(නාලක සංජීව දහනායක)
නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තමන්ට කිසිම විශ්වාසයක් නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (27) පැවැසීය.
එමෙන්ම තම පාලන කාලයේදී මිනිසුන් කරදරයක් නැතුව ජීවත් වූ බව කී විපක්ෂනායකවරයා කළමණාකරණයේ දී යහපාලන ආණ්ඩුව දක්වන දුර්වලතාවය නිසා සෑම ක්ෂේත්රයකින්ම මිනිසුන් පීඩාවට පත්වන බවද සඳහන් කළේය.
මීට වසර දෙකකට පමණ සාම්පූර් විදුලි බලාගාරය ඉදිකිරීමට නියමිතව තිබුණත් රජය එය ඉදිනොකළ නිසා අද වනවිට විදුලි අර්බුදයක් ඇතිව තිබෙන බව සඳහන් කළ විපක්ෂනායකවරයා නිසි විසඳුම් නොදෙන්නේනම් මේ තත්තවය තවත් බැරූරුම් වන බවද කීය.
ජනතා හඬට ඇහුම්කන් නොදෙන ආණ්ඩුව මැතිවරණ කල්දැමීමට උත්සාහ ගත්තද අනිවාර්යයෙන්ම මෙම වසරේදී මැතිවරණයක් පැවැත්වෙන බවද පැවැසීය.
කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (27) පැවැති මහජන එක්සත් පෙරමුණේ හිටපු නායක දිවංගත පිලිප් ගුණවර්ධන මහතාගේ 47 වැනි ගුණ සමරු උත්සවයට සහභාගීවීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ඉෂාන් සංජීව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් 52න් අගමැතිවෙලා වරුවේ ඇමතිවරුන් එක්ක තදියමේ පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන වැඩේ ගැස්සුනාට පස්සේ කිසි විලිලැජ්ජාවක් නැතුව කියනවා... අපි පොහොට්ටුවේ සාමාජිකත්වයක් ගත්තේ නැහැ, අපි තවම හොඳ ශ්‍රී ලංකාකාරයෝ කියලා. ඔය විදිහට දිව නැමෙන නැමෙන තාලෙට කතා කරන්න යන එකෙන් ඔබතුමා ගොඩ නඟාගෙන තිබුණු අර ප්රතාපවත් ප්‍රතිරූපය අඤ්ඤකොරොස් වුනා නේද අයිබෝවන්? ඔබතුමාගේම ගම් පළාතේදී අර ඌව පැත්තේ මිත්‍රයෙක් කියපු කතාව සිහි කල්පනාවෙන් යුක්තව අහගෙන හිටියා නම් මේවගේ දෙයක් කියන්න හිතෙන එකක් නැහැ.
නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් තබා ගන්නට එපා. ඔබතුමත් කැමතිනම් ප්‍රසිද්ධියේ කියන්න. ඇවිත් රජයත් සමග එකතුවෙලා රට හදන්න. කොහොම වුනත් මේ පළකර තිබෙන පින්තූරවල තිබෙන මූණුවලින් පේනවා ඔබලටම ආණ්ඩුවක් ගන්න තව වසර 30වත් යාවි කියලා...
වැරදියි වැරදියි, දිව නැමෙන නැමෙන පැත්තට කතා කිරීමට සහ ලැජ්ජාවක් නැතිව සිටීමට සෑම දේශපාලකයෙකුටම තිබෙන ප්‍රජාතාන්ත්‍රික අයිතිය ඔබ පිළිගත යුතුයි. අනික, ලංකාවේ දේශපාලකයන්ගේ ප්‍රතිරූපය යනු තමා විසින් නිර්මාණය කරගන්නා එකක් නොව පත්තර ටීවී සහ වහලුන් විසින් නිර්මාණය කරනු ලබන්නක් නිසා තමන් ඔසවා තැබුණු ඒ ඇත්තේ එල්ලී සිටීමටද දේශපාලකයන්ට හිමිකමක් ඇත. නැද්ද මං කියන්නේ...?
ලංකාදීප පත්තරේ ප්‍රතිචාර දාන වැඩිදෙනෙක් කෘතවේදි නෑ. මහබැංකු වංචා ගැන නෑ කතාවක්. ඒකෙන් පේන්නේ එහෙම ප්‍රතිචාර දාන අය එක්කෝ පිටරට ඉන්නේ එහෙම නැත්නම් දේශද්‍රෝහීන්. මම ඉන්නේ කැබිතිගොල්ලෑවේ. මහින්ද මහත්මයාගේ දේශපාලන නායකත්වය නිසා අපි අද යුද්ධ භය නැතිව ජීවත් වෙනවා.
ඔබ මේ කතාකරන ඒවා අහගෙන ඉන්න අයට ඇයි කට ඇරලා අහන්න බැරි ,ඔබත් බලය තියෙනකොට මේවිදියටම තමයි සැලකුවේ කියලා. උදේට පොඩි දරුවෝ වඩාගෙන හුරතල් කරලා. එළිවෙනකොට කිරිපිටි මිල වැඩි කෙරුවා අමතකද.
හොර ආණ්ඩුවක් දවස් 50 කට පුලුවන්
රට කන රැල.
එතුමාට කවදත් ජාතික ආණ්ඩු ගැන විශ්වාසයක් තිබුනේ නැහැ. මුදල්, තනතුරු වරප්‍රසාද දීල අනිත් පක්ෂ වලින් මන්ත්‍රීවරු බිලි බාගෙන දෑත් ශක්තිමත් කර ගන්න එක ගැන තමා විශ්වාස කළේ.
ජනාධිපතිවරණය කිට්ටු වෙන්න වෙන්න හැමෝම හොරගල් අහුලනවා. මුට්ටි දදා බලන එක තමයි කරන්නේ. ජනාධිපතිවරනෙට පොහොට්ටුවෙන් ගෝඨාභය දානවා කිව්ව ගමන් මෛත්‍රී එක පැත්තකින් ජාතික ආණ්ඩු මුට්ටිය දාලා මහින්දව කොටු කර ගන්න බලනවා. අනිත් පැත්තෙන් මහබැංකු මුට්ටිය ආපහු ඇදලා අරන් මහින්දගේ හිත දිනාගන්න බලනවා. මහින්ද අයවැය මුට්ටිය දාලා මෛත්‍රීට අපේක්ෂකකම නොදී ඉන්න ට්‍රයි කරනවා. රනිල් ජනාධිපතිපති වැය ශීර්ෂය මුට්ටිය දාලා මෛත්‍රී කොටු කරන්න බලනවා. අපිත් මේ අයගෙන් කාට හරි මුට්ටි අල්ල අල්ල ඉන්නවා. දැන්වත් විකල්පයක් ගැන හිතමු නේද සහෝදරවරුනි.
අපිට තමුන් විශ්වාසත් නෑ ඉන්න අයත් විශ්වාසත් නෑ
ලොම් හැලුණු දේශපාලකයෝ ඉතිරි ලොම් ටිකත් ළඟදීම හැලෙයි .
හරි හරි තේරුණා. ඔබ ඔය කියන්නේ වර්තමාන නායකයෝ ගැනද. ඔව් මෙයාලා කලින් අයට වඩා දුර්වලයි. කියන්නකෝ එයාලටත් ගෙදර යන්න කියලා. හික්ස්!
ඔව් කරුණාවතී අක්කේ මෙයාලට අහුවෙන්නේ නැතිවෙන්න හොරකමක්වත් කරගන්න තේරෙන්නේ නැහැ. එකට කලින් හිටපු අය. අහු වුනත් ඩීල් එකක් දාලා බේරෙන්න හරි දන්නවා.
කරුනවතියෝ, ඒ ගොල්ලෝ කොරපු හොරකම්, කොමිස් ගැහිලි, අපරාධ, වංචා එහෙම ඔහේගේ කන්නාඩියෙන් පෙනෙන්නේ නැහැ නේද? අස් දෙකෙන්ම බලන්න. දෙගොල්ලොම ලෝක හොරු!!