IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජගත් මානව හිමිකම් කමිසුරු මාර්තුවේ ලංකාවට

එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පෙබරවාරි මස මැද භාගයේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. 

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය ලබන මාර්තු මස පැවැත්වීමට නියමිත අතර ඊට පෙර මහ කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. 

කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය මහ කොමසාරිස්වරයාගේ මෙරට සංචාරයේ කටයුතු මෙහෙයවනු ඇත. 

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී මහ කොමසාරිස්වරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ අතර එහිදි ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිඥයන්, පර්යේෂකයන් හා දේශීය පිරිස් ඇතුළත්  විශේෂ දෙමුහුම් අධිකරණයක අවශ්‍යතාව යෝජනා කළේය. එම අධිකරණය ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු බවත් ඊට ආරක්ෂක කාර්යාලයක් හා ගොදුරු වූවන් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් ද තිබිය යුතු යැයි යෝජනා කළේය. 

 



අදහස් (0)

ජගත් මානව හිමිකම් කමිසුරු මාර්තුවේ ලංකාවට

නාමල් - නිව්යෝක් Monday, 25 January 2016 02:41 AM

මෙතුමා අපි සාදරයෙන් පිළිගන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site