ජාතික ආණ්ඩු සංකල්පයට තමා විරුද්ධ බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කියයි.
කොළඹ පදනම් ආයතනයේ අද (5) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ රැස්වීමේදී ජාතික ආණ්ඩු සංකල්පයට පක්ෂයේ ඒකමතික කැමැත්ත හිමිවු අතර වෙල්ගම මහතා පමණක් ඊට විරුද්ධ විය. ජනපති මෛත්‍රිපාලි සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
එහිදී පක්ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කරන ආකාරය, පක්ෂයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එජාප රජය හා සම්බන්ධවී අමාත්‍ය ධූර ලබාගැනීම සම්බන්ධවත් සාකච්ඡා කළ බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා කීවේය.
හෙට (6) මහනුවරදී පැවැත්වෙන රැලිය සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන මහතාගෙන් මාධ්‍යවේදීන් විමසුවද ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අද සාකච්ඡා නොකළ බවයි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපේ ප්‍රණාමය පඹය හදන්නේ කොටා එක්ක පක්ෂය නැති කරන්න (අ)
කුමාර මහත්තොයෝ ඔබ නියමයි , අනික් අය වගේ හොරිකඩයෙක් වෙන්න එපා , ඒ අය එකතුවෙලා බඩ ගොස්තර වාදය දියණු කරගන්න විදියක් බලනවා (අ)
ජාතික ආණ්ඩුව හොරුන්ටද හොදයි
මම උපන් දා ඉඳනා ශ්‍රි ලංකා කාරයෙක් අයියෝ මම මේ වගේ නපුන්සකයින්ට ද කඩේ ගියේ (අ)
එක ගෙදෙර කනවට විරුද්දද?. (අ)
කුමාර මහත්තයෝ, ඔබ නියමයි! (නි)
රට ජාතිය අංක එකට! එකට එකතුවෙන්න බැරි මෙයාලට ඊළඟ ඡන්දෙදි පිළිතුරු ලැබෙයි. කැමති නම් අද ඉඳලම වැඩේ පටන්ගන්නත් පුළුවන් මහනුවර ගිහින් (නි)
ජාතික ආණ්ඩුවක් යනු කුමක්දැයි සිතාගත නොහැක (නි)
සියලුදෙනාම එකමුතුවී වැඩකරන කාලය පැමිණ ඇත. (නි)
නියම ජාතික ලාංකීය නායකයන් විදියට කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න. සියල්ලන් වැඩ කරන්නේ තමන්ගේ වාසියට (නි)
මට හිතාගන්න බැහැ අපේ රටට වෙන්න යන්නේ මොකක්ද කියලා. (නි)
ඔබතුමා තනිවම හරි සටන්කළ එක ගැන අපි ආඩම්බර වෙනවා (නි)
ඒකමතික තීන්දුවකට එක්කෙනෙක් විරුද්ධ වෙන්නේ කොහොමද? (නි)
විරුද්ධ වෙන්න විරුද්ධ පක්ෂයක් නැතිකිරීම නම් අති භයානකයි. (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් එක එක වර්ගයේ අයගෙන් පිරිලා. (නි)
ඉතිහාසයේ විධායකය ඉදිරියේ තම පක්ෂයේ අය මෙහෙම ක්‍රියාකර නැහැ. (නි)
තවත් එක් නිර්භීත පිරිමියෙක්! (නි)
පිවිතුරුට නම් එහෙම පේනවා ඇති. (නි)
දැන් අපිට පෙනෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ජනතා ප්‍රශ්න විසඳන්න කියලා එන දේශපාලකයන්ගේ ප්‍රශ්න විසඳාගන්න කරන අරගලයකුයි. (නි)
ඔයාලගේ මුහුණු වලින්ම පේනවා ඔයාලා ඉන්න තත්ත්වය. දැන් තේරෙනවා නේද? (නි)
තනියෙන් බදාගන්න හදන, සාමුහික හැගිමෙන් වැඩ කරන්න බැරි, රටට හෙන ගැහුවත් කමක් නැහැ කියන හිතන අය තමයි ජාතික ආන්ඩුවකට විරුද්ධ වෙන්නේ. මේ අය ගැන ජනතාව ඡන්දෙදි තිරණයක් ගත යුතුයි.(දිල්)
සමහරු දේශපාලනය කළා. තවත් සමහරු රජවරුන්ගේ කුණු සේදුවා විතරයි කරපු දේශපාලනයක් නැහැ.. ඒවගේ අයට ජාතික ආණ්ඩු, යහ පාලනය පෙන්නන්න බැහැ. කාගෙ හරි ඇගේ එල්ලිලා මිසක් නැවත බලයට එන්න බැරි බව දන්න නිසා හොද දේවල් වලට විරුද්ධ වෙලා කුකලෙන් අදිනවා.(දිල්)
මේ රටට දැන් ඕනේ ජාතික ආණ්ඩුවක්. සැවොම එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවමු (දිල්)
ඔබ වැනි එක සිංහයෙක්වත් ඉන්නන එක ලොකු දෙයක් (දිල්)
ප්‍රත්පත්ති ගරුක සැබෑ මිනිසෙක්. පක්ෂය කඩන් ගිහිල්ල පාවා දුන්න අයට වඩා.(දිල්)
අපි හොඳටම දන්නවා, ඔබ තුමා නිදාගෙන හිටපු සිංහයෙක් කියලා.නැගිට්ටවගත්තොත් කාට කාටත් අමාරු වේවි.(දිල්)
හොරු සමග තනිවම සටන් කළ ඔබ හරි බව ඔය මිනිස්සු නොදන්නවා නෙමේ ඔහොම යං ඔබට ජය !(දිල්)
සමගියෙන් වැඩ කරන්න කැමති නැද්ද ඔබතුමා. ඒක රටට හොඳ නැද්ද? (නි)
සමහරු ශ්‍රී ලංකා එක පාවාදෙන්නද හදන්නේ? ඒ මොන දෙයක් බලාපොරොත්තුවෙන්ද? ආයේ අවුරුදු විසිපහකටවත් ගොඩයන්න බැහැ ඔහොම ගියොත්. (නි)
මම සමහරු කියලා කිවුවේ වෙල්ගම මහතාට නොවේ (නි)
හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පුරවැසියෙක් වන අතර, ඡන්ද අයිතිය ඇත. ඇප තැබීමට මුදල් ඇත්නම් ඡන්දය ඉල්ලීමට අයිතිය ඇත. එසේනම් මහින්ද රාජපක්ෂට ආයේ ඡන්දය ඉල්ලන්න එපා යැයි යමෙක් කියයි නම් එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංගණය කිරීමක් සහ තර්ජනය කිරීමක් ලෙසද සැළකිය යුතුය (නි)
දැන් සිදුවන්නට යන දෙය අපිට ඉතා පැහැදිලිය. (නි)
ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. ඒක එතුමාගේ අයිතිය. ඒත් ඇයි කියන එකයි ප්‍රශ්නය. අවුරුදු 10 ක් විධායක ජනපති වෙලා ඉඳලා ඇයි පහළට වැටෙන්නේ. (නි)
ඡන්දය දෙන ජනතාව තිරණය කරයි මොන ආණ්ඩුවකටද කැමති කියන එක. සමගියෙන් රට හදනවට තමයි බහුතර ජනතාව කැමති. බෙදිලා හිටියා හොදටම ඇති. කාටත් ඕනෙ රට හදන්න නම් ඇයි මේ පොර කන්නේ?(දිල්)
දැන් ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවයි ..එතකොට ලංකාවේ වැරදි කලේ මහින්ද මහත්තය විතරයි..?කුඩු ගෙනාවේ ,එතනෝල් ගෙනාවේ ,කොමිස් ගැහුවේ ,ඔක්කොම කලේ මහින්ද.?මේ ඔක්කොම සුද්දවන්තයෝ ...රටකට ගිය කලක් .. (දිල්)
මුළු කලුතර දිස්ත්‍රිකකයේම නිල් ජන්ද මෙතුමාටයි ඉතින් මොකටද බය වෙන්නේ (දිල්)
අවුරුදු 20 ක් පසුගිය රජයෙත්, වසර10 ක් විධායක ජනාධිපති වශයෙනුත් ඉඳලා ගෙදර යන්ටත් පෙර නැවත බලය ඉල්ලන්නේ මොන තරම් බලලෝභී කෙනෙක්ද? පක්ෂය තමන්ගේ පරවේනියක් නෙවේ. පසුපෙළ නායකයින්ට ඉඩ දිය යුතු නැද්ද? (දිල්)
දැන් සිදුවන්නට යන දෙය ඉතා පැහැදිළියි . ජාතික ආණ්ඩුවක් යටතේ ශ්‍රීලනීප මන්ත්‍රී වරුන්ට රනිල් යටතේ වැඩ කිරීමට සිදුවනු ඇත (දිල්)
යුද්දෙට නැති ජාතික ආණ්ඩු දැන් මොකටද? එක පාරක් අගමැති වෙලා, ඊට පස්සේ පැරදිලා, දෙපාරක් ජනාධිපති ඉල්ලලා පැරදිලා, දැන් අගමෑති කමට ඉල්ලන්න රනිල් මහත්තයට හොඳ නම්, මහින්ද මහත්තයට මොකද නරක? (දිල්)
මගේ හැගීම ජාතික ආණ්ඩුව ගොඩාක් වටිනවා මේ අවස්ථාවේ. (ර)
කුමාර වෙල්ගම මහතා ගුණ ගරුක මහතෙක්. (ර)
මහින්ද මහතාගේ සාඨකයේ සැගවී එතුමාට හොර නාමය ගෙන ඒමට කටයුතු කළ අය අද ජාතික ආණ්ඩුවට මුවාවෙන්න හදනවා. රට අගාධයට වැටුනු වෙලාවෙි යොදා නොගත් ජාතික ආණ්ඩුව සොරැන්ට සැගවිමට යොදා ගන්නයි සුදානම යුද්දෙට නැති කඩුවෙන් දැන් කොස් කොටන්නයි ලැස්තිවෙන්නේ (බ)
මේ රටට මොනවද වෙන්න යන්නේ කියලා කියන අය තමන්ටම වැඩකරගන්න අය. මේ ගොල්ල බොරු ආදරයක් පෙන්නන්නේ. ජනතාවට බොරු කියල තමන්ගේ බඩ වැඩි කර ගන්නේ. (බ)
තනියම කෑම ඇඟට ගුණයි වගේ. පුරුද්දෙන් කියන්නේ (බ)
තනතුරු ගන්න නම් සමහරු ඕනෑ කෙනෙක් පාවාදෙයි (නි)
මේ පෙන්වන්නේ කාගේ අරගලය වුවත් අපි එදෙස බලාසිටිමු (නි)
අපිත් විරුද්ධයි (නි)
ජයවේවා... ජයවේවා... ජයවේවා! ඔහොම යමු. (නි)
වෙල්ගම කියන්නේ පරණ නායකයකගේ ඉත්තෙක් නිසා , මේකට මේ අයට ජනතාව පිළිතුරු දෙවි (අ)
අපි ඡන්දෙ දුන්නේ එජාපය එකත් එක්ක සංවාසේ යෙදෙන්න නෙමෙයි. මේ මන්ත්‍රීවරුන් ඔක්කොම එක දැනගන්න ඕනෑ. අමතක නම් ඊළඟ ඡන්දෙකදී මතක්කරල දෙන්නම්. (අ)