ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මත පනවා තිබූ ආනයන බදු ඉවත් කරමින් ජී.එස්.පී ප්ලස් සහනය නැවත දීමට යෝජනා කර ඇතැයි යුරෝපා කොමිසම අද (11) නිවේදනය කළේය.
මානව හිමිකම්, කම්කරු නීති, යහපාලනය සහ පරිසරය ආරක්ෂා කිරීම යන ක්ෂේත්‍ර මත පදනම් වෙමින් ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැපවීම සලකා බලමින් යුරෝපා කොමිසම මෙම තීරණය ගෙන ඇත.
මෙම ඒකපාර්ශවීක වෙළෙඳ සහනය යටතේ යුරෝපා සංගමයේ රටවලට කෙරෙන ශ්‍රී ලංකාවේ අපනයන මත පනවා තිබූ සියයට 66ක බදු සම්පූර්ණයෙන් ඉවත් කෙරෙන අතර ඊට ඇඟළුම් සහ මත්ස්‍ය නිෂ්පාදන ද අයත් වේ. මෙම සහනය ශ්‍රී ලංකාවට හිමි වනු ඇත්තේ වරණීය තීරුබදු ක්‍රමවේදය (ජී.එස්.පී ප්ලස්) සහනය ඔස්සේය.
ජී.එස්.පී ප්ලස් සහනය නැවත හිමිවීම ඔස්සේ ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ රටවලට කෙරෙන අපනයන වැඩි කිරීමට හැකිවනු ඇතැයි යුරෝපා සංගමයේ, වෙළෙඳ කොමිසමේ, කොමිසාරිස්වරිය වන සිසිලියා මැම්ස්ට්‍රොම් මහත්මිය පැවැසූවාය. එපමණක් නොව මේ ඔස්සේ ශ්‍රී ලංකාව මානව හිමිකම්, කම්කරු නීති, නීතියේ ආධිපත්‍යය සහ යහපාලන ප්‍රතිසංස්කරණ සිදු කරමින් එම මූලධර්ම ආරක්ෂා කරගැනීමට කටයුතු කරනු ඇතැයි ඇය කීවාය.
මානව හිමිකම් සුරක්ෂිත කිරීමට නොහැකි වීම නිසා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දී තිබූ ජී.එස්.පී ප්ලස් සහනය 2010 වසරේදී නවතා දැමුවේය. 2015 දී බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ජාතික සංහිඳියාව, මානව හිමිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම, නීතියේ ආධිපත්‍යය හා යහපාලන මූලධර්ම සුරක්ෂිත කරමින් කටයුතු කිරීමත් තිරසර ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් කටයුතු කිරීමත් නිසා ජී.එස්.පී ප්ලස් සහනය නැවත දීමට තීරණය කළ බව ද යුරෝපා කොමිසම නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවේ අපනයනවලින් සියයට 30කට ආසන්න සංඛ්‍යාවක් අපනයනය කෙරෙන්නේ යුරෝපා වෙළෙඳපොළටය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඇඟළුම් වෙළෙඳපොළවල් දෙක අතුරින් එකක් වන්නේ ද යුරෝපා සංගම් වෙළෙඳපොළය. අනෙක ඇමෙරිකා එක්සත් ජනපදයයි. ජී.එස්.පි ප්ලස් සහනය යටතේ අපනයන භාණ්ඩ 7500කට බදු ආවරණ හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලුව අතගාලා ඇස් ගලවගන්න හදන්නේ (බ)
හොඳ තීරණයක්.(හේ)
ඇඟ විකුණලා කන මිනිස්සුනට කොන්දක් ඇතත් රට විකුණලා කන උන්ට විලි ලැජ්ජාවක් නැත .උතුර දෙමළට දීල ලැබෙන දොලපිදේනි වලින් යුද්ද තමයි ඉස්සරහටත් කරන්න වෙන්නේ (බ)
යුරෝපෙට ඕනේ වුනේ යුද්දෙන් කොටින්ට ගන්න බැරි වුන දේ වෙන විදියකින් ලබා දී කොටින්ගේ බලාපොරොත්තුව ඉටු කිරිමයි.(හේ)
මෙතන අදහස් දාන අයට ඒදා රටේ තිබුන තත්වය අමතකයි වගෙයි. (අ)
ජීඑස්පී ප්ලස් ගැන කවුරුවත් හරියට දන්නේ නැහැ. ජීඑස්පී ප්ලස් වලින් ලංකාවට වැඩක් නැහැ. ලංකාවට කොච්චර ඇණවුම් ආවත් මහන්න ඉන්නේ මේ ඉන්න ළමයි ටික විතරයි. ඒක වැඩි වෙන්නේ නැහැ. ජීඑස්පී ප්ලස් ලාබය තියෙන්නේ බඩු ගන්න මිනිහට විතරයි. අපිට රුපියලක්වත් හම්බ වෙන්නේ නැහැ. හැමෝගෙම බොරුව විතරයි. (නි)
හොඳයි රටට යහපතක් වෙනවා නම්. ඇඟලුම් ක්ෂේත්‍රයේ යළි පිබිදීමක් ගොඩනැගේවි. (නි)
හැම දෙයක් දිහාම නිල් හෝ කොළ හෝ රතු හෝ වර්ණ කණ්ණාඩි දාලා බලන්න එපා. රටට හොඳක් වෙනවා නම් අකුල් හෙලන්න හොඳ නැත. (නි)
අපි ලාභෙට විකිනෙන්න ඕනෑ නැහැනේ. ඒගොල්ලන්ටත් බඩු ඕනෑවෙලා ඇති. ඒගොල්ලෝ අපේ යහපතක් හිතනවද? කොන්දේසි දදා ලාභෙට වැඩ ගත්ත කාලේ ඉවරයි. අපිටත් මහන්සියි. ලංකාවේ ජනතාවගේ මානුෂික අයිතිවාසිකම් ගැන හිතන්නේ කවදද? (නි)
මෙතැන අදහස් දාලා තියන සමහරක් නොදන්නවා වුණාට අපිට පස්සේ මේක ලැබුන බංගලාදේශය දැන් අපිට වඩා ආර්ථික අතින් ගොඩක් ඉස්සරහ ඉන්නේ. (නි)
බංගලාදේශයේ ලංකාවට වඩා 7 ගුණයකින් වැඩි මානව සම්පතක් තියෙනවා. යුරෝපෙට හොඳයි ඒ වගේ රටකින් වැඩ ගන්න. මොනවා අතින්ද? ආර්ථික අතින් ගොඩක් ඉස්සරහා. ඒ හින්දද බංගලාදේශයේ මිනිස්සු ලංකාවේ වීසා නැතුව හොරෙන් වැඩ කරන්නේ? (නි)
මදු ට මොලයක් නෑ. (අ)
මදු, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ජීඑස්පී නිසා ලංකාවට ලැබෙන ඇණවුම් සංඛ්‍යාව වැඩිවෙන බව වැටහෙන්නේ නැද්ද. ලංකාවට ආයෝජකයෝ එන බව වැටහෙන්නේ නැද්ද. ඕකට කියන්නේ කුහකකම කියලා (නි)
රට බෙදීමේ යෝජනාවක් වත්ද? එ්කටත් මේගොල්ලෝ බැහැ කියන එකක් නැහැ (බ)
අම්මෝ ඇති යාන්තං ජී එස් පී සහනය ලංකාවට ලැබුණා - දැන් ඉතිං මේකටත් කටට එන අවලාද දාහක් කියයි (බ)