ශ්රී ලංකා නිදහස් පක්ෂය අද (22) සවස ආණ්ඩුවට එකතුවන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කළුතරදී ප්‍රකාශ කළේය.
ජාතික රජයක් පිහිටුවීම මෙම එක්වීමේ අරමුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමැතිධූර කිහිපයක් ලබාදීමට ඉඩ ඇති බවත් දැනගන්නට ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන බ්‍රහස්පතින්දා චීනය බලා යාමට පෙර ජාතික රජයක් පිහිටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.
ජාතික රජයක් පිහිටවීමෙන් පසු මහා මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමටද බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත පොඩ්ඩක් කට වහගෙන ඉන්නවනම් හොදයි. කැපී පෙනෙන රෝගය එච්චර හොඳ දෙයක් නෙමෙයි. (බ)
මොන ජාතික ආන්ඩු හැදුවත් කමක් නැහැ සිංහලයගේ අනාගත අයිතියත් බොදු අයිතියත් රැකෙන පරිදි ආණ්ඩුව සකස් විය යුතුයි. (නදී)
බළලා මල්ලෙන් එළියට(දිල්)
දැන් අප්‍රේල් වලින් ජුනි වලට කල්ගියාද? (නි)
ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ හිටියි. උතුර කොහොමත් වෙන් කරලා දෙයි හෙමින් හෙමින්. දෙපැත්තේ අදහස් කොහොමත් එ්කට ගැලපෙන්නේ නැහැ. අන්තිමට වෙන්නේ ඡන්දෙදි වෙනම පක්ෂයක් පිහිටවල හිටපු ජනාධිපති තුමා නැවත බලයට එන එක. (නදී)
දැන් බලමුකෝ කට්ටියගෙම රට හැදීමේ උනන්දුව! (නි)
මහජන ඡන්දයකින් තොරව කොහොමද ඔයවැනි තීරණයක් ගත්තේ? ජනතාව ඡන්දෙ දුන්නේ පවතින රජයට. දැන් කොහොමද ඒක වෙනස් කරන්නේ හිතුමනාපෙට. (නි)