ජාඇළ, දඬුගම ප්‍රදේශයේ ස්ථාන දෙකක නීතිවිරෝධී ලෙස මහා පරිමාණ අයුරින් සිදු කැරුණු ඉඩම් ගොඩකිරීම් දෙකක් මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ උපදෙස් පරිදි වහාම නවතා දැමීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇතැයි ජනපති ලේකම් කාර්යාලයය කියයි.
ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලක් අනුව වහාම එහි ගොස් විමර්ශන අරඹන ලෙස ජනපති උපදෙස් දී තිබේ.
ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් ජාඇල පොලිසිය සමඟ අද (4) එම ස්ථාන වෙත ගොස් විමර්ශන ආරම්භ කළ බවත්, ජනපතිගේ උපදෙස් පරිදි එම අනවසර ඉඩම් ගොඩකිරීම් වහාම නවතා දැමීමට පියවර ගත් බවත් ජනපති ලේකම් කාර්යාලය පවසයි.
මුතුරාජවෙළ කඩොලාන පාරිසරික පද්ධතියට හානි පමුණුවමින් විශාල භූමි භාගයක සිදු කර ඇතැයි කියන මෙම අනවසර පහත් බිම් ගොඩකිරීම් සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නඩු දැමීමට නියමිත බව ද එම කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සමහර සිද්ධි පමණි. සරල නව තාක්ෂණ යොදාගෙන අහසින් විමර්ශන කර මුළු රටේම කරන ගොඩ කිරීම්, කඳු කැපීම හා වන විනාශ හඳුනාගෙන ක්‍රියා නොකළහොත් තව සුළු කාලයකදී අපට ජීවත්විය හැකි පරිසරයක් නැති වේවි. (ම)
පරිසරය විනාශ කරන අයට තදින් සිටිය යුතුය. (ර)
අවශ්‍ය දේ කෙරෙන්නත් අනවශ්‍ය දේ නොකෙරෙන්නත් ජනපතිම මැදිහත් වෙන්න ඕනෑද? එහෙනම් ඊට අදාළ අමාත්‍යංශ, නිලධාරීන් ගෙදර යවලා එම සියලුදේම ජනපතිම බාර අරගෙන කළාම නරකද? (නි)
වැඩේ කියන්නේ කිසිම කෙනෙකුට විල්පත්තු වන විනාශය පෙනෙන්නේ නැති එකනේ. (නි)
ජනාධිපති කියනතුරු, නීතිවිරෝධී වැඩ නොසොයා මේ ආයතනවල නිලධාරීන් කරන්නේ පුටු රත්කර වැටුප් ලබාගන්න එකද? (නි)
හොඳ වෙලාවට මේක පුවත්පතකින් දැකලා ජනාධිපතිතුමා නිසි පියවර ගත්තේ.එත් තම රාජකාරිය පැහැරහරින ලද ජා ඇල පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරියට සහ ස්ථානාධිපතිවරයාට එරෙහිව පියවර ගන්නේ නැතිද ? අපේ රටේ විනය කවද හැදේවිද ? (අ)
සාමාන්‍ය මිනිසෙක් කැලයක ගිහින් දර කොටුවක් කැඩුවත් නිතිය ක්‍රියාත්මක වන රටේ, මහා පරිමාණ පරිසර විනශ වෙන විල්පත්තුවේ නීතියක් ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක්. එ්කට පරිසර ඇමති ලෙස ජනාධිපතිතුමාගේ ගේ වගකීම මොකක්ද කියන එකත් ගැටළුවක්. (අ)