IMG-LOGO

ජාතික ආණ්ඩුවට එරෙහි පෙත්සමේ විරෝධතාවලට ඉඩ

දැනට පවතින ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකුළ වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසත් , පත් කර සිටින අමාත්‍යවරුන් , රාජ්‍ය ඇමැතිවරුන් , සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කරන ලදී.

ජාතික ආණ්ඩුව පිහිටු වීම ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත සිදුකළ බවත්, එය අභියෝගයට ලක් කළ නොහැකි බවත්,ඒ සම්බන්ධව අභියෝග කරන නඩුවක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණට ඇති අධිකරණ බලය සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ඇති බවටත් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම අවසරය දුන්නේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද (03) කැඳවිණි.

අගමැති ඇතුළු කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද අධිකරණය හමුවේ කියා සිටියේ දැනට පවතින ජාතික ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත පිහිට වූවක් නිසා එය අධිකරණය හමුවේ අභියෝගයකට ලක් කළ නොහැකි බවය.

ඒ අනුව ජාතික ආණ්ඩුව අභියෝගයට ලක් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කිරීමට තිබෙන බවද, එබැවින් එම විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස  හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විමලධර්ම අභයවික‍්‍රම මහතා විසින් ගොනු කැරුණූ පෙත්සමේ අගමැති රනිල් වික‍්‍රමසිංහ , කැබිනට් අමාත්‍ය මණ්ඩලය , සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් , සියලූම දේශපාලන පක්ෂ වල ලේකම්වරුන් , නීතිපතිවරයා ඇතුළු 243 දෙනෙකු  වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.



අදහස් (0)

ජාතික ආණ්ඩුවට එරෙහි පෙත්සමේ විරෝධතාවලට ඉඩ

ලසිත් Saturday, 04 June 2016 10:51 PM

බොහෝ අයට තිබෙන්නේ තමන්ට ලැබුණු ආදායම් අඩුවීම පිළිබඳ ගැටලුවක්. නැතුව රට ගැන හැඟීමක් නොවේ (නි)

:       0       0

අනුර Saturday, 04 June 2016 08:37 AM

සරත් වීරසේකර මහතාට සහ විමලධර්ම මහතාට මුළු ජාතියේම ප්‍රණාමය පුදකරමු! (නි)

:       0       0

සුසන්ත Friday, 03 June 2016 05:53 PM

සරත් වීරසේකර මැතිතුමාට අපගේ ප්‍රණාමය මේ ක්‍රියාව ගැන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 132 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 405 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site