ජාතික ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ තව දුරටත් ජාතික විධායක සභාවේ රැඳී සිටිනවාද නැද්ද යන්න ගැන අද (23) තීරණයක් ගන්නා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ මූලස්ථානයේ පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
ජනපතිවරණ සමයේ දුන් පොරොන්දුවලට පටහැනිව ඇමැති මණ්ඩල සංඛ්‍යාව බෙහෙවින් වැඩි කර ඇතැයිද ඒ තත්ත්වය යටතේ ජවිපෙට ජාතික විධායක සභාවේ රැඳී සිටිය හැකිද යන්න ගැන තීරණයක් ගන්නා බවද ඔහු කියයි.
ශ්‍රීලනිපයේ පිරිසක් ජාතික ආණ්ඩුවට එක්ව සිටියදී නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක ලෙස ක්‍රියාකරන ආකාරය ගැනද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බව ඔහු පවසයි.
වීඩියෝ - සනත් ඩෙස්මන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලලෝභීකමින් මත්වූ කිසිම දේශපාලකයෙක් තමන්ගේ පුටුව හැර දමා නොයන බව ඒකාන්තයි.(ත)
පේන කිව්වා වගේ කියන්නේ. මේ ගොල්ලෝ වැඩි කල් ඉන්නේ නෑ. (ත)
ජාතික විධායක සභාවේ මොකද වුණේ? කතා කළා පමණයි කළේ. (ත)
විපක්ෂ නායක කම ඇමති කමකට වඩා අගමැතිට සමාන පහසුකම් ලැබෙන තනතුරක් (ත)
අනේ යන්න එපා පැටියෝ , ඔයා තමා අපේ සෙල්ලම් ගෙදර ලොකු පුතා .((නදී)
දැන් සනීපද දන්නෙ නෑ නේ ? (ම)
දැන් ඉතින් තවත් කුමන්ත්‍රණයක් කළා නම් හරි.අනුරලගේ කට්ටිය හැමදාම කරන්නේ ඔය ටිකනේ.ඔය විධායක සභාවත් එකම ජාතියේ ද්‍රෝහීන් ඉන්න තැනක්නේ.දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වාගේ ඉන්න එකයි. (බ)
දෙගොල්ලොම කම්බ හොරු රටේ ජනතාව දෙනවත් තේරුම් ගතයුතුයි , ජවිපෙ නොහිටින්න මුන් මේවගේ තත්වයටවත් රට තියන්නේ නැහැ අපේ සමහර කොමෙන්ට්ස් දාන අය හිතන් ඉන්නේ මහින්ද යවපු එකට තරහෙන් වගේ රට ගොඩ ගන්න බැරි විදිහට විකුණන් කාලා රටේ පරම්පරා 3 ක් හිඟා කනවා මෙයාලට හිරිකිත නැද්ද මෙහෙම ඉන්න (බ)
මෙයා කියන ඒවාට කොහෙන් හිනා වෙන්නද මන්ද, කුම්බලා මාළු කෑවනම් විදවපන් පුසෝ තමයී අපිට කියන්න තියෙන්නේ, මෙයාට ඇත්තේ මෙයීන් අයින් වීම නොව ඇතුලේ ඉඳගෙන සටන් කීරීම වේ (බ)
රෙදි ඇඳගෙන ඉන්න පුලුවන්නම් තව ඉන්න මහත්තයෝ (ම)
ජේවීපී නායකයින් සිය අනුගාමිකයින් හා පාක්ෂිකයින් හැමදාම රැවටීමට කටයුතු කළා. 1994 චන්ද්‍රිකාට ඡන්දය දෙන්න කිව්වා. 2005 දි මහින්දට දෙන්න කිව්වා. 2010 දි මහින්දට එරෙහිව පොන්සේකාට දෙන්න කිව්වා. 2015 දි මෛත්‍රීට දෙන්න කිව්වා. ජනතාවට හැමදාම රැවටෙන්නත් බෑ. දැන් දැන් ජේවීපී නායකයින් ඇමතිකම්වල හා අධිපතිකම්වල සුවඳ සොයා යන බව පේනවා. ඊට හොඳම උදාහරණය නන්දන ගුණතිලක මහතා. (නදී)
ඔයගොල්ලෝ කුණුමණේ අදින්නේ , දැන් ආණ්ඩුවට ගිහින් තියෙන්නේ කවදු කැබිනට්ටුවත් ගඳයි (අ)
මල්ලි උඹල ගත්ත උත්සාහය ටිකක් සාර්ථකයි. හැබැයි මේ හොරු රැළට නැවත පට්ටම් දීපු එකට නම් අපි එකඟ නැහැ (නදී)
බැඳ ගත්තු බෙරේ ගහනවා . (අ)
මෙයා මේ ටිකට පිම්බිලා තියෙන තරමට කොහෙද ඕක දාල යන්නේ? ඔය බයිලා කිය කියා සැප ගන්න ජොබ් එක මෙයා අත අරීද? බලමු (අ)
සම්පත් වෙනසකටත් එක්ක මේ පාර මහා මැතිවරණය ජේවීපී දිනවමු දිනවල බලමු මේ හැම දෙනාගේම වෙනස. බලමු ජේවීපී මේ අය නොකරන හරිය කරයිද කියලා. අපි හැමදාම මේ අය කියන අයට දුන්න මිසක් මේ අයට දුන්නේ නැහැ නේද. (නදී)
ඇමතිකම් වල සුවඳ සොයා ගියේ හෙළ උරුමයේ, එ.ජා. පෙ. නායකයන් සහ මේ දැන් ශ්‍රී ල නි පයේ නායකයන්. ජ වී පෙ ට ඇමති කමක් අවශ්‍ය නම් කියන පරක්කුව විතරයි ඒ වගේම ඒ අය සුනාමි සහන මණ්ඩලය සම්මත කරන වෙලාවේ ඇමතිකම් හා උප ඇමතිකම් අතහැරලා ආණ්ඩුවෙනුත් එලියට බැස්සා. නන්දන පක්ෂයෙන් ඉවත් කලේ විමල්ටත් පෙර. අයින් වෙලා ගියාට පස්සේ ඒ අයට ඕන දෙයක් කරගෙන ජිවත් වෙන්න පුළුවන්.(නදී)