දැනට පවතින ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකුළ වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසත් , පත් කර සිටින අමාත්‍යවරුන් , රාජ්‍ය ඇමැතිවරුන් , සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කරන ලදී.
ජාතික ආණ්ඩුව පිහිටු වීම ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත සිදුකළ බවත්, එය අභියෝගයට ලක් කළ නොහැකි බවත්,ඒ සම්බන්ධව අභියෝග කරන නඩුවක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණට ඇති අධිකරණ බලය සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ඇති බවටත් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම අවසරය දුන්නේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද (03) කැඳවිණි.
අගමැති ඇතුළු කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද අධිකරණය හමුවේ කියා සිටියේ දැනට පවතින ජාතික ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත පිහිට වූවක් නිසා එය අධිකරණය හමුවේ අභියෝගයකට ලක් කළ නොහැකි බවය.
ඒ අනුව ජාතික ආණ්ඩුව අභියෝගයට ලක් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කිරීමට තිබෙන බවද, එබැවින් එම විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විමලධර්ම අභයවික‍්‍රම මහතා විසින් ගොනු කැරුණූ පෙත්සමේ අගමැති රනිල් වික‍්‍රමසිංහ , කැබිනට් අමාත්‍ය මණ්ඩලය , සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් , සියලූම දේශපාලන පක්ෂ වල ලේකම්වරුන් , නීතිපතිවරයා ඇතුළු 243 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ අයට තිබෙන්නේ තමන්ට ලැබුණු ආදායම් අඩුවීම පිළිබඳ ගැටලුවක්. නැතුව රට ගැන හැඟීමක් නොවේ (නි)
සරත් වීරසේකර මහතාට සහ විමලධර්ම මහතාට මුළු ජාතියේම ප්‍රණාමය පුදකරමු! (නි)
සරත් වීරසේකර මැතිතුමාට අපගේ ප්‍රණාමය මේ ක්‍රියාව ගැන. (නි)