ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති නිව්යෝක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මාන හිමිකරගත් ජගත් චමිල කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති නිතීඥ අශෝක සේරසිංහ මහතා ප්‍රම්‍රඛ චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන්, කැමරා ශීල්පීන්, කලා කරුවන් සහ ඔහුගේ ඥාතීහු ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිළිගත්හ.
ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කරදෙමින් දිවයිනට පැමිණි ජගත් චමිල ඔහුව මුලින්ම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන් මොරටුව ප‍්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ නාට්‍ය කලා ආචාර්‍ය තිස්ස ගුණවර්ධන මහතාගේ දෙපා නැමද සිටියේය. ඉන් අනතුරුව දෙදෙනාම සතුට වාවා ගත නොහැකිව එකිනෙකා වැළදගෙන මොහොතක් සතුටු කදුළු වැගුරූහ. එම අවස්ථාව ඉතාම හැගීම් බර වූ අතර එහි සිටි සැමගේ දෙනෙත් තෙත් කරවීමට සමත් විය.
ඔහුගේ දියණියන් දෙදෙනා විසින් සිය පියාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලියන ලද සුභ පැතුම් පත් දෙකක්ද එහිදී ඔහුගේ සුරතට පිරිනැමිණි.
ඔහු මෙම සම්මානය හිමිකරගත්තේ සෑම්ස් ස්ටොරි නමින් කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග‍්‍රිසියෙන් රචනා කරන ලද නවකතාව ඇසුරින් ප‍්‍රියංකර විතානාරච්චි විසින් නිර්මාණය කරණු සැමීගේ කතාව සිනමාපටයේ සැමීගේ චරිතය සදහා පන පෙවීමෙනි.
මන්ද මානසික තත්වයෙන් පෙලූන සේවකයෙකුගේ චරිතයක් ඔහු එහි නිරූපනය කළේය.
1986 තිස්ස ජයවර්ධනගේ සමනළ කන්ද වේදිකා නාට්‍යයෙන් පාසැල් අවදියේම රංගනයට පැමිණි ජගත් 1989 දී සිය ප‍්‍රථම සිනමා රංගනයට එක් වූයේ විජය ධර්ම ශ‍්‍රී ගේ ගුරුගෙදර සිනමා නිර්මාණයෙහි අනෝජා වීරසිංහගේ පුතකු ලෙසය.
ශ‍්‍රී ලාංකික රංගන ශිල්පියෙකු මෙවැනි ජාත්‍යන්තර තරඟයකදී හොඳ ම නළුවාට හිමි සම්මානය දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.
ජගත් චමිල සමග කැනඩාවේ ඩොමිනික් පසෙල්, අමෙරිකාවේ එඕවර්ඕ ෆ්ලෝන්ග්, ඩෙන්මාර්කයේ සෙබස්තියන් ෙ–සන් සහ කියුබාවේ ඕමාර් ප්‍රරැන්කෝ යන රංගන ශිල්පීන් ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටියහ.
මේ වන විට ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට රැසකට දායකත්වය සපයා ඇති ජගත් චමිල දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු ද වෙයි.
ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පසුගිය 13 වනදා සිට 20 වනදා දක්වා මෙම සම්මාන උළෙල පැවැත්විණි.
මෙම අවස්තාවට ජැක්සන් ඇන්තනී, වසන්ත විට්ටච්චි,බුද්ධදාස විතානච්චි,විජේරත්න වරකාගොඩ, චාන්දනී සෙනවිරත්න, නිල්මිනී තෙන්නකෝන්, නදීකා ගුණසේකර, සේමිනි ඉද්දමල්ගොඩ, දමිතා අබේරත්න ඇතුළු ප‍්‍රවීන කලා කරුවන් රැසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලන් බ්‍රෑන්ඩෝලා, අල් පශිනෝලා, ටොම් හෑන්ක්ලා, අතර තරුවක් වෙන්න දෑන් ඔබට පාර ඇරිලා. ප්‍රවේශමෙන් ගමන් කරන්න. මගේ සුබ පැතුම්. (නි)
ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා! (නි)
තමාට පෙර රටත් ආගමත් දෙමාපියනුත් ගුරුවරුන් පෙරට තබා වැඩකරන්න ඉගෙනගත් ඔබ සැමට ආදර්ශයක්. මම ඔබව "සුරවිමනෙන් " හදුනාගත්තේ. ඔබට ජයම වේවා! (නි)
ඔයාට උණුසුම් සුබ පැතුම්! (නි)
උණුසුම් සුබ පැතුම්! සැමදා ජයෙන් ජය! බුදුසරණයි ඔබටත් ඔබගේ දෙමාපියන්ටත් (නි)
සුබ පැතුම් ! ඔබ සුදු නෙළුමක්. තව තවත් සම්මාන වලින් පිදුම් ලැබිමට වාසනාව උදාවේවා! ඔබගේ වෘත්තීයට වටිනාකමක් හා අගයක් ලබාදෙන්න, බාල දේවල් පසුපස නොයා අනිත් අය වගේ (නි)
අපේ රටට ලබාදුන් කීර්තියට ඔබට උණුසුම් සුභ පැතුම්! (නි)
මම මේ බැලුවේ අර හැමදේටම ඇමරිකන් කුමන්ත්‍රණයක් කියලා ජප කරන්න පුරුදු වෙලා ඉන්න සෙට් එක කොහෙද කියලා? ඔබට සුබ අනාගතයක්! (නි)
විශිෂ්ඨ ශ්‍රී ලංකන් පුතෙක් (නි)
කලාකරුවක් නොවී සැබෑ කලාකරුවෙක් ලෙස මේ ගමන යන්න හැකි වේවා! (නි)
කවදාවත් දකුණු ආසියාවෙන් එහාට ලොවක් නොදකින, දකුණු ආසියාවෙන් එහාට නැගිටීමක් නොමැති අල්ලපු රටේ සිනමාවට හසුවී විනාශ නොවී ඉදිරියටම යත්වා! හොලිවුඩ් යාමේ වරම් ලැබේවා! (නි)
ඉතා අනර්ඝයි (නි)
මගේ සුභ පැතුම්! (නි)
ජගත්. ඔබ අපට වටිනා සම්පතකි.දේශද්‍රෝහී නිර්මාණ බිහි කරන නිර්මාණ කරුවන්ගෙන් බේරී අපේ කම රැකගෙන ඉදිරියට යෑමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා....! (නි)
ශ්රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක ඇති කර දුන් ඔබට චිරන් ජයතු!(අ)
රටට කීර්තියක් ගෙනදුන් ඔබට උණුසුම් සුභපැතුම් (අ)
අපේ ආදරණීය ගුරුතුමාටත්, වේල්ස් කුමාර විදුහලටත් ,ලංකා මාතාවටත් ඔබ මහා ආඩම්බරයක් ජගත් .ඔබට මගේ සුබපැතුම් ! එමෙන්ම දක්ෂකම් හැදින,එය ඔපමට්ටම් කර මෙවන් උතුම් වස්තුවක් අපේ රටට දායද කළ මගේ රත්තරන් ගුරුපියානන්ටත් මෙවන් වූ තවත් සියගණනක් මගේ රටට දායාද කිරීමට නිදුක් නිරෝගී සුවය හා අපේ ආයුෂත් ගෙන තවත් චිරාත් කාලයක් ජීවත් වීමට අයුබෝවේවායි පතමු (නි)
මල්ලී ඔයාට මගේ සුභපැතුමි
ජගත්, ඔබට අපගේ හද පිරි ප්‍රණාමය! (අ)
ගුරුවරයෙකු කෙරෙහි ගෝලයෙකුට තිබිය යුතු සෙනෙහසම ඔබගේ ජයග්‍රහණයට ප්‍රමාණවත්.....සැබැවින්ම ජගත් සම්මානයකට අප රටේ කලාකරුවෙකු පාත්‍රවීම අප සියල්ලන්ට මහත් ආඩම්බරයක් සහ ගෞරවයක්....අපිට එතරම් නුහුරු නමක්වූවද ජගත් කරලියක ඔබගේ නම ආමන්ත්‍රණය කරනවිට හ්‍රීලාංකිකයෙකු වශයෙන් අපට ගෙනදුන්නේ අභිමානයක්,,,,,වේදිකාවේදී සිංහල බසින් කතාකර උපහාරය පිළිගැනීම සහ මෙම සම්මානය හ්‍රීලංකාවට අයිති බව ඔබ දේශාභිමානයෙන් කීමත් අපට ඉමහත් ආඩම්බරයක් !! තවතවත් ජගත් කිරුළු ඔබට හිමිවේවා!!!(අ)
ජගත්, මම ඔබේ ගමන දුටුවේ "රෝද හතරේ මනමාලය" ගෙනි. තව තවත් ජගත් පූජිත සම්මාන ලැබේවි. නිහතමානිව ගමන යන්න. ඔබට ජය.! (නි)
මාතෘභූමිය ලොව පතල කළ නුඹට අපගේ උත්තමාචාරය. (නි)
ලංකාව ගැන ආඩම්බර හිතෙනවා. සතුටු හිතෙන අවස්ථාවක් (නි)
කොහොම නමුත් අපේ කොල්ලා සම්මානේ ගෙනත් ... (නි)
ඔබගේ රංගන හැකියාවන් අති විශිෂ්ට නිසාම මේ සම්මානය ඔබට ලැබෙන්න ඇති.ඔබ ලබාදුන් කීර්තියට මගේ උණුසුම් සුබ පැතුම්. (නි)
හොද නළුවෙක්. අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)
කියන්න වචන නැහැ. හරිම ආඩම්බරයක් අපිට. මගේ ඇස්වලටත් කදුළු ආව. ඔබ දක්ෂයෙක් බව අපි හැමදාම දන්නවා (නි)
ජගත් චමිල ඔබ අති දක්ෂ සැබෑම නළුවෙක්, ඔබ වෙනුවෙන් එංගලන්තෙන් සුබ පැතුම්! (නි)
ඔබේ දක්ෂතා අගයන අතර ඔබේ වාසනාවන්ත විවාහ දිවියටද ඔබේ අනාගත කටයුතු වලටද සුභ පතමි. ඔබේ අපේ රටේ නම ඉහලින්ම තැබුවා. (නි)
නිහතමානී දක්ෂ නලුවෙක්. ඔබට උනුසුම් සුභ පැතුම්. සුභ අනාගතයක්.(නදී)
ජගත් චමිල "ලොවෙත් නැ ලොවි ගහෙත් නැතිවුනට". ඇමරිකාවේ නේ සම්මානේ තිබ්බේ . ඔබට උණුසුම් සුභ පැතුම්. ඉදිරියටත් ජයෙන් ජයම වේවා. (අ)
මගෙන් සුභ පැතුම් චමිල දෙවියන් ඔබව ආරක්ෂා කරයි (අ)
ඔබ මගේ රටට වාසනාවක්. චිරන් ජයතු මිතුර! කුවේට් රටේ අපි සැමගේ සුබ පැතුම් ඔබට. (නි)
"සදා රක්කන්තු ආවඩා"ඔබට සුබාසිරි. (නි)
එළුවන්ට හොඳ පාඩමක් මචන් මේක (අ)
විශිෂ්ට රංගන ශිල්පියෙක්! උණුසුම් සුබ පැතුම්! (නි)
ඔබට උණුසුම් සුභ පැතුම්....!!(අ)
ඔබ අපේ රටට ආඩම්බරයක්. ඔබ මුල අමතක නොකරපු නළුවෙක්. ඒක නිසා ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ඔබට ජය. (නි)
ජගත්,ඔබ හොද මිනිසෙකි (නි)
නිහතමානි කලාකරුවාණෙනි, ඔබට සුභ අනාගතයක්! (නි)
නිහතමානි නළුවෙක්. ආඩම්බරයි ඔබ ගැන, අපිට දුන් කීර්තියට.නැවතත් ඔබට හිස නමා ආචාර කරමි. (නි)
ඔබට උණුසුම් සුභ පැතුම්! (නි)
පින්තුර පෙළගැස්ම සහ ලිපිය අනර්ඝයි! (නි)
චමිල, ඔබට අපගෙන් සුබපැතුම්! (නි)
ජගත් චමිල, ඔබට ඉතාලියේ රෝම නගරයේ සියලුම දෙනාගේ සුබ පැතුම්! (නි)
ආදරණීය කලාකරුවාණෙනි, මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
ඔබ අපට සිටින ඉතා නිහතමානී දක්ෂ රංගන ශිල්පියෙක්.දීර්ඝ ගමනක් යාමට තුනුරුවන් සරණින් ශක්තිය ධෛර්ය ලැබේවා! (නි)
ඔබ ඉතාම දක්ෂ චරිතාංග නළුවෙක්. අළු බඳුන 'ජන්තු,මම නොවේ මම වැනි ටෙලි නාට්‍ය වල ඔබ ඉතා තාත්වික චරිත රග පෑ නළුවෙක්.ඔබට මෙවැනි ඇගයීම් තව තව ලැබෙන්නට වාසනාව ලැබේවා! (නි)
වාසනාවන්. නිහතමානී නළුවෙක්. රටට වාසනාවන් ඔබ වන් පුතුන්.. (නි)
ලංකාවේ ඇති අඩු පහසුකම් වලින් තමයි ඔබ, ඔය ජය ලැබුවේ. ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි! (නි)
1986 සමනල කන්ද නාට්‍යයේ අපි පුහුණුවීම් කරනකොට තිස්ස සර්ගේ දවල් ආහාරය පවා අපිට දීලා තියනවා. එවැනි කෙපකිරීමක් කරපු සර් කෙනෙක්ගේ නීල් මැණිකක් තමයි අපේ ජගත්. සාගර, අශේන්, ලසන්ත,රුක්මල්,අනිල්,මංගල, [මයින] සහ අප සියලුම දෙනාගේ උණුසුම් සුබ පැතුම්. (නි)
දියත ජයගත් ජගත් චමිල, ඔබට සෙත් වේවා උතුම් බුදු ගුණයෙන්! (නි)
ජගත් කියන්නේ ලෝකය. ඉතින් ලෝකයක්ම දිනු ජගත් ජගතෙක්ම තමයි. ඔබට සුබ පැතුම්! සුබ අනාගතයක්! (නි)
උණුසුම් සුබ පැතුම් ඔබට! (නි)
ඔබ අප රටට ආඩම්බරයක්. ඔබ දක්ශ නිහතමනි කලාකරුවෙක්. ජය ශ්‍රී! (නි)
දයාබර මිතුර, ඔබ මගේ රටට මහත් ආශීර්වාදයක් ! ඔබගේ හදපිරි සතුටු සිනහව මගේ රටට වාසනාවක් . ඔබට ජය සහ සතුට. (නි)
අපේ උණුසුම් සුබ පැතුම් හැමදාමත් ඔබට තියෙනවා.. (නි)
ජගත් ඔයාට සුබ පැතුම්! (නි)
දකුණු කොරියාවේ සේවය කරන අපගේ ප්‍රණාමය. ඔබට සුබ අනාගතයක් වේවා. (නි)
නියම දක්ෂයෙක්. නියම ආකාරයට ඇගයීමක්. ලංකාවේ සිදුවන හොර ඇගෙයීම් වලට වඩා මෙවැනි සම්මාන කෝටියක් වටිනවා. සමහර ප්‍රබුද්ධයන් කියන හොර නළුවෝ අඩනවා ඇති. නළුවෙක් වෙන්න නම් වේදිකාවෙන් පටන්ගන්න අලුත් අය ඉගෙන ගන්න ඕනෑ. (නි)
රෝවිගෝ නගරයේ ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රණාමය! (නි)
විරං ජයතු! (නි)
හොද කලාකරුවෙක් නිහතමානි මනුස්සයෙක් මොහු. (නි)
අපේ රටට ලබාදුන් කීර්තියට ඔබට උණුසුම් සුභ පැතුම්! (නි)
ඔබගේ නිහතමානී රංගනයට ලැබූ ජයක් ! (නි)
උපතින්ම ජගත් , ජගත් සම්මානයට හිම්කම් කියා රටට අත්ත්කර දුන් කීර්තිය කළා ලොවේ ඉතිහාසගත වන වාර්තාවක් වෙනවා. ගුරුතුමාගේත් ,ශිෂ්‍යයාගෙත් ,සතුටු කඳුළු .... අපිත් හඩවන තරමේ සිද්ධියක්. ඔබට ජය! (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
අපගේ උණුසුම් සුබ පැතුම් ජගත් චමිල .......!!! (නි)
ඔබට දිගු ගමනක් යෑමට වාසනාව ලැබේවා! (නි)
අනේ අඬනවනේ!!! (නි)
කව්ද මේ අන්තිම ෆොටෝ දෙකේ ඉන්න කට්ටිය? (නි)
ඔයාට උණුසුම් සුබ පැතුම්! (නි)
උණුසුම් සුභ පැතුම් ජගත් අයියේ! :) (නි)
ඔබ ඉතා නිහතමානී නළුවෙක්. ඔබ වැන්නන් සියල්ලන්ටම ආදර්ශයක් (නි)
ජගත් චමිල ඔබට මගේ සුබපැතුම් ! සිනමාවේ දැවැන්තයෝ,සිංහල සිනමාවේ සුපිරි කලාකරුවෝ දෙතුන් දෙනෙක් විතරද ගියේ? දැවැන්ත නමක් නැති,මල්ගස් වටේ දුවන පියරු බබෙක් ඕක දිනුවා නම් ඔය ඔක්කොම සුපිරි නළුවෝ,නිලියෝ ඔතන පිරිලා ඉදීවි.අපේ රටේ උඩ ඉදල පහලට හැම අතින්ම පිරිහිලා.නමුත් නිතර කතාකරන්නේ යහපත් සමාජයක උන්නතිය උදෙසා කියලා තමා.රටේ හැම හොද දෙයක්ම හෝදාපාලු වෙලා. (නි)
ආඩම්බර වෙනව ගොඩා..ක් අපේ කොල්ලා ගැන. (නි)
හොඳ වෙලාවට අර කඩේ යන නළුවා එහෙම පෙනෙන්න නැහැ. (නි)
ඔබ රටට ගෙනා කීර්තියට අපගේ සුබාශිංසන.ජය වේවා! (නි)
ඔබට ලැබුණේ සම්මානය පමණක්ද? ත්‍යාගයක් වශයෙන් යමක් නොලැබුණේද? අපි කැමතියි ඒ ගැන දැනගන්න (නි)
පස්වන පින්තුරය හරි ලස්සනයි. ආඩම්බරයි. සුබපැතුම්. (නි)
මගේ නෙත් වලටත් සතුටු කදුළු ගලා අවේ, ඔබ නිතැතින්ම දක්ෂ නිහතමානී කලාකරුවෙකු නිසා සහෝදර චමිල. ඔබට ජයම වේවා !!!! ඔබ රට දිනවූ පුතෙක්. ඔබ ගැන මුළු රටම ආඩම්බර වෙනවා. (නි)
ශ්රී ලංකා මාතාව බබළවපු දයාබර සොහොයුර, ඔබට ඉතාලියේ බ්‍රෙසියා නගරයේ සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ සුභ පැතුම් ප්‍රාර්ථනා කරමි. (නි)
තවත් ඔබ ඉදිරියටම යන්න ඔබට උණුසුම් සුබ පැතුම්! (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ජාතිය සතු වස්තුවක් වූ මේ විශිෂ්ඨ කලාකරුවාට අපේ උණුසුම් සුභාසිංශන පිරිනමමු. තව තවත් මෙවන් ජයග්‍රහණ ලබාගෙන ඔබේ කීර්තියත් රටේ කීර්තියත් ලොව පුරා පතුරුවා හැරීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවා! (නි)
ඔයා නියම නළුවෙක් (නි)
මවු රටට ඔබ ලබාදුන්නේ ඉමහත් කීර්තියක්.මේ ෆිල්ම් එකේ කොටසක් මම දැක්කා. ඔබව කොහොමටවත් අදුනා ගැනීමට නොහැකියි. මම කල්පනා කලේ ඇත්තටම මන්දමානසික ළමයෙක් ද කියලයි. ඉතාම තාත්විකයි. සරල නිහතමානී ජගත්, ඔබට චිරන් ජයතු ! (නි)
ජගත් චමිල ඔබට මගේ සුබ පැතුම්! අපේ රටට තවත් ජාත්‍යන්තර සම්මානයක් ලබා දුන් ඔබට තෙරුවන් සරණ හා තුන් තිස් කෝටියක් දෙවියන්ගේ රැකවරණ ආශීර්වාදය ලැබේවා! (නි)
ගොඩාක් ආඩම්බරයි මේ ලෝකේ සැබෑවටම පොලොවේ පය ගහල ජීවත් වන කොල්ලෙක් ජයවේවා (අ)
ලක් මාතාව ලොවට ගෙනගිය ඔබට උණුසුම් සුබ පැතුම්! (නි)
අපගේ හද පිරි සුබ පැතුම්! (නි)
සොඳුරු මිනිසෙක්. අපේ හද පතුලෙන් සුබ පැතුම්! (නි)
ඔබට සුබ අනාගතයක් ජගත්! (නි)
ශ්රී ලාංකිකයෙක් ලෙස, ප්‍රංශයේ සිටින අපෙන් සුබ පැතුම්. (නි)
ජගත් චමිල, ඔබගේ රංගන දිවියට මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
ජගත්,මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
කුවේට් රටේ සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රණාමය ඔබ හට!! (නි)
ඩුබායි නගරයේ ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රණාමය! (නි)
එක පුන් සදෙන් දුරුවෙයි ලොව ගන අඳුරු.... ඔබ වැනි පුතුන් ලක් මැනියන්ට සම්පතකි. ඔබට තුනුරුවන් සරණයි. (නි)
බොහොම හොද දෙයක් (නි)
අත්ටටම මගේ ඇස් වලටත් කදුලු ආවා සතුට වැඩිකමට. මාස ගණනක ඉදල අපිත් හරිම අවධානයෙන් හිටියේ ඔබටම මේ සම්මානය ලැබේවි කියලා. අපේ රටටත් දැනෙන්නේ ලොකු ආඩම්බරයක්. ඔබට සුභ අනාගතයක්! ඔබ සැබවින්ම දක්ෂ කුසලතා පරිපූර්ණ නළුවෙක් (නි)