2011 වසරේදී ශ්‍රී ලංකා රූ රැුජිණ වූ මේ සුරූපී ස්ටෙෆනි සිරිවර්ධන 2015 එළැඹෙද්දී අපූරු අවස්ථාවකට මුහුණ දීමට සූදානමින් සිටින්නීය. එනම් එළැඹෙන ජනවාරියේ ස්විට්සර්ලන්තයේ දී පැවැත්වෙන ලෝක ආර්ථික සංසද සමුළුවේ දී ලෝක තාරුණ්‍යය නියෝජනය කරන චරිතයක් ලෙසිනි. වසරක් පාසා පැවැත්වෙන මෙම අවස්ථාව නියෝජනයට එක්වන්නේ ලෝකයේ අංක එකේ ධනවතුන්වන බිල් ගේට්ස්, රිචඞ් බ‍්‍රැන්සන් වැනි ප‍්‍රකට චරිතය. ඊට අමතරව ඔබාමා වැනි ලොව ප‍්‍රකට නායකයින් ද සහභාගි වන මෙම අවස්ථාව නියෝජනයට ස්ටෙෆනි වරම් ලබා ගත්තේ කෙසේද? ස්ටෙෆනි යනු අන්තර්ජාතිකව පැවැත්වෙන ප‍්‍රසංග මෙහෙයවන අපූරු තරුණියක වන අතර ඊටත් අමතරව තවත් බොහෝ අංශවලට දායකව සිටින සුරූපිණියකි. සුරූපි ජැකලීන්ගෙන් පසුව ස්ටෙෆනි හට ද බොලිවුඩයේ රඟපෑමට අවස්ථා හිමිව ඇති බවට ද ආරංචි ලැබේ. මේ සියල්ල ගැන අපි සුරූපි ස්ටෙෆනිගෙන් විමසා දැන ගනිමු.

 

rasawindana-01


0101 ස්ටෙෆනි ලෝක ආර්ථික සංසදයේ නියෝජනයට ඔබට ලැබුණු මේ අවස්ථාව ගැන විස්තර කළොත්?
”වර්ල්ඞ් ඉකොනොමික් ෆෝරම්” කියන්නේ ස්විට්සර්ලන්තයේ තියෙන ලොකුම සමුළු සංසදයක්. වසරකට වතාවක් එයාලා සමුළුවක් සංවිධානය කරනවා. ලෝකයේ විවිධ අංශවලින් ඉහළටම ගිය චරිත තමයි ඊට සහභාගි වෙන්නේ. මුළු ලෝකයේම සිටින ඒ වගේ චරිත මෙවරත් මෙම සමුළුවට ආරාධනා ලැබ සිටිනවා. ”ලෝකයේ හෙට දවසේ යහපත” තේමා කරගෙන පැවැත්වෙන ලොකු සමුළුවක්. මීට ලෝකයෙන්ම තරුණ ප‍්‍රජාවේ 50ක් විතර තෝරා ගන්නවා. මෙවර මාත් මේ අවස්ථාවට අයදුම් කළා. ලෝකයේම දස දහසකට පමණ වඩා තරුණ පිරිසක් මේ අවස්ථාව ගන්න අයදුම් කරනවා. නමුත් පනස් දෙනකු පමණයි ඊට තෝරා ගන්නේ. මටත් ඒ 50 අතරට අවස්ථාව ලැබුණා. ඒක ලොකු අවස්ථාවක්. ජනවාරි 18 සිට 25 දක්වා පැවැත්වෙන මෙම සමුළුවේදී මුළු ලෝකයේම තරුණ ප‍්‍රජාව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී තිබෙන්නේ මටයි. ශ්‍රී ලංකාවෙන් ප‍්‍රථම වතාවට මේ වගේ අවස්ථාවක් ලැබුණෙ මටයි.

 

 

rasawindana-02

 


0101 දැන් මේ සමුළුවට ගියාම, බිල් ගේට්ස්, රිචඞ් බ‍්‍රැන්සන් වැනි ලෝක ධනවතුන් සහ ඔබාමා වැනි ලෝක නායකයින් සමග ඔබට කතා කරන්න අදහස් හුවමාරු කරගන්න අවස්ථා ලැබෙනවා නේද?
ඔව්, ඒකනෙ මේ තරම් සතුටින් ඉන්නෙ. ඒක ඇත්තටම ලොකුම ලොකු අවස්ථාවක්. දැන් ඒ ගැන හිතද්දී හිතට ගැස්මකුත් ඇතිවෙනවා. දැන් මේ DSC_1797අවස්ථාවට ගියාම ලෝකයේ තියෙන ප‍්‍රශ්න ගැන, දරිද්‍රතාවය, පුද්ගල ගැටලූ, ආර්ථික ගැටලූ, වාහන තදබදය ආදි බොහෝ දේ මාතෘකා කරගෙන ඒවාට විසඳුම් ගැන කතිකා වෙනවා. කොහොමද දරිද්‍රතාවයෙන් පීඩා විඳින අයට සහනයක් වෙන්නේ කියන දේ ගැන කතා වෙනවා.

 


0101 මේ වගේ අවස්ථාවකට මීට පෙර ලංකාවෙන් කවුද සහභාගිවෙලා තියෙන්නේ?
මම දන්නා තරමින්, තාරුණ්‍යයේ සිටියදී මීට පෙර මෙම අවස්ථාවට ලංකාවෙන් සහභාගි වීමේ අවස්ථාව ලැබුණෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියටයි. ඉන්පසුව තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ඉතින් ඇත්තටම මේක මට ලොකු සතුටක්.

 


0101 චන්ද්‍රිකා මැතිණිය පසුකලෙක දේශපාලනයට ආවා. ඔබත් එහෙම කරාවිද?
ඒ ගැන නම් කියන්න බැහැ. නමුත් මගේ සිහිනයක් තිබුණා. රිචඞ් බ‍්‍රැන්සන් වැනි චරිතයක් ලංකාවට ගෙන්වන්න. එයාට ආරාධනා කරලා ලංකාවෙ තරුණ ප‍්‍රජාවට එයාගෙ උපදෙස් ලබාදෙන සමුළුවක් පවත්වන්න. ඇත්තටම එයාගෙ පොත්පත් කියවද්දි මට දැනුණ දේ බොහෝමයි. ඉතින් ඒ සිහිනය යථාර්ථයක් කරදීම මගේ අරමුණයි. දැන් මේ ලැබුණු අවස්ථාවෙන් මම ඒ ආරාධනාව එතුමාට කරනවා.

 


0101 ස්ටෙෆානි ඔබ උපන්නේ ලෙබනනයේ දී නේද? 
DSC_1767

නැහැ. මම උපන්නේ කුවේටයේදී. ගල්ෆ් යුද්ධය වෙද්දි මට මාස තුනයිලූ. මගේ අම්මා ලෙබනන් ජාතික කාන්තාවක්. එයාට ඉතාලි සහ පෘතුගීසී සම්භවයක් තියෙන්නේ. තාත්තා සිංහල, ශ්‍රී ලාංකික. මට මල්ලිලා තුන්දෙනෙක් සිටිනවා. අපේ පවුල ඇත්තටම හරි එකමුතුයි. හරි ලස්සනයි.

 


0101 ස්ටෙෆානි ඔබ ජාත්‍යන්තරව පැවැත්වෙන සහ දේශීය වශයෙන් පැවැත්වෙන සමුළු සම්මන්ත‍්‍රණ සහ සමූහ අවස්ථා මෙහෙයවීමේ අවස්ථාවලට සහභාගි වෙනවා නේද?
ඔව්, ඇත්තටම දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර ඒවාටත් මට ආරාධනා ලැබෙනවා. ඉන්දියාවේ පැවැත්වෙන එවැනි බොහෝ දේ සඳහා නිරන්තරයෙන් ආරාධනා ලැබෙනවා. චෝගම් වැනි බොහෝ අවස්ථා සඳහා මෙහෙයවීම් කළා. මට ආසයි කතා කරන්න. ඒ නිසා දැන් ඒ වගේ අවස්ථාවන් කථනයෙන් මෙහෙයවීමට ලැබීම මම හිතන්නෙ වාසනාවක්.

 


0101 බොලිවුඩයේ රඟපෑමට ආරාධනා ලැබුණු බවටත් ආරංචියි? හිංදි චිත‍්‍රපටියක්ද?
ශ්‍රී ලංකා රූ රැුජිණ දිනුවාම මට එදා ඉන්දියානු චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ රඟපෑමට ගොඩාක් ආරාධනා ලැබුණා. ඒත් එදා මට රඟපාන්න බැහැ කියලයි මම හිතුවේ. මොකද මම නිතරම හිනාවෙච්ච ගමන්. මට හිනාව නවත්ත ගන්න බැහැ. ඉතින් රඟපාන්න ගිිහින් බැ?රුම් අවස්ථාවලදීත් මට හිනා යාවි කියලා හිතුවා. එදා සුරූපී ජැකලීන් තමයි මාව ශ්‍රී ලංකා රූ රැුජිණ සඳහාත් උනන්දු කළේ. ඇය මේ ළඟදී ලෝ ප‍්‍රකට ටොමි හිල්ෆිගර් විලාසිතා සාප්පුව මෙහිදී විවෘත කරන විට මට හමුවුණා. මෑතකදී ජෙරම් ඩි සිල්වා කළ පැන්ටම් ඔෆ් දි ඔපෙරා එකේ ප‍්‍රධාන චරිතය රඟපෑ බවත් මම ඇයට කිව්වාම ඇය ගොඩාක්ම සතුටු වුණා. ඉතින් එදා මට තේරුම් ගියේ රඟපාන්න පුළුවන් කියලයි. ඔව් දැන් ඒ අවස්ථාවට මම සූදානමින් ඉන්නෙ. මගේ ජීවිතයට වගේම රටටත් කීර්තියක් ගෙනත් දීම අරමුණයි. එක පියවරක් හෝ ජීවිතයේ ඉදිරියට යන්න කියලා මම මිනිසුන්ට කියන්න කැමැතියි.

 


0101 ඔබගේම වියදමින් සමාජ සත්කාරක වැඩපිළිවෙළකුත් පවත්වාගෙන යනවා නේද?
ස්ටෙෆානි සිරිවර්ධන පදනම නමින් මම එය පවත්වාගෙන යනවා. රොටරි සමාජයේ මම ගෞරවනීය සාමාජිකාවක්. එයාලා එක්කත් එකතු වෙලා අනාථ DSC_1729දැරියන්ගේ සුබ සාධනය සඳහා බොහෝ දේ කරනවා. මාත් මට හැකි විදියට ඒවාට දායක වෙනවා. 

 


0101 කලා ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය තරුණ ශිල්පියකු ඔබගෙ හොඳම මිතුරකු වෙනවා නේද?
ගොඩාක් හොඳ යාළුවෝ මට ඉන්නවා. ඒ අතරින් හොඳම කෙනකුත් ඇති. ඒ හැමෝම එක්ක එකතු වෙලා මුළු ශ්‍රී ලංකාවටම සුබම සුබ නත්තලක්, හොඳම හොඳ 2015 නව වසරක් වේවා කියලා කියන්න කැමතියි. 

 


හැඩගැන්වීම් - රන්සිරිනි වීරමන්
පසුතලය - Park Street Mews

 

sadun-gamage