යුරෝපා සංගම් ජී.එස්.පි.ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ ඉහළ පෙලේ නියෝජිතයින් පිරිසක් සඳුදා (23) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යංශය පවසයි.
ඔවුන් කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා සමග එම සහනය යළි දීම ගැන සාකච්ඡා කරයි.
පැවති පසුගිය රජය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරිමේ චෝදනාව මත යුරෝපා සංගමය විසින් 2010 වසරේදි මෙරට නිෂ්පාදිත ඇගලුම් ඇතුළු භාණ්ඩ 300කට ලබාදී තිබූ ජී.එස්.පී.ප්ලස් බදු සහනය නතර කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ශිෂ්ට සම්පන්න සහ මිනිස් අයිතිවාසිකම් සුරකින ශිලාචාර රටක් හැටියට ඉදිරියට යා යුතුමයි. (නදී)
හැමෝම අහන බටහිර කුමන්ත්‍රණ ඔය තියෙන්නේ (නදී)
සාධාරණ හා වැදගත් ලෙස බොහෝ දේශපාලන පත්වීම් දුන්නත් අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම් ප්‍රමාද නිසා කටයුතු කරගෙන යාමේදී ගැටළු ඇති වී ඇත. කඩිනමින් මෙම කටයුත්තත් අහවර කලානම් හොදයි. (නදී)
බටහිර කුමන්ත්‍රණ නොවේ, 2015 ජනවාරි 08 දේශපාලන සුනාමියේ ප්‍රතිපල (නදී)
ශ්රී ලංකාවේ අනගතය සුභදායක මාවතකට.(හේ)
ආ.. දැන් බයියෝ ටික එන්න. (නදී)
ආර්ථිකයත් ඉහළ යයි,රැකියා ප්‍රශ්නයට සතුටු විය හැකි විසදුමක් ලැබේවි.(හේ)
රැකියා ප්‍රශ්නයට නම් සතුටුවියහැකි විසඳුම් ලැබෙමින් පවතිනවා සෑම තැනකින්ම. ඒ ගැන මොනවට කතාකරනවද? (නි)
මෙම සහනය මඟින් අපේ අපනයන වලට හොඳ ආදායමක් බලාපොරොත්තු වියහැකියි.. (නි)
මහින්ද ඔයා හරියටම හරි. නව රැකියා කොහොම වෙතත් රාජ්‍ය රැකියා කප්පාදුව නම් පටන් ගෙන තියෙන්නේ. (නදී)