කොළඹ නවම් මාවතේ දී තරුණ ජෝඩුවකගෙන් රුපියල් 4000ක කප්පමක් කෑමට ගිය බව කියන පෑලියගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙක් මාසයක් රිමාන්ඩ් භාරයේ සිටීමෙන් පසු කොළඹ කොටුව උසාවියේ දී අද ඇප ලැබීය.
තරුණ ජෝඩුව නොහොඹිනා විදියට හැසුරුණු බව කියා නඩු නොදැමීමට නම් එම මුදල ගෙවන ලෙස ඔහු ඉල්ලා ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවයේ සුළු සහ මධ්‍යම ශ්‍රේණි වල සමහර සේවකයින් නම් හරිම කැත විදිහට තමයි කතා කරන්නේ. සමහරු තමන්ගේ උසස් නිලධාරීන්ටවත් ගරු සරු දක්වන්නේ නැහැ. (නි)
මැගිලින් මහත්මියට , අන්තර්ජාලයට පිවිසෙන්න ඊ මේල් භාවිතා කරන්න තරම් පරිගණක දැනුමක් තිබෙන එකේ එළවලු වෙළඳාමේ යෙදෙන්නේ අර්ධ කාලින රැකියාවක් ලෙස වෙන්න ඇති. (නදී)
මමත් අවුරුදු 30ක් පොලේ එළවලු විකුණනවා. හැබැයි ඔහොම කතාකරන්නේ නැහැ. දැන් අපේ පොලේ මාලුකාරයෝ කියන්නේ නම් "උඹලා රජයේ නිලධාරිනියන් වගේ නම් කතාකරන්න එපා"කියලයි (නි)
මැගිලින් අක්කගේ අදහසට මට හිනා. අයියෝ මාළු කිවලු. (නදී)
පි. සි. ට රිමාන්ඩ් එක ඇතුළෙදි මොකුත් ලැබුණේ නැද්ද දන්නේ නැහැ.මොකද, ඇතුළේ ඉන්න කට්ටිය හැම වෙලාවේම පොලිසියේ කට්ටිය පිළිගන්න සැදීපැහැදී සිටිනවා. (නි)
මැගිලින් මහත්මියගේ පරිගණක දැනුමේ හැටියට ඔබ එළවලු විකුනන්නේ වැරදීමකින් වත්ද ? (ස)
මැගිලින් මහත්මිය ගේ පරිගණක දැනුමේ හැටියට ඔබතුමි එළවලු වෙළඳාම් කරන්නෙත් අන්තර්ජාලය හරහා වෙන්න ඕන. (ස)
මෙතන ප්‍රශ්නය ලැබෙන වැටුප නොවේ. අඩුවෙන් වැටුප් ගන්න කෙනත්, ලොකුවට ගන්න කෙනාත් දෙගොල්ලොම පගාවට පුරුදුවෙලා. දහස් ගණන් වැටුප් ගත්තත්, ලක්ෂ ගණන් ගත්තත් පගාව අද ලංකාවේ අස්සක් මුල්ලක් නෑර රජකරනවා, ඉහළ සිට පහළටම (නි)
පොලිසියටත් ලැජ්ජයි! (නි)
අන්තිමේදී ලෝකේ පරණම රස්සාවටත් වඩා පහත රස්සාවක් වෙනවා මේක (නදී)
ලැජ්ජා නැතිම රැකියාව බවට මේක පත්වෙයි මෙහෙම ගියොත් නම් (නි)
හැබැයි ඉතින් පගාව ගැනීම වගේම ප්‍රසිද්ධ තැන් වල නොහොබිනා හැසිරීමත් ලැජ්ජාවට කාරණාවක්. සමහරුන්ට පෙම් කරන්න ගියාම, අහළ පහළ පොඩි දරුවන්, වැඩිහිටියන්, පුජ්‍ය පක්ෂය ඉන්නවාද කියලාවත් මෙලෝ සිහියක් නැහැ. (නි)
රාජ්‍ය සේවකයන් මේ දේවල් වලට යොමුවෙන්න හේතුව ඒ මිනිසුන්ට සරිලන වැටුපක් නොලැබීම නිසා නේද? (නි)
ඊට කලින් අහන්න ඕනෑ රවින්ද්‍ර රජයේ සේවකයන් ලැබෙන වැටුපට හරියන්නවත් වැඩ කරනවද කියලා. (නි)
ඔක්කොටම කලින් රජයේ සේවකයන්ට උගන්නන්න ඕන මහජනයාට කතා කරන විදිය. මම ළඟදී රජයේ බැංකුවකට ගියා. කවුන්ටරයේ හිටපු තරුණ ගෑනු ළමයාගේ කතා විලාසය පොලේ එළවලු විකුනන්න හොඳයි. එතන හිටපු නිලධාරියට මම පැමිණිලි කලාම කිව්වේ ඒ ඉතින් ඒ උදවියගේ සුදුසුකම් තමයි නෝනා ඕක ගණන් ගන්න එපා. අපි ගණන් ගන්නෙත් නැහැ කියලා. ඔන්න රාජ්‍ය සේවයට ගිය කල. (නදී)