
(සුජිත් හේවාජුලිගේ )
රටේ ඇතිවී ඇති අවාසනාවන්ත තත්වයට පිළියමක් ලෙස ජනතාවට කඩිනමින් සහන ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය.
ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාදවීමෙන් මතුවිය හැකි ජනතා විරෝධය විපක්ෂය පටු බලලෝභී අවස්ථාවාදී අභිමතාර්ථ ඉටුකර ගැනීමට යොදා ගනු ඇති බවත් එමගින් රට ලේ විලක් බවට පත්වීමට ඉඩ ඇති බවත් ඔහු එම ලිපියෙන් පෙන්වා දුන්නේය.
දිනෙන් දින ඉහළ යන බඩු මිල ඩීසල් හා කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවීම,පෝලිම් යුගයක් ඇතිවීම පැය දොළහකට වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීම යනාදී හේතු නිසා ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි තදබල තරහක් මෙන්ම විශාල කලකිරීමක් ඇතිවූ බව සඳහන් කරන ජගත් කුමාර මහතා ඇතැම් මැති ඇමැතිවරුන් කළ සමහර ප්‍රකාශද ජනතාව කුපිත කිරීමට හේතුවූ බව සඳහන් කළේය.
එසේම ගොවි ජනතාවට ඔවුන්ට අවශ්‍ය පරිදි නැවත රසායනික පොහොර ලබා දීමට කටයුතු කිරීම වැදගත් බවද ප්‍රකාශ කළේය .
තවද රටේ ජනතාවට රටේ පවතින සැබෑ තත්ත්වය ගැන කරුණු පැහැදිලි කිරීම වැදගත් බවත් සත්‍ය තොරතුරු පවසා රට ගොඩනැගීමට සෑම දෙනාගේම සහාය ඉල්ලීම ආත්ම අභිමානයට හානියක් නොවන්නේ යැයි තමාගේ හැඟීම බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එසේ කළ නොහැකි නම් රටත් ජනතාවත් අපහසුතාවයට පත් නොකර විපක්ෂයට ආණ්ඩුව කරගෙන යෑමට අවස්ථාව සලසාදීම හෝ ආණ්ඩුව විසුරුවීමට කටයුතු කිරීම වඩා නුවණට හුරු ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.
එසේ නොකළහොත් ජනතාව රජයට එරෙහිව කටයුතු කිරීම වැළැක්විය නොහැකි බව සඳහන් කරන මන්ත්‍රීවරයා එලෙස ක්‍රියාත්මකවන පිරිස් මර්දනය කිරීමෙන් රට යුධ පිටියක් හෝ ලේ විලක් බවට පත්වීම වැළැක්විය නොහැකි බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
මහජන නියෝජිතයන් විශාල වරප්‍රසාද ලබන සුඛෝපභෝගී ජීවිත ගත කරන පිරිසක් බවට ජනතාව තුළ මතයක් ගොඩනැගී ඇති බවත් ජනතාව සමස්ත මහජන නියෝජිතයින්ට එරෙහිව නැගී සිටීමට එයද ප්‍රධාන හේතුවක් බවත් හෙතෙම පැවැසීය.
මැති ඇමැතිවරු එසේ වරප්‍රසාද භුක්ති විඳින්නේ නම් ඒ වරප්‍රසාද සීමා කිරීමට කටයුතු කළ යුතු බව ඔහු වැඩි දුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද තේරුණේ?
අනේ පව්, තොත්ත බබෙක්... මුකුත් දන්නේ නෑ...
ආණ්ඩුවේ ඉඳගෙන මොන ලිපිද? සර් ෆේල්... වහාම ඉල්ලා අස්වෙලා ගෙදර යන්න බලන්න. නිකන් තොත්ත බබා වෙන්න එපා.
අපිට දෙන්න පුළුවන් ලොකුම සහනය තමයි තව දුරටත් අපිව රවට්ටන්නේ නැතිව තොලොංචි වෙලා යන එක...
අශ්වයා ගියාට පසුව ස්ථාලය වැහුවේ මේ අය තමයි...!
හෙට අනිද්දාට ගුටි මුරේ ලැබෙයි කියලා බය වෙලා...!
ගේ වට කරලද?
රටට අවාසනාවන්ත තත්වයක් ඇති කළේ ඔයගොල්ලන්ගේ ලොක්කා නන්දසේන..!!!
නිකම්ම නිකම් අයින් වෙන්න දෙන්න හොඳ නැහැ... හොරා කාපු හැම සතයක්ම මහජනතාවට දිලා අයින් වෙලා යන්න. නැතිනම් මහජනතාව ඔබලාට පාඩමක් උගන්වනවා. ආයි කිසිම දේශපාලකයින්ට හොරාකන්න බැරි වෙන්න. එක රාජපක්ෂයෙක් ඇවිල්ලා අවුරුදු 10ක් හොරා කාලා රාජ්‍ය දේපළ හොරා කෑවා. රට සංවර්ධන කරනවා කියලා... ඊට පස්සේ පැරදුණාට පස්සේ බල ලෝභීකමින් එක එක කුමන්ත්‍රණ කරලා මහජනතාව මුලාකරලා.., නැවත වතාවක් ආවා අනිත් රාජපක්ෂයාට කරන්න කියලා.. එයා ඇවිල්ලා කොපමණ ආධාර ප්‍රමාණයක් ලැබුණාද? රටට කොරෝනා ව්‍යවසනයට එතැන ඉඳලා හොරා කෑවා..? ගොවියාට පොහොර නැති කළා. තෙල්, ගෑස් අනිකුත් සියලුම භාණ්ඩ තේ ෆැක්ටරි හෙවත් සියල්ල පොඩි මිනිසාගේ ඉඳලා ලොකුමිනිසා දක්වා සියලුම ආදායම් නැති බංගස්ථාන කරලා... අයින් වෙන්න නෙමෙයි, දිපියව් හොරා කාපුවා... මොකද මිනී පෙටිටි වල දාගෙන යන්නෑ ඕවා... කොච්චර බල ලෝභිකමට ගත්තත්..!
ලියුමක් ලියාගන්න පුලුවන් නේ එහෙනම් , ඒත් එස් බී කිවුවෙ අට පාස් කියල බොරු සහතිකයක් දාල සමුර්දි නියාමක ජොබ් එක දුන්න කියල නේ
ලියුම් ලියලා ප්‍රශ්න විසදන්න බෑ යකෝ ! තොපි ඔක්කෝම මකබෑවිලා පල !