ලංකාවේ එක් දේශපාලන පක්ෂයක් අනෙක් පක්ෂය තලා පෙළා දුර්වල කිරීමේ දේශපාලන සංස්කෘතිය නිසා අප බලාපොරොත්තුවූ පරිදි ශ්‍රී ලංකාවේ ජාතික ආණ්ඩුවක් බිහි කිරීම ලේසි නැතැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති ලන්ඩනයේදී පැවසීය.
මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව ප්‍රමුඛ මෛත්‍රී දිනවීමේ පෙරමුණ අමතමින් ඔහු එසේ කීවේය.
ශ්‍රී ලංකාව එක්සත් කර යළි ගොඩනැගීම සඳහා 2004 සුනාමියේදීත්, 2009 යුද ජයග්‍රණයේදීත්, 2015 පොදු අපේක්ෂක ජයග්‍රහණයේදීත් අවස්ථාව එළැඹුන අතර අපට මුල් අවස්ථා දෙක ගිලිහී ගිය බවත් දැනට ඉතිරිවී ඇත්තේ අවසන් අවස්ථාව බවත් ජනපති කීවේය.
බෙදී ගිය රට එක්සත් කැර වැටී ගිය ආර්ථිකය දියුණු කිරීමට 2015 ජයග්‍රහණය යොදා ගත යුතු බවත් එය මහා මන්දිර හා රාජ ඌෂ්ණය මහා මාළිගා ඉදිකිරීමට නොවන බවත් සිරිසේන මහතා කීවේය.
උතුරේත් දකුණේත් දේශපාලන පක්ෂ ගැටුම්කාරී අවලාද දේශපාලනය නතර කළ යුතු බවද ඔවුන්ගේ ආත්මාර්ථකාමී හා අවස්ථාවාදී ප්‍රතිපත්ති අත් නොහළහොත් තවත් අවුරුදු 10කින් තවත් යුද්ධයක් ඇතිවීම නොවැළැක්විය හැකි යැයිද ජනපති කීවේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සේවය පත්වී ඇති අසාර්ථකත්වය හා අවමානය පිටු දැක යළි එහි කීර්තිමත් හා විශිෂ්ඨත්වය ඇති කර ගත යුතු යැයි තානාපති හා රාජ තාන්ත්‍රික තනතුරු මිතුරන්ට, නෑදෑයනට හා පන්දම්කාරයන්ට හෝ ඉසුරු සොයා යන්නවුනට හෝ පිටරට සරසවිවලට දරුවන් ඇතුළු කරගන්නවුනට හෝ නොදිය යුතු යැයි කීවේය.
ද්විත්ව පුරවැසි භාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව රුපියල් පන් ලක්ෂයක් අය කිරීම දරාගත නොහැකි යැයි නියෝජිතයෝ කීහ. එය අඩු කළ හැකිදැයි සොයා බලන බව ජනපති කීවේය. එක්සත් ජාතික පක්ෂ ලන්ඩන් ශාඛාවේ සභාපති හර්ෂ කන්නන්ගර මහතා පැවසුවේ ඔහු පොදු අපේක්ෂක වීමටත් පෙර තම කණ්ඩායම ඔවුනට සහයෝගය දැක්වූ බවත්ය.
ශ්‍රි ලංකාවේ මාධ්‍යවේදියකුව සිටි චතුර විද්‍යාරත්න මහතාද කථා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශවල ඉන්න අය නිදහස් අධ්‍යාපනය ඇතුළු සියලු දේ ලැබුවේ නොමිලයේ.රුපියල් 500,000 ට කෙඳිරිගානවා. මොන ලැජ්ජානැති කතාවක්ද? (නි)
පසුගිය ජනාධිපතිවරණයට පෙර "බන්දුල පෙරේරා" නමින් රඟපෑ නළුවෙක් මැතිවරණයෙන් පසු "පිවිතුරු යහපාල " නමින් රඟපෑමක් දකින්නට ඇත. නම වෙනස් වුණත් පුරුද්දට කඩේ යන චරිතයේ රඟපෑමෙහි වෙනසක් දකින්නට නැත. (නි)
දින සියයටත් එහෙම කියයිද දන්නේ නෑ (දිල්)
ඉන්දික, ඔයාගේ ඔය අදහසින් අදහස්කළේ මොකද්ද කියලා කාටත් තේරෙනවා. ඔයා වගේ අයගේ ඔය යටත් විජිත මානසිකත්වය තිබෙනතුරු මේ රට දියුණුවෙන්නේ නැහැ.හැම මිනිහෙක්ම ඉංග්‍රීසි දැනගෙන ඉන්න ඕනෑම නැහැ.ඔයාට ඕනෑ නම් මම පෙන්වන්නම් ඉංග්‍රීසි බැරි සුද්දෝ ඕනෑතරම් ! (නි)
පාට කණ්ණාඩි දාගෙන ඉන්න අය හිතන්නේ අනෙක් අයත් පාට කණ්ණාඩි දාගෙන ඉන්නවා කියලා (නි)
අපිට නම් හිනාවෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ (නි)
මොන දේ වුණත් ලෙහෙසියෙන් කරන්න බැහැ තමයි (නි)
එතකොට සිරිපාල මහත්තය මේක සුද්දන්ට කිව්වේ සිංහලෙන් වෙන්න ඇති.(නදී)
ඉන්දික මහත්තයෝ ඔබ තුමා කියවන්නකෝ හරියට. (නදී)
මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ මෛත්‍රී සහාය කණ්ඩායම කියන්නේ සුද්දෝද ඉන්දික? (නදී)
මේක මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ මෛත්‍රී සහාය කණ්ඩායමට කියල තියෙන්නේ. ඒ කියන්නේ එ්කෙත් මෛත්‍රීට අකමැති අය ඉන්නවද (නදී)
ජනතාව කැමති ආණ්ඩුවක් දින 100 පසු -හදමු නොකර අත පසු (නදී)
කිව්වේ සිංහලෙන් තමයි. අවශ්‍ය කෙනෙක් ඕන භාෂාවකට පරිවර්තනය කර ගන්න (අ)
මහින්දට පක්ෂ මිනිස්සු කවුද කියන බව ඉන්දිකගේ කොමෙන්ට් එකෙන් පේනවා (බ)
මම හිතන්නේ මේ වතාවේ නළුවෝ කාටවත් සම්මාන උළෙලවල් වල සම්මාන ගන්න වෙන්නේ නැහැ..සියලු සම්මාන අපේ ජනාධිපතිතුමා දිනා ගන්නවා..හොඳම නළුවා, ජනප්‍රියම නළුවා,හොඳම විකට නළුවා හොඳම සහය නළුවා, හොඳම දුෂ්ට නළුවා මේ ඔක්කොම සම්මාන මෛත්‍රී මහත්තයට තමයි.. රඟපෑම් නම් එළම තමයි. (බ)
මෙකෙ දාන කොමෙන්ට් බැලුවම ශ්‍රි ලාංකික මිනිස්සුද කියලා හිතෙනවා. අපේ රටේ ජනපතිව පහතට දාලා කතා කරන්නේ. පක්ෂ බදාගෙන පාට කන්නාඩි දාන අය තමයි මේ කකුලෙන් අදින්නේ?(නදී)
ඔය යන විදිහට තව අව්රුදු 2 ක් යද්දී උතුරු නැගෙනහිර වෙනම පාලනයක් වෙනවා . යුද්ද කරන්න ඕන නැහැ . (අ)
විදේශගත ශ්‍රී ලාංකිකයින් ප්‍රමුඛ පෙලේ විදේශ විනිමය ශ්‍රී ලංකාවට උපයා දෙන්නෝය. ඉතින් මම අහන්නේ, මොකද "ආචාරිය උඩ පැන පැන තැලෙන යකඩේ තලන්නා සේ " ද්විත්ව පුරවැසි භාවය ලබා ගන්නන්ව මෙහෙම තලන්නේ. අවුරුදු 20ක් විදේශ ගතව සිටි අයෙක් කොපමණ මුදලක් ලංකාවට එවා ඇතිද කියා සිතන්න. (අ)
ජාතික ආණ්ඩු හැදීම ලංකාවේ කවමදාවත් කරන්න බැරිබව අපි දන්නේ හුග කලකට පෙර ඉදන්.(නදී)
ඔබතුමා කියන විදිහටම ඔය අවලාද නැවැත්වුවවොත් ජාතික ආණ්ඩුව කියන හීනය ගැන බලාපොරොත්තු තබන්න පුළුවන් වෙයි. දැන්නම් අපිට මේක කන්දොස්කිරියාවක් වේගෙනයි එන්නේ. (නි)
ඊලග මහා මැතිවරණය අාසන මට්ටමින් පවත්වනවා නම් අපේක්ෂකයින් 3 දෙනෙකුට වැඩි ගණනක් එක ආසනයකට තරග කරනවා නම් පත්වන නියෝජිතයාට වලංගු ඡන්දවලින් 50% කට වැඩි ඡන්ද ප්‍රමාණයක් අවශ්‍ය බව සදහන් කිරීම හොඳයි .මෙය දැන් පවතින ජනාදිපති මැතිවරණයේ ආදේශයක් විය යුතුය. නැතිනම් සුළුතර කැමැත්තකින් බහුතර කැමැත්ත නිසේදනය වනු ඇත. (නදී)
පාට කන්නාඩි දාගෙන වැරදි හොයන චේතනාවෙන් කියවන්න එපා. මද්‍යස්තව හිතන්න. (නදී)
යුරෝපේ හෝ අැමෙරිකාවේ ඉන්න කට්ටියට මුළු ජීවිතේම හිටියත් හිතන තරම් මුදල් ලංකාවට එවන්න බැහැ ඒ රටවල වියදම් අනුව. මැද පෙරදිග රට වලින් නම් එවන්න පුළුවන්. ප්‍රදානම හේතුව මේ රටවල් වල අයකරන අධික බදු. මැද පෙරදිග එහෙම නැහැනේ. (නදී)
මන් හිතන්නේ මේ වතාවේ නළුවෝ කාටවත් සම්මාන උළෙලවල් වල සම්මාන ගන්න වෙන්නේ නැහැ..සියලු සම්මාන අපේ ජනාධිපති තුමා දිනා ගන්නවා..හොදම නළුවා,ජනප්‍රියම නළුවා,හොදම විකට නළුවා හොදම සහය නළුවා, හොදම දුෂ්ට නළුවා මේ ඔක්කොම සම්මාන මයිත්‍රී මහත්තයට තමයි.. රගපැම්නම් එලම තමයි....
හැබෑටම ලන්ඩන් වල එජාප ශාඛා කීයක් තිබෙනවද? ලංකාවටත් වඩා එජාප කණ්ඩායම් ඉන්නේ ලන්ඩන් වලනේ. (නි)
එංගලන්ත පර සුද්දන්ටම ගැලපෙන ගොයියෙක් රට බාල්දු කරන රටට ආදරයක් නැති කෙනෙක්.කුමන්ත්‍රණවලට දක්ෂ යි .(ම)