IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ජාතික ආරක්ෂාවට උකුසු ඇසක් ඕනෑ‘

ජාතික ආරක්ෂාවට ඇති අභියෝග සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය අවධානයෙන් සිටිය යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

රටක් ලෙස ගැටළු වලින්  තොරව ඉදිරියට යෑමට නම් ජාතික ආරක්ෂාව ගැන දැඩි අවධානයක්  යොමු කළ යුතු බව ඒ මහතා කීවේය.

මෙවර සිංහල සහ දෙමළ අවුරුද්ද නිදහසෙන් සහ සාමකාමීව භුක්ති විඳීම සඳහා රටේ ජනතාවට අවස්ථාව සැලසු රණවිරුවන් සිදුකළ ඉමහත් කැපකිරීම් නිසා බව ඒ මහතා සඳහන් කළේය. තමන් හැමවිටම රණවිරුවන් සිදුකළ කැපකිරීම් නිරන්තරයෙන්ම අගය කරන බව පැවසූ ඒ මහතා ත්‍රස්තවාදය නිමා කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමින් ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන් සම්බන්ධයෙන් වර්තමාන රජය වැඩි අවධානයක් යොමුකර ඇති බවද පැවසීය. ආරක්ෂක අමාත්‍යවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අවුරුදු උත්සවයක් අමතමින් එසේ කීවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු වර්තමාන රජයේ ජනතා හිතවාදී වැඩපිළිවෙල හේතුවෙන් නිදහස් හා සාමකාමී වාතාවරණයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව සෑම ප්‍රදේශයකම දක්නට ලැබෙන බව පැවසූ  අමාත්‍යවරයා, පවතින නිදහස් හා සාමකාමී වාතාවරණය අවුල් කිරීමට කිසිම කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට ඉඩ නැතැයි පැවසීය. ජනතා අපේක්ෂාවන් තව දුරටත් සාර්ථකව ඉටුකිරීම වත්මන් ර‍ජයේ අභිලාෂය බව පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා නව අවුරුදු උදාවත් සමඟ රටේ සියලු ප්‍රදේශවල  ජනතාව බේදයෙන් හා පීඩාවකින් තොරව සතුටෙන්  යුතුව සැමරීම මෙවර අලුත් අවුරුදු සමයේ දක්නට ලැබුණු සුවිශේෂ කරුණක් බව පෙන්වා දුන්නේය.

පවතින සාමකාමී තත්වය දිගු කාලීනව පවත්වා ගෙන යෑමට ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමාගේද උපරිම දායකත්වය ලබා දෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

IMG_7762 IMG_7767 IMG_7776 IMG_7844

                                               



අදහස් (0)

‘ජාතික ආරක්ෂාවට උකුසු ඇසක් ඕනෑ‘

වැකෝ Wednesday, 22 April 2015 03:49 PM

උතුරේ ආණ්ඩුකාරතුමා සහ ත්‍රිකුණාමලේ දිසාපති ඉවත් කළා. මාන්කුලම් පොලිස් කොට්ටාසය ඉවත්කලා. ත්‍රිකුණාමලේ නාවුක හමුදාවෙන් 450 දෙනෙකු ඉවත් කර, එම භූමියෙන් කොටසක් බෙදා දුන්න. (බ)

:       0       0

වැකෝ Wednesday, 22 April 2015 03:51 PM

උතුරෙන් හමුදා ඉවත් නොකරන බව කිවූ ඔබ , හමුදා ඉවත් කරන්නේ මොකද? (බ)

:       0       0

වැකෝ Wednesday, 22 April 2015 03:54 PM

ඇමති තුමනි , උතුරේ සහ නැගෙනහිර රජය කරන දේවල් මොකද මහජනයාට හංගන්නේ? (බ)

:       0       0

වැකෝ Wednesday, 22 April 2015 04:01 PM

ඇමතිතුමා ,බොරුවට පුරසාරම් කියවන්න එපා. එන්න එන්නම රටේ ආරක්ෂක තත්වය රජය මගින් දුර්වල කරනවා . මොකද චීන නැවු ශ්‍රී ලංකාවට එන්නේ නැත්තේ ? (බ)

:       0       0

විජයබාහු Wednesday, 22 April 2015 01:01 PM

ඔව් ඉතින්. මේ යන විදියට ගියොත් නම් ඉදිරියට ආරක්ෂාව සොයාබැලීම වෙනුවෙන් උකුස්සොවත් දාන්න වෙයි (නි)

:       0       0

කපිල Wednesday, 22 April 2015 01:07 PM

ඔබතුමාගෙ කතාව ඇත්ත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site