ශ්රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ සමයේ වාර්තාවන සිද්ධීන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා නිරතුරු දැනුම්වත්ව සිටින බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීෆන් දුෂාරික් ප්‍රකාශ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවිය කියයි.
සුළු ජාතීන් ඇතුළු සියලු දෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ පුළුල් ඉඩකඩ සමග ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සාමකාමී ලෙස පැවැත්වෙනු ඇතැයි මහ ලේකම්වරයාගේ අපේක්ෂාව බවද එහි සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේලම් ටික කියන්න ඇති. (ර)
ඡන්දය සාධාරණව තියනවා නම් කවුරු කේළම් කිවුවත් බයවෙන්න දෙයක් නැහැනේ. (නි)
ආදර්ශවත් ජනපතිවරණයක් නිසා ජගත් ලේකම් විතරක් නොවෙයි මුළු ලෝකයම බලාගෙන ඇති ආදර්ශයට ගන්න. (නි)
බැරි වෙලාවත් සිරිසේන දිනුවොත් මේගොල්ලෝ මෙහෙ ඇවිල්ල පදිංචි වෙයි (බ)
අනුන්ගේ ජරාව තමන්ගේ ඇඟේ ගාගන්නැතිව ඉන්න කියන්න තියෙන්නේ (බ)
එය ඉතා හොඳ ක්‍රියාවක් නැතිනම් ආණ්ඩුව සාධාරණ මැතිවරණයකට ඉඩ දෙන්නේ නෑ (බ)
ඒක හොඳයි.ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ වෙනම ග්‍රහාලෝකයක නොවෙයිනේ. මුලු ලෝකයාම දැනගත යුතුයි වර්තමානයේ ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන අයුරින් කටයුතු කිරීම පවතින රජය ඉතාමත් වගකීමෙන් ඉටුකළ යුතුයි. (නි)
ලෙඩක් දාන්න පොටක් හොයනවාද දන්නෙත් නැහැ (නි)
ජගත් සංවිධානය මේ වෙලාවේ දුප්පත් අසරණ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිටීම වටිනවා. (නි)
මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා යහපාලනයක් තිබුනා නම් මූන්ලා ඇඟිලි ගහන්නේ නැහැ. (නි)
බටහිර රටවල් වලට ඇහැ ගහන්නේ නැද්ද දන්නෙ නැහැ (නි)
මොකද අප්පා කවදාවත් නැති උනන්දුවක්? උතුරට පළාත් සභා ඡන්දෙ තියනකොට කවුරුත් කතාකළේ නැහැ. දැන්නේ මේ කට්ටියට ප්‍රජාතන්ත්‍රවාදය මතක්වෙලා තියෙන්නේ. (නි)
වෙන වැඩ නැද්ද දන්නෑ. (ර)
අපි අපේ වැඩ බලාගන්නම්. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. (නි)
සුද්දෝ නැතුව අපිට මොකුත්ම කරන්න බැරිද? (නි)
එන්නේ කාටද කියලා අපිටත් තේරෙනවා (නි)
මේ වෙලාවේදී ලෝකයම ඇහැ ගහගෙන ඉන්නවා නම් අපි කැමති වෙන්න ඕනෑ. (නි)
අපේම අය තමා මේ වගේ දේවල් වලට කේළම් කියලා මඟ පාදාගන්නේ. අපේ අයට තේරෙන්නේ නැහැ අපේ රට ඔවුන් හෑල්ලු කරන බව. ඒතරම් වටිනවද යුරෝපීයන්? තාමත් පොඩි අයව ලොකු අය පාගාගෙන ඉන්න ලෝකයේ අපි දැනගන්න ඕනෑ සැළෙන්නේ නැතුව ඉන්න (නි)
ජගත් ලේකම් කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)
ඔක්කොටම දැන් තමා සාධාරණ මැතිවරණ ගැන මතක්වෙලා තියෙන්නෙ. 2009 ට කලින් අවුරුදු 30 ක්ම සුළු ජාතීන්ට ඡන්ද අයිතිවාසිකම ලබා නොදුන්නෙ මිනීමරු ප්‍රභාකරන් නේද? ඒ කාලේ මෙතුමන්ලා පැත්තවත් බැලුවද දන්නෙ නැහැ. උතුරු නැගෙනහිර සියලු ජන කොටස් වලටම නිදහසේ ජීවත්වෙන්න විතරක් නොවෙයි ඡන්දයත් තමාට රිසිසේ පාවිච්චි කරන්න ඉඩ සළසා දුන්නෙ වත්මන් ජනපතියි. ජය ශ්‍රී ලක්මවුනි! (නි)
ඔබතුමාගේ ක්‍රියාව අපි ඉතාමත් අගය කරමු. (නි)
මේල්, අපි එක්සත් ජාතින්ගේ සංවිධානයට සම්බන්ධිත රටක් නොවේද? මහ ලේකම්ට අයිතියක් තියෙනවා සොයාබැලීමට. නැත්නම් අපිට සංවිධානයෙන් ඉල්ලා අස්වී වෙනම සිටින්නට පුළුවන් (නි)
ජගත් ලේකම්තුමනි, අපිට ජීවත්වෙන්න බැරි තරමට බඩු මිල දරාගන්න අමාරුයි. ආහාරපාන කියන්නේ මිනිස් මුලික අයිතිවාසිකමක් නේද? බඩු මිල ආදායමට ගළපන්න කියලා බැරිද මොනවාහරි කරන්න? (නි)
අදහස් ටික දැක්කහම අපේ අය කොච්චර මෝඩද කියලා හිතුණා (නි)
දැන් හිතෙනවා අපරාදේ කියලා යුද්ධය අවසන් කළේ (නි)
සාධාරණ විදියට සහ යුක්තිගරුකව ප්‍රජාතන්ත්‍රවාදිව, දුෂණ වලින් තොරව ඡන්ද කටයුතු කරනවා නම් ඔය පිටරට සංවිධාන වල කවුරුත් ඇඟිලි ගහන්න එන්නේ නැහැනේ. අසරණ ජනතාවට තම කැමැත්ත පරිදි ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය වෙනුවෙන් එවැනි සංවිධාන පෙනීසිටීම සාමය අගයන අපි කවුරුත් අගය කළයුතුයි. (නි)
මහත්තයෝ, අපේ ඡන්ද අපි බලාගන්නම් අපේ රට ඇතුළේ. කරුණාකරලා මැදපෙරදිග ගැන පොඩ්ඩක් බලනවද? (නි)
සඳරුවන් කියන දේ ඇත්ත. දරාගන්න බැරි විදිහට ජීවන වියදම නම් වැඩිවෙලා. අපේ රටේ පසුගිය කාලේදී හැම මාසයකම පාහේ මොනවාහරි දෙයක මිල වැඩිවුණා. හැම රටකටම පොදුවේ ආහාර වලින් අධික ලෙස බදු අය නොකිරීමට පෙළඹවීමත් මේ සංවිධානයෙන් කෙරෙනවා නම් එය අගය කළයුත්තක් (නි)
රණවිරුවන් 27000 ජිවිත පුජා කර, රටවැසියන් ලක්ෂ ගානක් මියගොස් බොහොම අමාරුවෙන් ගොඩගත් රටක් මේක. මම ඉන්නේ පිටරට. නැවත රට අපායකට දාන්න එපා. (නි)
සදරුවන්ගේ අදහස සමග එකඟවෙමි. ගිය අවුරුදු ටිකේ ලංකාවේ අත්‍යාවශ්‍ය ආහාර මිල දෙගුණ වුණ බව නොරහසක්. ආහාර කියන්නේ මුලිකම මිනිස් අයිතිවාසිකමක්. (ඡන්ද අයිතියටත් වඩා) ඔවුන් මේ සම්බන්ධවත් බලපෑමක් කර බඩුමිල පාලනයකට මේ වගේ රටවල් පොළඹවන්නේ නම් එය මීට වඩා ඵලදායි දෙයකි. (නි)
කරුණාකරලා සාධාරන ඡන්දයක් තබන්න. එය ජනතා අයිතියක්. (නි)
ඔන්න රටට ගිය කල! දැන් ලංකාවේ ඡන්දයක් තියනවා කිව්වාම ලෝකයේ අනිත් රටවල රාජ්‍ය නායකයන්ගේ ඇඟ නිකන් හිරි වැටෙනවා වගේ ඇති. (නි)
කාටවත් කේළම් කියන්න ඕනෑ නැහැ. මම ඉන්න රටේ බංගලාදේශ ජාතිකයෙක් මගෙන් ඇහුවා මැතිවරණය අස්සේ අපේ රටේ කලබල නේද කියලා.මිනිස්සු කුමන හෝ මාධ්‍යයකින් මේවා දැනගන්නවා. නිකම් අරයා මෙයා කේළම් කිව්වා කියලා හිතනවාට වැඩිය එක එක පාර්ශවයන්ට කන්කොන් හොයන්න බැරිවෙන්න වැඩකරන එක තමයි වඩාත්ම සුදුසු. (නි)
මේ අය මෙච්චර කුමන්ත්‍රණ කරනවා නම් මොකටද අපි එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය අරගෙන ඉන්නේ? (නි)
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුව අපි අපේ රටේ පාලනය ගෙනයනවා නම් සහ උපක්‍රමශීලී විදිහට විදේශ ප්‍රතිපත්තිය ගෙනයනවා නම් ජාත්‍යන්තරය ගැන බයවෙන්න අවශ්‍ය නැහැ. ගෝලීයකරණය වූ ලෝකයක අපිට හුදකලාව ඉන්න බැහැ. රටේ ආර්ථිකය ශක්තිමට් කිරීම, නීතියේ සමාන බව ඇතිකිරීම, මානව හිමිකම් රැකීම අද ජාත්‍යන්තරව පිළිගත් දෙයක්. අපි උතුරු කොරියාව වෙන්න ඕනෑ නැහැ. බ්‍රිතාන්‍ය රටවල් වගේ අපි දියුණු වුණාම කරන්න හිතෙන දේවල් දැම්ම කරන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. (නි)
මෙයා ලංකාවට විතරද ඇහැ ගහන්නේ? ඇමෙරිකාව රට රටවල මිනී මරනවා. ඒවට ඇහැ දාන්නේ නැද්ද? (නි)
මොකෝ මේ කට්ටියක් පරලවෙලා. කවුරු වුණාම මොකද හොඳ දෙයක් නේද කියලා තියෙන්නේ. රටේ පුරවැසියෝ ඔක්කොටම තමුන් කැමති කෙනාට නිදහසේ ඡන්දය දෙන්න ඉඩ දෙන කියන එක කොයිතරම් හොඳ දෙයක්ද? (නි)
දැන් ඔය රට ඇතුළේ වෙන දේවල් අනිත් රටවලට කොහොමත් ආරංචි වෙනවා. (නි)
මේ ඔක්කොම ඇඟිලි ගැහිලි සිද්ධවෙන්නේ අපේ රටේ වත්මන් ක්‍රියාකලාපය නිසා. නීතිය සාධාරණය රකිනවා නම් මේ කවුරුත් ඇඟිලි ගහන්න එන්නේ නැහැ. උඩ අදහස් පළකළ සමහර කට්ටිය දැක්කහම හිතෙනවා බත් එක්ක තණකොළ මැල්ලුම් කනවද කියලා. (නි)
එන එකත් භොඳයි ඇස් දෙකෙන්ම බලාගන්න. (නි)
එක එක අයගේ කේලම් ගැන බයවෙන්නේ තමන් හරියට වැඩ නොකළොත් තමයි. (නි)
අපි ලාංකිකයන් හැටියට වැඩ කරන්න ඕන කාටවත් අපේ වැඩ වලට හොම්බ දාන්න බැරි වෙන්න, වැදගත් විදියට. එතකොට අහේතුකව ඔය කාටවත් අපිට ඒවා මේවා කියන්න බැහැ. (බ)
අනේ මන්ද අරාබිකරයේ වෙන අපරාද පේන්නේ නැතුවද මේ අපේ ඒවාට ඇගිලි ගහන්න එන්නේ (බ)
ජගත් ලේකම්ට බොහෝ අය දොස් කිව්වට, ජගත් ලේකම්ට පින් සිදුවන්නට තමා බොහෝ දෙනෙක් ඉතාලියේ ස්විස් නොර්වේ ස්විඩන් වාගේ රටවලට හොරෙන් ඇවිත් සරණාගත විසා ලබා යහ ජිවිත ගෙනියන්නේ (බ)