IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

(අංජුල මහික වීරරත්න)

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. 

 ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

මැතිවරණ දිනයේ දී රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම,  ජන්ද මධ්‍යස්ථාන හා  ජන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

එසේම පශ්චාත් මැතිවරණ සමයේදී  රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (5)

ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

ලක්මල් Thursday, 19 September 2024 05:31 PM

රනිල් රාජපක්ෂ දේශබන්දුට තියෙන ආදරේ පේනවා... පතිනායක ලොක්කාව අඩුම තරමේ මුල් පුටු පේලියටවත් ගෙනැල්ලා නැති එකෙන්. ලැජ්ජා නැතිකම රනිල් රාජපක්ෂට වඩා ලොකුයි...!

:       0       0

ජගත් ලියනගේ Thursday, 19 September 2024 06:33 PM

රනිල්ගේ අන්තිම "ආරක්ෂක කවුන්සිලයේ" රැස්වීම...

:       0       0

Kazi Shajahan Friday, 20 September 2024 07:44 AM

රනිල්, දිනේෂ්, සාගරගේ අන්තිම රැස්වීම, ආයෙත් දකින්න නොලැබෙනවා. රට කාපු හැත්ත...!

:       2       1

අරවින්ද මොනරවිල Friday, 20 September 2024 08:05 AM

ජනාධිපති අපේක්ෂකයෙක් නිසා තමන්ට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න බැහැ කිව්ව ඔයා යන්න ඉස්සර වෙලා තව ගේමක් ගහන්න ට්‍රයි කරනවාද? පල්ලි වලට හෝටල්වලට බෝම්බ ගහන තුරු බලා හිටියා.. මෙයා කොහොමද රටේ ආරක්ෂාව සළසන්නේ. නිකම් විහිළු නොකර යන්න ලැහැස්ති වෙන්න සුදා...!

:       2       1

wedage Friday, 20 September 2024 09:56 AM

තව දවස් කීයද? මෙයා...!

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site