
(තිලකරත්න දිසානායක සහ ආනන්ද ජයකොඩි)
අසීමිත බදු බරට, අධික බඩුමිල සහ විදුලි බිලට , ආණ්ඩුවේ මර්දනයට , අනීතික ඡන්ද අයිතිය කල් දැමීමට එරෙහිව ජාතික ජනබල වේගයේ විරෝධය පළ කරමින් ගම්පහ නගරයේ දී උද්ඝෝෂණයක් අද සවස පැවැත්විණි.
උද්ඝෝෂණ පෙළපාලිය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් ආරම්භ කොට දුම්රිය ස්ථානය කරා පැමිණි අතර අතරමැදි ස්ථාන කිහිපයකදීම පොලීසිය විසින් මාර්ගය අවහිර නොකරන ලෙස දැනුවත් කිරීමට පියවර ගනු ලැබීය.
අනතුරුව දුම්රිය ස්ථානය අසලදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා, විධායක සභිකයින් වන සුනිල් හදුන්නෙත්ති, මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ජනතාව ඇමතූ අතර මෙම අවස්ථාවේ දුම්රිය ස්ථානය අසල සාමාන්‍ය පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙන්ම ප්‍රහාරක නිලධාරීන්ද යොදවා සිටි ආකාරයක් දක්නට ලැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd