(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවට ජී.එස්.පී + තීරුබදු සහනය ලබාදීමට විරෝධය පළ කරමින් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෝසම අද (27) පරාජයට පත්විය. ශ්‍රී ලංකාව මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රමාණවත් ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බව සඳහන් කරමින් යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 52 දෙදෙනකු විසින් මෙම මෝසම ඉදිරිපත් කරන ලදි.
අද (27) පැවැති ඡන්ද විමසීමේදී මෝසමට විරුද්ධව යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 436 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ. මෝසමට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 22 දෙදෙනෙක් එහි නොවූහ.
ඒ අනුව ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට ඉදිරිපත් කරන යෝජනාව තවදුරටත් වලංගු වන අතර ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබා දෙන්නේ ද නොදෙන්නේ ද යන්න අවසාන වශයෙන් යුරෝපා සංගම් කවුන්සිලය තීරණය කරනු ඇත. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මත පනවා තිබූ ආනයන බදු ඉවත් කරමින් ජී.එස්.පී ප්ලස් සහනය නැවත දීමට යෝජනා කර ඇතැයි යුරෝපා කොමිසම ඉකුත් ජනවාරි (11) නිවේදනය කළේය.
මානව හිමිකම්, කම්කරු නීති, යහපාලනය සහ පරිසරය ආරක්ෂා කිරීම යන ක්ෂේත්‍ර මත පදනම් වෙමින් ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැපවීමත් සලකා බලමින් යුරෝපා කොමිසම මෙම තීරණය ගෙන තිබිණි.
ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීම ඇතුළු අංශ කිහිපයකින් ප්‍රගතියක් පෙන්නුම් කර තිබුණ ද එය ප්‍රමාණවත් නොවන බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් කඩවීම්, ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම් ආදිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නැති බවත් අප්‍රේල් 20 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෝසමේ සඳහන්ව තිබිණ. ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකාව තරමක පසුගාමී තත්ත්වයක සිටින බව ද එහි සඳහන්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ජයග්‍රහනයක්. කීදෙනෙක් අපේ රටට මේ ජයග්‍රහනය වලක්වන්න හැදුවද?. අන්තිමේදී රට දිනුවා. කටුනායක කොච්චර කර්මාන්ත වැහුනද කියලා පුහු කුහක දේශපාලකයන්ට වැඩක් නෑ. බියගම, ගාල්ලත් ඒවගේමයි. කොච්චර මිනිස්සුන්ට රැකියා අහිමි වුනාද ? දැන් නැවතත් චීනය, වියට්නාමය, බංගලාදේශය වගේ රටවල් ඒක්ක තරග කරන්න අපිට පුලුවන්. නව රැකියා සමග අායෝජකයෝ නැවත ලංකාවට ඒයි.
පොදුජන විපක්ෂය මේකටත් මොනවහරි කීයාවි.
රටට යම් කිසි හොඳ දෙයක් ලැබෙනවනම් අපේ රටේ ආර්ථිකයට හා මුළු මහත් ජනතාවටත් ප්‍රතිලාභයක් ලැබේවි. අර පක්ෂද මේ පක්ෂද කියල අපිට වැඩක් නැහැ. මොන ආණ්ඩුවත් අපේ ඡන්දයෙන් පත්වෙන්නේ
නිලන්ත, ඔබ සමග මුළුමනින් එකඟයි. මේ සහනය අහිමි කල වෙලාවේ කයිවාරු ගහපු කුහක දේශපාලුවෝ කිව්වේ අපිට ඔය කෙහෙල්මල නැතුවට කමක් නැහැ අපට කිසිම බලපෑමක් නැහැ කියලයි. නමුත් අපේ අපනයන ආදායම පහත වැටිලා කර්මාන්ත වැහෙනකොට ඔවුන් දුන් පිලියමක් තියෙනවද? කොන්දේසි නොදා ලෝකේ මොනම රටක්වත් සහන දෙන්නේ නැහැ. අපට අවාසීනම් කොන්දේසි වෙනස් කරව ගන්න උත්සාහ කරනවා මිසක් බැන වැදීමෙන් මොනවද ලැබෙන්නේ? රට ඇතුලේ බොරු වීරයන් වෙන්න හදන අයට නම් යමක් ලැබෙනවා ඇති.
මෛත්‍රී/රනිල් සුසංයෝගයට තව අවුරුදු තුනක් දීලා බලන්න. අනිවාර්යයි. රටේ ආර්ථිකය හදනවා. ඕනෙනම් ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදිව ඡන්දෙන් පරාජය කරන්න. බොරු වර්ජන වලින් රටේ අනාගතය විනාශ කරන්න එපා.
සුසිල් ඔයාට තේරෙන ටික ,පක්ෂ හා ජාතිවාදී කන්නාඩි දාගත්ත අයට වැඩක් නැහැ , එක ජාතියේ අවාසනාව ,නිදහස ලබල මෙතරම් කාලයක් ගිහිල්ලත් අපි වලේ ඉන්නේ ඔය සෙට් එක හින්ද නිසයි
මෙය අපේ රට ලැබූ ජයග්‍රහණයක්....