IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ජෝඩුවකගෙන් කප්පම් කන්න ගියැයි පීසීට ඇප

කොළඹ නවම් මාවතේ දී තරුණ ජෝඩුවකගෙන් රුපියල් 4000ක කප්පමක් කෑමට ගිය බව කියන පෑලියගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙක් මාසයක් රිමාන්ඩ් භාරයේ සිටීමෙන් පසු කොළඹ කොටුව උසාවියේ දී අද ඇප ලැබීය.

තරුණ ජෝඩුව නොහොඹිනා විදියට හැසුරුණු බව කියා නඩු නොදැමීමට නම් එම මුදල ගෙවන ලෙස ඔහු ඉල්ලා ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

 



අදහස් (0)

ජෝඩුවකගෙන් කප්පම් කන්න ගියැයි පීසීට ඇප

පිටිගල Thursday, 10 July 2014 04:48 PM

රාජ්‍ය සේවයේ සුළු සහ මධ්‍යම ශ්‍රේණි වල සමහර සේවකයින් නම් හරිම කැත විදිහට තමයි කතා කරන්නේ. සමහරු තමන්ගේ උසස් නිලධාරීන්ටවත් ගරු සරු දක්වන්නේ නැහැ. (නි)

:       0       0

සේනක Friday, 11 July 2014 08:41 AM

මැගිලින් මහත්මියට , අන්තර්ජාලයට පිවිසෙන්න ඊ මේල් භාවිතා කරන්න තරම් පරිගණක දැනුමක් තිබෙන එකේ එළවලු වෙළඳාමේ යෙදෙන්නේ අර්ධ කාලින රැකියාවක් ලෙස වෙන්න ඇති. (නදී)

:       0       0

මැගිලින් Thursday, 10 July 2014 06:52 PM

මමත් අවුරුදු 30ක් පොලේ එළවලු විකුණනවා. හැබැයි ඔහොම කතාකරන්නේ නැහැ. දැන් අපේ පොලේ මාලුකාරයෝ කියන්නේ නම් "උඹලා රජයේ නිලධාරිනියන් වගේ නම් කතාකරන්න එපා"කියලයි (නි)

:       0       0

පහන්දී Friday, 11 July 2014 08:45 AM

මැගිලින් අක්කගේ අදහසට මට හිනා. අයියෝ මාළු කිවලු. (නදී)

:       0       0

චමින්ද Thursday, 10 July 2014 08:45 PM

පි. සි. ට රිමාන්ඩ් එක ඇතුළෙදි මොකුත් ලැබුණේ නැද්ද දන්නේ නැහැ.මොකද, ඇතුළේ ඉන්න කට්ටිය හැම වෙලාවේම පොලිසියේ කට්ටිය පිළිගන්න සැදීපැහැදී සිටිනවා. (නි)

:       0       0

ගයාන් Friday, 11 July 2014 11:23 AM

මැගිලින් මහත්මියගේ පරිගණක දැනුමේ හැටියට ඔබ එළවලු විකුනන්නේ වැරදීමකින් වත්ද ? (ස)

:       0       0

සුනිල් Friday, 11 July 2014 11:28 AM

මැගිලින් මහත්මිය ගේ පරිගණක දැනුමේ හැටියට ඔබතුමි එළවලු වෙළඳාම් කරන්නෙත් අන්තර්ජාලය හරහා වෙන්න ඕන. (ස)

:       0       0

සයිමන් Friday, 11 July 2014 12:14 PM

මෙතන ප්‍රශ්නය ලැබෙන වැටුප නොවේ. අඩුවෙන් වැටුප් ගන්න කෙනත්, ලොකුවට ගන්න කෙනාත් දෙගොල්ලොම පගාවට පුරුදුවෙලා. දහස් ගණන් වැටුප් ගත්තත්, ලක්ෂ ගණන් ගත්තත් පගාව අද ලංකාවේ අස්සක් මුල්ලක් නෑර රජකරනවා, ඉහළ සිට පහළටම (නි)

:       0       0

රාධවන් Friday, 11 July 2014 12:17 PM

පොලිසියටත් ලැජ්ජයි! (නි)

:       0       0

තේජාන්විත Friday, 11 July 2014 03:15 AM

අන්තිමේදී ලෝකේ පරණම රස්සාවටත් වඩා පහත රස්සාවක් වෙනවා මේක (නදී)

:       0       0

චින්තක Thursday, 10 July 2014 12:45 PM

ලැජ්ජා නැතිම රැකියාව බවට මේක පත්වෙයි මෙහෙම ගියොත් නම් (නි)

:       0       0

දිනේෂ් Thursday, 10 July 2014 02:00 PM

හැබැයි ඉතින් පගාව ගැනීම වගේම ප්‍රසිද්ධ තැන් වල නොහොබිනා හැසිරීමත් ලැජ්ජාවට කාරණාවක්. සමහරුන්ට පෙම් කරන්න ගියාම, අහළ පහළ පොඩි දරුවන්, වැඩිහිටියන්, පුජ්‍ය පක්ෂය ඉන්නවාද කියලාවත් මෙලෝ සිහියක් නැහැ. (නි)

:       0       0

ඕමාන - රවීන්ද්‍ර Thursday, 10 July 2014 02:11 PM

රාජ්‍ය සේවකයන් මේ දේවල් වලට යොමුවෙන්න හේතුව ඒ මිනිසුන්ට සරිලන වැටුපක් නොලැබීම නිසා නේද? (නි)

:       0       0

ගිහාන් Thursday, 10 July 2014 02:30 PM

ඊට කලින් අහන්න ඕනෑ රවින්ද්‍ර රජයේ සේවකයන් ලැබෙන වැටුපට හරියන්නවත් වැඩ කරනවද කියලා. (නි)

:       0       0

කුසී Thursday, 10 July 2014 02:38 PM

ඔක්කොටම කලින් රජයේ සේවකයන්ට උගන්නන්න ඕන මහජනයාට කතා කරන විදිය. මම ළඟදී රජයේ බැංකුවකට ගියා. කවුන්ටරයේ හිටපු තරුණ ගෑනු ළමයාගේ කතා විලාසය පොලේ එළවලු විකුනන්න හොඳයි. එතන හිටපු නිලධාරියට මම පැමිණිලි කලාම කිව්වේ ඒ ඉතින් ඒ උදවියගේ සුදුසුකම් තමයි නෝනා ඕක ගණන් ගන්න එපා. අපි ගණන් ගන්නෙත් නැහැ කියලා. ඔන්න රාජ්‍ය සේවයට ගිය කල. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 616 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 284 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 615 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1510 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 892 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 921 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1438 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site