IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජැකලින් දේශපාලනයට?

20160515Jaquline-2

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළිය වන ජැකලින් ෆර්නැන්ඩස් දැන් සමාජ සේවයට යොමු වුණේ සල්මන් ඛාන් සමග බව බොහෝ දෙනා දන්නා කරුණකි. පසුගිය කාලයේ චෙන්නාය නුවරදචී ඇතිවූ ගංවතුර ගැලීමෙන් මේ ජනතාවගේ නිවාස රැසක් විනාශ වී ගියා. ජැකලින් මේ අහිංසක ජනතාවගේ නිවෙස් අලුත්වැඩියා කර දීමේ වැඩසටහනකට මුල පිරුවා. මේ කටයුතු ඇයට සාර්ථකව කරගෙන යන්නට හැකි වුණේ ඇමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘හැබිටාට් ෆෝ හියුමැනිටි’ සමඟ එක්වී සිටීම නිසයි.

ජැකලින් මෙවැනි සමාජ සේවා කටයුතුවලට දක්වන උනන්දුව නිසාදෝ ඇයට යුරෝපා පාර්ලිමේන්තුවෙන් ඇරයුමක් ලැබී තිබුණා. බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා පාර්ලිමේන්තුව ඇමතීමටයි. මේ ගෞරවනීය අවස්ථාවට ඇය පසුගියදා දිනෙක සහභාගී වූ අතර, ඇය එදින විශේෂ දේශනයක් පැවැත්වූ බවයි ආරංචි. යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඉහළ පෙළේ ප්‍රතිපත්ති සම්පාදකයන්, තානාපතිවරුන්, සමාජ සේවා සංවිධාන නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් ජැකලින්ගේ දේශනය අහන්නට පැමිණ සිටියා. එම දේශනයේ මාතෘකාව වූයේ නිවාස සහ මානව සංවර්ධනයයි.

 

20160515Jaquline-1 20160515Jaquline-3


 



අදහස් (0)

ජැකලින් දේශපාලනයට?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 750 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site