දැනට පවතින ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නියමාකාරයෙන් පත් වූ ජාතික ආණ්ඩුවක් නොවන බව තීරණය කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(24) තීන්දු කළේය.
එසේම එම පෙත්සම් ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභ කිරීමටද තීන්දු කැරිණි.
වත්මන් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නොවන බවට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි මහතා ගොනු කර තිබූ මෙම පෙත්සම ප‍්‍රියසාත් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ සහ සිසිර ද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ නීතීපතිවරයා නම් කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (නි)
ඔහොම යමුකෝ. ජය ශ්‍රී! (නි)
අයියෝ පව්.(හේ)