‘පොළොන්නරු ගොවි පුතෙක් අද මුළු ඉතිහාසයම වෙනස් කළා. ජේ.ආර්.ජයවර්ධන නොහිතපු මානව හිතවාදියෙක් බිහිවුණා. ජේආරුත් පරාදයි. එම්ආරුත් පරාදයි. මේක මුළු රටේම ජනතාව ලැබූ ඵෙතිහාසික ජයක්. ජේආර් වෙනස්කරන්න බෑ කියපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෛත්‍රීපාල ජනාධිපති වෙනස් කළා.‘ යැයි රාජිත සේනාරත්න මහතා අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකදී පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා හට කීමට ඇත්තේ රට හදන්න පෙර තම තමන්ගේ වැරදි ගැන සිතියයුතු බවයි (නි)
විධායක ජනාධිපති ක්‍රමය හොඳයි, බුද්ධිමත් හරි දේශපාලන දැක්මක් ඇති කෙනෙකුට ලැබුනොත් (නි)
මියගිය අයෙකුටවත් නිදහසේ සැතපෙන්න ඉඩදෙන්න (නි)
ජේආරුත් පරාදයි : එම්ආරුත් පරාදයි‘ දිනුවේ කවුද ? කෑගහන කට්ටිය ඕකේ ප්‍රතිඵල ලැබෙනකොට හොයාගන්න නෑ. (බ)
පැරදුනේ මහින්ද නොවේ, පැරදුනේ රටයි.මේ බව සරත් වීරසේකර මහතා පැහැදිලිව 19 ට එරෙහිවීමෙන් පෙන්නුවා. අනෙක් උදවිය නාම යෝජනා පසුපස අඬාගෙන යද්දී , සරත් මහතා රට පෙරට තබා පක්ෂය හා තනතුර ඉවත දැමුවා. අපේ අය දෙපැත්තට බෙදිලා කුළල් කාගන්නවා. මම හැමදාමත් කියන්නේ, වරදක් කළා නම් මහින්දව, ගෝඨාව හිරේදාන්න.නමුත් දිනු නිදහස නැවත පාවාදෙන්න එපා. මේ රට නැවත ලේ විලක් වෙන්න ඉඩතියන්න එපා. (නි)
සමහරුන්ට නම් තව වැඩි දවසක් නොයා යන එන මං නැතිවේවි... (නි)
මහානාම, 225න් එක්කෙනෙකුට විතරද මහා ප්‍රඥාව පහළවෙලා තියෙන්නේ? අනිත් මහා ලොකු දේශප්‍රේමිනුත් බැරි බැරි ගානේ හරි අත ඉස්සුවානේ 19 සම්මත කරගන්න. (නි)
මුළු ලක් ජනතාවම ජනවාරි 08 දුන් තීන්දුව අපේ ජනපති ඉටු කළා. අාවඩා ආයුබෝ වේවා ජනපති තුමනි !!! (බ)
ඔක්කොම දිනුම්. ඉදිරිය ගැන බලාපොරොත්තු තබමු (නි)
සාමාන්‍ය ජනතවටනම් ඕ්කේ එච්චර වැදගත් කමක් නැ, මිනිස්සුන්ට දැනුන දෙයක් නැති කළ එකම කෙනා මහින්ද රාජපක්ෂ. එ්ක ...මුළු රටේම ජනතාව ලැබූ ඵෙතිහාසික ජයක් මේක නෙමේ ....(බ)
වැඩක් වේවිද? (බ)
ශ්රී ලාංකිකයෝ එසේ මෙසේ මිනිස්සු නොවෙයි. ප්‍රශ්නයක් කෝලාහලයක් මතුවුණොත් එහෙම ලේසියෙන් මට්ටු කරන්න බැහැ. විධායක බලය ඇති ජනාධිපතිගේ අගය එතකොට තේරෙයි. විධායක බලය නිසයි එල්ටීටීඊය පරාජය කළේ. මහින්ද එය වැරදි විධියට ප්‍රයෝජන ගන්න උත්සාහ කළාට තව අවුරුදු කිහිපයකට පසුව තේරෙයි විධායක බලය ලංකාවට අනිවාර්යයෙන් උවමනා බව (බ)
එතකොට උඹට විතරයි සත්‍යපාල කියල නමක් තියෙන්න. මේ සත්‍යපාලගේ සත්‍යපාල. (බ)
සිංහලයත් පරාදයි. (බ)
ඔබයි ශ්‍රේෂ්ඨතම ජනපති. (බ)
සුබ පැතුම්...(බ)
නියමයි සුපිරියි, ඔය සද්දේ දදා හිටපු අයගේ වැඩ තිබුනේ නෑ, කොහොමද සද්ද නැතිව ඉදල 215 ක් ඡන්ද ගත්ත අපුරුව. හිටපු අයට ඕව හොද පාඩම්. අපිට සද්ද වැඩක් නෑ ..වැඩ විතරයි ඕන (බ)
ජයා ජන්මෙට වඩා පුරුද්ද ලොකු වෙලා (බ)
ගෙනාපු එක සම්මත වුණා නම් පරාදයි තමයි (බ)
විපක්ෂයේ සංශෝදන සහිතව සම්මත උන කියන්න..ඔබතුමාලා කරන්න හදපු දේ අපි දැක්කා (බ)
කවුරුත් බය වෙන්න දෙයක් නැහැ මෙතන විධායකය තවමත් එසේමයි. පොඩි පොඩි දේවල් ටිකක් අඩු කළා පමණයි.අනවශ්‍ය බලතල අඩු කිරීමක් කරලා තියෙනවා. තවමත් රටෙහි සේනාධි නායකයා ජනාධිපති තුමන් කියලයි මට හැඟෙන්නේ. (බ)
වැරැද්ද නිවැරදි කර ගැනීම තමා උතුම් මනුෂ්‍යත්වය පාට පක්ෂ නැතුව ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ඒකට එකතුවෙමු ජය වේවා ! (බ)
ඔබ තුමා කිවුව ඕනෑම දෙයක්, ඕනම කෙනෙක් ව උස්සන්ට පුළුවන් ජාතික ආරක්ෂාව කියන දේ ඉස්සරහට දල කියල. එහෙමද අර ගැණු ලමයවත් ඉස්සුවේ.. ? (බ)
සිංහල රජ බස කරවූ, රාජ්‍ය ආගම බුදු දහම කරවූ ගරු බණ්ඩාරනායකවරුන්ගේ ව්‍යවස්ථාව 1978 විධායක ව්‍යස්ථාවෙන් අහෝසි කළ දා සිටම සිංහලය පරාදයි.ඉන් පසු කිසිවෙක් සිංහලය දිනවීමට උත්සාහ කළේ නැහැ. කරපු එකම දෙය බල පෙරේත කමට සිංහල අයිතිය පාවාදීම. විධායක බලතල වැඩිකර ගැනීම. නමුත් වර්තමාන ජනාධිපති තුමා එම විධායක ව්‍යවස්ථාවෙන්ම සියලුම බලතල සහිතව බලයට පැමිණ ,බලවත් උත්සාහයකින් පසු විධායක බලතල කොටසක් පාර්ලිමේන්තුවට පවරා දීම මෙයට ප්‍රථම කෙරුවාවට වැඩ අාස්චර්යයක්, ඇති ප්‍රසන්සනිය කටයුත්තක්. (බ)
යුද්ධය ඇති කළෙත් විධායක ක්‍රමයම තමයි.මේ රටේ ජනතාව 28 දා ලොකු ජයක් ලැබුවා (බ)
එන්න හැදුවේ වෙන එකක්.. කෑගහල හදාගත්ත... ඊට පස්සේ අඩල අඩල සම්මත කරගෙන.. දැන් නිකන් චන්ඩි තනියම කළා වගේ කෑගහනවා...(බ)
සිංහලයන් කියන්නේ එසේ මෙසේ මිනිසුන් නෙවෙයි. එදා සිටම මෙහෙ දේසපාලුවන් ගහගන්න විට විදේශිය අාක්‍රමණිනිකයන් ආව ,අල්ල ගත්ත .නමුත් ඒ හැම අවස්ථාවකම ඇස්,ඉස්,මස්,ලේ ,ජිවිත පුද සිංහල රට රැක ගත්තා. ඉදිරියටත් එසේම වේවි. විධායක ව්‍යවස්ථා තිබුනත් නැතත් එය එසේම වේවි. නමුත් ,බල පෙරේත දේසපාලනය නිසා දැන් සිදුව තියෙන්නේ ගිය හකුර ගැන නොසිතා තියෙන හකුර රැකගන්නේ (බ)
ඉතිහාසයට පයින් ගැසීම හරියට අලි වසුරු වලට පයින් ගැසුවා සේය. ජයග්‍රහණය යනු අපහාස කිරීම නොව එය නිහතමාණි ලෙස පිළිගැනීමට හැකි මහත්වරුන් වීමය. අද ඔබ ලබා ගත්තායැයි කියන උද්දච්ච ජයග්‍රහණය පරාජයේ කුජීතම හෙට දවස වනු ඇත. අපේ රටේ ඉතිහාසය අදද මිනිසුන් දේවත්වයෙන් සලකති. එහෙත් වර්ථමානයේ අපහාසාත්මක හැසිරීමට සාප කරනු නොඅනුමානයි. ජේ.ආර්.එම්.ආර්. සැරදේවා. (බ)
රනිල් මහතාගේ කලින් ගේන කොලයට සංශෝදන 111 අලුතින් එකතු කර සම්මත කරගත්තා කියන්න. මෙය ප්‍රයෝගිකව හරිද වැරදිදද කියල ඉදිරියේදී තේරෙයි . ලංකාවේ බහුතරයකට මෙය තවම මොකක්ද කියාලා නොදනී . (බ)
අපේ රටේ අයට මොන දේ කිව්වත්, මොන දේ කරත් වැරදියි.(හේ)
රටේ අපිත් පරාදයි.(හේ)
සියලු ජාතීන් සමගියෙන් ජීවත්වෙන රටක් තිබුණම ඇති. සිංහළ, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් අපි සියලු දෙනාම ලාංකිකයෝ (බ)
කව්රුත් දිනුම් නැද්ද පරාජිතයෝ විතරද (බ)
හිටපු දත් දොස්තරත් පරාදයි නේද? හැබැයි රාජිත නෙවෙයි (බ)
19 ගැන අවම වශයෙන් දැනුම ලබාගන්නවත් උත්සහ නොකරන 18 න් වෙන්න ගිය අයහපත ගැනවත් වගක් නැති උන්මන්තක ජනතාවක් ඉන්න රටක් ලංකාව (බ)
මට නම් තේරෙන්නේ නැ, සත්‍යපාල අදහස් කළේ මොකක්ද කියලා. ෆාසිල් හරියටම හරි. නියම ජයග්‍රහණය අපිට ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ. එ්ක නෑ කියලා කියන්න පුළුවන් ප්‍රභාකරන් වාදීන්ට විතරයි. (බ)
දොස්තර මහත්තය මහින්ද මහත්තයට ජම්පරේ ගස්සනවා කියල කියල තිබුන..නාල එන්න මහත්තයෝ..අනුන්ට ජම්පර ගැහිල්ල කෙසේ වෙතත් තමන්ට අමුඩ ලේන්සුවක්වත් නැතුව එළිබහින්න වෙන දවසනම් වැඩි ඇතක නැහැ.(අ)
දැන් ඉතින් 19න් ඇතිවෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න සූදානම් වුණොත් හොඳයි. (නි)
රටට පරකාසේ ,ගෙදර මරගාතේ (බ)
දැන් වැඩි කතා එපා (නි)
එතකොට කවුද දිනුවේ? බලන්න තිබුනා විරුද්ධ පක්ෂය නොතිබුනා නම්. (නි)
ජනතාවත් පරාදයි (නි)
බොරු සත්‍යපාල කෙනෙක් එළියට බැහැලා.අඩුම ගණනේ තමන්ගේ නමින් ලියන්න බැරි නම් වෙන නමක් හොයාගන්න බැරි, කෙළින් ඉදිරියට එන්නන ශක්තියක් නැති, කශේරුකා නැති අය ඉන්නවා කියල හිතෙනකොටත් ජුගුප්සාජනකයි. (නි)
ජයා ,19 ව්‍යවස්ථා සංශෝධනය ඔබට තේරුනාද? ඒකේ සිංහලයා ගැන මොනවද තියෙන්නේ? කොමිෂන් සභා අලුතෙන් ඇතිවන දෙයක් නොවෙයි. තිබුන ඒවා නැතිකළේ කව්ද ? (නි)