‘අද ජාතික ආණ්ඩුවක් කියනවා. හවුල් ආන්ඩුවක් කියනවා. හැබැයි මේ ආණ්ඩුව මහා අවුලක්. කාල බෝම්බයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතට ගත්තාදෝ කියා මට සැකයක් තිබෙනවා. රටේ ආර්ථිකය, මහ බැංකුවේ අද තිබෙන තත්ත්වය බලන විට මහ බැංකුවේ මහා මූල්‍ය වංචාව නිකම්ම නිකම් සැකයක් පමණයි. බිලියන තුහක් ඊයේ වන විට ආණ්ඩුවට පාඩුයි. මේක තමයි යහපාලනය. අපි බලාගෙන ඉන්නවා. තව ටිකක් ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ කාල බෝම්බය අතට ගෙන මොනවායින් මොනවා කර ගනියි ද දන්නේ නැහැ. ‘ යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (24) නාරාහේන්පිට අභයාරාමයේ දී කීවේය.
‘ඉතිහාසයේ අපේ අතින් ලොකු වැරැදි සිදු වුණා. අපි නැහැ කියන්නේ නැහැ. හාමුදුරුවන් වහන්සේලා කී පරිදි වෙලාවට දඬුවම් කළේ නැහැ, අනුකම්පා කළා.
ඇත්ත වශයෙන්ම යුද්ධය අවසන් කළ පසු මම හුඟක් දේවල් ගැන වෙනස් ආකල්පයක් තමයි දැරුවේ. සංවර්ධනයේ කටයුතු ගැන නිරත වුණාට මම අනෙක් කටයුතු ගැන උනන්දු වුණේ නැහැ. දැන් තමයි අපට ඒ ගැන තේරෙන්නේ පසුගිය කාලය තුළ අපට මිත්‍රයන් කවුද, මිත්‍රයන් නොවන අය කවුද කියා. ප්‍රෙතයන් හා කුම්භාණ්ඩයන් කවුද යන්න හඳුනා ගැනීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒකත් ලොකු දෙයක්. තව ටිකක් මෙහෙම ඉන්න විට තමයි තවත් අය හඳුනා ගැනීමට හැකි වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඩාර්ලි පාරවත් අත ලකුණවත් නොවෙයි. එදා බණ්ඩාරනායක මහතා යන විට ඩී. ඒ. රාජපක්ෂ මහතාත් පස්සෙන් ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුවා. බණ්ඩාරනායක පවුලේ උදවිය කී පාරක් පක්ෂය කඩාගෙන ගියාද කියන එක මම අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ අය පක්ෂය කඩාගෙන යන විට මැතිනියට හිටියේ අපි විතරයි කියන එක අපි දැන් මතක් කර දෙන්න ඕනෑ. කෙසේවෙතත් අද අභූත චෝදනා අපට ඉදිරිපත් කරනවා. මුළු පවුලට අභූත චෝදනා කරනවා.
දැන් කථාවක් යනවා කොහොම හරි එක්කෙනකු අත්අඩංගුවට ගන්න ඕනෑ කියලා. එක විත්තිකාරයෙක් උසාවියේ දී නාමල් ළඟට ඇවිත් පොලිස් නිලධාරියකු පෙන්නා කිව්වලු මේ නිලධාරියා තමාගේ කටට තුවක්කුව දා නාමල් මන්ත්‍රීතුමාගේ නම කියන්න කිව්වා කියලා. මම ඇහුවා ඇයි පැමිණිල්ලක් නොකළේ කියලා. එයා ඒ ගැන එතරම් ගණන් ගත්තේ නැහැ කිව්වා. ඒ විදියට තමයි සමහරුන්ගෙන් කටඋත්තර ගන්න සූදානම් වන්නේ.
අගමැති ලේකම් මට කිව්වා අපට උපදෙස් ලැබිලා තිබෙන්නේ මේ වගේ වාඩි වෙලා සුහදව ප්‍රශ්න කරන්න නොවෙයි කියලා. මේ වගේ තර්ජන ගර්ජන මැද්දෙයි අද රාජ්‍ය සේවකයාට වැඩ කරන්න වෙලා තිබෙන්නේ. මේක හොඳ පූර්වාදර්ශයක් නොවෙයි. අගවිනිසුරු අස් කළ ආකාරය, පත් කළ ආකාරය පූර්වාදර්ශ වෙන්න පුළුවන්. අකමැති නඩුකාරයෙක් ආවොත් නීතිඥයන් විස්සක් විසි පහක් ගිහින් ඇදලා දාලා කෙනෙක් පත් කරනවා. මේකයි යහපාලනය. මේක නම් යහපාලනය රටට දෙවියන්ගේම පිහිට තමයි.
ජනතාව මේවාට එතරම් සංවේදි නැහැ. අද සියලු පත්තර රජයේ පත්තර . නැත්නම් රජයේ දැන්වීම් ලැබෙන්නේ නැහැ. ඒ අයට තර්ජන, ගර්ජනවලට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ පෞද්ගලිකව පහර ගහන්න. බදු අය කරන්නේ එක එක මිනිසුන් හඳුනාගෙන ඒ අයට පහර ගහන්න. ක්‍රී නාලිකාවටයි, කැසිනෝ එකටයි එක හා සමාන බද්දක්. වැරැදි මතවලට මේ අය ක්‍රියාත්මක වෙනවා. මේ විදියේ යහපාලනයක් තමයි මේ කරගෙන යන්නේ.
ගාමිණි සෙනරත් මහතාගෙන් ප්‍රශ්න කරනවා එයා සභාපති ධූරය දැරූ සමාගමෙන් වාහනවලට ලීසිං දුන්නා කියලා. ජනාධිපති කාර්යාලයට තමයි දීලා තිබෙන්නේ. ජනාධිපති කාර්යාලයට වාහන 68කුත් වෙනත් සමාගමකට වාහන වගයකුත් දුන්නා කියලා. ජනාධිපති කාර්යාලය කියන්නේ පිටස්තර තැනක් නොවේ රජයේ තැනක්. ලීසිං ගෙව්වේ නැත්නම් ඒවාට දඩ ගහනවා. ඒවට ක්‍රමවේදයක් තිබෙනවා. රත්වත්තේ මහතා අධිකරණයට රැගෙන ගියා. ඇප දුන්න මහේස්ත්‍රාත් මාරු කළා.
මේවයින් රටේ ජනතාව නොමඟ යවන්න පුළුවන් කියා මම හිතන්නේ නැහැ. මට ඡන්දය දුන් 58 ලක්ෂයක ජනතා අතරමං කිරීමට මා සූදානම් නැහැ. මේ කාලයේ තවදුරටත් වටපිටාව බලමින් සිටින එක තමයි හොඳ. එයින් අපේ අඩුපාඩු වගේම අනෙක් අයත් හඳුනා ගැනීමට පුළුවන් වෙයි. ඒ අතර මම පන්සල්වලට යන්නට බලාපොරොත්තු වෙනවා. මම අගමැති කාලයේ පන්සල්වලට ගියා කියලා එක්තරා ඇමැතිවරයකු කිව්වා මල් වට්ටිය රැගෙන ගියාට ජනාධිපති වෙන්න බැහැ කියලා. ඒ උදවියටත් මම ඇමැතිකම් දුන්නා.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම තන්හාවක්.. (ත)
අනුර කියන කතාව හරියටම හරි. පැවැති පාලනය තව ටික කාලයක් තිබුන නම් තවත් සිරියාවක් බවට පත්වෙනවා (ත)
ඔබත් මේ විදිහටම තමයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක හදාගත්තේ. එජාපයේ පිහිටින්. ඔබ හරියට හිටියා නම් තවමත් මේ රටේ ජනපති ඔබයි. (ත)
බලේ තියනකොට ඔබ හිටියේ කොහොමද? අගවිනිසුරුවරිය බලෙන් ගෙදර යැව්වා, රජයේ ආයතන තම නෑදෑයන්ට පවරලා විනාශ කරනකන් අහක බලන් හිටියා. (ත)
ඔබ කළ දේත් සිතා බලන්න. (ත)
අපි කවුරු කවුරු ගැනත් දැන් දන්නවා (නි)
අපිට නම් දැන් එපාවෙලා මහත්තයෝ! (නි)
අනුර කියන කතාව හරියටම හරි මහින්ද මහතාගේ පාලනය තව ටික කාලයක් තිබුන නම් තවත් සිරියාවක් බවට පත්වෙනවා. (ස)
මම නම් හිතන්නේ දැන් ලක්ෂ 25ක්වත් නැතිවෙයි කියලා (නි)
දුමින්ද, ඕන කෙනෙකුට බොරුවට චෝදනා කරන්න පුළුවන්. හැබැයි ඒවා ඔප්පු කරන්න ඕනේ. මේ මාස දෙකට මොනවද කලේ. අරව තියෙනවා මේවා තියෙනවා කියා කියා හිටිය මිසක් කරපු දෙයක් නැහැ.අල්ලපු හොරෙක් නැහැ. මිනිස්සුන්ව ගොනාට අන්දලා ඡන්දෙ අරගත්තා. (ස)
මොහුට හිටපු ජනපති කියා අමතනවාට වඩා සුදුසු පරාජය වූ ජනපති කියා ඇමතීමයි ....අනෙක් කිසිම ජනපති වරයෙක් පෙරදිලා අයින් වුනේ නැහැ මොහු හැර. (ස)
මෙතුමාගේ හොඳ යාළුවෙක් තමයි. අහිංසක අලි පැටව් අල්ලන මිනිහා ඉතින් සතෙකුට වත් ජීවවෙන්න දුන්නද? (ස)
ආයෙත් මිනිසුන්ට හොඳ මුහුණ පෙන්වන්න හදනවාද? දැන්වත් පැත්තකට වෙලා ඉන්නකෝ (නි)
මේක චකර්වර්ති රාජ්‍යයක් කියල හිතාගෙන ඉන්න අයට තමයි ඔය බල තණ්හාව වැඩියෙන්ම ඔලුවට ගහල තියෙන්නේ . තමන්ට වැඩිය කෙනෙක් මේ ලෝකේ ඉපදිලා නැහැ. කියල හිතාගෙන ජීවත් වෙනවා. ඉතින් විශ්‍රාම ගිය කාලයක වත් සැනසීමෙන් කල දවස ගෙවන්න බැහැ. (ස)
ඔබතුමා එදා කල්පනාකර බලා තීරණ ගත්තා නම් අද මෙහෙම වෙන්නේ නැහැනේ! (නි)
වීරසේකර , එක පාරක් පැරදිච්ච මහින්ද බලයට කෑදර නම්, 29 පාරක් පැරදිලත්, පාක්ෂිකයෝ කියලත් ගෙදර ගියේ නැති රනිල් කොහොම කෑදර ඇත්ද? (අ)
රුවන්, හොඳ විග්‍රහයක්. (අ)
මහින්ද, ඔබ රජෙක්. ඔබතුමා ඉන්න ඕනෑ මේ රටට.අපි සදා ණයගැතියි ඔබට (නි)
ඉන්දියාවේ ධීවරයන්ට අපේ මුහුදේ මාලු අල්ලන්න අවසර දෙන්න යනවා කියන කතාව ඇත්තද? එහෙම වුණොත් අපේ මිනිසුන්ට මොනවද ඉතුරු වෙන්නේ? (නි)
ඔබතුමා ධර්මය අවබෝධ කරගෙන සැනසීමෙන් ඉන්න ඉතුරු ටික.සියල්ල අනිත්‍යයි ... (නි)
හරි හරි ඔහොම යමුකෝ. බලාගෙන ඉන්නකෝ (නි)
අනේ! අපිට අතීතය හොඳට මතකයි (නි)
මේකේ අදහස් දාපු වැඩිදෙනා ඉපදිලා තියෙන්නේ 2009 පස්සේ. නැත්නම් මෙහෙම කියන්න බැහැ. සමහරුන්ගේ මොළ පුස්කාලා. ඇස් හැර බලනු සිංහලයනි! තව ප්‍රමාද වුණොත්??? (නි)
ඉන්දික, ඔයාගේ කතාව හරි. (නි)
ප්‍රතික්ෂේප කළ දෙය නැවත ඉතා ඉහළින් පිළිගැනීම කවදත් ශ්‍රී ලාංකිකයන් තුළ ඇති කැපීපෙනෙන ලක්ෂණයකි. දේශපාලකයන්ද ඒ බව හොඳින් තේරුම්ගෙන ඇත. මේ තත්ත්වයෙන් ඉවත්වීමට අඩුම තරමින් නව පරපුරවත් බුද්ධිමත් වියයුතුය. "අලුත් යකාට වඩා පරණ දන්නා යකා හොඳ බව " නිතර අසන්නට ලැබේ. මේ වෙනතුරු අලුත් සහ පරණ යක්කු සමඟ සිටි පීඩිත පන්තියේ ජනතාවට අපායෙන් මිදීමට හැකිවී නොමැත. (නි)
අපිට නම් දැන් මේ දේවල් අහලා ඇතිවෙලා (නි)
දෙකඩවෙන්න ගිය රටක් බේරාගත් නායකයෙකුට නිගාදෙනවුන් දෙමලිච්චන් ලෙස ඉපදෙන බව මම අසා තිබෙනවා (නි)
රංගිකාා , මම ලියන්න හිතුව දේ ඔයා ලියලා. දේශපාලකයන්ට අතීතය එක රැයින් අමතකවෙන එකනේ පුදුමේ. (නි)
අනේ පව්! එතුමා මොකුත් දන්නේ නැහැ (නි)
මට පෙනෙන්නේ මෙතුමාටත් "මතක නැහැ ලෙඩේ හැදිලා". ඔය කියන සියලුම චදන් එකක් නෑර ඊටවැඩිය දරුණුවට හා මහා ඉහළින් පසුගිය රජයට නම් නියමෙට ගැළපෙනවා. ඒ කාලේ සිද්ධවූ රතුපස්වල සිද්ධි, හිරගෙදර මිනීමැරීම්, කෞතුකාගාර කොල්ලකෑම, විදේශ සේවයේ පසුබැසීම, සල්ලි පිල්ලි ගැසීම්, එතනෝල් මගඩි, දුෂිතයෝ නිදහස් කිරීම්, මහා පරිමාණ දුෂණ/ කොමිස් ව්‍යාපෘති.... මම හිතන්නේ මේවා ඔක්කොම අමතකවෙලා. (නි)
මහින්ද මැතිතුමා සිංහලෙන්ම කියනවා මෙතන එයාගේ ආණ්ඩුවෙන් වැරදි වෙලා තියනවා කියලා.ඒ වගේම එහෙට මෙහෙට පනින ගෙම්බෝ වගේ වාසියට විතරක් මහින්ද මහත්තයා එක්ක ඉඳලා තියෙන්නේ.මේ පරාජයෙන් ඒක හොඳටම මෙතුමාට දැන් තේරිලා තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවත් පෙර පාසලක් වගේ වෙලා. කිසිම පිළිවෙලක් නැහැ.කියන්නේ එකක් කරන්නෙ තව එකක්. (නි)
මෙතුමා දැන් හරිම උපාසක මහත්තයෙක් වෙලානේ!පසුගිය කාලේ සිදුකළ වැරදි ගැන මෙතුමා මොකුත් දන්නේ නැහැ වගේ. (නි)
බලේ ඇතිකොට මොලේ නැහැ මොලේ ඇතිකොට බලේ නැහැ ............( ම)
ඉන්දියාව කියන විදියට අපි වැඩකරන්න අවශ්‍ය නැහැ (නි)
ලංකාවේ අලුත් පරම්පරාව එච්චර මෝඩ නැහැ. (නි)
ඒ කාලේ කරපුවා දැන් මුළු රටම දන්නවා. තවත් ලැජ්ජා නැහැ. අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්. !!!! (නි)
ඒ කාලේ මාධ්‍ය නිදහස දීලා තිබුණු හැටි අපි දැක්කා. දැන් ඔහොම කතාකරන්නේ කොහොමද? (නි)
මහින්ද රාජපක්ෂ අපේ රටේ සන්වර්ධනයක් කළ එක හැමෝටම පේනවා. (ත)
මොනවා කළත් අපේ ජාතික ගීය වෙනස් කරන්න සිංහල අපි කැමති වෙන්නේ නැහැ (නි)
මෙතුමා කළයුතු හොඳම දෙය නම් විශ්‍රාම අරගෙන පැත්තකට වෙලා ඉන්න එක. (නි)
දැන් මහින්ද රාජපක්ෂ මහතා විතරද මේ රටේ ආණ්ඩු කරන්න ඉන්න එකම සුදුස්සා? එතුමා එහෙම තත්වයක් හැදුවා, පෙන්නුවා. එහෙත් තව දක්ෂයෝ ඉන්නවා. (නි)
මහින්ද මහත්මා නිසයි අද රටේ යුද්ධයක් නැතුව නිදහසේ දෙයක් කරන්න පුළුවන් (ත)
යුද්ධයෙන් පස්සේ සංවර්ධනය කළ නිසා රට ගැන බලන්න බැරිවුණාලු. යුද්ධයෙන් පස්සේ අපි ගැන හිතුවේ නැහැනේ. (නි)
මොනවා නැතත් එතුමාට දැන් මිනිසුන් කවුද කියලා හඳුනාගන්න ලැබිලයි තියෙන්නේ (නි)
හරියටම හරි. කොහොමහරි එක්කෙනෙක් නෙමෙයි, ඔක්කොම අත්අඩංගුවට ගන්න ඕනෑ. රටේ මිනිස්සු බුද්ධිමත්. මෝඩ අයත් ඒ අතර ඉන්නවා. (නි)
මෙතුමා යහපාලනය විවේචනය කරනවා? කවුද අර අගවිනිසුරු පත්කළේ?අපිද? ඔහොම කොහොමද කතාකරන්නේ දැන්? (නි)
තවමත් ඉන්නවානේ ඒ උත්තමයාට වෛරකරන අය? (නි)
දැන් මොකුත් නොදන්නවා වගේ කතාව. (නි)
මෙතුමා මේ මොනවද කියවන්නේ? අනේ පව් කියලත් හිතෙනවා (නි)
අර දැන් ඇමතිකම් දීලා තියෙන්නේ ඡන්ද කාලේ පණ යනතුරු බැණපු මිනිසුන්ටත් (නි)
මෙතුමාට තිබුණු ප්‍රශ්නය තමයි සම්මා දිට්ඨියක් නැති එක. එය යුද්ධයක් දිනීමට හේතුවුණාට, යහපත් පාලනයක් කරන්න බැහැ සම්මා දිට්ඨියක් නැතුව. (නි)
ජාතික ගීය කවුද වෙනස් කළේ? ඒක දෙමළෙන් කීමට අවසර දුන්නා පමණයි. රටක් මර්දනයෙන් නැතුව පාලනය කරනවා නම්, සුළු ජාතින් කොටුකරගෙන පාලනය කරන්න බැහැ. (නි)
ඒ කාලේ කළ හොරකම් සහ නාස්තිය නිසා තව අවුරුදු ගාණකට ලංකාවට ගොඩඑන්න බැහැ. ඒ වගේ වැඩ කළේ මහජනයාගේ සල්ලි වලින් (නි)
මේ නොකියා දඟලන්නේ බලයට එන්නද? (නි)
අපේ පැතුම ඔබයි (නි)
කොටියාගෙන් රට බේරාගත් ඔබ නැවත වරක් රට බේරාගන්න (නි)
මොලේ ටිකක් පෑදිලද නැත්නම් අලුත් රඟපෑමක්ද? (නදී)
මහින්ද මහත්තය අපේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගෙන රට දියුණුවේ මාවතට ගෙනාවා. අද ලංකාව කියල රටක් ඉතුරු වෙලත් තියෙන්නේ එ් නිසයි. ඒවා අමතක කරන්න එපා. (නදී)
රටේ ජාතික ධනය විනාශ කලේ හොරකම් කලේ කව්ද. නීතිය සාධාරණය විනාශ උනා. බල තන්හාවට තවත් බලය ගන්න කල්පනාව (නදී)
සේපාල, සම්මා දිට්ඨියක් නැති එක නෙමෙයි දිට්ට ධම්ම වේදනීය කර්මය පල නොදුන්නු එකයි.(නදී)
රාජපක්ෂලා රටේ ගසා කාපු මුදල් දනස්කන්දය නැවත ජනතා සතු කරන්න පුලුවන්නම් එම මුදල් දනස්කන්දයම ඇති රටේ මිනිසුන්ට බදු සහන දීල,ඉන්න හිටින්න තැනක් දීල රට තවත් අවරුදු 100 යක් ඉදිරියට ගෙන යන්න. (නධී)
හිරේට යන්න ලෑස්ති වෙන්න (නදී)
පක්ෂය නැති කලේ කවුද කියල ජනතාව දන්නවා.ජනරාල්ට,අගවිනිසුරුවරියට (අව)නීතියෙන් කටයුතු කල හැටි තවම මතකයි. දේශපාලනය කරන්න ආගම , පන්සල , වේදිකාවක් කරගන්න එපා. මේ රට බේර ගන්න තව බොහෝ අය දායක උනා. තනියම ලකුණු දාගන්න හදන්න එපා.
සිංහලයා මෝඩයෝ කැවුම් කන්න යෝදයෝ කියන්නේ මේ කමෙන්ට් දැක්කම තමයි. (නදී)
ශ්‍රී ලනිපයටද ඇමැතිධූර ලබා දීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලය විසින් සිදුකරන ලද මෙම අතිශය ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් 36 වසරක් පුරා විධායක ජනාධිපති ක්‍රමය පුර්ණ ලෙස අහෝසි කරන තුරු බලා සිටි යහපාලන දේශප්‍රේමී ජනතාවගේ බලාපොරොත්තු මල් ඵල ගැන්වීමකි. (නදී)
ඔබතුමා වටේ හිටපු පෙරේතයෝ කුම්බාන්ඩයෝ නැතිව එන්න ලක්ෂ 100ක් ජන්ද ගන්න පුළුවන් (ම)
ඔබ නැවත එනතුරු අපි බලා ඉන්නවා. (ම)
හොඳයි හොඳයි. අපි කලබලනොවී පොඩ්ඩක් බලමුකෝ (නි)
මට නම් මෙතුමා ගැන දුකයි (නි)
ඔබ උතුම් මිනිසෙක් මහින්ද මැතිතුමනි (නි)
එතුමා කවදත් මුල අමතක කළේ නැහැ.(ම)
ලංකාවේ මිනිසුන් අහිමි කරගත් සම්පතක් (නි)
හැම මනුස්සයෙක්ම කතාකරන්නේ තමන්ගේ වාසියට. එදා අද කියා වෙනසක් නැහැ. එදත් ජනතාව ගොනාට ඇන්දුවා. ඔය කොහොම කතාකළත් හිතට එකඟව කතාකරන්න පුලුවන්ද හාමුදුරුවොත් ඉස්සරහා. (නි)
මම කියන්නෙත් ඕකමයි, තව පොඩ්ඩක් ඉවසමු. ලක්ෂ 62න් මේ වෙනකොට කීයක් කැඩුනද කියලා හරියටම තව මාසයකින් බලාගන්න පුළුවන්. හුඟක් මිනිසුන්ට හැමදේම දැන් අවබෝධවෙමින් යන්නේ (නි)
මේ රජෙයන් කොටියාගෙන් රට බේරාගන්න යුද්දෙට ගිය නියම පුද්ගලයන්ගෙන් එක්කෙකෙකුට හරි නියම තැන දීලා තිබෙනවා . ඔබතුමා ඒ මිනිසාට සළකපු හැටි මිනිසුන්ට අමතක නැහැ. රටේ සල්ලි ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා මිනිස්සු දන්නවා. ඒකෙ පව තමයි ඔය ඔබතුමා ගෙවන්නේ. (නි)
තේරුම්ගන්න මහින්ද මැතිතුමනි, මේක තමයි ඇත්ත. දැන්වත් ඔය කියන නුසුදුස්සෝ අයින්කරලා රටට ආදරේ කරන උගත් මනුස්සයින් ටිකක් අරගෙන ඡන්දෙට එන්න. අපිට පක්ෂ පාට මොකක්හරි කමක්නැහැ. රට අමාරුවේ වැටෙනවා කියන්නෙ අපෙ දුවාදරුවන්ට අනාගතයක් නැහැ කියන එක. ඔබතුමාගේ දරුවන් වගේම අපේ දරුවන්ටත් මේ සිංහල රට තියෙන්න ඕනෑ. අනිත් හැම ජාතියකටම තමන්ගෙ අය ඉන්න රටවල් තිබෙනවා. සිංහලයන්ට නැහැ. අපි බෙදුනොත් රටත් බෙදෙනවා (නි)
දැන් ගෙදර ගියානේ. තව මොනවටද බල තණ්හාවෙන් කටයුතු කරන්නේ. දැන් යන විදියට රට කරගෙන යන්න ඉඩදෙන්න. (නි)
පසුගිය පාලන සමය මෙරට ඉතිහාසයේ මෙතෙක් නොවූවිරූ වංචා දූෂණ හා ක්‍රියා අතිවිශාල ගණනක් සිදුකළ පාලන යුගයක් ලෙස වාර්තා තබා හමාරය. මෙම දූෂිත ක්‍රියාවන්හි රස සමහරු කෙතරම් භුක්තිවිඳ ඇතිදයත් දිවි පරදුවට තබා හෝ නැවත ඔවුන්වම බලයට ගෙනඒමට කටයුතු කරන ආකාරයෙන් පෙනීයයි. (නි)
කොතරම් මූල්‍ය වංචා ගැන නව රජය කයිවාරු ගැහුවත් අල්ලපු වංචාකාරයෙක් නම් තාම අපි දැක්කෙ නැහැ. අර විමල් වීරවංශ මහත්තයගෙ බිරිඳව විතරක් නම් යන්තම් රිමාන්ඩ් කර ගත්තා. පැරදුනේ ඔබතුමා විතරක් නෙමෙයි. සිංහල ජාතියම පරාදයි. මොලේ නැති මිනිසුන් නිසා මේ රටට හිටපු වැදගත් නායකයෙක් අද ගෙදර යවලා සුරංගනා කථා කියවනවා. පවතින ආණ්ඩුව කථා කරන්නේ හරියට මේ රටේ හිටපු පාලකයන්ගෙන් මීට පෙර කවදාවත් කිසිම වරදක් වෙලා නෑ වගේනේ. තාම මේ මෝඩ මිනිස්සුන්ට එයාල කපා ගත්ත වලේ තරම තේරිලා නෑ. අපිත් බලාගෙන ඉන්නෙ අපේ රටේ අනාගතය අපිද එහෙම නැතිනම් වෙනත් වටේ පිටේ රටවල් ද කියලා. (නදී)
අනේ මහින්ද මහත්තයෝ අපේ රටේ එක පුරවැසියෙක් ලක්ෂ 4 ක් පිටරටවලට ණයයි. ඒ කියන්නේ පව්ලක් ලක්ෂ 16 ක් . ඒ වුනාට රටේ ආදායම වැඩි වෙලා නැහැලු. ඔබතුමාගේ පව්ලේ අයට කියන්න පුළුවන්නම් මේ ණය මුදල ගෙවල අපේ දුප්පත් ජනතාව මේ ණයබරින් නිදහස් කරන්න කියල.. එතකොට බදු අඩුවෙලා මේ රටේ හැමෝටම යහතින් ඉන්න පුළුවන්. දේශපාලනයට අායෙත් එන එක අපි කව්රුත් අනුමත කරන්නේ නැහැ (බ)
සමහරු මැරිලා ඉපදුනා වගෙයි කතාකරන්නේ. (නි)
කවුරු කොහොම කිවුවත් ඔබතුමා තමයි අපේ රජා. (නි)
අපිට අවශ්‍ය ඔබයි මහින්ද මහතාණෙනි (නි)
ඔබතුමාගේ ලක්ෂ 58 නම් එහෙමමයි. ඒ වුණාට අනිත් 62 නම් දැන් බෙදිලා අවසානයි. දැන් රටට වෙන දේ දැක්කහම ඇත්තටම දුකයි. (නි)
දැන් මෙතුමා කතාකරන්නේ මෙතුමාගේ කාලේ කිසි වරදක් නොවුණ ගාණටනේ.ඔබතුමාත් නොදුටු සත්‍යය තමයි කළකම් පළදෙනවා කියන එක. (නි)
ඔබ තුමාට ජය වේවා අපේ රට ජාතිය බේරා දුන්නාට (නදී)
දැන් මොනවා කිවුවත් ලංකාවේ මිනිස්සු මැරිලා ඉපදුනේ නැහැ. (නි)
මෙයාට තියන්නේ පුදුම බල තණ්හාවක් නේ. ඔබ තුමාගේ තත්වය තියාගන ඉන්න. නැවතත් ජනාදිපති ඡන්දයට ගියාට කමක් නැහැ. එ්ත් පාර්ලිමේතු ඡන්දයකට ඇවිත් චා වෙන්නේ එපා. මොකද පාසැලක විදුහල්පති වෙලා පස්සේ ඒ පාසලේම ගුරුවරයෙක් වෙලා එන එක ගොඩක් චා වගේ නේ ද? (නදී)
මහින්ද මහත්මයාව ඉවත්කළ යුතු වෙලාවෙ ඔහුව ජනතාව ඉවත් කළා. එසේ නොකලා නම් පුත්තු සහ මල්ලිලා මේ රට හප කරනවා. මහින්ද ඉවත් කලේ සෘජුව ඔහුගේ වරදකට නොවේ. හැබැයි මේ අයත් කරන්නෙ ඒකම නම් ජනතාව නැවත මහින්දව ගේන එක ගේනවාමයි. ඒ වෙනකොට මහින්ද තවත් පරිනත වෙලා හිදීවි. (නදී)
දිට්ටධම්ම වේදනීය කර්මය ඵලදෙනවා කාට කාටත් (නි)
මහින්ද ඉන්නකොට කට ඇරියේ නැහැ (නදී)
රුවන්ගේ කතාව හරියටම හරි. මේකත් අපිට එපා වෙලා.(නදී)
බුදුදහමට නිගා කරන්න නම් එපා (නි)
මහින්ද මැතිතුමනි, දැන්වත් ඔය කටයුතු අතහැරලා විවේකීව ඉන්න. (නි)
අපේ මෝඩ ජනතාව කවදාවත් හැදෙන්නේ නැහැ. හැම කෙනාම දැන් මැරිලා ඉපදිලා වගෙයි කතාව. (නදී) .
නැවත ඡන්දයක් තිබ්බොත් ලක්ෂ 10ක්වත් නැතිවෙයි කියලා තමයි මම නම් හිතන්නේ (නි)
සමහර පක්ෂ කොපමණ වැරදි කළත් අදත් බෝ පැල වගේ දේශපාලනය කරන්නේ. එහෙම එකේ මහින්ද මහතාට අතීතයේ වැරදි නිවැරදි කරගන නැවත දේශපාලනයට එන්න බැරි මොකද? (නි)
බලයේ ඉන්නකොට වෙනකතා. දැන් හරියට ජනතාව ගැන දුකයි. මේවා අහලා අපිට දැන් සසර කළකිරිලා තියෙන්නේ. ඔබතුමාලා කළ වැරදි නිවැරදි කරන්න තමයි මේ රජයට වැඩ ගොඩගැසිලා තියෙන්නේ. පටළවපු නුල් බෝලයක් තමයි නව රජයට බාරදුන්නේ. මේවා ලිහලා ගන්න කාලයක් යනවා. ඔබතුමාගේ කාලේ නීතිය වල්වැදිලා තිබුනේ. ඒ වගේම විදේශ ප්‍රතිපත්ති, හොරකම්, වංචා දුෂණ, කුඩු, එනනෝල්, ජාතිවාදය, ආගම්වාදය මේ හැමදෙයකටම ඔබතුමන්ලා වගකියන්න ඕනෑ (නි)
ජගත් මේ රට ඔහේගේ බුදලයක් නෙමෙයි මේ යන විදිහට යන්න දෙන්න (නදී)
තවමත් පැවති ආණ්ඩුවටම ආවඩන අය ඉන්නවා වගෙයි (නි)
මිනිසුන්ට ඉක්මනට අමතක වෙනවා. හරියට මැරිලා ඉපදිලා වගේ. මෙයා ඉන්න කොට පුදුම සදාරණයක් තිබ්බා වගේනේ කතා කරන්නේ. අරලිය ගහ මන්දිරේට ගෙන්නලා මිනිස්සුන්ට බිමදාගෙන ගහපු හැටි අමතක ඇති (නදී)
දැන් හරියට සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ. අනේ මගේ කට! (නි)
මේ වෙලාවේ හොදම දෙය කාලයට ඉඩදීම .. තාම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. තේරුම් ගන්නකොට පරක්කු වැඩි. (ම)
ඔබට අපි අාදරෙයි. ඔබ අගමැති කරන්න ජිවිතය පරදුවට තබන්න සුදානම්. ඔබට ආරක්ෂාව අඩුකලොත් මම ඔබ වෙනුවෙන් අරක්ෂක නිලධාරියකු වශයෙන් එන්න කැමතියි (නදී)
හිතේ තියෙන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ජාතික ආණ්ඩුවට සුබපැතුවා ඊයේ. අද ඒකට විරුද්ධයි. (නි)
කාල කෝම්බයත් අපි හොදට දන්නවා පහුගිය අවුරුදු 9 ක අත් දෑකිමෙන් (ම)
අපි නම් දැන් ඕවා අහන්නෙ නැහැ (නි)
වැරදි කරනවට වඩා වැරැද්දට අනුබල දීම දරුණුය. මෙතුමාට දැන් පැහැදිලි වෙලා. මොලේ තියෙනකොට බලේ නැහැ බලේ තියෙනකොට මොලේ නැහැ. (නදී)
දැන් නිකන් මොකුත් නොදන්නවා වගේනෙ කතාකරන්නේ. දැන් පැත්තකට වෙලා ඉන්නකො මෛත්‍රී මහත්තයාට කරන්න දීලා (නි)
මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටට අති මහත් සේවයක් කරපු නායකයෙක්. බලයට කෑදර කමට සහ තමන්ගේ පුද්ගලික ඕන එපා කම් වලට කට්ටියම බොරු ටොන් එකක් කියල එතුමාව පරාජය කරාට ඒවා එකක් වත් ඔප්පු කර ගන්න බැරුව දගලනවා. එතුමාට හොරා හොරා කියමින් අපහාස කරන ඊයේ පෙරේදා ඉපදුන අයට කට්ටියගේ තෝම්බුව හොයල බලන්න වටිනවා. (නදී)
බුද්ධිමතා සරුව පිත්තල කතාවලට රවටන්න බැහැ.මොවුන් රට සර්ව සාධාරනව පාලනය කළාද? එමනිසා මොවුන් නැවත අපට එපා එපා එපාමයි......... (නි)
අපේ මෝඩ ජනතාව කවදාවත් හැදෙන්නේ නැහැ. හැම කෙනාම දැන් මැරිලා ඉපදිලා වගෙයි කතාව. ඔය කියන ඔක්කොම ඔබ තුමාගේ පාලන කාලයටද අදාල බව අමතක නොකරන්න. එය මෙයට වඩා අන්තය. ඔබට එම වැරදි අනුනට පටවා ගැලවීමට නොහැක. (නදී)
මෙයාලා කරපුවා මෙයාලට අමතකවුණාට අපිට අමතක නැහැ. මේකේ අදහස් දාන ආකාරයෙන් තේරෙනවා ඒ වගේ සමහර කට්ටිය නිසා තමා මේ දේශපාලකයන්ට හොරකම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. (නි)
විපක්ෂයේ ඉන්නකොට තමයි ඔක්කොටම මතක් වෙන්නේ. බලය තියෙන වෙලාවේ මුකුත් නැහැ. (නි)
දිනපු යට තැන දීලා ඉන්න. තව වසරක් යනකොට පෙනේවි රට කොහොමද සුඛිත මුදිත වෙලා එන්නේ කියලා. පොඩ්ඩක් ඉවසලා ඉන්න (නි)
ගෙදර ගියා නම් ඒ විදියට ඉන්න (නදී)
වැරදි නොකරන කෙනෙක් කොහෙන් සොයන්නද? (නි)
හැමෝම තම තමන්ගේ බලය ගිලිහි යද්දී එකිනෙකාට ඇගිල්ල දික්කරනවා අරමයි මෙහෙමයි කිය කියා. ඕක තමයි අද අපේ දේශපාලනයේ සැබෑ ස්වරුපය. කෙනෙක් බලයට එන්න කලින් හිතන්න ඕනේ ඒ බලයේ ගරුත්වය රැකගන්න මොනවද කල යුත්තේ මොනවද නොකලයුත්තේ කියලා. ඒ තුලින් තමයි තම තමන්ගේ බලය රැදිලා තියෙන්නේ ඉදිරියටත්. එහෙව් එකේ අද කාලේ හැටිය ගෑරුප්පුවෙන් කෑම කනවා ඇරෙන්න සුප්පුවෙන් කිරි බොන්න හදන්න ඕන නැහැනේ. (නදී)
වැරදි හදා ගෙන නැවත රට ගොඩ ගමු. ඔබයි මිනිසුන්ගේ ජනපති (නදී)
මේකේ කමෙන්ට් දාපු ගුණමකුවන්ටයි මේ කියන්නේ, මහින්ද රට බේරගත්ත හින්දයි ඔහෙලට අද මෙහෙම කියන්නවත් පුළුවන් වුනේ, ඔහෙලගෙ පොන්සේකාට එක පාරට හිතිලා යුද්දේ කරලා දිනුව කියලද කියන්නේ? එතුමා දිනවන එක දිනවනවා අනිවාර්යයි (නදී)
දැනටත් රටට වෙන්න ඕන හරිය කරලා. 13 සංශෝධනයෙන් ඉඩම් බෙදල දෙනවා අරහේ. ඇමති මණ්ඩලේ ආයේ පුපුරන්න යනවා ලජ්ජා නැතුව මහින්දගේ වැරදි කියන්න කට අරින්න පුළුවන් අයත් ඉන්නවනේ තාමත් (නදී)
තව කෙනෙකුට තැනදීමට අකමැති මොකද? (නි)
බෝම්බ එක්ක අවුරුදු 30ක්ම ජීවත්වෙලා හිටපු අපිට මේවා මොනවද? (නි)
කාගේ අතට ගියත් දැන්නම් කමක්නැහැ. (නි)
ඇත්තටම දැන් තේරෙනවද ඔබතුමා නැතිවුණේ කවුරු හින්දද කියලා. අපි ඔබට ආදරෙයි (නි)
එතකොට ඔබතුමාගේ කාලේ තමා යහ පාලනය තිබුනේ? ඔබතුමාට ඒ කාලේ සිදුවූ වැරදි ඇත්ත බව පේන්නේ දැන් තමා? ඒවත් හදා ගන්න පුළුවන් වැරදි නේ නේද? "උතුමාණනි!" ඔබ තෙවෙනි වරටත් දිනුවා නම් ඔබ අද ස්වාමින් වහන්සේලා ඉදිරියේ කරන ඔවැනි පාපොච්ඡාරණයක් කිසි විටෙක ඔබ මුවින් පිට නොකරන බව නම් ඉඳුරා පැවසිය හැක. වරක් කියූ පරිදි ඔබ තුමා "බෙන්තර ගගෙන් එහා හාදයෙක්" බව ඔය හුරුබුහුටි කතා වලින් නැවත නැවතත් ඔප්පුකර පෙන්වන බව පමණක් කියනු කැමැත්තෙමි. (නදී)
දැන්නම් මටත් උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි (නි)
අනේ හිටපු ජනාදිපතිතුමනි , ඔබතුමාගේ ලොකු ව්‍යාපෘතියක් වෙච්ච අලුත් ගුවන් තොටුපල හදන්න ගත්ත නය පොලිය ගෙවන්න ලබන අවුරුද්දෙ ඉදල මහා දනස්කන්දයක් ඕනෙලු. අදායම 16,000 යි ලු. අනේ පුලුවන්නම් ඔබතුමාම ඔය නය ටික අපේ පිට පටවන්නේ නැතුව ගෙවල දාන්න. අපිට ඔබතුමාගෙන් වෙන කිසිම දේශපාලනයක් එපා.(නදී)
අපිට කාල බෝම්බ නෙමෙයි පරමාණු බෝම්බත් හොඳට පුරුදුයි (නි)
අපිට නම් දැන් මොනවා වුණත් එකයි (නි)
අනේ නිමල් දැන් තේරෙනවා ඇති හැමෝටම. දැන් ඔය දුකට තමයි කෑ ගහන්නේ. මහින්ද මහත්තයා නැවත එන්න ඕනේ කියල ඡන්දෙ අනිත් පැත්තට දුන්නා (නදී)
දින 100 ඉවර වෙනකොට ඔබතුමා දිනුම්. (නදී)
අපිට නම් දැන් රට යන අත හොඳයි (නි)
සමහරු පිවිතුරු යහපාලටත් ඩුප්ලිකේට් අදහස් දමලා. තමන්ගේ අනන්‍යතාවෙන් අදහස් දාලා මතයක් ප්‍රකාශ කරන්න කොන්දක් නැති අය ගැන තව මොන කතාද? (නි)
අනේ අපිට ඕවා කියලා වැඩක් නැහැ (නි)
බලය තියෙනවිට මොළය නැහැ.මොළය තිබෙනවිට බලය නැහැ (නි)
අපි නම් දැන් දෙනදෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්නවා (නි)
ඔබතුමාට ජනතාව ගැන හරි දුකක් දැනෙනවා. අනේ පවු! අර රතුපස්වල අහිංසක ජනතාව බොන්න වතුර ටිකක් ඉල්ලනවිට ඔබතුමාලගේ හදවත වැඩකළේ නැද්ද? මම නම් ඔය ලංකාවේ දේශපාලනය ගැන හරි කළකිරීමකින් ඉන්නේ. ඩී.එස්. සේනානායක මහත්මයා වගේ පාලකයෙක් ඉන්නවා නම් හොඳයි. (නි)
චානක මහත්තයෝ, අපේ රටේ පයගහලා ජීවත්වෙන අපි අපේ රටේ ප්‍රශ්න විසඳාගන්නම්.ඔයාට ඇමෙරිකාව තිබුනට අපිට තියෙන්නේ මේ රට විතරයි.. (නි)
මෙතුමා එයාගේ පාලන කාලය ගැන ඔය කියවන්නේ. (නදී)
මලායින් පස්සෙ ආපහු බැල්ම හෙලන්නෙ මල පෙරේතයෝ. බලයට මුදලට ගිජුකමින් මේ ගන්න වෑයම නිසා ඔබ නියම මල පෙරේතයෙක්. හිටපු බොහෝ දෙනෙක් ලොකයේ අග්‍රගන්‍ය සොර දෙටුවෝ වී හමාරයි. අනෙක් හොරදෙටුවා රටෙනුත් පැන ගිහින් දැන් ගිය රටෙනුත් පැනලලු. (නදී)
ලක්ෂ 58 ක් ඡන්ද ගත් හැටි අපි දන්නවනේ.මොකද මෙච්චර බල තණ්හාවක්? (නි)
පැරදුනා නම් ගෙදර යන්න කියන අය මතක්කරලා බලන්න දැන් ඉන්න සමහරු කීපාරක් පැරදුනාද කියලා.අනික තවමත් වෙන දේවල් ඇස් කන් වහගෙන බලා ඉන්නේ මොන මානසිකත්වයකින්ද කියන එක හිතලා බලන්න. (නි)
ඕකට තමයි කියන්නේ බලය තියෙද්දී මොළය නැහැ මොළය තියෙද්දී බලය නැහැ කියලා (නි)
ඔබ තුමාට පුලුවන් නම් හොරකන් කරපු සල්ලි,රත්තරන්, නැවත රජයට ලබා දී පැත්තකට වෙලා ඉන්න. ඔබට ගොඩක් පින් (නදී)
ජනතාව තීන්දුවක් දීලඉවරයි. කවුද රට පාලනය කරන්න ඕනේ කියලා... දැන් බොරුවට කෑගහල වැඩක් වෙන්නේ නැහැ ... (ම)
නුසුදුස්සන් ගෙදර යැවුවා නම් අදත් ඔබ රජෙක් (නි)
පිවිතුරු යහපාලනයත් එක්ක එකඟ වෙනවා රටේ ණය බරින් නිදහස් කරාලා සංවර්ධන මාර්ගය කරා යොමු කරනවා නම් ....(ම)
කවුරු කොහොම කිවුවත් ඔබතුමා තමයි අපේ රජා (ත)
කාලය විසින් සුදුස්සා නියම ස්ථානයට ගෙනෙනවා. මැතිඳුනි, අපි ජයගන්නවා සිකුරුයි. වැඩි දුරක් නැත. (නි)
තාමත් රටේ මිනිසුන්ව රවටන්න හදනවාද? (නි)
රංගිකා, ඔයා පවතින රජය ගැන සෑහීමකට පත්වෙලාද?දුර යන්න එපා.පෙනෙන මානයේ සිදුවූ මහාපරිමාණ මුල්‍ය වංචා ගැන හොයාබලන්න.මෙතුමාට හොරා හොරා කියනවා. ඒත් අද වෙනතුරු කිසිවක් ඔප්පුවෙලා නැහැ (නි)
මම කිසිම දේශපාලයෙකු කිසිම කැමැත්තක් නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහත් ඉන්න කලේ රටේ අපි සංවර්ධනයක් දැක්කා. අපේ රට ඉදිරියට ගිය. පිටරටවල් වල ඉන්න අපිට එක පෙනුන නැවත අපි ලංකාවට අවම. මෙහෙ ඉන්න අය ලංකාවට අවම, ඒ අය ගොඩක් අගේ කර එතුමා කරලා තියන දේවල් වලට. මත එකට අගේ කරනවා. එක්සත් ජාතික පක්ෂේ හැමදාම කරේ මිනිස්සුන්ට පර්රිපු සහ බත් කල ඉදපන් කියල මිනිස්සුන්ට කියන එක තම. මොකෝ එහෙම වුනාම මිනිස්සුන්ගේ උවමන බොහොම අඩුයි. මම ගේ හදනවා, සිමෙන්ති අඩුවෙලා කිව්ව්ව, රුපියල් 10ක් විතර අඩු වෙලා. එකත් දෙන්නේ නමට. ජෙෂ්ට පුරවැසියන්ට 15% පොලිය දෙනවා කිව්වා. නමුත් අපේ අම්ම බැංකුවට ගියාම තමා චක්‍ර ලේකනේ අවේ නැහැලු, මිනිස්සු රවට්ටන එක කරන්නේ, මිනිස්සුන්ට තේරේවි මොකෝ වුනේ කියල තව අවුරුද්දකින්. බය වෙන්න දෙයක් න, තාමත් අපේ රටේ කොස් ගස් ඇති, හෙරලි බත් කල ඉන්න, එකී මිනිස්සුන්ට වෙනසක් ඕන වුනේ. (අ)
ප්‍රමාද වැඩියි, ලැබුණු අවස්ථාවෙන් රටට ප්‍රයෝජන ගත්තේ නැහැ. පවුලට විතරක් ප්‍රයෝජන ගත්තා. දැන් ගොඩක් ප්‍රමාද වැඩියි මහත්තයෝ. (නි)
අනේ මේ වගේ කෙනෙක්ව අපේ රටේ ජනතාව විසින් ගෙදර යැව්වේ ඇයි? මේවට තමයි විහිලු කියන්නේ. අපි නොදන්නා චෙස්! අපි කොණ්ඩය බැඳපු චීන්නු නොවෙයි (නි)
මෙතෙක් ලංකාවේ දේශපාලනයේ පහලවූ බලයට කැදරම කොන. (අ)
දැන් කරන හැටි පේනවනේ. මහින්ද මහතා ආයේ පැමිණියාට ප්‍රශ්නයක් නැහැනේ.මොකෝ සමහරු නිකම් බයවෙලා වගේ කතා කරන්නේ?දේශපාලනය කරන්න හැමෝටම නිදහස තිබෙනවනේ.ඇරත් දැන් තිබෙන්නේ යහපාලනයනේ! කාටවත් බැහැ කාගෙවත් දේශපාලන නිදහස නැතිකරන්න. (නි)
ඒ කියන්නේ ඔබතුමාගේ කාලයේ කිසිම වරදක් වුණේ නැද්ද? (නි)
මහින්ද මහත්තයෝ, අවශ්‍ය ඇත්තන්ට ස්වභාව ධර්මය දඬුවම් දෙනවා. (නි)