? මේක සිංහයා සහිත සිංහ කොඩියක් නෙමෙයිද? (නි)
කවුද මේ ඇසල කියල අදහස් දමල තියෙන්නේ? මෙයාව එලවන්න ඕන තමිල්නාඩුවට. (ස)
මේ ඇසල කියන පුද්ගලයා බාගෙට සිංහලයෙක් වගෙයි. මිනීමරු ප්‍රභාකරන්ගේ න්‍යාය ක්‍රියාත්මක කරන්න හදන මේ වගේ සිංහල කොටින්ව අල්ලලා හිරේට දන්නා ඕන. (ස)
මොකටද මේ වගේ උද්ඝෝෂණ වලට ජාතික කොඩියක්? ඕක ගෙනෙන එක තහනම් කරන්න. (නි)
ජාතික ගීයට කෙලවල ,ජාතික කොඩිය ගැන කතාකරනවා ,මෙයාගේ පැටිකිරිය දැන් ලංකාවම දන්නවා ,(ස)
ඔය වැරදි පූර්වාදර්ශය දුන්නේ යහපාලකයන්ම තමයි.ජාතික ගීය භාෂා දෙකකින් නම් ජාතික කොඩිය එහෙම වුණාම මොකද කියලා මිනිසුන්ට හිතෙනවා. (නි)
විකෘති කළ ජාතික කොඩි ප‍්‍රදර්ශනය කළ එම විරෝධතාකරුවන්ට හා ඒවා මෙහෙයවූ පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය කි‍්‍රයාත්මක කරනු . එය පොලිස්පති විසින් ඉතා ඉක්මනින්ම කලයුතු දෙයකි (ස)
සුමුදු හේවා ලියන පදාස ගණන් කඩේ යන තීරු කෑලි දැකලාම ඕක්කාරෙට එනවා. අනෙක් උදවිය ලියන දෙයක් පැහැදිලිව ලියල එතනින් එක ඉවරයි. මෙයා විරුද්ධ අදහස් ලියන අයගේ පස්සෙන් කොට්ටෝරුවා වගේ කොටන්න ගිහින් අන්තිමේ මෙතන විහිළුවක් වෙලා. (ස)
රේණුකා නෝනාට මතක නැද්ද ඔය කියන රට බේරා ගත් නායකයා , රට බේරා ගත් හමුදාපතිට කල තුට්ටු දෙකේ වැඩේ ? ඔබතුමි ඒ කාලයේ හිටියේ අභ්‍යාවකාශයේ වෙන්න ඇති නේද ? (ස)
බොරැවට බබා පාටි දමන්න එපා . ඹික තමයි නියම ජාතික කොඞිය. (ස)
ජාතික ගීය දෙමළෙන් ගැයීමට බාධාවක් නැති බව පැවසීමත් සමගම ජනමාධ්‍ය හා දේශපාලකයින් විසින් ඒ පිළිබද වැරදි අදහසක් සමාජගතකර ඇති බව එවැනි ලිපි සඳහා ලැබෙන මහජන ප්‍රතිචාර වලින් පෙනීයයි. එබැවින් දෙමළෙන් ජාතික ගීය ගැයීම පිළිබඳ ඉතිහාසය හා ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්තනයේ දෙමළ ජාතික ගීය ආරම්භයේ පටන් ඇති බව ආදී නිවැරදි විස්තර ඇතුලත් ලිපියක් ලංකාදිපයෙන් පළකිරීම ඉතා වැදගත් හා වටිනා බව කතෘතුමන් වෙත මෙයින් දන්වා සිටිමි. (ස)
මේ ඇමතිතුමා දවස් දෙක තුනකට කලින් කිවුවා, දුප්පත් ජනතාවට පොරොන්දු වුණ ජීවන බර අඩුකිරීම කරලා ඉවරයි, දැන් හැමෝටම අඩුවියදමෙන් ජීවත්වෙන්න පුළුවන් කියලා. තව තියෙන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන පොරොන්දුව විතරයි කියලා. සාමාන්‍ය ජනතාව දන්නවා ජීවන බර අඩුවුණාද නැද්ද කියලා. කොහොම වුණත් මෙයාලගේ ජීවනබර නම් අඩුවෙලා කියලා පෙනෙනවා. (නි)
මොනවා කලත් කිවත් හොරු කල්ලිය අල්ලලා තමයි පස්ස බලන්න ඕනි මේ දේ අද නිවැරදි නොකෙරුවොත් ඒ පිළිකාව ඉදිරිටත් දුවනවා ඒ නිසා වර්තමාන රජයෙන් ඉල්ලනේ රටේ නිතිය හරිය කෙලින් කර හොරු අදිකරණයට පමුණුවන්න.(ස)
ජාතික කොඩිය හැර වෙන කොඩියක් භාවිතා කිරීම වැරදි කියල කොහේ හරි කියල තියෙනවද?එහෙනම් රටේ තියෙන අනෙක් සියලු කොඩි වහා තහනම් කරන්න,දුන් පොරොන්දු ඉටු කර ගන්න බැරිව,රටේ ආර්ථිකේ,කොටස් වෙළදපොල ,විදේශ සංචිත ඔක්කොම වට්ටලා,පඩි ගෙවා ගන්න සල්ලි නැතුව,සංවර්දන වැඩ නවත්තල,මහා බැංකුව මහා දවල් මංකොල්ල කාල දැන් බබාලා වෙන්න හදනවා. (ස)
ඔය පරන සිංහලේ කොඩිය අතේ තියාන ඉන්න කවුරුවත් ඒක ජාතික කොඩිය කියලා කියුවේ නැහැනේ. ඒක ජාතික කොඩිය කියල අර්තකථන කරන එක වැරදියි. කොටි කොඩිය උස්සගෙන උද්ඝෝෂණ කරන මන්ත්‍රීන්ලට නීතියක් නැහැ. හැබැයි පරණ සිංහලේ කොඩිය ප්‍රදර්ශනය කිරීම වැරදියි. අනේ මෙහෙම ලංකාවක්. (ස)
ෂේපියර් දන්නේ නැති දේවල් ගොඩයි. ජාතික ගිය වාදනය කරලා බ්රේක් ඩාන්ස් කරපු කට්ටියක් ගැන ඔබ අහලාම නැද්ද.? අන්න එවයි ජාතික ගීයට අපහාස කරනවාය කියන්නේ. (ස)
මේකෙ අදහස් දාන ව්‍යවස්ථාව හෝ සංශෝධන කිසි එකක් කවදාවත් හැබැහින් දැකලා කියවලා නැති මහත්වරුනේ. ව්‍යවස්ථාවට අනුව ලංකාවේ ජාතික ගීය ‘‘ශ්‍රී ලංකා මාතා“ වශයෙන් දක්වා ඇත. මොනයම් හෝ වරදක් නිසා එම ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්ථනයේ ලියා ඇත්තේ ‘‘ශ්‍රි ලංකා තායේ‘‘ වශයෙනි. එහෙයින් එතැන ව්‍යවස්ථාවේ නොගැලපෙන තැනක් තිබේ. එසේ නමුත්, වෙනත් භාෂාවලින් ඇති ව්‍යවස්ථාවේ සහ සිංහල බසින් ඇති ව්‍යවස්ථාවේ යම් ගැටුමක් ඇති ස්ථානයකදී මුල් භාෂාවෙන් (සිංහල) ඇති ව්‍යවස්ථාවේ වගන්තිය බලාත්මක වන වගන්තියක් ව්‍යවස්ථාවේ ඇත. එම නිසා නිසැකයෙන්ම ලංකාවේ ජාතික ගීය ‘‘ශ්‍රී ලංකා මාතා““ වේ. ඉංග්‍රීසි පර්වර්තනයේ දැක්වෙන්නේ ද "Sri Lanka Matha " යනුවෙනි. එහෙයින් වෙනත් විදියක වචන උච්ඡාරණයම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. (ස)
ජාතික කොඩියට නම් අත තියන්න එපා (නි)
මම දන්නා තරමින් මුල්ම ජාතික ප්‍රශ්නය 1956 ශ්‍රී ප්‍රශ්නය. එකත් අපි පැරදුනා. වාහනවල ශ්‍රී අකුර නැතිකළා. ජාතික ගීය වෙන භාෂා වලින් ගයන රටවල් මොනවාද කියල කියන්න නිකන් කියල වැඩක් නෑ. (ස)
සුමුදු, ඇසළගේ පිට කහනකොට ඇසළ, සුමුදුගෙ පිට කහනවා. "මොළේ" (සුමුදුම කියන හැටියට අනිත් අයට තියෙන්නේ "ටිකිරි මොළේ") තියෙන දෙන්නෙක්ට ඉන්නෙත් ඒ දෙන්න විතරයි. මේ දෙන්නගේ අදහස් දැක්වීම් නැති ලිපියක් නැහැ. කඩේ යන එක ඇර වෙන වැඩකුත් නැහැ. (ස)
මම නම් මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ (නි)
තමන්ගේ වැරදි වහගන්න අනුන්ගේ බොරු වැරදි අරගෙන දඟලන අය ගැන අපි දන්නවා (නි)
අනේ අපිට මේවා කියන්න එන්න එපා (නි)
චන්න, යසිරු සහ නලින්, රට වෙනුවෙන් යුද්දෙට ගිහින් රජයෙන් ගරු සම්මාන ලැබුවත් සුදු කොඩි කතාවෙන් රටට ද්‍රෝහී වීම දෙවූ කිරි කළයකට ගොම බින්දුවක් නොව ගොම නැළියක් ම මුසු කිරීමක් බව වැටහෙන නුවණක් ඇති පාට කන්නාඩි නොදමන්න. කාට වුණත් වැටහෙනු ඇත. (අ)
බුදු අම්මෝ ...,රටට ජාතියට හරිම ආදරේ කට්ටියක්නේ මේ කොඩියක් අල්ලගෙන බොරුවට කෑ ගහන්නේ. (ස)
ෂේපියර්,ජාතික ගීය භාෂා දෙකකින් කියන රටවල් කීපයක් තියෙනවා. එහෙම තියෙන හැම රටක්ම වගේ කවුරුහරි ආක්‍රමණය කරලා අල්ලාගත් රටවල්. උදාහරණයක් වශයෙන් නවසීලන්තය. අනිත් එක, ඔය කොඩිය ජාතික කොඩිය නෙමෙයි.ඔය සිංහලේ කොඩිය. ඔතන ජාතික කොඩියට අපහාසයක් වෙලා නැහැ.ඔය තියෙන්නෙ වෙනත් කොඩියක් මිස විකෘති කරන ලද ජාතික කොඩිය නෙමෙයි. තව දෙයක්. ජාතික කොඩිය නිර්මාණයේදී මූලාශ්‍රය ලෙස භාවිතා කළ කොඩියත් ඕකම තමයි. (නි)
හසිත කොහෙද යන්නේ මල්ලේ පොල් කිව්වලු. ජාතික ගීය විකෘති කරන්න දායක උන නඩය බොරුවට බෙරිහන් දෙනවා. (ස)
අපි මේ ගැන ලැජ්ජාවෙනවා (නි)
සමහරු මේකටත් ඇදලා ගන්නේ ජාතිවාදය (නි)
ඔහොම ගියොත් ඔය ජාතික කොඩිය වෙනස්කළ අයටත් වරදින දවස වැඩි ඈතක නැහැ. පොඩ්ඩක් පරිස්සමින්. (නි)
මොවුන්ට තරාතිරම නොබලා දඬුවම් කළයුතුයි. (නි)
මෙම අඥාන ක්‍රියාව කළ මිනිසුන්ට මෙහි බරපතලකම වැටහෙන්න තරම් මොළයක් නැතුව ඇති. (නි)
සමරසේකර, ඔයා ඔච්චරටම ඒක හරියටම දන්නේ කොහොමද? (නි)
ලංකා, ඔබගේ ව්‍යවස්ථානුකුලවුද,නීතිමයවුද, මෙන්ම තාර්කික වූ ද අර්ථ විග්‍රහය වෙනුවෙන් මම ද ඔබ සමග සිට ගනිමි. ස්තුතියි. (ස)
ඉතින් කිය කියා ඉන්නේ නැතුව කරලා පෙන්වන්නකෝ (නි)
නිලුෂි, ඇසළට කොටි හංවඩුව ගහන්න ඔච්චර ඉක්මන් වෙන්න එපා. හැබැයි එයාගේ ප්‍රකාශය තුළ තිබෙන උපහාසය නම් එල්ලවෙන්නේ බාගෙට කොටි හැටියට කටයුතු කරන එමෙන්ම බටහිරයන්ටයි ඉන්දීයයන්ටයි බයෙන් කොටින්ට කප්පම්දෙන උදවියටයි (නි)
මෙන්න තවත් මාධ්‍ය සංදර්ශනයක්. මේ එජා පය කවදාවත් මේ රටට ආදරයක් ඇති අය නොවේ, 83 කළු ජුලිය ඇතිකළේ මෙයාල. ජේ ආර් ගේ කාලේ තමයි උඩින් ඇවිත් පරිප්පු දැම්මේ. නමුත් සිංහලයට තමයි එලව එලව විනාශ කළේ, රටේ ප්‍රතිරූපය විනාශ කළේ මේ අයයි. නමුත් රට නිදහස් කළේ රාජපක්ෂවරුයි. එවන් සැබෑ යුග පුරුෂයන් දඩයම් කිරීමට එජාපය කැස කවයි. අජිත් පෙරේරලා, ඉරාන්ලා කියන්නේ මේ රටට ද්‍රෝහීන් බව දැන ගත යුතුය. (ස)
එතකොට ජාතික ගීය? (නි)
මහජන විරෝධය හමුවේ උග්‍රවුණ මහින්ද භීතිකාව ජාතික කොඩිය ගැන මවාගත් ආලයකින් වසාගැනීමේ අසාර්ථක උත්සාහය ගැන අපිට කණගාටුයි (නි)
එහෙම කළා නම් වැරදියි තමයි ඉතින් (නි)
බුදු අම්මෝ දැන් ජාති මාමක ජාති හිතෛසි පාලකයෝ කට්ටියක්නේ රටතුල බිහිවෙලා ඉන්නේ,කතා කරන්නේ ප්‍රවේශමෙන් ලෝකේ හිනස්සන කතා ,රට පාවලා දීපු, ජාතික ගීය විකෘති කරපු මේ නඩය රට බේරාගත් නායකයා දන්ගෙඩියට යවන්න උත්සාහ කරන මේ නඩය දැන් ජාතික කොඩියක් අල්ලන් නටවනවා. හැමදෙනාම තේරුම් ගන්න මේවා තමයි අන්දනවා කියන්නේ, මේ තවත් කරුණු සෙවීමක සංදර්ශනයක්. (ස)
දැන් මේකද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය? (නි)
සමරසේකර, නිකම් මෙතන මෝඩකතා කියන්නේ නැතුව ඉන්න. කාටවත් ඕනෑ විදිහට රටක ජාතික කොඩියක් වෙනස් කරන්න බැහැ (නි)
ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න ඉඩ ලබාදුන්නේ රජයේ තීරණයකින්. මේ වගේ සංවිධානයකින් ජාතික කොඩිය විකෘති කිරීම ජාතික ගීයේ ප්‍රශ්නයට සමාන කරන්න බැහැ. (නි)
මෙයත් දැන් අර දත් දොස්තර වගේ මොනවා හරි දෙයක් අල්ලාගෙන නිවුස් වලට මුණ දාගන්නයි ඕනේ. තමන්ගේ ඇහේ තියන පොල් පාරාලේ නෙමයි පේන්නේ. අනිත් අයගේ ඇහේ තියන කෙස් ගහ ගැනයි හොයන්නේ. යහපාලනයෙන් මේ වගේ මෝඩ චුන් කාරයෝ කීදෙනෙක් එළියට ආවද? (ස)
අපේ අයගෙ අදහස් ටික නම් නියමයි (නි)
රජයේ ඇමතිවරයෙක් වුණාම කොතරම් වැඩ කරන්න තියෙනවද රාජකාරියට අදාළව. එත් මෙයාලට ඒවා මොකුත් නැහැ වගෙයි පෙනෙන්නේ. එහෙනම් පළමුව මහ බැංකුවේ මුල්‍ය වංචාව ගැන සොයන්න ඕනෑනේ. (නි)
ලංකා, නියමයි නියමයි! (ස)
කාංචන පෙරේරා මගේ පිට නම් කසන්නේ නැහැ . හැබැයි අපේ ගෙදර බල්ලා උගේ පිට කහගන්නවා මම දැකල තියනවා. කසන ගතියක් වගේ තියනවා නම් අපේ බල්ලට කියල කහ ගන්න පුළුවන්. (බ)
විමල්, මේ හොරු අල්ලනවද? මාසෙකට මෙහෙම නම් අවුරුදු 5 කදී කොහොමවෙයිද? (නි)
හරි හරි සමරසේකර, කට්ටිය යන්නකෝ අතීතයට. අපි නම් යන්නේ අනාගතයට. වැඩිය වචන නාස්ති කරගන්න ඕනෑ නැහැ. ඔය වපුරන බිජ අනුව අස්වැන්න නෙළාගන්න පුළුවන්. ඔබට සාර්ථක අස්වැන්නක් ලැබේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා. (නි)
රට කෙළෙසන කළු සුද්දන්ට දෙන දඬුවම මොකක්ද? (නි)
අනේ බලන්නකෝ අතුල, දෙවියෝ පය තියන්න බය තැන් වල අද මෝඩයෝ බඩ පිනුම් ගහනවා (නි)
ඇත්තටම කාංචන, මෙතන කට්ටිය නිල මැස්සෝ එලව ගන්නවා,ඒ වගේම පිටවල් කහ ගන්නවා කෙළවරක් නැහැ. අර කතාවට කියනවානේ මෝඩයාගේ උපහැරනය " බේබද්දෙක් කටු අත්තක් වනනවා වගෙයි" කියල. ව්‍යවස්ථාවේ ජාතික ඇති කොඩියේ සංකේත පිලිබදව නිර්වචනයක් දීල තියනවා. ඒවා ගැන මේ මෝඩ මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. වාචාල කටවල් වලින් දොඩවනවා. ජාතිවාදය අවුස්සලා සිංහල ඡන්ද ටික එක පැත්තකට ගොඩකර ගැනීමේ අසික්කිත, නීච ක්‍රියාවක මේ උන්මන්තකයින් නියැලෙනවා. මේ කලහකාර හදවත් ඇති අමනයින්ට කවදා, කොතැනක හෝ යුද්ධය උරුමයි. එච්චරයි මට කියන්න තියෙන්නේ. මොඩය ජාතික කොඩියත් උපහාසයට ලක් කලාට අපිට නම් එහෙම මෝඩ විහිලු කරන්න බැහැ. (ස)
ඇසලට නම් ඉතිං වාඩිවෙන්න හරි මොළයක් තියෙනවා තමයි. ඉතිං ඕකට ඔය හැටි ඊර්ෂ්‍යා කරන්න ඕනෑද? අනික ඇසල බොරුවක්යැ කිව්වේ? (නි)
ජාතික ගීයෙ දෙමළ පරිවර්තනය ආරම්භ කළේ 1978 ඉඳලයි.78 ව්‍යවස්ථාවෙත් ඒක තිබෙනවා.2010 සිට දෙමළ පරිවර්තනය නිල වශයෙන් භාවිතාකළේ නැහැ.දෙමළ පරිවර්තනය නැවත භාවිතා කිරීම වැරදි නම් 1978 සිට 2010 දක්වා රට පාලනය කළ හැමෝම වැරදියි (නි)
අනේ ඉමල්කා ජාතික ගීය විකෘති කළේ නෑ. එය දෙමළ භාෂාවෙන් ගායනා කරන්න අනුමැතිය දුන්නා විතරයි. (ස)
ඒක නේන්නම් ශිරෝමි. මේ අයගේ නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරෙනකොට කොඩියෙන් වහගන්න හදනවා මිස වෙන මොකවත් ැපාට නම් පෙනෙන්නේ නැහැ (නි)
උමේෂ්, ෆොන්සේකා ඇතුළුව ත්‍රිවිධ හමුදාපතිවරුන්ටම ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීමේ මෙහෙයුමේදී කළ මෙහෙවරට සම්මාන ලබාදුන්නා මිස රට බේරාගත් නායකයා නම් තුට්ටු දෙකේ වැඩ කරලා නැහැ. හැබැයි පසුව සුදු කොඩි කතාව කියලා උපන් රටට ද්‍රෝහීවුණ වරදට ඔහුට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ සමඟ පටළවා ගැනීම වැරදියි. එහිදී ඔහු නෙළාගත්තේ ඔහුම වැපිරූ දේවල අස්වැන්නයි. (නි)
ඩලස් අලහප්පෙරුම කියන දේශපාලකයා පවා, මේ විකෘති ජාතික කොඩිය උද්ගොෂණයට යොදා ගැනීම ගැන සමාව ඉල්ලා තිබෙනවා. එත් මෙතන ඉන්න සමහරක් එ්ක සාධාරණිකරණය කරන්න උත්සාහ කරනවා. අපි නම් කියන්නේ ඔය සමාවල් වලින් වැඩක් නැහැ. මොවුන් නිතිය ඉදිරියට පමුණුවා දඬුවම් දිය යුතුයි. (ස)
ලලිත්, ගිහිල්ලා කෝකටත් දොස්තර කෙනෙක් හමුවෙන්න. මේ අබුද්දස්ස කාලේ මොනවා වෙන්න එනවද කියලා කව්ද දන්නේ? (නි)
කට වහගෙන හිටියොත් නරකද? (නි)
වර්තමාන රජයට මේ වගේ වැඩ හැර වෙන කිසිදෙයක් කරන්න බැහැ වගේ. (නි)
ශේපියර්, එක එක රටවල ව්‍යවස්ථා වෙනස්. අපේ රටේ ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය ගායන කළයුත්තේ සිංහලෙන් විතරයි. එහි පද මාලාවත් ස්වර මාලාවත් පැහැදිලිව එහි දැක්වෙනවා. එපමණක් නොවෙයි ජනමත විචාරණයකින් තොරව එය වෙනස් නොකළ හැකිබවත් එහි පැහැදිලිව දැක්වෙනවා. එබැවින් ජාතික ගීය දෙමළෙන් ගැයීමට තනි කැමැත්තට අවසර දීමට රජයට වුවද අපේ ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නැහැ. එමෙන්ම විවිධ භාෂා වලින් ජාතික ගීය ගායනයෙන් බොහෝ රටවල පිළිබිඹු කෙරෙන්නේ එකමුතුකමකට වඩා බෙදුණු ස්වභාවයයි. (නි)
අම්ම, අප්පව හඳුනන්නේ නැති එවුන් කොහෙද ජාතික කොඩිය හරි හැටි හඳුනන්නේ? ජාතික කොඩියත් කෙලසන මේ අයව අල්ලලා හිරේ දාන්න ඕන. (අ)
එතකොට ජාතික ගීය විකෘත්ති කළේ. මෙයා නිකන් බබා වගේනේ. (අ)
ජයවේවා අජිත්!මෝඩයෝ ටිකක් උඩපැන්නට බුද්ධිමත් ජනතාව ඉන්නවා ඔබ සමඟ. සියලු දුෂිතයන් සිපිරිගෙටම යවන්න (නි)
අනේ විමල්, මුලින්ම මහ බැංකු මුදල් වංචාව ගැන පරීක්ෂණ කරන්න කියන්න. ජාතික ගීය වෙනස් කරන්න හොඳයි. අපිට අපේ නියම සිංහලේ කොඩිය ඔසවන්න හොඳ නැද්ද? (නි)
මෙතන ලියන සමහරුන්ට වැරදිකරුවන් ගැන පුදුම කැමැත්තක්නේ තිබෙන්නේ (නි)
ඈසල,මේකේ දැන් වැඩිපුර ඉන්නේ ඉන්දියන් අය.සිංහලයෝ නැහැ. (නි)
එතකොට මහා බැංකුව කෙලෙසපු අය, බටලන්දෙදි අනිත් අයව කෙලෙසපු අය. (ස)
මොනවද මේ කතාකරන්නේ? මෙයාල හිටිගමන් ජාති ආල බෙහෙත් පෙත්තක්වත් බීලද ? ජාතික ගීය රාජ්‍ය අනුග්‍රහයෙන් කෙලෙසපු එවුන්ට මොකද කාරන්නේ ? (අ)
අර ජනාධිපති ජාතිය අමතනකොට පිටිපස තිරයේ සිංහයට මොකැයි වෙලා තිබුනේ දරුවනේ. ගුටි කාලැයි ? (ස)
කුරුටු ගී ලියපු එකට සමාව දුන්න එකේ, ඕකටත් සමාව දීලා දාන්න ඔන්න ඔහේ! (නි)
අර කවුද එක්කෙනෙක් ගෙදර ඉන්න ටොමියට මෙයාව සාමාන කරපු එක හරියට හරි . ඔහේ බුරනවා ඉස්සලම තමුන්නාන්සේ අපේ අතීතයට ගිහිල්ල බලන්න. අපේ ජාතිය නොමග යවන්නේ නැතුව. සුමංගල හාමුදුරුවෝ එසවූ සිංහ කොඩියට කොටස් එකතු කරලා තමයි ජාතික කොඩිය නිර්මාණය කරේ. ඉතින් පරණ ඓතිහාසික කොඩිය අතේ තියාගෙන ඉන්න එක ජාතික කොඩිය විකෘති කිරීමක්ද. තවද පලවෙනි නිදහස් උත්සවයේ ඩි.එස් .සේනානායක අගමැතිතුමා එසේව්වේද මේ කොඩියයි. මේ මිනිස්සුන්ගේ අතේ තියෙන්නේ ඒ කොඩියයි. සිංහ කොඩිය හා ජාතික කොඩිය කියන්නේ දෙකක්. සිංහලයට සිංහ කොඩියත් නැති කරන්න යන්නේ මේ ගොල්ලෝ. අනේ අපේ ජාතියට දෙයියන්ගේම පිහිටයි. මොනවා කරන්නද ජාතියේ කරුමේ. නුසුදුස්සන් රජකරන කලේ මේක. (ස)
මේක ජාතික කොඩියක් නෙවෙයි මිනිසුනේ. මේක සිංහ කොඩියක් පමණයි. එකේ වෙනස තේරුම් ගන්න බැරිද,?(අ)
සුමුදු හේවා, රේණුකා, ලංකා, සමරසේකර, ඔබ පතන ඒ බියකරු යුද්ධය ඇති නොවේවා! (නි)
ඉමල්කගේ කතාව ඇත්ත.(බ)
මේ නම් ඇත්තටම බොරු කෑගැහිල්ලක්. මේ අයට තමන්ගේ ජාතික කොඩියවත් අඳුනගන්න බැරි හැටි. ජාතික ගීය දෙමළ භාෂාවෙන් කිවුවහම අපි සතුටු වෙන්න ඕනෑ. ඒක කොහොමද විකෘතියක් වෙන්නේ? (නි)
ජාතික කොඩියත් කෙලසන මේ අයව අල්ලලා හිරේ දාන්න ඕන. (බ)
මට නම් පේන්නේ ඉමල්කා චුටි බබෙක් වගෙයි. ඔබ දන්නවද දෙමළ බස "ලංකාවේ රාජ්‍ය භාෂාවක්" කියල. එතකොට ඒ දෙමළ බසින් සිංහල තනුවේ හෝ පදවල කිසිම වෙනසක් නැතිව එම අරුත දෙමල බසින් ගැයීමේ වරද මොකක්ද? අනික මේ ජාතික ගිය ලංකා මාතාව ගැන කියන ගීය. මේ රට තුල සියලු ජාතිකයින් එකම රටක් තුල ශ්‍රී ලාංකිකයින් ලෙස එකට ජිවත් විය යුතුයි. එසේ නොමැති නම්, එකම රටක් තුල ,අපි එකිනෙකා ජාති වලට බෙදී මරා ගත යුතුයි. මේ දෙකෙහි වෙනස හඳුනා ගෙන කරුණාකර අදහස් දමන්න. (බ)
ස්තුතියි සුමුදු හේවා මා ලියු දේ තේරුම් ගැනීම ගැන. දෙයක් නිවැරදිව තේරුම් ගැනීමට මොළයක් අවශ්‍යයි සමහරුන්ට එය නොමැතිවීම ගැන මගේ කණගාටුව. (නි)
මේ අජිත් දැන් ඕනේ එකටයි එපා එකටයි හැම එකටම උඩ පැන පැන කට දානවා .අහලම අප්පිරියයි .ඔක්කාරෙට එනවා. (අ)
අපේ නියම ජාතික කොඩිය එයම තමා. දේශපාලකයන් අපේ ජාතික කොඩියත් විනාශකළා. (නි)
මතක තියාගන්න. ප්‍රභාකරන් හිටියා නම් මේ වෙනකොට අපේ ජාතික කොඩිය කොහොමත් නැතිවෙලා. කට්ටියට මතක නැහර අවුරුදු 30 ක් බයේ හිටපු හැටි. මැරිලා ඉපදිලා වගේ කතාකරන්නේ. (නි)
වාරියපොළ ගරු හිමියන් සුද්දා ඉදිරියේ ඔසවන ලද්දේ එක එක ඉරි තිබෙන ජාතික කොඩියක් නොවේ. (නි)
නිකන් බොරුවට කෑගහන්න එපා. අනුන්ට ඇඟිල්ල දික්‍කරන්න කලින් තමන් දැනට කරමින් ඉන්න වැරදි ටික පළමුව හදාගන්න. (නි)
අනේ ඇත්තට මෙහෙමත් කතා! (නි)
සැබෑ සිංහලේ ජාතික කොඩිය තමයි මහත්තයෝ ඒ මිනිස්සු එදා අතේ තියාගෙන හිටියේ.සිංහයා ඉන්න කොඩි ලංකාවේ විවිධ පළාත් වල විවිධ විවිධ විදියට යම් නියෝජනයන් සඳහා එදා ඉඳලා තියෙන්නේ.කවුරුවත් ඒවාට ජාතික කොඩිය කියන්නේ නැහැනේ.මේ කොඩිය ගෙනාවේ යම් නිරූපණයක් කරන්න.ජාතික කොඩියම විරෝධතා වලට ගෙනෙන්න කියලා නියමයක් නැහැනේ. (නි)
අපේ අප්පෝ ...මං බැලුව කවුද මේ කියල.... මාර දේශප්‍රේමී කට්ටියක්නේ තප්පුලන්නේ ... (බ)
මෙතන අදහස් දාන අය ව්‍යවස්ථාව පිළිබඳ කිසිම දෙයක් නොදන්නා බව පෙනෙනවා (නි)
ඉමල්කා, කවුද ජාතික ගීය විකෘති කළේ? ජාතික ගීයේ භාෂා පරිවර්තනය 1950 ගණන් වල සිට තිබෙනවා කියලා දන්නේ නැද්ද (නි)
ඉමල්ක, නොදන්නා දේ ගැන කතා කරන්න එපා. ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා කරන්න අවසර දුන්නේ අද ඊයේ නෙවේ. එය අපේ ව්‍යවස්ථාවට ඇතුලත්ව තිබු දෙයක්. පසුගිය රජය තමා එය තහනම් කරලා ඉතිහාසය විකෘති කළේ (බ)
සුමුදුගෙ තර්කානුකුල අදහස්වලට උදහස් වෙන්න එපා .හැකිනම් එම තර්ක බිඳ දමන්න (බ)
මෙම වැරදි විදියට ජාතික කොඩිය නිර්මාණය කරලා නිෂ්පාදනය කව්රුන් විසින් කරන ලද්දේද? එය කව්රුන් විසින් බෙදා හරින ලද්දේද? අව භාවිතය සඳහා හොර රහසේ මෙම කොඩිය නිර්මාණය කරලා සැලසුම් සහගත ලෙස කුමන්ත්‍රණය කලේ කව්රුන් විසින්ද යන්න අපරාද පරීක්ෂණ පොලිසිය විසින් සොයා රටට හෙළිදරව් කිරීම යහපාලනයේ වගකීමයි. එසේ නොවන නිසා ඉහත ප්‍රකාශය සමාන කල හැක්කේ වැදී ඇඳුමට උඩින් සුදු පිරුවටය ඇඟ ලාගත්තා වැනිය. (ර)
බලන්නකෝ අපේ කට්ටියටත් තියෙන ප්‍රශ්න.... (නි)
අපි මේ පාර ඡන්දෙදි බලාගන්නම් (නි)
සුමුදු හේවා, ඔබ අනුනට ලියු ප්‍රතිචාරයක් කරපින්නාගෙන මගේ නම සඳහන් කළ නිසා නිසා මේ ලියන්නේ. ඔබට තිබෙන්නේත් අසවලාට තිබෙන මුල මතක නැති ලෙඩේම තමයි. (නි)
ජාතික ගීය දෙමලෙන් ගැයුවා කියල සමහරු කෑ ගහනවා. හිතල බලන්න දෙමලෙන් උනත් කියල තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගීයනේ. (ර)
ජාතික කොඩිය ඔය වගේ ස්ථාන වලට නුසුදුසුයි. අනික කරපු දහසක් වැරදි වලට මුහුණ දිය යුතුමයි. ඇවන්ගාඩ්, සුදුවෑන් , කුඩු, ඝාතන මේවා රටේ නීතිය අතට ගෙන කරපු දේවල්. ඒවා අනුමත කරන්නෙත් ඒ වගේ අය විතරයි. බලය තිබුන පලියට එහෙම කරන්න බැහැ , කතාවක් තියෙනවා දෙවියෝ පය තියන්න බය තැන මෝඩයෝ පිනුම් ගහනවා කියල. ඒවා තමයි පසුගිය කාලේ උනේ. (ස)
ලංකාවේ ඉන්න මුස්ලිම් , දෙමල ශ්‍රී ලාංකිකයන් නොවේද? ඇයි මේ මිනිස්සු ජාතිවාදය අවුස්සන්නේ. (ර)
බලන්න මේ සුමුදු හේවා කියන කෙනාට අනුව ෆොන්සේකා මහතා ද්‍රෝහියෙකුලු. දැන් සුමුදු මොනවද රට වෙනුවෙන් කරලා තිබෙන්නේ ? (දිල්)
ව්‍යවස්ථාවවත් කියවලා නෙමෙයිනේ සමහරු ජාතික ගීය ගැන කියන්නේ. (නි)
ගරු නි.ඇමති තුමනි, මේ ප්‍රශ්නය ගැන කතා කරන්න ඕනි ස්වදේශ කටයුතු භාර බලධාරීන් නේද?. ඔබ තුමා හොඳ උගතෙක්, බුද්ධිමතෙක්. ඉතාමත් සංවරශීලී මහජන නියෝජිතයෙක්. ඔබ තුමාට ඉතා පැහැදිලි අනාගතයක් තිබෙන තරුණ ජවය පිරි රයිගම්පුර දේශපාලන නායකයෙක්. කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත් වෙයි. (ර)
අපේ අයගේ තිබෙන උනන්දුව අදහස් තොගයෙන්ම පෙනෙනවා (නි)
වැරදිකරුවන් අනිවාර්යයෙන් දඬුවම් ලැබියයුතුයි (නි)
ඒ ගමන ජාතික කොඩියටත් අතතියලද? (නි)
අරයා ටිකක් දැන් සැර වැඩියි නේද? (නි)
සුමුදු හේවා යුද්ධ කාලයේ අසනිපයි කියල හමුදාවෙන් අයින් වෙලා රට ගියේ කවුද කියල මතක් කරගන්න. ෆොන්සේකා ට ද්‍රෝහියා කියන්න ඔබ කවුද? රජ උෂ්ණෙ ගහපු පළියට මේ රටට වැදගත් සේවයක් කළ කෙනෙකුට ද්‍රෝහියා කියන්න කට අරින්නේ දේශපාලන පින් බත් ගිලපු කෙනෙකුම විතරයි. (බ)
භද්‍රානි, මම ඔය කවුරුන්ටත් වැඩිය යුද්ධය අත්දැකපු කෙනෙක්. ඒක නිසා නැවත යුද්ධයක් නම් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මගේ රට (පෘථිවියේ දිව්‍යලෝකය) භාෂා කිහිපයකින් ජාතික ගීය ගයන්න තරම් කුඩා වැඩියි. රන්ඩු සරුවල් තියෙන එක ගෙදර වසන අමනාප උදවිය ඉන්නකොට තමයි ඒ ගෙදර ලිප් දෙකක බත් වෙන වෙනම ඉදෙන්නෙ. එතන එකමුතුකම නැති නිසා. ජාතික ගීයත් එහෙමයි. වෙනම කියන්න ඕන කියන්නේ බෙදිල වෙනම ඉන්න ඕන කියන කට්ටිය මිසක් එකට ඉන්න ඕන කියල හිතන පතන උදවිය නෙවෙයි. ඒ බව තේරුම් ගන්න බුද්ධිය පහළවේවා.(බ)
ඔය කොඩිය වැරදි සහ එය තබා ගෙන සිටියට අදාල අය සමව ඉල්ලන කොට කඩේ යන කට්ටිය 'යන්න කොහෙද මල්ලේ පොල් ' (බ)
ජාතික කොඩිය වෙනස් කරන්න කාටවත් බලයක් නැහැ (නි)
සමහරු නිකම් කතා කරන්නේ ලංකාව තමන්ගේ අයිතියක් වගේ.කෙළෙහිගුණය කියන එක නම් දන්නෙම නැහැ. ඇසළ,සුමුදු හේවා ඔබගේ අදහස් වලට ගරු කරනවා. (නි)
ආ මේ අපේ අජිත් මහත්තයනේ... (නි)
සුමුදුහේවා කොහොමද මෙතන රට වෙනුවෙන් යුද්දෙට ගිහින් සේවය කළ ජනරාල්ට ද්‍රෝහියෙකු කියලා කියන්නේ. (දිල්)
අනාගත පරම්පරාවක් ගැන හිතන්නේ නැති අය තමයි දැන් වැඩිපුර ඉන්නේ (නි)
මෙයාලා හරියට කෑගහන්නේ අංගසම්පූර්ණ, සිහිනෙන්වත් බොරු නොකියන නොකරන අය විදිහට! ඔහොම පොඩි වැරැද්දත් පෙන්වන්න පුළුවන් 100% නිර්දෝෂී අයට විතරයි. (නි)
ජාතික කැක්කුමෙන් නැඟි නොසිටින සිංහලයන්ට දඩුවම් කරාවී. (දිල්)
අද රටේ හැමදේම කෙළෙසන එකේ ජාතික කොඩිය ගැන කවර කතාද? (නි)
කෝ අපේ විමල් මහත්තයා සද්ද නැහැනේ! (නි)